Thursday, August 2, 2012

Pancha Neewarana

පංච නීවරණ ධර්ම

ආධුනිකයෙකු වශයෙන් භාවනාවේ නියුතුවන ඔබ භාවනාව ඉදිරියට කරගෙන යෑම අඩාල කරන්නාවූ සතුරු ධර්මයන් පිළිබඳව දැනුවත් වීමද වැදගත් වනු ඇත. මේ ආකාරයට නිවන් මඟ වසා භාවනාව ඉදිරියට කරගෙන යෑමට නොදී නිවන ආවරණය කරන්නා වූ කාමචිඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ද, උද්ධචිච කුක්කුචිච හා විචිකිචිචා නමි නීවරණ ධර්ම පසක් ඇත. මේ පිළිබඳවත් දැනුවත් වන්න.   


කාමචිඡන්ද නීවරණය
කාමචිචන්ද යනුප්‍රිය උපදවන සුළු ප්‍රිය මධුර අරමුණුආදිය කෙරේ ඇතිවන කමැත්තයිභාවනාවේ දී ශරිරය නිසොල්මනේ තබාගෙන සිත එක අරමුණකට යොදවන්න සිදුවනවාමේවැනි විටක මේ කාමචිචන්ද නිවරණය නැගි ආ විට සිත එම අරමුණෙන් වෙනතකට ඇද දැමිම සිදුවනවා. මෙම කාමචිඡන්දය භාවනාව තුලින්ම මෙන්ම වෙනත් භාහිර අරමුණු නිසා ද ඇතිවීමට පුළුවන්භාවනාකර්මයට විරුද්ධ වෙමින්, රූපයන්, ශබිධ, ඝන්ධ, රස, ස්පර්ශ හා වෙනත් ප්‍රිය වූ අරමුණු කරා කැමැත්ත ඇතිවීම නිසා සිත විසිරී යාම කාමචිඡන්ද නීවරණයේ නැග ඒමයි.

ව්‍යාපාද නීවරණය
ව්‍යාපාදය යනු තරහවයිඔබ භාවනාවේ නියුතුව සිටිනා විට අතීත අනාගත වර්තමාන යන කාලත්‍රය පිළිබඳවම ව්‍යාපාදය ඇතිවිමට හැකියාවක් ඇත. අතිතයේ කල කී දෑ අත්විදින්ට සිදුවූ සිදුවීමි, අනාගතයේ කරන්නට වන දෑ, කරන්නට ඇති දෑ ගැනත්  එසේම ඔබ භවනා කරමින් සිටිනා අවස්ථාව දී මදුරුවෙක් දෂ්ඨ කිරීම නිසා හෝ, ඔබ අප්‍රිය ශබිධයක් ඇසීම ආදිය නිසා යමි ‍තරහවක් ඔබට ඇතිවවුවා නමි, එවාද මෙවැනි වෙනත් කරුණු තුලින් ඇති කර දෙන්නානා වූද  තරහව ව්‍යාපාද නිවරණයේ පැවැත්මයි.

