Showing posts with label For Wisdom. Show all posts
Showing posts with label For Wisdom. Show all posts
Monday, July 10, 2017
Wednesday, December 30, 2015
Think a Minute before New year comes - 2

ඉකුත් කොටසින්
සඳහන් කළේ දෙසැම්බර් 31 දා රාත්‍රියේ නගරයේ මෙන්ම ගමේත් ඇසට පෙනෙන, කනට ඇසෙන පැත්ත.
සාමාන්‍ය ස්‌වභාවය. මීට වඩා වෙනස් ස්‌වභාවයකුත් වාර්තමාන සමාජය තුළ වර්ධනය වෙනවා.
හෝටල්වල පෞද්ගලිකව වෙන්කරගත් ස්‌ථානවල නව වසර උදාව සමරන අයට අවුරුදු උදාවෙන්නේ
අඳුරේ. ප්‍රඥාවේ ආලෝකයක් මේ අයට කොහොමටවත් නැහැ. ජල විදුලියේ, තාප බලාගාරයේ ආලෝකය
පමණයි තිබෙන්නේ. එම ආලෝකයත් නිවා දමා, අඳුරේ තමයි අවුරුදු උදාවට අවතීර්ණ වෙන්නේ.
ඒකෙන්ම පෙනෙනවා අවිද්‍යා සහගත සිත, ආලෝකයට ඇති අකමැත්ත. ආලෝකය නිවාදමා අඳුරට
කැමැතිවන්නේ අනුසය වශයෙන් ඉතිරි වෙලා තිබෙන හිරි ඔතප් දෙකත් ඒ රාත්‍රියේ නැති
කරගන්න. හිරි ඔතප් දෙක නැතිවුණ තැන තවත් නැතිවෙන්න දෙයක් තිබෙනවාද?
වසරක ආරම්භය මේ අය
විසින් පටන්ගන්නේ සීලයට සෘණාත්මක අගයක් දෙමින්. සීලයෙන් ගිළිහුණ ජීවිතයක ලෝභ,
ද්වේෂ, මෝහ අකුසල මූලයන් සරුසාර ලෙස වැඩෙනවා. මෙවන් සිත් වලින් ලබන්නා වූ වසරට කුමන
ආධ්‍යාත්මික ශාන්තියක්‌ද? භෞතික දියුණුවක් නම් සැලසේවී. ඒ බව සමාජයෙන් හොඳින්
පෙනෙනවා සැකයකින් තොරවම. එහෙත් එය සතුටු විය හැකි කාරණයක් නම් නොවේ. පරලොව යහපත
ගැන බලනකොට ලබන්නා වූ වසරේදී අවම වශයෙන් පංච සීලයවත් රැකගැනීමට අධිෂ්ඨානයක් ඇතිකර
නොගන්නා තැනැත්තා තමා තමාටවත් උපකාරයක් කර නොගත් තැනැත්තෙක් වෙනවා. ඔහු කෙසේ
අනුනට උපකාර කරන්නද? කෙසේ නම් අනුනට ආශිර්වාද කරන්නද? ඔහු කෙසේ නම් ධර්මයේ අර්ථයක්
අත්දකින්නද?
Think a Minute before New year comes - 1
අද ජනවාරි පළවැනිදා. වසරක් ගෙවිල වසරක් ලැබුව දවස. වසරක් ගෙවී ගියාය කියන්නෙ අපි කාටත් ජීවත් වෙන්න තිබෙන කාලයෙන් වසරක් අඩු වුණාය කියන එක. ඒ කියන්නෙ මරණයට වසරකින් ළංවුණාය කියන කාරණය. මේ කොයි පැත්තෙන් බැලුවත් අවංකවම සතුටුවෙන්න දෙයක් මෙතැන නැහැ. නමුත් ගෙවීගිය වසරේ පිංවත් ඔබ අප්‍රමාදීව ධර්ම මාර්ගයේ ගමන් කළානම් ලැබුවාවූ වසරේ ඊටත් වඩා ශක්‌තිමත්ව ධර්ම මාර්ගයේ ගමන් කරනවාය කියන අධිෂ්ඨානය ඔබ තුළ ඇති වුණා නම් එතන තිබෙන්නෙ අර්ථවත් සතුටක්. ඒ වගේමයි ගෙවීගිය වසරේදී දාන, සී, භාවනා කටයුතුවලදී ප්‍රමාදභාවයට පත්වුණා, නව වසරේදී මා අප්‍රමාදීව කටයුතු කරනවාය කියන අධිෂ්ඨානයද සතුටට හේතුවක්‌මයි.
