Thursday, June 26, 2014

Ashta Dushtakshana (අෂ්ඨ දුෂ්ටක්ෂණ)


1. මේ ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළව නිවන පිණිස ධර්මය දේශනා කරතත්,යමෙක් එකසිය තිස් හයක් වූ නිරයන්ගෙන් එකක ඉපිද සිටිනවා නම් ඔහුට මේ වටිනා අවස්ථාවෙන්,මේ මොහොතෙන් ප්‍රයෝජන ගැනීමට හැකියාව නැහැ.

2. මේ ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ ව නිවන පිණිස ධර්මය දේශනා කරතත්,යමෙක් තිරිසන් සතෙක් වෙලා ඉපිද සිටිනවා නම් ඔහුට මේ වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට හැකියාව නැහැ.


3. මේ ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ ව නිවන පිණිස ධර්මය දේශනා කරතත්,යමෙක් ප්‍රේත ලෝකයෙහි හෝ අසුර ලෝකයෙහි ඉපිද සිටිනවා නම් ඔහුට මේ වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට හැකියාව නැහැ.

4. මේ ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ ව නිවන පිණිස ධර්මය දේශනා කරතත්,යමෙක් දීර්ඝ ආයුෂ ඇති,කිසිදු හැඳිනීමක් නැති,අසඤ්ඤ තලයක,අරූප තලයක ඉපිද සිටිනවා නම් ඔහුට මේ වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට හැකියාව නැහැ.

5.මේ ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ ව නිවන පිණිස ධර්මය දේශනා කරතත්,යමෙක් භික්ෂු,භික්ෂුණී,උපාසක,උපාසිකා යන සිවුවණක් පිරිස දකින්නටවත් නොලැබෙන ඒ අයගේ ඇසුරක් පවා නොලැබෙන,අතිශයින් ම දුෂ්කර වූ ම්ලේච්ඡ මිනිසුන් සිටින ප්‍රත්‍යන්ත ජනපදයක ඉපිද සිටිනවා නම් ඔහුට මේ වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට හැකියාව නැහැ.

6. මේ ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ ව නිවන පිණිස ධර්මය දේශනා කරතත්,යමෙක් සැප සහිත ධර්මය අසන්නට ලැබෙන,සිවුවණක් පිරිස දකින්නට ලැබෙන මධ්‍යම ජනපදයක උපදින්නට ලැබුණත් විපරීත දර්ශන,වැරදි ඇදහිලි,මිථ්‍යා විශ්වාස සහිත මිථ්‍යාදෘෂ්ටික පවුලක ඉපිද සිටිනවා නම්,එහි ම එල්ලී වාසය කරනවා නම් ඔහුට මේ වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට හැකියාවක් නැහැ.

7. මේ ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ ව නිවන පිණිස ධර්මය දේශනා කරතත්,යමෙක් මධ්‍යම ජනපදයක උපත ලැබුවත්, සිවුවණක් පිරිස නිතර දකින්නට අවකාශ ලැබුවත්,සුභාෂිත දුර්භාෂිතයන්ගේ අදහස් නිසි ලෙසින් තේරුම් ගැනීමට තරම් ප්‍රඥාවක් නැති නම්, උපතින් ම අඳ,ගොලු,බිහිරි ආදී ඉන්ද්‍රීය විකලත්වයක් ඇති නම්, මෝඩ වූ ඔහුට මේ වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට හැකියාවක් නැහැ.

8. මේ ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවූයේ නම් කෙලෙස් සන්සිඳුවන,සම්බෝධිය ඇති කරවන,නිවන පිණිස ධර්මයද ද දේශනා නොකලේ නම් යමෙක් එබඳු කාලයක මධ්‍යම දේශයක ඉපදුණත්,නුවණ ඇතිවකටයුතු කළත්, සුභාෂිත දුර්භාෂිතයන්ගේ අදහස් මැනවින් දැන ගැනීමේ හැකියාව තිබුණත්,ඔහුට ඒ මොහොත, ඒ අවස්ථාව වටිනා එකක් වෙන්නේ නැහැ.

No comments:

Post a Comment