Tuesday, July 10, 2012

Human beings are at a Critical point due to the Over Consumption


අධි පරිභෝජනය නිසා ලෝකයම අවදානමකට පත්වෙලා

විචිත්‍ර ධර්ම කථික පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි

පසුබිම් කතාව
සැවැත් නුවර විසූ එක් කුල දරුවකු සසුන් ගත විය. ඒ නම තරුණ වියේ දී පියා මහලුව අසනීප විය. මිය යන්නට ආසන්න මොහොතේ පැවිදි පුතු දැකීමට ආශා වූ පියා උන්වහන්සේ ගෙන්වා සතුටු වන්නේ. සිවුරු පිරිකර ගැනීම සඳහා බාල පුතුට මසු සියයක් දෙන්නේ ය. බාල පුතු ද සිය පැවිදි සොහොයුරාගෙන් ඒ මසු සියයෙන් ගැනීමට අවශ්‍ය සිවුරු පිරිකර මොනවාදැයි ඇසුවේය. දැනට කිසිත් වුවමනා නොවන බව පැවසූ උන්වහන්සේ නැවතත් ආරාමයට වැඩියහ.
මසු සියය ගැන ඇසීමක් හෝ බැලීමක් නැතිව ටික කලක් ගත විණි. පසුව ඒ තරුණ නම පැවිදි දිවියේ උකටලී විය. ‘මෙසේ පිඬු සිඟා දිවි රැක්ම මට තරම් නොවන්නේය. මසු සියය ගෙන සිවුරු හරිමි’ යි සිතමින් කල් ගෙවී ය. මහණකම් පිරීම ගැන කිසිදු බලාපොරොත්තුවක් නොවීය. ඒ නම ගේ ඇදුරුතුමන්ට ද මේ බව සැල වී කලකිරීම මඟ හැරවීමට වෑයම් කළත් එය නිෂ්ඵල විය. සිවුරු හැරීම ගැනම ඒ නම ගේ සිත පෙලඹී ය.
බුදුරජාණන් වහන්සේට ද මේ තරුණ නම ගැන සැල විය. උන්වහන්සේ මෙසේ උකටලී වීමට කරුණු විමසා කහවණු වැස්සෙන් ද මිනිසාට ආසාවෙහි සෑහීමක් නැති බව පවසා මෙහි සඳහන් ගාථා ධර්මය දේශනා කොට වදාළ හ.
පැවිදි දිවියට එළඹි තරුණ නමක් වෙනුවෙන් දේශනා කළ ද මේ ගාථා රත්නයෙන් ගිහියා ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට ලැබෙන්නේ ඉතා වටිනා ආදර්ශයකි.
මිනිසා සිය අතෘප්තිකර ආශාවන් පසුපස හඹා යාමේ දී තමන් ගැන මිස අනුන් ගැන සිතන්නේ නැත. මානව හිතවාදී වන්නේ නැත. ගහ කොළට, සතා සීපාවාට හිතවාදී වන්නේ නැත. ඔහු ගේ උත්සාහය කුමන හෝ මාර්ගයකින් තම අභිමතාර්ථය සපුරා ගැනීම ය.
ගංගා ඇළ දොළවල ජලය අපවිත්‍ර වීම, මහා වනපෙත් වියළි කාන්තාර බවට පත්වීම, වායුගෝලය දූෂණය වීම ආදී අනේක විධ විපර්යාසයන් එහි භයානක ප්‍රතිඵලයන් ය. තමන් ගේ බලය පතුරුවා හැරීමට ඕනෑම මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තරම් පසුබට නොවන බවට අප ජීවත්වන සමාජයෙන් කොතෙකුත් උදාහරණ සොයා ගැනීම අපහසු නොවේ. අද මිනිසාට අත් විඳින්නට සිදුවන, ඉතා කටුක ස්වභාවික විපත් බහුලය. තමන් විසින් කරන ලද නොමනා ක්‍රියාවන් ගේ අහිතකර ප්‍රතිඵලවලට මිනිසාට මුහුණ දෙන්නට සිදු වී තිබේ.

Thursday, January 26, 2012

how to be happy...

සැප උපදන උල්පත හඳුනා ගනිමු



නුවණින් කල්පනා කරනවා කියන එක අද්භූත එකක් නෙවෙයි. පවට ලැජ්ජාව, පවට භය, වීරිය, ප‍්‍රඥාව ආදී දේ තමා තුළ තියෙනවද, ඒවා වැඩෙනවද? පිරිහෙනවද? ආදී වශයෙන් විමසා බැලීම, නුවණින් කල්පනා කිරීමට අයිති දෙයක්. අපිට අපි ගැනම නිගමනයකට එන්ට තියෙන හොඳම ක‍්‍රමයක් තමයි මේ ප‍්‍රත්‍යවේක්‍ෂා කිරීම.
ඒ විදියට අපි ගැන අපි ම හොයල බැලූවොත්, අපිට පී‍්‍රති සිතින් වාසයකරන්ට පුළුවන්කම තියෙනවා. එතකොට එයා සිල් රකින්නෙ සතුටින්ද? කණස්සල්ලෙන්ද? එයා සතුටින් සිල් රකිනවා. දවසින් දවස අපේ වයස ගතවෙන්ට ගතවෙන්ට අපේ සීලය ගැන අපිට සතුටුවෙන්ට පුළුවන්ද බැරිද? සතුටුවෙන්න පුළුවන්. ඇයි සේඛ ධර්ම දියුණු කරමින් තමයි අපි ඉන්නෙ. එහෙනම් සීලය පරිපූර්ණ කරගනිමින් ඉන්නෙ. එතෙකාට අපිට කණස්සල්ලෙන් ඉන්ට කාරණා තියෙනවද? නෑ නේද? එහෙනම් බලන්න, මේ ප‍්‍රත්‍යවේක්‍ෂා කිරීම කියන එක, සැප උපද්දන උල්පතක් වගේ නේද? ප‍්‍රත්‍යවේක්‍ෂා කරනව කියන එක සැප උපද්දන, සතුට උපද්දන, උල්පතක් වගේ එකක්. අන්න ඒ උල්පත පාදා ගන්ට අපි දක්ෂවෙන්ට ඕන. එහෙම නැත්නම් අන්ධකාරේ ඉන්න අය වගේ. කිසි දෙයක් පේන්නෙ නෑ. එයාට ඇස් තියෙනවා, හැබැයි පේන්නෙ නෑ. ඇයි ඒ? ආලෝකයක් නෑ. එහෙනම් අපේ ජීවිතටයට අලෝකය ඇතිකරන, ඇතිකර ගන්න විදිය තමයි ප‍්‍රත්‍යවේක්‍ෂා කිරීම.