වසරක් ලැබුව
අවස්‌ථාවක පිංවත් ඔබට ජීවිතයේ තැබිය හැකි ලොකුම බලාපොරොත්තුව තමයි මේ වසර තුළදී මා
සතර අපායෙන් නිදහස් වීමට උපරිම උත්සාහයක නියැලෙනවාය කියන බලාපොරොත්තුව. ලොව්තුරා
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පැවිදි පක්‍ෂය විසින් ගිහි පක්‍ෂයට, දෙමාපියන්
විසින් දරුවන්ට, ගුරුවරුන් විසින් ශිෂ්‍යයන්ට, කෙනකු විසින් තව කෙනකුට සමාදන් කරවිය
හැකි උතුම්ම ත්‍යාගය, දායාදය සතර අපායෙන් මිදීමේ මාර්ගය පහදා දීමය, සමාදන් කරවීමය
කියලා. නව වසරක් ආරම්භයේදී බුලත් අතකින්, කැවිලි පිඟානකින්, කේක් ගෙඩියකින්, සුබ
පැතීමකින්, හුවමාරු කරගන්නා ඥාතිත්වය, ස්‌වාමිත්වය, සෙනෙහස, හිතවත්කම ලොව්තුරා
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සැබෑ ඥාති සංග්‍රහය සමග මොනතරම් නම් ප්‍රාථමික
දැක්‌මක්‌ද? සුබ අලුත් අවුරුද්දක් වේවා කියල කරන ශුභාශිංසනය තුළ මෛත්‍රිය,
මනුෂ්‍යත්වය මුසුවෙලා තිබෙන බව ඇත්ත. ඒ ඇත්තේ තරමටම එම ශුභාශිංසනය තුළ අවිද්‍යාවද
සැඟවී තිබෙන බව ඇත්තම කාරණයකි. අවිද්‍යාව කියල කිව්වේ විද්‍යාවෙන් තොර භාවයයි. ඒ
කියන්නෙ ඇත්ත ඇතිසැටියෙන් නොදැකීමයි. දුක සැප මාරුකොට ගෙන දැකීමයි.
Wednesday, December 9, 2015
How to be a Buddhihst? බෞද්ධයකු වන්නේ කෙසේද?
බෞද්ධයකු වීමට ඇත්තේ එක් මාර්ගයක්
පමණකි. එනම් බුදුන් වහන්සේගේ මාර්ගෝපදේශනය ඔස්සේ ගමන් කිරීමත් උන් වහන්සේ
දේශනා කර වදාළ ධර්මය තම ජීවිතය තුලින් ක්‍රියාත්මක කිරීමට ප්‍රයත්න දැරීමත්
යනු ඒ මාර්ගයයි.
කිසියම් පූජා උත්සවයක් පැවැත්වීමෙන් හෝ කිසියම් ආගමික චාරිත්‍රයක් අනුගමනය කිරීමෙන් හෝ කෙනෙකුට විමුක්තිය ලබාගත හැකිය යන වැරදි පිළිගැනීම එනම් සීලබ්බත පරාමාස යන අදහස මෙහිදී බැහැර කෙරේ. එහෙත් මෙහිදී බුදුන් වහන්සේට හෝ උන් වහන්සේ ගේ උපභෝග පරිභෝග වස්තු වලට හෝ උන් වහන්සේ අනුගමනය කරන මහා සංඝයා වහන්සේලාට වැඳුම් පිදුම් කිරීමෙන් ගෞරව කිරීමෙන් වැළකිය යුතු යයි මෙයින් කිසි ලෙසකින් වත් අදහස් නොකරයි.
