Wednesday, August 19, 2015

මතින් තොර නිවසක් ගොඩනගන්න ඔබත් සූදානම්ද? Ready for Alchohol free home?


සිංහල ජාතිය වනසන මත්පැනින්, දුම්වැටියෙන් ජාතිය මුදවා ගැනීමේ සංග්‍රාමයටද අපි මුල පුරමු. සිංහල ජාතියේ විනාශයතකා සිදුවන සියලු ක්‍රියාවන් සක්‍රීයව මැඩපවත්වමු. මේ සංග්‍රාමය සඳහාද ඔබගේ සක්‍රීය දායකත්වය ලබාදෙන්න. අපි අපේ පවුලතුලින් රට හදමු. ඔබ සූදානම්ද?





අද ගියා හිතවතෙකුගේ උත්සවයකට.එකේ මොනවා නැතත් මත්පැන් වලින් නම් අඩුවක් තිබුන් නැ.
ඇයි මේ අපේ මිනිස්සු මේ උත්සවවලට මත්පැන් ඇදාගන්නේ?ඔය ප්‍රශ්නයට නම් සමහරු කියන්නේ සතුටට,රසවිදින්නලු.එතකොට උත්සව වලට විතරක් නෙමෙනේ මරණයක්, දානයක් තිබුනත් මේ මිනිස්සු මත්පැන් ගාවගන්නවා. ඒත් සතුටටද?බලං ගියාම පේන්නේ අපේ මිනිස්සු දුක,සතුට දෙකටම විතරක් නෙමෙයි පැහැදිලි හේතුවක් නැතිවත් මේ මත්පැන් ජිවිතවලට වද්දගන්න තරම් ඒකට ඇබ්බැහිවෙලා.

මේ මත් පැන් බිම අපේ ශ්‍රි ලාංකිය සංස්කෘතියේ අංගයක් නෙමෙයි.එහෙත් අද සමාජය දිහා බැලුවමනම් පෙනෙන්නේ එය සමහරුන් සංස්කෘතියේ අංගයක් ලෙසින් සලකන බවයි.අපිට මේ ජරා පුරුද්ද පුරුදුකිරිමට විදේශිකයන් මනා දායකත්වයක් සැපයුවා. දැන් අප, ඔවුන්ටද වඩා මේ මත් පැන් අතයවශය දෙයක් ලෙස සැලකිමට පුරුදුවි ඇත.විදේශිකයන් හා එක්වු සාදයකදි අප මත්පැන් ප්‍රතික්ශේප කලහොත් ඔවුන් එක නිහතමානිව පිලිගෙන ඇල්කොහොල අඩංගු නෙවන දෙයකට අප යොමුකරයි.එහෙත් ශ්‍රි ලාංකික හිතවතුන් සමගදි එසේ ප්‍රතික්ශේප කලහොත් අසන්නේ ඇයි බොන්නේ නැත්තේ කියායි.මත් පැන් බිම මුලික මිනිස් අවශයතාවයක් ලෙස සමහරුන් සැලකිම එයට හේතුවයි.

Wednesday, August 12, 2015

සොවාන් වනුයේ කෙසේද ?



සොවාන් වනුයේ කෙසේද ?
 


සෝවාන් වනු වස්...

මේ එළැඹී තිබෙන්නේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය යි. බුදු රජාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් වසර 2600ක් ඉක්ම ගොස් ඇති අවස්ථාවක යි, අප මේ ජීවත් වන්නේ. සමහරවිට බුදු රජාණන් වහන්සේ සිටි යුගයේත් අප මිනිස් භවයක් ම ලබා සිටින්නට ඇති. ඒ වාගේ ම බුදු රජාණන් වහන්සේ ගෙන් බණ අහන්නටත් ඇති. ඒත් ඒ කිසිවක් අප හරිහැටි දන්නේ නැහැ. අපට දැන ගන්නට තරම් ප්‍රඥාවකුත් නැහැ. කොහි සිට ආවේ ද යන්නත්, කොහි යන්නේ ද යන්නත්, නො දන්නා අපි තවමත් මෝහයෙන් මුලාවී මේ සසර සැරිසරනවා.

බුදු දහමට අනුව, අප කළ යුත්තේ තව මත් සසර සැරිසැරීම ගැන පසුතැවිලි වීම නො ව සසරින් එතෙර වීම සඳහා වහ වහා කළ යුතු දේ කිරීම යි. බුදු දහම තුළ පසුතැවිලි වන්නට ඉඩක් නැහැ. ඒකට හේතු කිහිපයක් ම තිබෙනවා. එකක් තමයි පසුතැවිලි වීම ප්‍රමාදයට කාරණයක්. ඒ කියන්නේ මාර්ග ඵල ලබා ගැනීම වළකා ලන්නක්. අනෙක් අතින් එසේ පසුතැවිලි වුණා කියා ලැබිය හැකි කිසි දු ප්‍රතිලාභයක් නැහැ. ලෞකික ව හෝ විඳිය හැකි සැපයක් සුවයක් නැහැ. ඒ ගැන ඔබ ම දෑස් පියා ගෙන මඳක් කල්පනා කර බලන්න.

බුදු සිරිත හා සම්බන්ධ විවිධ චරිත මේ සඳහා කදිම නිදසුන් සපයා තිබිය දීත් අප මේ කිසිවක් විමසා බලන්නේ නැති ව ඔහේ පසුතැවිලි වෙමින් පමා වෙනවා

* අංගුලිමාල තම දෑතින් මහා මිනිස් ඝාතනයක් කරලාත් සස රින් එගොඩ වුණා.

* පටාචාරා සිහිය විකල්වන තරම් අනාථ අසරණ පීඩිත තත්ත්වයකට පත් වෙලාත් සසරින් එගොඩ වුණා.

* සුනීත එදා පිළිගැනීමට අනුව කිසිදු වරප්‍රසාදයක් නො ලබන සමාජ පසුබිමක් සහිත ව ඉපැදිලාත් සසරින් එගොඩ වුණා.

* මළ මිනී කන සිවලුනට කා දමන්නට හැර දමා සිටි සෝපාකත් සසරින් එගොඩ වුණා.

* අම්බපාලි නගර සෝභිනියක් ලෙස කාමයෙහි ගැලී ඉඳලාත් සසරින් එගොඩ වුණා.

* කසී භාරද්වාජ බමුණා, පිඬු සිඟා වැඩි බුදු රජාණන් වහන්සේට, අනුන් ගෙන් යැපෙන්නේ නැති ව උපයා ගෙන කන්නැ’යි දෝෂාරෝපණය කරලාත් සසරින් එගොඩ වුණා.