Showing posts with label Maha Rahathun Wedi Maga Osse. Show all posts

Monday, February 1, 2016
Wednesday, December 30, 2015
Think a Minute before New year comes - 2

ඉකුත් කොටසින්
සඳහන් කළේ දෙසැම්බර් 31 දා රාත්‍රියේ නගරයේ මෙන්ම ගමේත් ඇසට පෙනෙන, කනට ඇසෙන පැත්ත.
සාමාන්‍ය ස්‌වභාවය. මීට වඩා වෙනස් ස්‌වභාවයකුත් වාර්තමාන සමාජය තුළ වර්ධනය වෙනවා.
හෝටල්වල පෞද්ගලිකව වෙන්කරගත් ස්‌ථානවල නව වසර උදාව සමරන අයට අවුරුදු උදාවෙන්නේ
අඳුරේ. ප්‍රඥාවේ ආලෝකයක් මේ අයට කොහොමටවත් නැහැ. ජල විදුලියේ, තාප බලාගාරයේ ආලෝකය
පමණයි තිබෙන්නේ. එම ආලෝකයත් නිවා දමා, අඳුරේ තමයි අවුරුදු උදාවට අවතීර්ණ වෙන්නේ.
ඒකෙන්ම පෙනෙනවා අවිද්‍යා සහගත සිත, ආලෝකයට ඇති අකමැත්ත. ආලෝකය නිවාදමා අඳුරට
කැමැතිවන්නේ අනුසය වශයෙන් ඉතිරි වෙලා තිබෙන හිරි ඔතප් දෙකත් ඒ රාත්‍රියේ නැති
කරගන්න. හිරි ඔතප් දෙක නැතිවුණ තැන තවත් නැතිවෙන්න දෙයක් තිබෙනවාද?
වසරක ආරම්භය මේ අය
විසින් පටන්ගන්නේ සීලයට සෘණාත්මක අගයක් දෙමින්. සීලයෙන් ගිළිහුණ ජීවිතයක ලෝභ,
ද්වේෂ, මෝහ අකුසල මූලයන් සරුසාර ලෙස වැඩෙනවා. මෙවන් සිත් වලින් ලබන්නා වූ වසරට කුමන
ආධ්‍යාත්මික ශාන්තියක්‌ද? භෞතික දියුණුවක් නම් සැලසේවී. ඒ බව සමාජයෙන් හොඳින්
පෙනෙනවා සැකයකින් තොරවම. එහෙත් එය සතුටු විය හැකි කාරණයක් නම් නොවේ. පරලොව යහපත
ගැන බලනකොට ලබන්නා වූ වසරේදී අවම වශයෙන් පංච සීලයවත් රැකගැනීමට අධිෂ්ඨානයක් ඇතිකර
නොගන්නා තැනැත්තා තමා තමාටවත් උපකාරයක් කර නොගත් තැනැත්තෙක් වෙනවා. ඔහු කෙසේ
අනුනට උපකාර කරන්නද? කෙසේ නම් අනුනට ආශිර්වාද කරන්නද? ඔහු කෙසේ නම් ධර්මයේ අර්ථයක්
අත්දකින්නද?
Think a Minute before New year comes - 1
අද ජනවාරි පළවැනිදා. වසරක් ගෙවිල වසරක් ලැබුව දවස. වසරක් ගෙවී ගියාය කියන්නෙ අපි කාටත් ජීවත් වෙන්න තිබෙන කාලයෙන් වසරක් අඩු වුණාය කියන එක. ඒ කියන්නෙ මරණයට වසරකින් ළංවුණාය කියන කාරණය. මේ කොයි පැත්තෙන් බැලුවත් අවංකවම සතුටුවෙන්න දෙයක් මෙතැන නැහැ. නමුත් ගෙවීගිය වසරේ පිංවත් ඔබ අප්‍රමාදීව ධර්ම මාර්ගයේ ගමන් කළානම් ලැබුවාවූ වසරේ ඊටත් වඩා ශක්‌තිමත්ව ධර්ම මාර්ගයේ ගමන් කරනවාය කියන අධිෂ්ඨානය ඔබ තුළ ඇති වුණා නම් එතන තිබෙන්නෙ අර්ථවත් සතුටක්. ඒ වගේමයි ගෙවීගිය වසරේදී දාන, සී, භාවනා කටයුතුවලදී ප්‍රමාදභාවයට පත්වුණා, නව වසරේදී මා අප්‍රමාදීව කටයුතු කරනවාය කියන අධිෂ්ඨානයද සතුටට හේතුවක්‌මයි.