බෞද්ධ මාර්ගය දැඩි ලෙස අනුගමනය කිරීමට කෙනෙකු පටන් ගැනීමට පළමුව ගමන් කළ යුතු මාර්ගයක්ද ළඟා විය යුතු අරමුණක්ද ඇත්තේය යනුවෙන් පැකිලෙන සුලු ගතියෙන් හෝ යුක්ත විශ්වාසයක් ඔහු තුළ තිබිය යුතුය. මේ ආරම්භක විශ්වාසය මනා ලෙස පිහිටන ආකාරය අත්දැකීම් මගින් පැහැදිලි වන විට ක්‍රම ක්‍රමයෙන් එය ශක්තිමත් වෙයි. මෙම විශ්වාසය “ශ්‍රද්ධාව” ලෙස බුදු දහමේ හඳුන්වයි. දැනීම පදනම් කරගත් විශ්වාසය නැතහොත් ළඟා විය යුතු අරමුණක් ඇත්තේය යන විශ්වාසය ශ්‍රද්ධාව ලෙස සරලව හැඳින්විය හැකියි.
කිසියම් පූජා උත්සවයක් පැවැත්වීමෙන් හෝ කිසියම් ආගමික චාරිත්‍රයක් අනුගමනය කිරීමෙන් හෝ කෙනෙකුට විමුක්තිය ලබාගත හැකිය යන වැරදි පිළිගැනීම එනම් සීලබ්බත පරාමාස යන අදහස මෙහිදී බැහැර කෙරේ. එහෙත් මෙහිදී බුදුන් වහන්සේට හෝ උන් වහන්සේ ගේ උපභෝග පරිභෝග වස්තු වලට හෝ උන් වහන්සේ අනුගමනය කරන මහා සංඝයා වහන්සේලාට වැඳුම් පිදුම් කිරීමෙන් ගෞරව කිරීමෙන් වැළකිය යුතු යයි මෙයින් කිසි ලෙසකින් වත් අදහස් නොකරයි.
බෞද්ධ මාර්ගය දැඩි ලෙස අනුගමනය කිරීමට කෙනෙකු පටන් ගැනීමට පළමුව ගමන් කළ යුතු මාර්ගයක්ද ළඟා විය යුතු අරමුණක්ද ඇත්තේය යනුවෙන් පැකිලෙන සුලු ගතියෙන් හෝ යුක්ත විශ්වාසයක් ඔහු තුළ තිබිය යුතුය. මේ ආරම්භක විශ්වාසය මනා ලෙස පිහිටන ආකාරය අත්දැකීම් මගින් පැහැදිලි වන විට ක්‍රම ක්‍රමයෙන් එය ශක්තිමත් වෙයි. මෙම විශ්වාසය “ශ්‍රද්ධාව” ලෙස බුදු දහමේ හඳුන්වයි. දැනීම පදනම් කරගත් විශ්වාසය නැතහොත් ළඟා විය යුතු අරමුණක් ඇත්තේය යන විශ්වාසය ශ්‍රද්ධාව ලෙස සරලව හැඳින්විය හැකියි.
Labels:
For Wisdom,
Intimation,
Thinking
Wednesday, August 19, 2015
මතින් තොර නිවසක් ගොඩනගන්න ඔබත් සූදානම්ද? Ready for Alchohol free home?
සිංහල
ජාතිය වනසන මත්පැනින්, දුම්වැටියෙන් ජාතිය මුදවා ගැනීමේ සංග්‍රාමයටද අපි
මුල පුරමු. සිංහල ජාතියේ විනාශයතකා සිදුවන සියලු ක්‍රියාවන් සක්‍රීයව
මැඩපවත්වමු. මේ සංග්‍රාමය සඳහාද ඔබගේ
සක්‍රීය දායකත්වය ලබාදෙන්න. අපි අපේ පවුලතුලින් රට හදමු. ඔබ සූදානම්ද?

