Friday, September 16, 2011

Thinking About Vesak

වෙසක් දිනයේ පරමිපරාවෙන් පරමි පරාවට අපි උරැමකරගත් සමිප්‍රදායන් රැසක් තියෙනවා. එත් අපි ඒවා කරන්නමිවාලේ කරනවා මිස මෙවායේ අර්ථය විමසා බලා නුවනින් තිරණයන් ගන්නේ කියෙන් කිදෙනෙක්ද?

වෙසක් පොහොය බෞද්ධයන්ට වැදගත් වන්නේ ඇයිද යන්න අමුතුවෙන් කිව යුත්තක් නොවෙ. ඒ අපේ ස්‍රස්තෘවරයාණන් වහන්‍ස් වන තථාගත බුදුපියානන් වහන්සේගේ මංගල්‍යයන් 03 ක් එදින අපි සැමරිමයි. එනමි ‍මහ බෝසතුන් වහන්සේගේ උපත, බුද්ධත්වයට පත්විම හා මහා පරිණිර්වාණය යන මෙ මහා මංගල්‍යයන් 03 යි. "මම මෙ කිවිවෙ වෙසක් වෙසක් කියල හැම දෙනාම කියන දේ" හැබැයි මෙ කියපු කථාවෙත් කිසි වරදක් නැ. නමුත් චින්තනය දියුණු මිනිස්සු විදියට අපි වෙසක් මංගල්‍යයට දෙන අර්ථ දැක්විම මෙය නමි අවිවාදාත්මකවම එය මහාම මහා අසාධාරණයක්. ඒ ඇයි?
අපේ ලගම ඥාතියෙක්ගේ උපන්දිනයක් තිබුනොත් අපි එදාට මොනාද කරන්නේ? අපි කේක් කපයි, සාදයක් පවත්වයි, තවත් කෙනෙක්, ඥාති හිතමිතුරන් එක්ක මෙය බොහොම ඉහලින් සමරයි. එ වගේම අපි කවුරැ හරි හුගක් මහන්සි වෙලා පාඩමි කරල  ලියපු විභාගයක ප්‍රථිපල ඇවිල්ල ඒ විතරක් නෙමෙයි විභාගය බොහොම උසස් විදියට සමර්ථ වෙලාත් තියෙනවා නමි, ඒ ගෙදර පිරිසට ඒදා මොන තරමි නමි සතුටුදායක දවසක් වෙයිද? එත් එක්ක්ම අපේ ගෙදර මරණයක් වුනොත් අපි මොනතරමි නමි දුක් වෙයිද අඩයිද වැලපෙයිද? අපි මේ අවස්ථා 03 ම දසාමාණ්‍යයෙන් එදිනෙදා දන්න දේවල්. අපේ තථාගත බුදුපියානන්වහන්සේගේ උපත, බුදුවිම යන ප්‍රිති ජනක මංගල්‍යයන් සිදුවුයේ, ඒ අශ්චර්‍යමත් සිදුවිමි සිදුවුනේ වෙසක් පොහෝ දිනයේයි. සැබවින්ම එය බෞද්ධයන්ට ඉතාමත් සතුටුවිය හැකි කරැණක් තමයි . නමුත් අපි වෙනුවෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් අනන්ත අප්‍රමාණ දුක් විදි තථාගතයන් වහන්සේගේ මහා පරිණිර්වානය සිදුවුයේද එම දිනයේමයි. සැබවින්ම උපත ලැබුවෙ මහබෝසථානොයි, බුදු බවට පත්වුයේද ඒතුමානොයි, නමුත් පරිණිර්වානය වුයේ අපේ තථාගත බුදුපියානොයි. එතකොට අපි කොහොමද සතුටු වෙන්නේ? මෙ ප්‍රශ්ණය මම නොයෙක්වර මාගෙන්ම අසා ඇත්තෙමි. නමුත් මම වෙසගේ නියම අර්ථය ඒ නිසා සොයාගත්තා යැයි කිවහොත් නිවැරදියි.