වසරක් ලැබුව
අවස්‌ථාවක පිංවත් ඔබට ජීවිතයේ තැබිය හැකි ලොකුම බලාපොරොත්තුව තමයි මේ වසර තුළදී මා
සතර අපායෙන් නිදහස් වීමට උපරිම උත්සාහයක නියැලෙනවාය කියන බලාපොරොත්තුව. ලොව්තුරා
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පැවිදි පක්‍ෂය විසින් ගිහි පක්‍ෂයට, දෙමාපියන්
විසින් දරුවන්ට, ගුරුවරුන් විසින් ශිෂ්‍යයන්ට, කෙනකු විසින් තව කෙනකුට සමාදන් කරවිය
හැකි උතුම්ම ත්‍යාගය, දායාදය සතර අපායෙන් මිදීමේ මාර්ගය පහදා දීමය, සමාදන් කරවීමය
කියලා. නව වසරක් ආරම්භයේදී බුලත් අතකින්, කැවිලි පිඟානකින්, කේක් ගෙඩියකින්, සුබ
පැතීමකින්, හුවමාරු කරගන්නා ඥාතිත්වය, ස්‌වාමිත්වය, සෙනෙහස, හිතවත්කම ලොව්තුරා
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සැබෑ ඥාති සංග්‍රහය සමග මොනතරම් නම් ප්‍රාථමික
දැක්‌මක්‌ද? සුබ අලුත් අවුරුද්දක් වේවා කියල කරන ශුභාශිංසනය තුළ මෛත්‍රිය,
මනුෂ්‍යත්වය මුසුවෙලා තිබෙන බව ඇත්ත. ඒ ඇත්තේ තරමටම එම ශුභාශිංසනය තුළ අවිද්‍යාවද
සැඟවී තිබෙන බව ඇත්තම කාරණයකි. අවිද්‍යාව කියල කිව්වේ විද්‍යාවෙන් තොර භාවයයි. ඒ
කියන්නෙ ඇත්ත ඇතිසැටියෙන් නොදැකීමයි. දුක සැප මාරුකොට ගෙන දැකීමයි.
Sunday, July 26, 2015
කාමය වරදවා හැසිරීම

කාමය වරදවා හැසිරීම සංසාරයේ අනන්ත දුක් ගෙන දෙන පාපකර්මයකි.
කාන්තාවකට, දියණියකට විවධත්වයෙන් යුත් රූමත්, සාමාන්‍ය, අවලස්‌සන ශරීර ස්‌වභාවයන් ලැබෙන්නේ පෙර සංසාරයේ කරන ලද කුසල් සහ අකුසල් කර්මයන් නිසාය.
පෙර සංසාරයේ කරන ලද කුසල් නිසා තමනට ලැබෙන පංච කළ්‍යාණියෙන් යුත් රුපශ්‍රීය, අඟපසඟ විචාරයකින් තොරව පරිහරණය කිරීම මහත්ම අකුසලයකි.
විශේෂයෙන් මාධ්‍ය ලෝකයෙන් කල එළි බසින මෙන්ම ලෝකයාගේ වැඩි අවධානයක් දිනාගැනීම පිණිස විචාරයකින් තොර ඇඳුමින් පැළඳුමින් සැරසී දිනපතා රැකියා සඳහා යන කාන්තාවන් ද මේ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුය.
Labels:
Maha Rahathun Wedi Maga Osse
Sunday, May 17, 2015
Tuesday, November 25, 2014
May be breaking a wart
සමහර ඉදල් තිබෙනවා,
ඒවායෙන් නිතර අතුගාන කොට
ඉදලේ මිටත් දහඩියත් මුසු වෙලා ...
අතේ කරගැට එනවා, ඒ කරගැට බිදී ගියහම
හරිම වේදනාවයි
අතේ කරගැට එනවා වගේම
අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත් විඥානයත් මුසු වෙලා
ඵස්සය, තෘෂ්ණාවේ දහදියෙන් තෙත් උනොත්
සිතෙත් කරගැට එනවා
සිතේ ඇතිවෙන කරගැට වලට අශ්වාදයේ කරගැට කියලයි කියන්නේ.
