Tuesday, November 25, 2014

May be breaking a wart



සමහර ඉදල් තිබෙනවා,
ඒවායෙන් නිතර අතුගාන කොට
ඉදලේ මිටත් දහඩියත් මුසු වෙලා ...
අතේ කරගැට එනවා, ඒ කරගැට බිදී ගියහම
හරිම වේදනාවයි
අතේ කරගැට එනවා වගේම
අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත් විඥානයත් මුසු වෙලා 
ඵස්සය, තෘෂ්ණාවේ දහදියෙන් තෙත් උනොත්
සිතෙත් කරගැට එනවා
සිතේ ඇතිවෙන කරගැට වලට අශ්වාදයේ කරගැට කියලයි කියන්නේ.
මේ ආශ්වාදයේ කරගැට බිදී ගියහමත් හරිම වේදනාවයි
සිර ගෙවල් වල දඬුවම් ලබමින්, රෝහල් වල අසනීප වලට දුක් විඳිමින්, ආයතන වල, ව්‍යාපාර වල, වැඩ බිම් වල සේවය කරමින් මනුෂ්‍යයින් අශ්වාදයේ කරගැට බිදී යාමේ වේදනාව, ආදීනවය, නිරතුරුවම අත් විඳිනවා.

පින්වත් ඔබ තෘෂ්ණාවේ දහදියෙන් මිදුනොත්,
නැවත,. අතේ කරගැට ආවත් නැවත කවදාකවත්
සිතේ නම් ආශ්වාදයේ කරගැට එන්නේ නැහැ.
~ රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ සටහනකි ~

I am


What Should I Do When I Feel Anger Arising

 
You must use loving-kindness. When angry states of mind arise balance them by developing feelings of loving-kindness. If someone does something bad or gets angry, don't get angry yourself. If you do, you are being more ignorant than they. Be wise. Keep in mind compassion, for that person is suffering. Fill your mind with loving-kindness as if he were a dear brother. Concentrate on the feeling of l...oving-kindness as a meditation subject. Spread it to all beings in the world. Only through loving-kindness is hatred overcome.

You can't possibly make everyone act as you wish or be like you. This wish will only make you suffer. Simply examine yourself, your feelings. This is how you will understand.

~ Most Ven. Ajahn Chah Thero ~

Your Mind


The Last Chance


Anaththa Lakkana Suttha



මහණෙනි, එහෙයින් මේ ලෝකයෙහි අධ්‍යාත්මික වූ හෝ බැහැර වූ හෝ මහත් වූ හෝ සියුම් වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ අතීතානාගත වර්තමාන වූ යම් රූපයක් වේද යමක් ඈත්හි හෝ සමීපයෙහි හෝ වේද මේ සියලු රූපය මාගේ නොවේ. මේතෙම මම නොවෙමි. මේතෙම මාගේ ආත්මය නොවේයයි මෙසේ තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුයි.

Pindapathayen Yepima


පිණ්ඩපාතය සැහැල්ලුය, සරලය, දුප්පත්ය, එහෙත් ඒ පිණ්ඩපාතය තුල අප්‍රමාදී බවද සැඟවිලාය. කුසගින්න නොදැනෙන, පිපාසය නොදැනෙන, මනුෂ්‍ය ධර්මයන් ඉක්මවාගිය, උතුම් තැනයි භික්‍ෂුත්වය.
 
"මම උදේම පාත්‍රය අරගෙන, කුටියෙන් එලියට බහින්නේ රොඩී පවුලක දරුවෙක් පොල්කට්ටක් අරගෙන, සිඟමන් යදින්න රොඩී රැහෙන් එලියට බහිනවා වගේ" කියලා, සාරිපුත්ත මහරහතන් වහන්සේ වරක් සිංහනාද කරනවා. ඒ උතුම් පරපුරේ, ආත්ම ගරුත්වය අපි රකින්න ඕනේ, දායක පින්වතුන්ලගෙන් අපි කැමති දෙය ඉල්ලලා නොව, ලැබෙන දෙය වලදලායි.

~ අති පුජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ සටහනකි. ~

Wednesday, November 5, 2014

නිවන් දැකීමට කල යුත්තේ පින්ද? කුසල්ද?


“ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපධි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බානං – යම් මේ සියළු සංස්ඛාර සමථයට පත්වුනාවූ සියළු උපධීන් බැහැර වුනාවූ තණ්හාව ක්‍ෂය වුනාවූ නිරෝධය වූ නිවනක් වෙයිද එය ශාන්තය එය ප්‍රණීතය.”

නිවන් දැකීම පිණිස පින් කල යුතුද? කුසල් කල යුතුද ? යන මේ ගැටළුව නිවැරදි විසඳුමක් ලැබීමකින් තොරව සමාජ කතාබහට ලක්වන්නකි. කෙනෙකු පින් කළහොත් සසරෙහි ඇවිදින්නට වන්නේය එබැවින් පින් නොකර කුසල් කල යුතුය යැයි පවසයි. එසේ පවසන්නේ කවර පදනමක සිටදැයි ඔවුන්ගේ ස්ථාවරක් නොපෙනේ. එබැවින් පින කුමක්ද? කුසලය කුමක්ද? ඒවා නිවනට කෙසේ ප්‍රත්‍ය වෙයිද කියා විමසා බලා තීරණයකට පැමිණිය යුතුය. එබැවින් ඒ සඳහා මෙසේ උත්සහ දරමු. අපද නිවනට පත්නොවී ඇති බැවින් නුවණින් විමසා බලා පිළිගන්න.

පින නම් කවරේද? “හදයං පුනාතීති පුඤ්ඤං – හදවත පවිත්‍ර කෙරෙයි යනුයෙන් පින නම් වේ.” යනු සන්නයයි. (පුන + ණා + ති ) බොහෝ විට දේශකයන් මෙන්ම අවිධිමත් පොත් ලියන්නන්ද “හදයං පුනාතීති පුඤ්ඤං” යන්න “හදවත පිනවයි යන අර්ථයෙන් පින නම් වේ” යනුවෙන් වරදවා දක්වයි. ඉහත යෙදෙන “පුන” ධාතුව පවිත්‍ර අර්ථයෙහි යෙදෙයි. පිනවීම අර්ථයෙහි යෙදෙන්නේ “පීණ” ධාතුවයි. එය ව්‍යකරණයේදී (පීණ + ණෙ + ති) යනුවෙන් සන්ධි වේ. එසේ අර්ථ දැක්වීම වරදවා ගැනීම නිසා සෙසු සියල්ල වරදවාගෙන ඇත. එබැවින්ම බුදු දහම දැනගැනීමට පාලි භාෂාව උගත යුතු බව ද පවසන්නෙමු.