ප්‍රධාන අකුසල් මූල වලට අමතරව ඒවායෙන් ව්‍යුත්පන්න වන තවත් අකුසල් වර්ග කිහිපයක් තියනව බලමු ඒවත් මොනවද කියල
ක්‍රෝධය
අන්‍යන්ට
රිදවීමට ආශාකරන ආකාරයෙන් හටගන්නා ද්වේශයට කියනව ක්‍රෝධය කියල. මුලින්
සිහින්ව හටගෙන ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී අනුන් මෙන්ම තමන්වත් විනාශ නරන
පාපයක් මේක. පළමුව මිහිරි ලෙසකින් ආරම්භවෙලා පස්සෙ දුකට පමුණුවන මුල මිහිරි
අග නපුරු ධර්මයක්. ක්‍රෝධය නිසා සිදු කරන දේවල් වලින් කරන අවස්ථාවේ සතුටක්
ලැබුනත් විපාක දෙන්න ගත්තම දරුණු දුකකට පත්වෙන්න සිදු වෙනව.
Showing posts with label Akusal. Show all posts
Showing posts with label Akusal. Show all posts
Wednesday, December 9, 2015
Akusal - 01 (සිතේ ඇතිවන ප්‍රධාන අකුසල් )
සිතේ ඇතිවන අකුසල් සරලව
ලෝභ ද්වේෂ මෝහ යන මේ අවස්ථා
තුන බුදු දහමේදී විස්තර කරන්නෙ අකුසල් මූලයන් හැටියටයි. ඒ කියන්නෙ අකුසල්
සිදුවීමට හෝ සිදු කිරීමට මුල්වන කරැණු තමයි මේව. මෙම අකුසල් තුනෙන් තොරව
සිදුවන අකුසලයක් නැහැ. හැම අකුසලයකටම හේතුව මෙම කරැණු තුනයි. එක් අකුසල්
සිතක මේ තුනම බල පවත්වන්නෙ නැහැ. සමහර වෙලාවකට එක අකුසල් සිතක් බල පවත්වනව
තවත් සමහර වෙලාවකට මෙම මූල තුනෙන් දෙකක් බලපවත්වනව. මේකෙන් තේරැම් ගන්න ඕනෙ
දේ තමයි, අපට අකුසල් සිතක් ඇති වෙලාද නැත්ද කියල සැකයක් තියනවනම් සිහි
බුද්ධියෙන් කල්පනා කරල බලන්න ඕනෙ මේ වෙලාවෙ මගේ හිතේ මේ කරැණු තුනෙන් එකක්
හරි දෙකක් හරි තියනවද කියල. එහෙම තියාගෙන යම් දෙයක් සිදු කරනවනම් එයින්
සිදු වෙන්නෙ අකුසලයක්.
Subscribe to:
Posts (Atom)