Showing posts with label Ven Nawalapitiye Ariyawansha. Show all posts
Showing posts with label Ven Nawalapitiye Ariyawansha. Show all posts

Wednesday, December 30, 2015

Think a Minute before New year comes - 2


ඉකුත් කොටසින් සඳහන් කළේ දෙසැම්බර් 31 දා රාත්‍රියේ නගරයේ මෙන්ම ගමේත් ඇසට පෙනෙන, කනට ඇසෙන පැත්ත. සාමාන්‍ය ස්‌වභාවය. මීට වඩා වෙනස්‌ ස්‌වභාවයකුත් වාර්තමාන සමාජය තුළ වර්ධනය වෙනවා. හෝටල්වල පෞද්ගලිකව වෙන්කරගත් ස්‌ථානවල නව වසර උදාව සමරන අයට අවුරුදු උදාවෙන්නේ අඳුරේ. ප්‍රඥාවේ ආලෝකයක්‌ මේ අයට කොහොමටවත් නැහැ. ජල විදුලියේ, තාප බලාගාරයේ ආලෝකය පමණයි තිබෙන්නේ. එම ආලෝකයත් නිවා දමා, අඳුරේ තමයි අවුරුදු උදාවට අවතීර්ණ වෙන්නේ. ඒකෙන්ම පෙනෙනවා අවිද්‍යා සහගත සිත, ආලෝකයට ඇති අකමැත්ත. ආලෝකය නිවාදමා අඳුරට කැමැතිවන්නේ අනුසය වශයෙන් ඉතිරි වෙලා තිබෙන හිරි ඔතප් දෙකත් ඒ රාත්‍රියේ නැති කරගන්න. හිරි ඔතප් දෙක නැතිවුණ තැන තවත් නැතිවෙන්න දෙයක්‌ තිබෙනවාද?

වසරක ආරම්භය මේ අය විසින් පටන්ගන්නේ සීලයට සෘණාත්මක අගයක්‌ දෙමින්. සීලයෙන් ගිළිහුණ ජීවිතයක ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන් සරුසාර ලෙස වැඩෙනවා. මෙවන් සිත් වලින් ලබන්නා වූ වසරට කුමන ආධ්‍යාත්මික ශාන්තියක්‌ද? භෞතික දියුණුවක්‌ නම් සැලසේවී. ඒ බව සමාජයෙන් හොඳින් පෙනෙනවා සැකයකින් තොරවම. එහෙත් එය සතුටු විය හැකි කාරණයක්‌ නම් නොවේ. පරලොව යහපත ගැන බලනකොට ලබන්නා වූ වසරේදී අවම වශයෙන් පංච සීලයවත් රැකගැනීමට අධිෂ්ඨානයක්‌ ඇතිකර නොගන්නා තැනැත්තා තමා තමාටවත් උපකාරයක්‌ කර නොගත් තැනැත්තෙක්‌ වෙනවා. ඔහු කෙසේ අනුනට උපකාර කරන්නද? කෙසේ නම් අනුනට ආශිර්වාද කරන්නද? ඔහු කෙසේ නම් ධර්මයේ අර්ථයක්‌ අත්දකින්නද?

Think a Minute before New year comes - 1




අද ජනවාරි පළවැනිදා. වසරක්‌ ගෙවිල වසරක්‌ ලැබුව දවස. වසරක්‌ ගෙවී ගියාය කියන්නෙ අපි කාටත් ජීවත් වෙන්න තිබෙන කාලයෙන් වසරක්‌ අඩු වුණාය කියන එක. ඒ කියන්නෙ මරණයට වසරකින් ළංවුණාය කියන කාරණය. මේ කොයි පැත්තෙන් බැලුවත් අවංකවම සතුටුවෙන්න දෙයක්‌ මෙතැන නැහැ. නමුත් ගෙවීගිය වසරේ පිංවත් ඔබ අප්‍රමාදීව ධර්ම මාර්ගයේ ගමන් කළානම් ලැබුවාවූ වසරේ ඊටත් වඩා ශක්‌තිමත්ව ධර්ම මාර්ගයේ ගමන් කරනවාය කියන අධිෂ්ඨානය ඔබ තුළ ඇති වුණා නම් එතන තිබෙන්නෙ අර්ථවත් සතුටක්‌. ඒ වගේමයි ගෙවීගිය වසරේදී දාන, සී, භාවනා කටයුතුවලදී ප්‍රමාදභාවයට පත්වුණා, නව වසරේදී මා අප්‍රමාදීව කටයුතු කරනවාය කියන අධිෂ්ඨානයද සතුටට හේතුවක්‌මයි.
 