මේ ආශ්වාදයේ කරගැට බිදී ගියහමත් හරිම වේදනාවයි
සිර ගෙවල් වල දඬුවම් ලබමින්, රෝහල් වල අසනීප වලට දුක් විඳිමින්, ආයතන වල, ව්‍යාපාර වල, වැඩ බිම් වල සේවය කරමින් මනුෂ්‍යයින් අශ්වාදයේ කරගැට බිදී යාමේ වේදනාව, ආදීනවය, නිරතුරුවම අත් විඳිනවා.
පින්වත් ඔබ තෘෂ්ණාවේ දහදියෙන් මිදුනොත්,
නැවත,. අතේ කරගැට ආවත් නැවත කවදාකවත්
සිතේ නම් ආශ්වාදයේ කරගැට එන්නේ නැහැ.
~ රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ සටහනකි ~

For Wisdom,
Maha Rahathun Wedi Maga Osse
Pindapathayen Yepima
පිණ්ඩපාතය
සැහැල්ලුය, සරලය, දුප්පත්ය, එහෙත් ඒ පිණ්ඩපාතය තුල අප්‍රමාදී බවද
සැඟවිලාය. කුසගින්න නොදැනෙන, පිපාසය නොදැනෙන, මනුෂ්‍ය ධර්මයන් ඉක්මවාගිය,
උතුම් තැනයි භික්‍ෂුත්වය.
~ අති පුජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ සටහනකි. ~
Labels:
Maha Rahathun Wedi Maga Osse
Friday, June 27, 2014
Before Doing Meditation
භාවනාවට පෙර දා
මේ
ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි
මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක් හෝ ගැඹුරු වන
ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින්
සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ
ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන්
මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම
සමතෙක් නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු
බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද
උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින්
මා අතට පත් කළ උන්වහන්සේ නොපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම්
දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන්
ගිහිපැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක් වනු ඇතැයි මගේ
පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ
උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ
අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා
ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර ලිපි මාලාවක් ලෙස ඔබ අතට පත්
කිරීමට මට ඉඩ දුන මැනවි!
මේ ධර්ම මාර්ගයේදී ඔබ යම් අවබෝධයක් ලබනවා නම්, ඒ සෑම අවබෝධයක්‌ම ලබනුයේ ඔබ නොදැනුවත්ව නොවේ. සෑම අවබෝධයක්‌ම ලැබෙනුයේ ඥාන දර්ශනයන් සමගින්ය. ඥාන දර්ශන යනු උතුම් සමාධි ඵලයකදී දර්ශනයන් දකිමින් ලබන්නාවූ අවබෝධඥානයයි. මෙම ඥාන දර්ශනයන් යමෙක් ජීවිතයේ දකින්නේ එක් අවස්‌ථාවකදී පමණි. එම අවස්‌ථාවේදී භික්‍ෂුව එම ඥානය පිළිබඳව අවබෝධය ලබා අවසන්ය. ඉන් අනතුරුව ඕනෑම අවස්‌ථාවක එම ඥාන දර්ශනය සිහියට නගාගත හැකිය. ඒ ජීවිතයේ කොටසක් බවට පත්වී අවසන්ය. මේ නිවීමේ මෙහෙයුමේදී භික්‍ෂුවක් තුළ කාම, රූපී, අරූපි භවාත්‍රය පිළිබඳ අනිත්‍ය සංඥාවන් සතරසතිපට්‌ඨාන ධර්මතාවයන් වශයෙන්මයි වැඩෙන්නේ.
මනුෂ්‍ය ලෝකය, දිව්‍යතල, බ්‍රහ්මතල මනසින් පීර පීරා බලනකොට මුලින්ම රූපයේ අසුභයමයි, මරණානුස්‌සතියමයි, සත්වයාගේ ජරා, ව්‍යාධි, මරණ ලක්‍ෂණමයි පෙනෙන්නේ. මිනිස් රූප, ස්‌ත්‍රී පුරුෂ රූප, විවෘත කොට මනසින් බලමිනුයි නුවණින් මෙනෙහි කරන්නේ. ඕනෑම මිනිස් රූපයක් පමණක් නොව, දිව්‍ය, බ්‍රහ්ම රූපයක් පවා අට්‌ඨික සංඥාවෙන් දකින්න. අට්‌ඨික සංඥාව විනිවිදගොස් දුහුවිල්ලක්, ගින්දරක්, සුළඟක් ලෙස රූපයේ අනිත්‍යභාවය දකින්න එම භික්‍ෂුව තුළ විදර්ශනා ඥානය වැඩිලයි තියෙන්නේ.