අද ගියා හිතවතෙකුගේ උත්සවයකට.එකේ මොනවා නැතත් මත්පැන් වලින් නම් අඩුවක් තිබුන් නැ.
ඇයි මේ අපේ මිනිස්සු මේ උත්සවවලට මත්පැන් ඇදාගන්නේ?ඔය
ප්‍රශ්නයට නම් සමහරු කියන්නේ සතුටට,රසවිදින්නලු.එතකොට උත්සව වලට විතරක් නෙමෙනේ මරණයක්,
දානයක් තිබුනත් මේ මිනිස්සු මත්පැන් ගාවගන්නවා. ඒත් සතුටටද?බලං
ගියාම පේන්නේ අපේ මිනිස්සු දුක,සතුට දෙකටම විතරක් නෙමෙයි පැහැදිලි හේතුවක් නැතිවත් මේ මත්පැන්
ජිවිතවලට වද්දගන්න තරම් ඒකට ඇබ්බැහිවෙලා.
මේ
මත් පැන් බිම අපේ ශ්‍රි ලාංකිය සංස්කෘතියේ අංගයක් නෙමෙයි.එහෙත් අද සමාජය
දිහා බැලුවමනම් පෙනෙන්නේ එය සමහරුන් සංස්කෘතියේ අංගයක් ලෙසින්
සලකන බවයි.අපිට මේ ජරා පුරුද්ද පුරුදුකිරිමට විදේශිකයන් මනා දායකත්වයක්
සැපයුවා.
දැන් අප,
ඔවුන්ටද වඩා මේ මත් පැන් අතයවශය දෙයක්
ලෙස සැලකිමට පුරුදුවි ඇත.විදේශිකයන් හා එක්වු සාදයකදි අප මත්පැන්
ප්‍රතික්ශේප කලහොත් ඔවුන් එක නිහතමානිව පිලිගෙන ඇල්කොහොල අඩංගු නෙවන දෙයකට
අප යොමුකරයි.එහෙත් ශ්‍රි ලාංකික හිතවතුන් සමගදි එසේ ප්‍රතික්ශේප කලහොත්
අසන්නේ ඇයි බොන්නේ නැත්තේ කියායි.මත් පැන් බිම මුලික මිනිස්
අවශයතාවයක් ලෙස සමහරුන් සැලකිම එයට හේතුවයි.
Labels:
For Wisdom
Wednesday, August 12, 2015
සොවාන් වනුයේ කෙසේද ?
සොවාන් වනුයේ කෙසේද ?
සෝවාන් වනු වස්...
මේ එළැඹී තිබෙන්නේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය යි. බුදු රජාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් වසර 2600ක් ඉක්ම ගොස් ඇති අවස්ථාවක යි, අප මේ ජීවත් වන්නේ. සමහරවිට බුදු රජාණන් වහන්සේ සිටි යුගයේත් අප මිනිස් භවයක් ම ලබා සිටින්නට ඇති. ඒ වාගේ ම බුදු රජාණන් වහන්සේ ගෙන් බණ අහන්නටත් ඇති. ඒත් ඒ කිසිවක් අප හරිහැටි දන්නේ නැහැ. අපට දැන ගන්නට තරම් ප්‍රඥාවකුත් නැහැ. කොහි සිට ආවේ ද යන්නත්, කොහි යන්නේ ද යන්නත්, නො දන්නා අපි තවමත් මෝහයෙන් මුලාවී මේ සසර සැරිසරනවා.
