Friday, September 16, 2011

Enlightnment of Lord Buddha

මහණෙනි, පුද්ගලයෝ දෙදෙනෙක් ලොකයෙහි උපදියිද, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ ජනයාට වැඩ පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස උපදිත්. කවර දෙදෙනෙක්ද යත්, අර්හත්වූ, සම්‍යක් සමිබුධවූ, තථාගතයන් වහන්සේද, සක්විති රජ තෙමේද යන දෙදෙන වෙත්.
(අංගුත්තර නිකාය, දුකනිපාතය, දෙවන පන්නාසකය, චෙ පුග්ගල සූත්‍රය.)

මහණෙනි, පුද්ගලයෝ දෙදෙනෙක් ලොව උපදියිද, ආශ්චර්‍ය මනුෂ්‍යයෝව උපදිත්. කවර දෙදෙනෙක්ද යත්. තථාගතවූ, අර්හත්වූ, සම්‍යක් සමිබුධයන් වහන්සේද, සක්විති රජ තෙමේද වෙත්.
(අංගුත්තර නිකාය, දුකනිපාතය, දෙවන පන්නාසකය, අචිඡිරිය මනුස්ස සූත්‍රය.)

ප්‍රිය මිතුරනේ, මින් පෙර ලිපියෙන් බොසත් මහා සෘෂින් වහන්සේගේ උත්පත්තියේ ඇති අසිරිමත් බැවි ත්‍රිපිටකය ඇසුරෙන් විමසා බැලුවා ඔබට මතක ඇති. අද මේ  සුදානමි වන්නේ අප තිලොක නායක බුදුපියාණන් වහන්සේගේ සමිමා සමිබුද්ධත්වය පිළිබඳව දැනුමක් ඇතිකර ගැනිමටයි. අවිද්‍යාවෙන් මුලාවි, භවය නමි කතර පුරා වල්මත්වි දිව යන්නාවු විනෙති ජනයාට, ප්‍රඥා ඇස පාදදෙන්නාවු බුදුවරයානන් වහන්සේලාගේ උත්පත්තිය දුර්ලභ වන්නේය, ආශ්චර්‍යමත් වන්නේය. මින් වසර 2600 කට (කලියුග වර්ශයෙන් 2513 කට පෙර) පෙර ගයා ශිර්ෂයේ නේරංජා නදි තීරයේ අපරාජිත පර්‍යකයෙන් වැඩ සිට, හිරැ අස්ථාන ගතවිමටත් පෙර සටනට පැමිණි දස බිමිබරක් මාරදස්නාව පරදවා වෙසක් පුර පොහෝ දින බෝසත් මහා සෘෂින්වහන්සේ සමිමා සමිබුද්ධත්වයට පත්විය.

සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් ඇස්, ඉස්, මස් ලේ දන් දිමෙන් මා මෙන්ම තවත් බොහෝ සත්ත්වයින්ද සසරෙන් එතෙර කොට මාද සසර තරණය කරමිය යන පරම උදාරතර වු චෙතනාවෙන් උන්වහන්සේ නිමි නැති සසරේ අනන්ත අප්‍රමාණ දුක්ඛයන් ඉසුලුයේය, ප්‍රාණය සමාණ අඹු දරැවන් දන් දුනයේ, ප්‍රිය මිතුර ඒ එබත් මාත් වෙනුවෙන්මය,  අපගේ භවය නමි රෝගය නැසිමේ දහමි ඔසුව සෙවිම පිණිසය. සිද්ධාර්ථ මහා සෘෂින්වහන්සේගේ සමිමා සමිබුද්ධත්වයෙන් ඇරඹි ඒ සදහමි ගඟ වසර 2600 පිරෙනාවු  අදද  සත්ත්වයින්ගේ සෝ සුසුමි නිවාලමින් නොවියලි නොසිදි ගලා බසියි.