Who hasn't Experienced hell
සතර අපා දුක් නොවින්ද කව්රුනම් ලොවේ සිටිත්ද
මේ
ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි
මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක් හෝ ගැඹුරු වන
ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින්
සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ
ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන්
මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම
සමතෙක් නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු
බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද
උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින්
මා අතට පත් කළ උන්වහන්සේ නොපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම්
දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන්
ගිහිපැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක් වනු ඇතැයි මගේ
පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ
උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ
අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා
ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර ලිපි මාලාවක් ලෙස ඔබ අතට පත්
කිරීමට මට ඉඩ දුන මැනවි!
වර්තමානයේ ඔබට ඇසෙන දකින දේවල් තුළ සංසාරයේ බිය වසා දමලයි තිබෙන්නේ. ඕනෑම මනුෂ්‍යයෙක් මියගියහම නැවත උපදින්නේ දිව්‍යලෝකයේමයි, මනුෂ්‍යයන් අතරමයි කියන දැක්‌ම සමාජයේ මුල් බැසගෙන තිබෙන්නේ. එසේත් නැතිනම් සුදු ඇඳුමක් ඇඳගෙන තම මියගිය ඥාතියාව සිහිනෙන් දැක්‌කාය කියන දවල් හෝ රාත්‍රී සිහිනයකට මේ උතුම් හේතුඵල ධර්මයේ අර්ථය හීනකොට තිබෙනවා.
අවමංගල්‍ය නිවස ඉදිරිපිට එල්ලා ඇති 'නිවන් සැප ලැබේවා' කියලා සඳහන් බැනර දකිනකොට, නිවන් අවබෝධය කියන කාරණය සමාජය විසින් මොනතරම් සුළුකොට, ලඝූකොට දකිනවාද යන්න පැහැදිළියි. සමාජයේ බහුතරයක් පිංවතුන් තම ඥාතිවරයෙක් මියගිහයම, පංශුකූල පිංකමෙන්, එසේත් නැතිනම් හත් දවසේ පිංකමෙන් තම මියගිය ඥාතියාට ආශ්චර්යමත් උපතක් ලබාදීමට උත්සාහ කරනවා. මේ කටයුත්ත වැඩිපුරම සිද්ධවෙන්නේ මළගෙදර ගුණකථනය කරන මහත්වරුන් අතින්. පිංවත් ඔබ, ඔබගේ මියගිය ඥාතිවරයෙක් සුදු ඇඳුමක් ඇඳගෙන ඔබ ඉදිරියේ සිහිනයෙන් පෙනී සිටියහොත් මොන තරම් ආශ්වාදයකින් ද ඒ පිළිබඳව කථා කරන්නේ. එක පැත්තකින් එය ඇත්තෙන්ම සිහිනයක්. අනෙක් පැත්තෙන්, සුදු ඇඳුමක් ඇඳගෙන සිටියත්, ඉහත ස්‌වභාවය පරදත්ත රූප ජීවී ප්‍රේතයෙක් හෝ ප්‍රේතියක්.

Maithree Wedeema
මෛත්‍රී භාවනාව කියන්නේද අතහැරීමකි
මේ
ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි
මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක් හෝ ගැඹුරු වන
ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින්
සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ
ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන්
මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම
සමතෙක් නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු
බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද
උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින්
මා අතට පත් කළ උන්වහන්සේ නොපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම්
දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන්
ගිහිපැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක් වනු ඇතැයි මගේ
පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ
උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ
අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා
ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර ලිපි මාලාවක් ලෙස ඔබ අතට පත්
කිරීමට මට ඉඩ දුන මැනවි!
ඔබ පසළොස්වක පොහොය දවස ගැන සිතන්නකෝ. ලක්ෂ කීයක් පිංවතුන් එදාට සිල්සමාදන් වෙනවාද? විහාරස්ථානවල. නමුත් මේ පිරිසෙන් කීයෙන් කීදෙනාටද පුළුවන් පසුදා උදෑසන දක්වා සිල් පවාරණය නොකොට විහාරස්ථානයේම නවතින්න. සවස හතර වනවිට ගෙදර පිළිබඳ උපාදානය සකස්වෙනවා. පිංවත් ඔබට පුළුවන්ද එක දවසක් ගෙදර අතහැරලා පිට ප්‍රදේශයකට ගොස් ඉන්න. ඔබට පුළුවන්ද සතියක් ඔබේ ඥාතීන්ගෙන්, ගෙදරින්, ව්‍යාපාරයෙන් මිදිලා වන්දනාගමනක් යන්න. භාවනා වැඩසටහනකට යන්න. උත්තරය 'බැහැ'නම් ඔබ සිතන්න ක්ෂණිකව ඔබ මියගියහොත් කෙසේනම් ඉහත උපාදානයන් අතහැරගන්නද? කියලා. ඔතැනට තමයි, භවය සකස්කරන උපාදානය කියන්නේ.