අපගේ තථාගත බුදුපියානන්වහන්සේගේ දර්ශනයේ සාරය  අංගුමාත්‍රයක් නැර මෙම වෙසගින් නිරැපනය වන බව ඔබ කවදාවත් නොසිතන්නට ඇත. එනමි අනිත්‍යතාවයයි, දුක්ඛ තාවයයි, අනාත්මතාවයයි. කෙනෙක් මෙක මාගේ උපන් දවස කියල දිනයක් වෙන්කරගෙන මෙ දවස මම මෙ විදියට ඉන්නවා. මෙහෙම පාටියක් දානවා කියල හිතාගෙන ඉන්නවා කියමුකෝ. මෙ පුද්ගලයා හිතාගෙන ඉන්නේ මෙ ලොකේ තියෙන හොදම දිනය තමන් උපන් දිනය කියලයි. මම මෙ උපන්දිනය උදාහරණයට අරගෙනයි කතාව කියන්නේ මෙක ඔනැම දෙයකට ආදේශ කරල බලන්න පුලුවන්.ඒ වගේම ඒ දිනය එනකන් හරි ආසාවෙන් බලාගෙනත් ඉන්නවා. එදාට අපිට ගොඩදෙනෙක් සුභ පතනවා. තැගිබෝග ලැබෙනවා අපිට හරි සතුටුයි. මම ඒක නිසා ඒකට කියන්නේ "මගේ  උපන්දිනය කියලයි" හැබැයි දැන් මෙ අතර තව සිදුවිමක් වෙනවා. මෙ උපන්දිනය එනකන් බලන්හිටපු කෙනාගේ ස්වාමිපුරැෂයා හරි බිරිද හරි, අමිමා හරි තාත්තා හරි ඒදාම මැරෙනවා. දැන් මොකද වෙන්නේ? මෙයාට ඒ උපන්දිනය ඒ විදියට සමරන්න පුලුවන් වෙයිද? ඒ දවස දැන් මගේ උපන්දිනය නෙමෙ මගේ බිරිද මැරැන දවස වෙලා, එහෙමත් නැත්නමි අමිමා තාත්තා මැරැණ දවස වෙලා. පේනවා නේද වෙනස්විමෙ තරම, මෙකට කියන්නේ අනිත්‍යය කියලයි. අපිට උපන්දිනය සමරන්න බැරිවුන එක දැන් දුකක්. එදාම දැන් අමිමා හරි තාත්තා හරි කවුරැ හරි අර අපි කියපු පුද්ගලයා මැරැණ එක ඊටත් වඩා දැන් දුකක්. පේනවා නේද අර සතුට මොහොතකින් දුකකට පෙරළුන හැටි. මෙක තමයි දුක්ඛතාවය කියන්නේ, මම මෙචිචර දවසක් මගේ උපන්දිනය මගේ උපන්දිනය කිය කිය හිටපු දිනය දැන් වෙනකෙනෙක්ගේ මරණ දිනයක් වෙලා දැන් කෝ මෙකේ මගේ කියන්න දෙයක්? මෙකට තමයි අනාත්මතාවය කියන්නේ. එතකොට මෙ දවස මම සමරන්නේ කොහොමද? මට උපන්දිනය කියල පාටි දාන්න බැ.උපන්දිනයයි මරණ දිනයයි කියන දෙකම අලලා පුන්‍යමය කටයුත්තක යෙදෙනෙ එක නේද මම කරන්න ඔන. මොකද මට දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියල ලක්ෂන තුනම මෙදා ප්‍රගුණවෙලා පෙනෙන නිසා.මෙ දේ තෙරෙනවා නමි කවුරැත් වෙසක්දාට ඔලුබක්කෝ නටන එකක් නැ. මෙදේ තෙරෙනවානමි කවුරැත් වෙසක්දාට මහා හොල්මන් මන්දිර වලට යන එකක් නැ. මෙ දේ තේරෙනවා නමි කවුරැත් වෙසක්දාට වෙසක් බලන්න කියල රට වටේ කරක්ගහල අරක්කු සිගරටි බිල ජොලි දාන එකක් නැ. මෙ දෙ තෙරෙනෙවානමි කවුරැත් වෙසක් උත්සවයට I Love You කියල කෙල්ලො කොල්ලන්ගේ රැප දාල පැත්තකින් පොඩියට බුදු රැපයක් ඇදපු වෙසක් කාඩි යවන එකක් නැ. මෙ දේ තෙරෙනවා නමි කවුරැත් වෙසක් දවස පාටියක් කර ගන්න එකක් නැ. සසර කෙටි කරගන්න ඉක්මන් වෙනවා මිසක්. ඒකට පින්දහමි කරගන්නවා මිසක්.   