How to be a great soul

තෙරුවන් සරණගිය බුද්දාගමිකයට නිත්‍ය ශිලය පන්සිල් බව දනෝ හොදින් දනිති,මෙය අංග පහකින් සමන්විත වන අතර එම අංග පහ සම්පුර්ණවන්නට තවත් කරුණු සම්පුර්න වියයුතුය,පංච දුශ්චරිතයන්ගෙ යෙදෙන්නට අවස්ථානුකුලව කල කි දේවල් පලදෙනුලබයි.එම නිසාවෙන් ලෝකෝත්තර සැපකැමති   සත්පුරුෂයන් පංච දුශ්චරිතයන්දුරුකොට සිල්වත් ජීවතයක් ගතකල යුතුය,අසන්වරකමින් තොරවුවන් අද සමාජය තුල ඔබ දක්නට ඇති බැවින් එම මිනිසුන් පිළිකුලට පත්වනවා ඇත, පංචසීලය තුල ඔබ හැසිරෙන්නෙ නම් ඔබ මෙලොවට අගනා පුද්ගලයක් වන්නේය               

පරපණ නැසීම සිදුවන අයුරු

පණ ඇති සතකු වීම 
පණ ඇති සතකු බව දැනීම
මරණ චේතනාව
මරණ උපක්‍රමය
එම උපක්‍රමය තුලින් සත්වයාගෙ මරණය සිදුවීම

සොරකම සිදුවන අයුරු
අන්සතු වස්තුවක්වීම
අන්සතු වස්තුවක් බව දැනීම
එය තමාසතු කරගනීමෙ චේතනාව
සොරකම් කිරීමෙ උපක්‍රමය
තිබුන තැන වෙනස් කිරීම හෝ ගැනීම   

Asuba Bhawanawa (අශුභ භාවනාව)

ගිනි නිවා සිසිල් බවට පත්වෙමු…


අපි අද ඉගෙන ගන්ට යන්නේ අසුභ සංඥාව පුරුදු කර ගන්න විදිහ ගැන. යම් කෙනෙක් අසුභ සංඥාව හොඳින් හුරුකර ගත්තොත් එයාට ලැබෙන මහත් වූ ලාභය තමයි රාගයෙන් දැවෙන ගිනි නිවාගෙන සිසිල් බවට පත්වෙන්ට පුළුවන්කම . ඊලග දේ තමයි එයාට පුළුවන් සමාධිය පරිපූර්ණ කර ගන්ට. ඊලඟට එයාට සමථ විදර්ශනා දෙයාකාරයෙන්ම බණ භාවනා දියුණු කර ගන්ට පුළුවන්. ඒ වගේම තමයි එයාට ඉර්දිපාද හතරම මේ භාවනාව ඔස්සේ දියුණු කර ගන්ටත් පුළුවන්. ඒ වගේම තමයි එයාට ආර්ය සත්‍යය අවබෝධය පිණිස උපකාර වන බෝජ්ජංග ධර්ම හතම දියුණු කර ගන්ට ලැබෙනවා. එතකොට බලන්න අපිට එක් භාවනාවක් පුරුදු කර ගැනීමෙන් කොතරම් ආනිසංස ලැබෙනවද කියල. ඒ නිසා මෙතරම් ආනිසංස උපද්දල දෙන භාවනාවක් අපි හොඳින් පුරුදු කර ගත්තොත් අපි සැබෑම වාසනාවන්තයින් බවට පත් වෙනවා.
හැබැයි ඒ වාසනාව අහිමි වෙලා යන්ට ඉඩ කඩකුත් තිබෙනවා. ඒ කොහොම වුනොත්ද? භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය කෙරෙහි විශ්වාසය නැති වුනොත්. ඊලගට කලබල කර ගත්තොත්, ඊලගට කම්මැලි වුනොත් අපිට තිබෙන වාසනාව අහිමි වෙන්ට පුළුවන්. ඒ නිසා ධර්මය කෙරේ තියන විශ්වාසය බලවත් කර ගන්න. කලබල වෙන්ට එපා. කම්මැලි වෙන්ටත් එපා. ධර්මය කෙරෙහි හොඳින් විශ්වාසය උපදවා ගනිමින් ම ඉතාමත් ම උනන්දුවෙන්, අඛන්ඩව පිළිවෙලකට මේ භාවනාව පුරුදු කරන්න. පිළිවෙලකට මේ භාවනාව පුරුදු කළොත් එයාට නියත වශයෙන් ම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ප‍්‍රතිලාභ අත්වෙනවාමයි. ඒක වලකින්නෙ නෑ.

Asuba Bawana (අශුභ භාවනාව)

ඉන්ද්‍රිය සංවර කර සුභ නිමිත්ත අත්හරින්න.