භාවනා කරන බොහෝ දෙනෙක් උපාදානය කියන කාරණයේ බරපතළ බව නොසිතන බව පෙනෙනවා. උපාදානයේ තිබෙන අනතුර තේරුම් ගැනීමට පිංවත් ඔබ සියුම්ව ඔබේ ජීවිතය දෙස බැලිය යුතුවෙනවා.
ඔබ පසළොස්වක පොහොය දවස ගැන සිතන්නකෝ. ලක්ෂ කීයක් පිංවතුන් එදාට සිල්සමාදන් වෙනවාද? විහාරස්ථානවල. නමුත් මේ පිරිසෙන් කීයෙන් කීදෙනාටද පුළුවන් පසුදා උදෑසන දක්වා සිල් පවාරණය නොකොට විහාරස්ථානයේම නවතින්න. සවස හතර වනවිට ගෙදර පිළිබඳ උපාදානය සකස්වෙනවා. පිංවත් ඔබට පුළුවන්ද එක දවසක් ගෙදර අතහැරලා පිට ප්‍රදේශයකට ගොස් ඉන්න. ඔබට පුළුවන්ද සතියක් ඔබේ ඥාතීන්ගෙන්, ගෙදරින්, ව්‍යාපාරයෙන් මිදිලා වන්දනාගමනක් යන්න. භාවනා වැඩසටහනකට යන්න. උත්තරය 'බැහැ'නම් ඔබ සිතන්න ක්ෂණිකව ඔබ මියගියහොත් කෙසේනම් ඉහත උපාදානයන් අතහැරගන්නද? කියලා. ඔතැනට තමයි, භවය සකස්කරන උපාදානය කියන්නේ.
Can be Bettor Tomorrow for endless World?
නිමාවක් නැති ලොවක අදට වඩා හොඳ හෙටක් කොයිද?
ලෝකය නොනවතින ගමනක යනවා. ලෝකයාගේ මේ ගමන දැනුමෙන්, හැකියාවෙන්ගෙන්, නවතම සොයාගැනීම් වලින් පරිපූර්ණ එකක්. පසුකරන සෑම කඩ ඉමක්‌ම අලුත් දෙයක් ලෝකයට ඉදිරිපත් කරනවා. ලෝකයාට ඉදිරිපත් කරන තාක්‍ෂණයේ ප්‍රගතිය තුළින් ජනතාවට ප්‍රයෝජනයක්, පහසුවක් තාවකාලිකව උදාකරනවා. නමුත් ඒ පහසුව තුළින් ඉතිරිවෙන විවේකය මනුෂ්‍යයා යොමුකරගන්නේ තව තවත් අවිවේකී දිශාවන්ටමයි. තාක්‍ෂණය මාරයා වශයෙන් හඳුනාගෙන තාක්‍ෂණය නිසාම ඔබට ලැබෙන කාලයේ ඉතිරිය මාරයාට එරෙහිව තම ධර්ම මාර්ගය ශක්‌තිමත් කිරීමට යොමුකර ගැනීමට අපි දක්‍ෂවිය යුතුයි. එක පර්යේෂණාගාරයක මනුෂ්‍යයාගේ ආයුකාලය වැඩිකරගැනීමට ඇත. හැකියාව ඖෂධවලින් සොයනවිට තවත් විද්‍යාගාරයක මස් පිණිස ඇති කරන සතුන් ඉක්‌මනින් තර කොට මැරීමට අවශ්‍ය ක්‍රමවේදයන් සොයනවා. මේ කිසිවෙක් මනුෂ්‍යයා මරණින් පසු ඌරෙක්, හරකෙක්, එළුවෙක්, බැටළුවෙක්, කුකුලෙක් වෙන්නේ ඇයිද? කියලා සොයන්නේ නැහැ.
Subscribe to:
Posts (Atom)