Friday, June 27, 2014

Maithree Wedeema

මෛත්‍රී භාවනාව කියන්නේද අතහැරීමකි


මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නොපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහිපැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි!



භාවනා කරන බොහෝ දෙනෙක්උපාදානය කියන කාරණයේ බරපතළ බව නොසිතන බව පෙනෙනවා. උපාදානයේ තිබෙන අනතුර තේරුම් ගැනීමට පිංවත් ඔබ සියුම්ව ඔබේ ජීවිතය දෙස බැලිය යුතුවෙනවා

ඔබ පසළොස්වක පොහොය දවස ගැන සිතන්නකෝ. ලක් කීයක්පිංවතුන් එදාට සිල්සමාදන් වෙනවාද? විහාරස්ථානවල. නමුත් මේ පිරිසෙන් කීයෙන් කීදෙනාටද පුළුවන් පසුදා උදෑසන දක්වා සිල් පවාරණය නොකොට විහාරස්ථානයේම නවතින්න. සවස හතර වනවිට ගෙදර පිළිබඳ උපාදානය සකස්වෙනවා. පිංවත් ඔබට පුළුවන්ද එක දවසක්ගෙදර අතහැරලා පිට ප්‍රදේශයකට ගොස්ඉන්න. ඔබට පුළුවන්ද සතියක්ඔබේ ඥාතීන්ගෙන්, ගෙදරින්, ව්‍යාපාරයෙන් මිදිලා වන්දනාගමනක්යන්න. භාවනා වැඩසටහනකට යන්න. උත්තරය 'බැහැ'නම් ඔබ සිතන්න ක්ෂණිකව ඔබ මියගියහොත් කෙසේනම් ඉහත උපාදානයන් අතහැරගන්නද? කියලා. ඔතැනට තමයි, භවය සකස්කරන උපාදානය කියන්නේ
.

වර්තමානයේ වයොවෘද්ධ අම්මලා තාත්තලා හුඟදෙනෙකුට බැහැ නිවසින් බැහැරව දින දෙක තුනක්ගතකරන්න. ගෙදර මතක්වෙනවා. දරුමුණුපුරන් මතක්වෙනවා. 'මගේ තැන' මතක්වෙනවා. එම නිසා භාවනා කිරීමට පෙර උපාදානයේ හැඩරුව හොඳින් හඳුනාගන්න. හැකිතාක්පිංකම් උදෙසා තමන් අර්ථවත් ලෙස දකින බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අර්ථයම කියන ගුරුවරුන් වෙතට යන්න. එම ස්ථාන සොයායන්න. දරුමුණුපුරන් විසින් හැකිතාක්තම දෙමාපියන්, ආච්චිලා, සීයලා නිවසින් බාහිර පිංකම් සදහා යොමුකරවන්න. ගෙදර අතහැර සතියක්දෙකක්ගතකිරීමට පුරුදුකරන්න. නමුත් පිංවත් ඔබට ඉහත කාරණා කෙරෙහි බලවත් තෘෂ්ණාවක්නැතිනම් විවේකීව නිවසේම තම භාවනා කටයුතු සිදුකරගන්න. එය වඩාත් ඔබට පහසුවේවි
.

සෑම විටම ඔබගේ උපාදානය , ආර්යඅෂ්ඨාංගික මාර්ගයේ 'සම්මා වායාමෝ' අර්ථය දිශාවට යොමුකරගන්න දක්ෂවෙන්න. පටිච්චසමුප්පාද ධර්මයේ උපාදානය ගැන මෙහි විශේෂයෙන් සඳහන් කළද අනෙකුත් සියලුම ධර්මතාවයන් එක හා සමාන වැදගත් බව සලකන්න. දුක ඇතිවීමට හේතුවත් දුක නිරුද්ධ වීමට හේතුවත් හේතුඵලධර්මයන්ට අනුව දකින්න උත්සහගන්න. මෙහෙම දකිනවිට 'අතීතයේ මම සිටියාය. අනාගතයේ මම සිටින්නේය, වර්තමානයේ මම සිටිමි' යන ආත්මීය කාරණය ඔබෙන් බැහැරවේවි. මෙතැනදී තමයි සක්කාය දිට්
ඨි ඔබෙන් ගැලවිලා යන්නේ. සක්කාය දිට්ඨි ඔබ තුළින් පෝෂණය වෙන්නේ නිත්‍ය වූ ස්ථිර වූ පාලනය කළ හැකි පුද්ගලයෙක්ආත්මයක්ඉන්නවාය කියන කාරණය නිසා. මේ මුසාවාදයෙන් ඔබ මිදෙන්න ඕනේ. සතර අපායෙන් නොමිදුන පිංවතා තවම ශීලයෙන් පරිපූර්ණ නැතිය කියන්නේ ඉහත කාරණය නිසා. භාවනා කිරීමට පෙර ඇත්ත දැනගන්න. වැරැදි නිවරැදිකරගන්න.

