Tuesday, November 25, 2014

May be breaking a wart



සමහර ඉදල් තිබෙනවා,
ඒවායෙන් නිතර අතුගාන කොට
ඉදලේ මිටත් දහඩියත් මුසු වෙලා ...
අතේ කරගැට එනවා, ඒ කරගැට බිදී ගියහම
හරිම වේදනාවයි
අතේ කරගැට එනවා වගේම
අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත් විඥානයත් මුසු වෙලා 
ඵස්සය, තෘෂ්ණාවේ දහදියෙන් තෙත් උනොත්
සිතෙත් කරගැට එනවා
සිතේ ඇතිවෙන කරගැට වලට අශ්වාදයේ කරගැට කියලයි කියන්නේ.
මේ ආශ්වාදයේ කරගැට බිදී ගියහමත් හරිම වේදනාවයි
සිර ගෙවල් වල දඬුවම් ලබමින්, රෝහල් වල අසනීප වලට දුක් විඳිමින්, ආයතන වල, ව්‍යාපාර වල, වැඩ බිම් වල සේවය කරමින් මනුෂ්‍යයින් අශ්වාදයේ කරගැට බිදී යාමේ වේදනාව, ආදීනවය, නිරතුරුවම අත් විඳිනවා.

පින්වත් ඔබ තෘෂ්ණාවේ දහදියෙන් මිදුනොත්,
නැවත,. අතේ කරගැට ආවත් නැවත කවදාකවත්
සිතේ නම් ආශ්වාදයේ කරගැට එන්නේ නැහැ.
~ රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ සටහනකි ~

No comments:

Post a Comment