භාග්‍යවත් බුදුපියාණන්වහන්සේ‍ සමිමා සමිබෝධියට පත්වි වසර 2600 ක් පිරෙන්නාවු මේ මොහොතේ මෙනෙහි කල යුතු තව කරැණක්ද වන්නේය. යමි යමි ආගමි වල සාස්තෘවරැන් මේ මේ පරිත්‍යාගය කලාය. මේ මේ ආකාරයෙන් ජිවිතය පුදකලාය. එයින් අපිට විමුක්තිය උදාකල දුන්නාය යනාදි වශයෙන් විශ්වාසයන් ඇදහිමි වුවත්. එවා සම භාග්‍යවතුන් වහන්සේ බෝසත් මුලයේ කරනා ලද පාරමිතාවන් පටලවා නොගත යුතුයි. කිසිවෙක් දුක් විදුම තුලින් තවෙකුට විමුක්තියක් උද නොවෙයි. ඔබ ප්‍රිය කරන්නාවු අයෙක් දුකෙන් පෙලෙන්නෙය කියා ඔබ තුවාලයක් කර ගැනිමෙන් ඔහුගේ රෝගය හෝ දුක්ඛය නමි නිමා නොවේ. ඒ වෙනුවට ඔබත් වේදනාවට පත්විම පමණයි සිදුවනුයේ. බෝසත් මහා සෘෂින් වහන්සේ දානාදී පරමිතාවන් පිරෑයේ එයින් බුදුබව කර දෙන බැවිනි. බුදුවරයෙකුට ඇවැසි වන්නාවු අශ්චර්‍යමත් වුත් ලො‍ව  අග්‍ර උතුමානන් විමට ඇවැසි වන්නාවු ගුනාංගයන් ඇති කර ගැනිමට උන්වහන්සේට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් දානාදි පාරමිතාවන් ජිවිත පරිත්‍යාගයෙන් පුරා පන්නරය ලැබිමට සිදුවිය. උන්වහන්සේ බුද්ධත්වයට පත්විම තුලින් අප සසරින් මුදවනු ලැබිය. උන්වහන්සේ බුද්ධත්වයට පත්වුයේ පාරමිතාවන් තුලිනි. පාරමිතාවන් නොපිරෑයේ නමි බුද්ධත්වයක්ද නැත. එබැවින් අප සසරින් මිදෙනුයේ උන්වහන්සේ පුරනා ලද පාරමිතා බලයෙන් කරදුන් බුද්ධත්වය නිසා බැවින්, උතන්වහන්සේ පාරමිතා පුරනා ලද්දේ අප වෙනුවෙන්ය. අයෙක් භාග්‍යවත් බුදුපියානන් වහන්සේ අප වෙනුවෙන් පාරමිතා පුරනු ලැබුවේය කියා ඒ පරිත්‍යාගයන් සිහිකරන්නේ නමි ඔහුගේ අවබෝධය ඉහත පරිදි විය යුතුය. ඉහත කරැණු අවදානයෙන් වරක් දෙවරක් කියවිමෙන් පහසුවෙන් තෙරැමි ගන්නට හැකිවනවා ඇති.

මෙම ලිපියේ පහත කොටස් හා ගැලපී ලිපිය සමිපුර්ණ වනුයේ මෙමපහතින් දක්වන ලිපි පිළිවලින් කියවා අවසන පහත කොටස කියවු විටය. නැවත ලියා දැක්විමට වන අපහසුව තකා එම ලිපි වල සබැඳි පහත දක්වා ඇත.


ශාක්‍ය කුලය වැඩි දියුණු කරණගෞතම බුදුරජවූ මම ප්‍රධාන වීර්‍යය කොට සමිබෝධියට පැමිණියෙමි.

බඹහු විසින් අයදනා ලද්දේදමිසක් පැවැත්වූයෙමි.  අටළොස් කෝටියක් දෙනෙකුන්ට පළමුවන ධර්මය අවබෝධය වීය.

ඉන් පසුද දෙවි මිනිසුන්ගේ රැස්වීමේ දී දහමි දෙසන කල්හි ගණනින් නොකිය හැකි දෙනෙකුට දෙවන ධර්මාවබෝධය වීය.

මෙහිදීම මම මේ කාලයෙහිදී මාගේ පුතුට අවවාද කෙළෙමිදඒ කාලයෙහි ගණනින් නොකිය හැකි  දෙනෙකුන්ට තුන්වන ධර්මාවබෝධය වීය.

මට සීලාදී ගුණ සොයන ශ්‍රාවකයන්ගේ එක රැස්වීමක් වි.   දෙදහස් පන්සියයක් පමණ භික්‍ෂූන්ගේ රැස්විමක් වි.

බික් සගන මැද බුදු සිරින් බබලනරාගාදී කිලුටු නැති මම සියලු කැමැති දේ දෙන මිනිරුවනක් සේ පතන ලද ලොවී ලොවිතුරු සියල්ල දෙමි.

සිවි මග පල කැමතිවනභව ආසාව දුරුකරනු කැමැත්තවුන්ට අනුකමිපාකොට සිවුසස් දෙසුවෙමි.

දසදහස් දෙනාටවිසිදහස් දෙනාට වරින්වර ධර්මාවබෝධය වීය.   එකෙකුට දෙන්නෙකුට වූ ධර්මාවබෝධය ගණන් නොකළ හැකි හෙවත් අසංඛ්‍යයකි.