අපි කවුරුත් අසුභ භාවනාව පුරුදු කර ගන්ට කැමති වෙන්ට ඕනැ. අසුභ සංඥාව පුරුදු කිරීමෙන් අපිට මහත් වූ පිහිට පිළිසරණ, සුව පහසුව ඇති කරගන්ට පුළුවන් කම තියනවා. සිතට ඉතාමත් ම සුව පහසුව ඇති කරගන්ට පුළුවන්කම තියනවා. සාමාන්‍යය මනුෂ්‍යයා තුළ අසුභය තේරුම් ගන්නා ආකාරයට ශරීරය ගැන කල්පනා කරන පුරුද්දක් නෑ. පෘතග්ජන භාවයේ සිටින තාක් ශරීරය සුභ වශයෙන් තමයි බලන්නේ. සුභ වශයෙන් බලන්ට බලන්ට මොකද වෙන්නේ? රාගය උපදිනවා. රාගය උපදින කොට දුක් පීඩා බහුල වෙනවා. සිත ගිනිගෙන දැවෙනවා. ඒ තුල සැබෑ සැපයක් නෑ.
භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි කාලයේ සිටි එක්තරා භික්ෂූන් වහන්සේ නමකට කාන්තාවක් දැකල තදබල ඇල්මක් ඇතිවුනා. රාගයෙන් හිත යටවෙලා ගියා. ඒ ස්වාමීන් වහන්සේට පැවිද්ද එපා වුනා. එයා තුළ පැවිද්ද ගැන ඇල්ම නැතිවෙලා ගිහි වෙන්ට කල්පනා කලා. පස්සේ ස්වාමීන් වහන්සේලා එයාට අවවාද කළා. උදව් කළා. සිහිය උපද්දලා දෙන්ට වෑයම් කළා. හරි ගියේ නෑ. පස්සේ භාග්‍යවතුන් වහන්සේට මේ පුවත සැලකළා. භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේගෙන් අසා සිටියා, ”හැබෑද මේ කියන කතාව? ඔබ පැවිද්ද අත හැරල මේ ස්ත‍්‍රියක් පිළිබඳව හැඟීම උපදවා ගෙන ගිහි වෙන්ට කල්පනා කරනවා කියන්නේ හැබෑද” කියල. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කියා සිටිය, ”එහෙමයි ස්වාමීණි භාග්‍යවතුන් වහන්ස, මට එබඳු හැගීමක් ඉපදිලා තියනවා. මගේ හිත ඒ අදහසට යට වෙලා තියනවා” කියල.

Sabba Loke Anabiratha Sanghawa

සබ්බලෝකේ අනභිරත සංඥාව



මේ වන විට මේ පින්වතුන්ට භාවනා තුනක් පුරුදු කරන ආකාරය ගැන ඉගෙන ගන්ට පුළුවන් කම ලැබුනා. ඒ තමයි මරණ සතිය, අසුභ සංඥාව, ආහාරයේ පිළිකුල් සංඥාව. ඊළගට ඉගෙන ගන්න හදන්නේ සබ්බලෝකේ අනභිරත සංඥාව. මේ භාවනාවත් ඉතාමත් ම වැදගත් භාවනාවක්. අපිට හොඳින් පුරුදු කර ගන්ට පුළුවන් වුනොත් ඉතාම ප‍්‍රණීත වූ ජීවිතයක් උපදවා ගන්ට පුළුවන්. සබ්බලෝකේ අනභිරත සංඥාව සියලූ ලෝක කෙරෙහි ඇල්ම දුරුකර ගැනීම පිණිස උපකාර වන භාවනාවක්.
මොකක්ද මේ සියලූ ලෝකය කියල කියන්නේ? භග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා ”සබ්බ” කියන සූත‍්‍රයේදී සියල්ල කියන්නේ කුමක් ද කියල. ”පින්වත් මහණෙනි, මම ඔබට සියල්ල ගැන කියා දෙන්නම්. මේ ඇස, ඇසට පේන රූප, කණ ,කණට ඇසෙන ශබ්ද, නාසය, නාසයට දැනෙන ගඳ සුවද, දිව, දිවට දැනෙන රසය, ශරීරය, ශරීරයට දැනෙන පහස, ඊලඟට සිත, සිතට දැනෙන අරමුණු. මෙන්න මේවට තමයි භාග්‍යවතුන් වහන්සේ සියල්ල කියල පෙන්වා දෙන්නේ. උන් වහන්සේ පෙන්වා දෙනවා මේවටත් වඩා එතනින් එහාට ගිය සියල්ලක් නෑ කියල. සියල්ලම එතන තිබෙනවා කියල.

Pancha Seka Bala


Aalaya


Friday, January 13, 2012

Thursday, January 12, 2012

Monday, January 2, 2012