මෙ විදියට අපේ තථාගතයානන්වහන්සේගේ මෙ තෙමගුලත් අනිත්‍ය, දුක්ඛය හා අනාත්මය ‍පිලිබිබු කරණ දිනයක් නොවෙද? මෙ ලකෂණ 03 කෙනෙක් දකිනවානමි මෙ ලොව එයිටත් වඩා වෙනත් මංගල්‍යයක්ද නැත. මෙ අනුව අපිට පෙනි යන්නේ වෙසක් දිනය කියන්නේ නිකං කැලැන්ඩරයක දිනයක් පමණක් නොවිය යුතු බවයි. එය ඊට වඩා අර්ථාන්විත දිනයක් ලෙස ගතකල යුතු බවයි මම මෙයින් අදහස් කලේ.

වෙසක් දිනය අර්ථාන්විත වන්නේ කෙසේද?
වෙසක් දිනයේ මුලිකම පණිවිඩය වන්නේ තථාගත බුදුපියානන්වහන්සේ එදා මහා පරිනිර්වාන මංචකයේ සිට පැවසු මෙ වෙදන් නොවෙද? "මහණෙණි මා දැන් ඔබ අමතමි! සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුලුයි. නොපමාව කුසල්ධමි සමිපාදනයේ යෙදෙන්න" එනමි වෙසක් දිනය යනු අපේ තථාගතයන් වහන්සේගේ පරිණිර්වානයත්, උන්වහන්සේ ගේ ඒ අවසන් වදනුත් තවදුරටත් මහාකුළුනු සමවතට වැදි අපට පිහිට වන්නට උතුමෙක් නොමැති බවත්, අපි හැකි ඉක්මනින් මෙ සසරින් මිදිය යුතු බවත්, දශබලධාරි වු බුදුපියානන්වහන්සේ පිරිනිවුන කල අපි වැනි  පෘතක්ජනයන්ද මරණයෙන් කෙලවර වනබව අපිට මතක් කර දෙන දිනය
වන්නේ මෙම වෙසක් දිනයයි. කෙනෙක් වෙනදාටත් වඩා ධර්මය දකින්නට එදින උත්සහ කරණවා නමි, වෙනදාටත් වඩා තුණුරැවන් ගැන සිත පහදවා ගන්නවා නමි, වෙනදාටත් වඩා බුදු ගුණ මෙනෙහි කරණවානමි, වෙනදාටත් වඩා සිල්වත් වෙනවානමි අන්න එදින අර්ථාන්විත වෙසක් දිනයක් වෙයි. වෙසක් ඇත්තේ අපේ සිතේ මිස කැලැන්ඩරයේ දින වල නොවන බව ඔබට තේරෙනවා ඇත. ඒකයි අපි වෙසක් දවසේ අනිත් පොයවල් වලට නොදෙන විදියට දන්සල් දෙන්නේ, ඒකයි අපි වෙසක්දාට වෙසක් කුඩු හදන්නේ, ඒකයි අපි එදාට වෙනදාට වඩා ගොඩක් පිං කමි කරන්නේ, බැතිගි ගයන්නේ පන්සල් නොයන මිනිස්සුත් පන්සල් යන්නේ. ඒකයි වෙසක් දිනය විශේෂ වන්නේ.

No comments:

Post a Comment