මේ කාලයෙහි ශාක්‍ය වංශයට ශ්‍රේෂ්ඨවූ මාගේ සස්න පැතිරුනේය.   බොහෝ දෙනා අතර පළවිය.   දියුණුය.   සියලු අයුරින් පිරුණේය.   මග ඵල නමැති මල් පිපි ගියේය.   ඉතා පිරිසිදුය.

ආසාව නැතිරාගාදිය පහකළසන්හුන් සිත් ඇත්තාවූඑකග සිත් ඇතිනොයෙක් සිය ගණන් බොහෝ භික්‍ෂූහු මා හැම කල්හි පිරිවරත්.

මේ කාලයෙහි සෙඛවූ රහත් බවට නොපැමිණි යමි භික්‍ෂු කෙනෙක් මිනිස් බව හරිත්දඒ භික්‍ෂූහු නුවණැත්තවුන් විසින් නින්දා කරණ ලද්දාහුය.

සසර හැසිරෙන්නාවූ සියල්ලෝදදහමිහි ඇලුනු ජනයෝදඅරි අටගි මගට පසසන මනා සිහි ඇති සත්ත්‍වයෝදඅනාගතයෙහි සිවුසස් අවබෝධ කරත්.

මාගේ උපන් නුවර  කිඹුල්වත් නමි.   පියතෙම සුදොවුන් නමි රජය.   වැදු මවි තොමෝ මායාදේවී යයි කියනු ලැබෙ.

මම බුදුවන්ට පෙර එකුන්තිස් අවුරුද්දක් ගිහිගෙයි වාසය කෙළෙමි.   රමිම යසුරමිම යසුභ ය යන උතුමි තුන් පහයක් මට වූහ.

මනාව අලංකාර කළ පිරිවර අගනෝ සතළිස් දහසකි.   බිරින්ද භද්දකචිචානා (යශොදරා) නමි වූවාය.   පුත්තෙම රාහුල නමි වීය.

මම සතර පෙරනිමිති දැක අස් යානයෙන් මහභිනික්මන් කෙළෙමි.   අවුරුදු සයක් මුලුල්ලේ ඉතා අපහසු ප්‍රධාන වීර්‍යය කෙළෙමි.

බරණැස ඉසිපතනාරාමයේදී මා විසින් දමිසක් පවත්වන ලදී.   මම සියලු සතුන්ට පිහිටවූ ගෞතම සමිබුදු වෙමි.

කෝලිත,  “උපතිස්ස ද යන දෙදෙන අග්‍ර ශ්‍රාවකයෝ වෙති.   මාගේ අතවැසි උපස්ථායක තෙම ආනන්‍ද නමි වේ.
ඛෙමා,  “උප්පලවණ්ණා ද යන භික්‍ෂුණීහු දෙදෙන අග්‍ර ශ්‍රාවිකාවෝ වෙති.   චිත්ත,  “හත්‍ථාලක ද යන උපාසකයෝ දෙදෙන අග්‍ර උපස්ථායකයෝ වෙති.

නන්‍දමාතා,  “උත්තරා ද යන උපාසිකාවෝ දෙදෙන අග්‍ර උපස්ථායිකාවෝ වෙති. මම ඇසතු රුක් මුලදී උතුමි සමිබෝධියට (බුදුබවට) පැමිණියෙමි.

හැම කල්හි මාගේ සිරුරෙහි බඹයක් පමණ තැන් පැතිරෙන ප්‍රභාව ආලෝකය සොළොස් රියනක් උස්වූවාය.   මෙකල ආයුෂය මදවූයේ සියක් අවුරුද්දක් පවත්නේය.

මම ඒතාක් කල් සිටිමින් බොහෝ ජන සමූහයා සසරින් එතර කරමි.  පසුවට ඇතිවන ජනයාගේ අවබෝධය පිණිස දහමි නමැති එළිය හුල තබා මමද නොබෝ දිනකින්ම ශ්‍රාවක සමූහය සමග දර ගෙවි යාමෙන් ගින්න මෙන් මෙහිදීම පිරිනිවන් පාන්නෙමි.

ඒ අසම තේජස්දමේ දසබලදදෙතිස් මහ පුරිස් ලකුණෙන් යුත් මේ උතුමි ගුණයෙන් යුත් සිරුරද යන සියල්ල සවණක් රැසින් යුත් හිරු මෙන් දස දිගුන් හොබවා අතුරුදන් වන්නේය.   සියලු සංස්කාරයෝ හිස් වූවාහු නොවෙත්ද?   වෙත් මැයි.
(ඛුද්දක නිකාය, බුද්ධවංශ පාලි, ගෞතම බුදුරජුන්ගේ වංශය.)

No comments:

Post a Comment