අවිද්‍යාපච්චයා සංඛාරා, සංඛාර නිසයි විඤ්ඤාණය සකස්වෙන්නේ. විඤ්ඤාණය හේතුවෙනුයි නාමරූම සකස්වෙන්නේ. නාමරූප හේතුවෙනුයි සලායතන සකස්වෙන්නේ. මමය කියල ඔබ ගොඩනඟාගත් පුද්ගල සංඥාව පියවරෙන් පියවර ඔතනයි තිබෙන්නේ. එම නිසා වෙඩි තැබීමට පෙර නිවැරැදි ඉලක්කය සාදාගන්න. එසේ නොවුණහොත් විරුද්ධවාදීන් වැඩිවීම පමණයි සිදුවන්නේ. එම නිසා දුක ඇතිවීමට හේතුවන ක්‍රියාවලියන් දුක් නිරෝධයට හේතුවෙන 
ක්‍රියාවලියන් ගැන නිරතුරුවම භාවනාවක්වශයෙන් මෙනෙහිකරන්න.

මීළඟ කාරණය පිංවත් ඔබ භාවනා කිරීමට පෙර යහපත් මනුෂ්‍යයෙක් විය යුතුයි. මේ සටහන ලියන්නේ ගිහි පිංවතුන් සඳහාය. දෙමාපියන්ට, ඥාතීන්ට ගරුකරන 
මනුෂ්‍යයෙක්විය යුතුයි. සංඝයා වහන්සේලාට ගරුකරන මනුෂ්‍යයෙක් විය යුතුයි. සමාජයේ යුතුකම් දන්නා, යුතුකම් ඉටුකරන මනුෂ්‍යයෙක් වන්න. මන්ද යුතුකම් යනු ඔබ ලබාගත් අයිතිවාසිකම්වලට කරන ගෙවීමයි. පිංවත් ඔබ ලෝකය අතහැරීම පිණිස භාවනා කිරීමට පෙර පහත කාරණා ඔබගේ ජීවිතය තුළින් කළ හැකිදැයි විමසාබලන්න.

ඔබ සිතන්න ඔබ කොළඹින් බස්රථයක නැගලා කතරගම යනවා කියලා. සෙනග පිරුණු බස්රථය මොරටුවේ බස්නැවතුමේ නවත්තපුවාම කුඩා දරුවෙක්වඩාගත් අම්මාකෙනෙක්එසේත් නැතිනම් ඉතා වයෝවෘද්ධ ආච්චි කෙනෙක්බසයට නගිනවා. දෙපාරක්නොසිතා ඔබගේ ගමනාන්තයට තව ඇති දුරගැන නොසිතා ඔබ කැමත්ත සකස්වෙනවාද සෙනග පිරී ඇති බසයේ ඔබගේ ආසනය ඇයට හෝ ඔහුට පරිත්‍යාග කරන්න. ඔබට මෙය කරන්න බැරිනම්, ඔබට එවැනි පරාර්ථකාමී සිතක්තවම සකස්කරගන්න බැරිනම්, ඔබ කෙසේනම් ලෝකය අතහරින්නද? පාරේ දුවයන බසයක ප්‍රවේශ පත්‍රයක් මිලදීගැනීම නිසා පැය කීපයකට ලැබුණු ආසනය අතහැරීමට නොහැකිනම් භාවනාකිරීමට පෙර මෙවැනි පුංචි අතහැරීමක්ජීවිතය තුළින් 
ක්‍රියාත්මක කරන්න පුරුදුවන්න. තමා ලබන සැප පහසුව තාවකාලිකව හෝ අනුන් උදෙසා පරිත්‍යාග කිරීමට අකමැතිනම් කෙසේ මේ නාමරූම ධර්මයන් අතහැරීමට යොමුවන්නදඅවම වශයෙන් මෛත්‍රී භාවනාව අර්ථවත් කරගැනීමට යොමුවන්නද.
මෛත්‍රී  භාවනාව කියන්නේ අතහැරීමක්‌. කුමක් අතහැරෙන්නේ ක්‍රෝධය , ද්වේශය, ව්‍යාපාදය. මේවා අත්හැරෙද්දී ඔබ තුළ අන්‍ය මිනිසුන් කෙරෙහි කරුණාවක්සකස්විය යුතුයි. එහෙම සකස්වුණොත් බස්රථයේ ආසනය පරිත්‍යාග  කිරීම බොහොම සුළුදෙයක්‌. එහෙම නොවෙනවානම් මෛත්‍රීයේ නාමයෙන් ඔබ තුළ වැඩී ඇත්තේ සක්කාය දිට්ඨියයි.

No comments:

Post a Comment