බුදු දහමට අනුව, අප කළ යුත්තේ තව මත් සසර සැරිසැරීම ගැන පසුතැවිලි වීම නො ව සසරින් එතෙර වීම සඳහා වහ වහා කළ යුතු දේ කිරීම යි. බුදු දහම තුළ පසුතැවිලි වන්නට ඉඩක් නැහැ. ඒකට හේතු කිහිපයක් ම තිබෙනවා. එකක් තමයි පසුතැවිලි වීම ප්‍රමාදයට කාරණයක්. ඒ කියන්නේ මාර්ග ඵල ලබා ගැනීම වළකා ලන්නක්. අනෙක් අතින් එසේ පසුතැවිලි වුණා කියා ලැබිය හැකි කිසි දු ප්‍රතිලාභයක් නැහැ. ලෞකික ව හෝ විඳිය හැකි සැපයක් සුවයක් නැහැ. ඒ ගැන ඔබ ම දෑස් පියා ගෙන මඳක් කල්පනා කර බලන්න.
බුදු සිරිත හා සම්බන්ධ විවිධ චරිත මේ සඳහා කදිම නිදසුන් සපයා තිබිය දීත් අප මේ කිසිවක් විමසා බලන්නේ නැති ව ඔහේ පසුතැවිලි වෙමින් පමා වෙනවා
* අංගුලිමාල තම දෑතින් මහා මිනිස් ඝාතනයක් කරලාත් සස රින් එගොඩ වුණා.
* පටාචාරා සිහිය විකල්වන තරම් අනාථ අසරණ පීඩිත තත්ත්වයකට පත් වෙලාත් සසරින් එගොඩ වුණා.
* සුනීත එදා පිළිගැනීමට අනුව කිසිදු වරප්‍රසාදයක් නො ලබන සමාජ පසුබිමක් සහිත ව ඉපැදිලාත් සසරින් එගොඩ වුණා.
* මළ මිනී කන සිවලුනට කා දමන්නට හැර දමා සිටි සෝපාකත් සසරින් එගොඩ වුණා.
* අම්බපාලි නගර සෝභිනියක් ලෙස කාමයෙහි ගැලී ඉඳලාත් සසරින් එගොඩ වුණා.
* කසී භාරද්වාජ බමුණා, පිඬු සිඟා වැඩි බුදු රජාණන් වහන්සේට, අනුන් ගෙන් යැපෙන්නේ නැති ව උපයා ගෙන කන්නැ’යි දෝෂාරෝපණය කරලාත් සසරින් එගොඩ වුණා.
Labels:
For Wisdom
Tuesday, November 25, 2014
May be breaking a wart
සමහර ඉදල් තිබෙනවා,
ඒවායෙන් නිතර අතුගාන කොට
ඉදලේ මිටත් දහඩියත් මුසු වෙලා ...
අතේ කරගැට එනවා, ඒ කරගැට බිදී ගියහම
හරිම වේදනාවයි
අතේ කරගැට එනවා වගේම
අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත් විඥානයත් මුසු වෙලා
ඵස්සය, තෘෂ්ණාවේ දහදියෙන් තෙත් උනොත්
සිතෙත් කරගැට එනවා
සිතේ ඇතිවෙන කරගැට වලට අශ්වාදයේ කරගැට කියලයි කියන්නේ.
මේ ආශ්වාදයේ කරගැට බිදී ගියහමත් හරිම වේදනාවයි
සිර ගෙවල් වල දඬුවම් ලබමින්, රෝහල් වල අසනීප වලට දුක් විඳිමින්, ආයතන වල, ව්‍යාපාර වල, වැඩ බිම් වල සේවය කරමින් මනුෂ්‍යයින් අශ්වාදයේ කරගැට බිදී යාමේ වේදනාව, ආදීනවය, නිරතුරුවම අත් විඳිනවා.
පින්වත් ඔබ තෘෂ්ණාවේ දහදියෙන් මිදුනොත්,
නැවත,. අතේ කරගැට ආවත් නැවත කවදාකවත්
සිතේ නම් ආශ්වාදයේ කරගැට එන්නේ නැහැ.
~ රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ සටහනකි ~
නැවත,. අතේ කරගැට ආවත් නැවත කවදාකවත්
සිතේ නම් ආශ්වාදයේ කරගැට එන්නේ නැහැ.
~ රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ සටහනකි ~
Labels:
For Wisdom,
Maha Rahathun Wedi Maga Osse
Wednesday, November 5, 2014
නිවන් දැකීමට කල යුත්තේ පින්ද? කුසල්ද?
“ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපධි පටිනිස්සග්ගෝ
තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බානං – යම් මේ සියළු සංස්ඛාර සමථයට පත්වුනාවූ සියළු
උපධීන් බැහැර වුනාවූ තණ්හාව ක්‍ෂය වුනාවූ නිරෝධය වූ නිවනක් වෙයිද එය ශාන්තය
එය ප්‍රණීතය.”
නිවන් දැකීම පිණිස පින් කල යුතුද? කුසල් කල යුතුද ? යන මේ ගැටළුව
නිවැරදි විසඳුමක් ලැබීමකින් තොරව සමාජ කතාබහට ලක්වන්නකි. කෙනෙකු පින්
කළහොත් සසරෙහි ඇවිදින්නට වන්නේය එබැවින් පින් නොකර කුසල් කල යුතුය යැයි
පවසයි. එසේ පවසන්නේ කවර පදනමක සිටදැයි ඔවුන්ගේ ස්ථාවරක් නොපෙනේ. එබැවින්
පින කුමක්ද? කුසලය කුමක්ද? ඒවා නිවනට කෙසේ ප්‍රත්‍ය වෙයිද කියා විමසා බලා
තීරණයකට පැමිණිය යුතුය. එබැවින් ඒ සඳහා මෙසේ උත්සහ දරමු. අපද නිවනට පත්නොවී
ඇති බැවින් නුවණින් විමසා බලා පිළිගන්න.
පින නම් කවරේද? “හදයං පුනාතීති පුඤ්ඤං – හදවත පවිත්‍ර කෙරෙයි යනුයෙන්
පින නම් වේ.” යනු සන්නයයි. (පුන + ණා + ති ) බොහෝ විට දේශකයන් මෙන්ම
අවිධිමත් පොත් ලියන්නන්ද “හදයං පුනාතීති පුඤ්ඤං” යන්න “හදවත පිනවයි යන
අර්ථයෙන් පින නම් වේ” යනුවෙන් වරදවා දක්වයි. ඉහත යෙදෙන “පුන” ධාතුව පවිත්‍ර
අර්ථයෙහි යෙදෙයි. පිනවීම අර්ථයෙහි යෙදෙන්නේ “පීණ” ධාතුවයි. එය ව්‍යකරණයේදී
(පීණ + ණෙ + ති) යනුවෙන් සන්ධි වේ. එසේ අර්ථ දැක්වීම වරදවා ගැනීම නිසා
සෙසු සියල්ල වරදවාගෙන ඇත. එබැවින්ම බුදු දහම දැනගැනීමට පාලි භාෂාව උගත යුතු
බව ද පවසන්නෙමු.
Labels:
Damma Deshana,
For Wisdom,
Thinking
Friday, June 27, 2014
Can be Bettor Tomorrow for endless World?
නිමාවක් නැති ලොවක අදට වඩා හොඳ හෙටක් කොයිද?