වසරක්‌ ලැබුව අවස්‌ථාවක පිංවත් ඔබට ජීවිතයේ තැබිය හැකි ලොකුම බලාපොරොත්තුව තමයි මේ වසර තුළදී මා සතර අපායෙන් නිදහස්‌ වීමට උපරිම උත්සාහයක නියැලෙනවාය කියන බලාපොරොත්තුව. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පැවිදි පක්‍ෂය විසින් ගිහි පක්‍ෂයට, දෙමාපියන් විසින් දරුවන්ට, ගුරුවරුන් විසින් ශිෂ්‍යයන්ට, කෙනකු විසින් තව කෙනකුට සමාදන් කරවිය හැකි උතුම්ම ත්‍යාගය, දායාදය සතර අපායෙන් මිදීමේ මාර්ගය පහදා දීමය, සමාදන් කරවීමය කියලා. නව වසරක්‌ ආරම්භයේදී බුලත් අතකින්, කැවිලි පිඟානකින්, කේක්‌ ගෙඩියකින්, සුබ පැතීමකින්, හුවමාරු කරගන්නා ඥාතිත්වය, ස්‌වාමිත්වය, සෙනෙහස, හිතවත්කම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සැබෑ ඥාති සංග්‍රහය සමග මොනතරම් නම් ප්‍රාථමික දැක්‌මක්‌ද? සුබ අලුත් අවුරුද්දක්‌ වේවා කියල කරන ශුභාශිංසනය තුළ මෛත්‍රිය, මනුෂ්‍යත්වය මුසුවෙලා තිබෙන බව ඇත්ත. ඒ ඇත්තේ තරමටම එම ශුභාශිංසනය තුළ අවිද්‍යාවද සැඟවී තිබෙන බව ඇත්තම කාරණයකි. අවිද්‍යාව කියල කිව්වේ විද්‍යාවෙන් තොර භාවයයි. ඒ කියන්නෙ ඇත්ත ඇතිසැටියෙන් නොදැකීමයි. දුක සැප මාරුකොට ගෙන දැකීමයි.

Thursday, June 26, 2014

Value of the human birth (මනුෂ්‍යත්වයක් ලබා ගැනීමේ වටිනාකම)

Inline images 1



ඔබ අපි කවුරුත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ සද්ධර්මය අහන්න තරම් මහා වාසනාවක් ලබා තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පාල දීර්ඝ කාලයක් ගත වී තිබෙන නමුත්, ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්, පරම පිවිතුරු නිවන් මඟ ඉගෙන ගෙන ඒ නිවන් මඟ පුරුදු කිරීමේ ලාභය, භාග්‍යය අද දක්වා ම දෙවි මිනිසුන් උදෙසා ඉතිරි ව තිබෙනවා. ඒනිස යි අපි ප‍්‍රකාශ කළේ අපි ඉතාමත් භාග්‍යවන්ත කාලයක ඉපදී තිබෙන බව. බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාල බොහෝ කාලයක් ගතවෙලා තිබුණත් ඒ ශාසනයෙන් පිහිටක් ලබන්නට අපට පුළුවන්කම තිබෙනවා. අපිට සතුටුවෙන්ට පුළුවන් මනුස්ස ජීවිතයක් ලැබුණා කියලා. ඒ වගේ ම ඒ මනුස්ස ජීවිතය තුළ දී බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුණ ගැසුනා කියලා අපට සතුටුවෙන්ට පුළුවන්කම තිබෙනවා.

Thursday, January 26, 2012

Asuba Bhawanawa (අශුභ භාවනාව)

ගිනි නිවා සිසිල් බවට පත්වෙමු…


අපි අද ඉගෙන ගන්ට යන්නේ අසුභ සංඥාව පුරුදු කර ගන්න විදිහ ගැන. යම් කෙනෙක් අසුභ සංඥාව හොඳින් හුරුකර ගත්තොත් එයාට ලැබෙන මහත් වූ ලාභය තමයි රාගයෙන් දැවෙන ගිනි නිවාගෙන සිසිල් බවට පත්වෙන්ට පුළුවන්කම . ඊලග දේ තමයි එයාට පුළුවන් සමාධිය පරිපූර්ණ කර ගන්ට. ඊලඟට එයාට සමථ විදර්ශනා දෙයාකාරයෙන්ම බණ භාවනා දියුණු කර ගන්ට පුළුවන්. ඒ වගේම තමයි එයාට ඉර්දිපාද හතරම මේ භාවනාව ඔස්සේ දියුණු කර ගන්ටත් පුළුවන්. ඒ වගේම තමයි එයාට ආර්ය සත්‍යය අවබෝධය පිණිස උපකාර වන බෝජ්ජංග ධර්ම හතම දියුණු කර ගන්ට ලැබෙනවා. එතකොට බලන්න අපිට එක් භාවනාවක් පුරුදු කර ගැනීමෙන් කොතරම් ආනිසංස ලැබෙනවද කියල. ඒ නිසා මෙතරම් ආනිසංස උපද්දල දෙන භාවනාවක් අපි හොඳින් පුරුදු කර ගත්තොත් අපි සැබෑම වාසනාවන්තයින් බවට පත් වෙනවා.
හැබැයි ඒ වාසනාව අහිමි වෙලා යන්ට ඉඩ කඩකුත් තිබෙනවා. ඒ කොහොම වුනොත්ද? භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය කෙරෙහි විශ්වාසය නැති වුනොත්. ඊලගට කලබල කර ගත්තොත්, ඊලගට කම්මැලි වුනොත් අපිට තිබෙන වාසනාව අහිමි වෙන්ට පුළුවන්. ඒ නිසා ධර්මය කෙරේ තියන විශ්වාසය බලවත් කර ගන්න. කලබල වෙන්ට එපා. කම්මැලි වෙන්ටත් එපා. ධර්මය කෙරෙහි හොඳින් විශ්වාසය උපදවා ගනිමින් ම ඉතාමත් ම උනන්දුවෙන්, අඛන්ඩව පිළිවෙලකට මේ භාවනාව පුරුදු කරන්න. පිළිවෙලකට මේ භාවනාව පුරුදු කළොත් එයාට නියත වශයෙන් ම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ප‍්‍රතිලාභ අත්වෙනවාමයි. ඒක වලකින්නෙ නෑ.