Monday, October 3, 2011

Pansil surakimu

පන්සිල් රැකීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ

මෙම ශික්‍ෂා පද අපට හඳුන්වා දී තිබෙනනේ මනාව අවබෝධ කොට කි‍්‍රයාවට නැංවීමය.
පංච ශීලය සරලව හැඳින්වූ කළ මෙසේය.
1.       මම, සතකු මරන්නේ හෝ, මරවන්නේ හෝ, ඒ සඳහා අනුබල දෙන්නේ හෝ නැත.
2.       මම, අන්සතු දෙය සොරකම් කරන්නේ හෝ, කරවන්නේ හෝ, ඒ සඳහා අනුබල දෙන්නේ හෝ නැත.
3.       මම, කාමයෙහි වරදවා හැසිරෙන්නේ හෝ, හැසිරවන්නේ හෝ ඒ සඳහා අනුබල දෙන්නේ හෝ නැත.
4.       මම, බොරු කියන්නේ හෝ, කියවන්නේ හෝ, ඒ සඳහා අනුබල දෙන්නේ හෝ නැත.
5.       මම, මත්පැන් බොන්නේ හෝ, පොවන්නේ හෝ, ඒ සඳහා අනුබල දෙන්නේ හෝ නැත.

ඒ අනුව පාණාති පාතා වේරමණීපළමු වැනි සිල් පදය ආරක්‍ෂා කරන්නේ නම් ඉන් ලැබෙන ආනිසංස විසිතුනකි.


1.       ආරෝහ පරිනාහ සම්පත්තියෙන් යුතුවීම,
2.       ජව සම්පන්න වීම,
3.       පොළොවේ සමව පිහිටන පියවර ඇතිවීම,
4.       රන්වන් පැහැති සිරුරක් ඇතිවීම,
5.       මෘදු මොළොක් සිරුරක් ඇති වීම,