ලෝකය නොනවතින ගමනක යනවා. ලෝකයාගේ මේ ගමන දැනුමෙන්, හැකියාවෙන්ගෙන්, නවතම සොයාගැනීම් වලින් පරිපූර්ණ එකක්. පසුකරන සෑම කඩ ඉමක්‌ම අලුත් දෙයක් ලෝකයට ඉදිරිපත් කරනවා. ලෝකයාට ඉදිරිපත් කරන තාක්‍ෂණයේ ප්‍රගතිය තුළින් ජනතාවට ප්‍රයෝජනයක්, පහසුවක් තාවකාලිකව උදාකරනවා. නමුත් ඒ පහසුව තුළින් ඉතිරිවෙන විවේකය මනුෂ්‍යයා යොමුකරගන්නේ තව තවත් අවිවේකී දිශාවන්ටමයි. තාක්‍ෂණය මාරයා වශයෙන් හඳුනාගෙන තාක්‍ෂණය නිසාම ඔබට ලැබෙන කාලයේ ඉතිරිය මාරයාට එරෙහිව තම ධර්ම මාර්ගය ශක්‌තිමත් කිරීමට යොමුකර ගැනීමට අපි දක්‍ෂවිය යුතුයි. එක පර්යේෂණාගාරයක මනුෂ්‍යයාගේ ආයුකාලය වැඩිකරගැනීමට ඇත. හැකියාව ඖෂධවලින් සොයනවිට තවත් විද්‍යාගාරයක මස් පිණිස ඇති කරන සතුන් ඉක්‌මනින් තර කොට මැරීමට අවශ්‍ය ක්‍රමවේදයන් සොයනවා. මේ කිසිවෙක් මනුෂ්‍යයා මරණින් පසු ඌරෙක්, හරකෙක්, එළුවෙක්, බැටළුවෙක්, කුකුලෙක් වෙන්නේ ඇයිද? කියලා සොයන්නේ නැහැ.
Thursday, June 26, 2014
Ashta Dushtakshana (අෂ්ඨ දුෂ්ටක්ෂණ)
1. මේ ලෝකයේ සම්මා සම්බුදුරජාණන්
වහන්සේ නමක් පහළව නිවන පිණිස ධර්මය දේශනා කරතත්,යමෙක් එකසිය තිස් හයක් වූ
නිරයන්ගෙන් එකක ඉපිද සිටිනවා නම් ඔහුට මේ වටිනා අවස්ථාවෙන්,මේ මොහොතෙන් ප්‍රයෝජන
ගැනීමට හැකියාව නැහැ.
2. මේ ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ ව නිවන පිණිස ධර්මය දේශනා
කරතත්,යමෙක් තිරිසන් සතෙක් වෙලා ඉපිද සිටිනවා නම් ඔහුට මේ වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන
ගැනීමට හැකියාව නැහැ.
Value of the human birth (මනුෂ්‍යත්වයක් ලබා ගැනීමේ වටිනාකම)
ඔබ අපි කවුරුත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ
ශාසනය තුළ සද්ධර්මය අහන්න තරම් මහා වාසනාවක් ලබා තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පාල
දීර්ඝ කාලයක් ගත වී තිබෙන නමුත්, ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්, පරම පිවිතුරු නිවන්
මඟ ඉගෙන ගෙන ඒ නිවන් මඟ පුරුදු කිරීමේ ලාභය, භාග්‍යය අද දක්වා ම දෙවි මිනිසුන් උදෙසා
ඉතිරි ව තිබෙනවා. ඒනිස යි අපි ප‍්‍රකාශ කළේ අපි ඉතාමත් භාග්‍යවන්ත කාලයක ඉපදී තිබෙන
බව. බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාල බොහෝ කාලයක් ගතවෙලා තිබුණත් ඒ ශාසනයෙන් පිහිටක්
ලබන්නට අපට පුළුවන්කම තිබෙනවා. අපිට සතුටුවෙන්ට පුළුවන් මනුස්ස ජීවිතයක් ලැබුණා කියලා.
ඒ වගේ ම ඒ මනුස්ස ජීවිතය තුළ දී බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුණ ගැසුනා කියලා අපට සතුටුවෙන්ට
පුළුවන්කම තිබෙනවා.
Monday, August 26, 2013
Budu Guna Bhavanawa (බුදු ගුණ භාවනාව)
බුදු ගුණ භාවනාව
අරහං බුදු ගුණය
මාගේ
ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක, සියලු
පාපයන්ගෙන් මිදුණ සේක, සියළු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා
පිළිගැනීමට සුදුසු වන සේක, එමනිසා බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක. අරහං
නම් වන සේක. අරහං නම් වන සේක.
