Sunday, July 26, 2015

කාමය වරදවා හැසිරීම



කාමය වරදවා හැසිරීම සංසාරයේ අනන්ත දුක්‌ ගෙන දෙන පාපකර්මයකි. 
කාන්තාවකට, දියණියකට විවධත්වයෙන් යුත් රූමත්, සාමාන්‍ය, අවලස්‌සන ශරීර ස්‌වභාවයන් ලැබෙන්නේ පෙර සංසාරයේ කරන ලද කුසල් සහ අකුසල් කර්මයන් නිසාය. 
පෙර සංසාරයේ කරන ලද කුසල් නිසා තමනට ලැබෙන පංච කළ්‍යාණියෙන් යුත් රුපශ්‍රීය, අඟපසඟ විචාරයකින් තොරව පරිහරණය කිරීම මහත්ම අකුසලයකි. 
විශේෂයෙන් මාධ්‍ය ලෝකයෙන් කල එළි බසින මෙන්ම ලෝකයාගේ වැඩි අවධානයක්‌ දිනාගැනීම පිණිස විචාරයකින් තොර ඇඳුමින් පැළඳුමින් සැරසී දිනපතා රැකියා සඳහා යන කාන්තාවන් ද මේ ගැන වැඩි අවධානයක්‌ යොමු කළ යුතුය.