සම්මා සම්බුද්ධ ගුණය
මාගේ
ස්වාමී වූ බදුරජාණන් වහන්සේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් ගුරු උපදේශ
නැතිවම තමාගේ නුවණින් අවබෝධ කොට ගත් නිසා සම්මා සම්බුද්ධ නම් වන සේක. සම්මා
සම්බුද්ධ නම් වන සේක. සම්මා සම්බුද්ධ නම් වන සේක.
විජ්ජාචරණසම්පන්න ගුණය
මාගේ
ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අනන්ත ඥානයෙන්ද, අනන්ත ශීලයෙන්ද, අනන්ත
සමාධියෙන්ද, අනන්ත ගුණයෙන්ද, අනන්ත ප්‍රඥාවෙන්ද, අනන්ත විමුක්තියෙන්ද,
සමන්විත වන නිසා විජ්ජාචරණසම්පන්න වන සේක. විජ්ජාචරණසම්පන්න වන සේක.
විජ්ජාචරණසම්පන්න වන සේක.
Labels:
For Wisdom,
Meditation
Thursday, August 2, 2012
Pancha Neewarana
පංච නීවරණ ධර්ම
ආධුනිකයෙකු වශයෙන් භාවනාවේ නියුතුවන ඔබ භාවනාව ඉදිරියට කරගෙන යෑම අඩාල කරන්නාවූ සතුරු ධර්මයන් පිළිබඳව දැනුවත් වීමද වැදගත් වනු ඇත. මේ ආකාරයට නිවන් මඟ වසා භාවනාව ඉදිරියට කරගෙන යෑමට නොදී නිවන ආවරණය කරන්නා වූ කාමචිඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ද, උද්ධචිච කුක්කුචිච හා විචිකිචිචා නමි නීවරණ ධර්ම පසක් ඇත. මේ පිළිබඳවත් දැනුවත් වන්න.
කාමචිඡන්ද නීවරණය
කාමචිචන්ද යනු, ප්‍රිය උපදවන සුළු, ප්‍රිය මධුර අරමුණු, ආදිය කෙරේ ඇතිවන කමැත්තයි. භාවනාවේ දී ශරිරය නිසොල්මනේ තබාගෙන සිත එක අරමුණකට යොදවන්න සිදුවනවා. මේවැනි
විටක මේ කාමචිචන්ද නිවරණය නැගි ආ විට සිත එම අරමුණෙන් වෙනතකට ඇද දැමිම
සිදුවනවා. මෙම කාමචිඡන්දය භාවනාව තුලින්ම මෙන්ම වෙනත් භාහිර අරමුණු නිසා ද
ඇතිවීමට පුළුවන්. භාවනාකර්මයට
විරුද්ධ වෙමින්, රූපයන්, ශබිධ, ඝන්ධ, රස, ස්පර්ශ හා වෙනත් ප්‍රිය වූ
අරමුණු කරා කැමැත්ත ඇතිවීම නිසා සිත විසිරී යාම කාමචිඡන්ද නීවරණයේ නැග
ඒමයි.
ව්‍යාපාද නීවරණය
ව්‍යාපාදය යනු තරහවයි, ඔබ
භාවනාවේ නියුතුව සිටිනා විට අතීත අනාගත වර්තමාන යන කාලත්‍රය පිළිබඳවම
ව්‍යාපාදය ඇතිවිමට හැකියාවක් ඇත. අතිතයේ කල කී දෑ අත්විදින්ට සිදුවූ
සිදුවීමි, අනාගතයේ කරන්නට වන දෑ, කරන්නට ඇති දෑ ගැනත් එසේම
ඔබ භවනා කරමින් සිටිනා අවස්ථාව දී මදුරුවෙක් දෂ්ඨ කිරීම නිසා හෝ, ඔබ
අප්‍රිය ශබිධයක් ඇසීම ආදිය නිසා යමි තරහවක් ඔබට ඇතිවවුවා නමි, එවාද මෙවැනි
වෙනත් කරුණු තුලින් ඇති කර දෙන්නානා වූද තරහව ව්‍යාපාද නිවරණයේ පැවැත්මයි.
Labels:
For Wisdom,
Meditation
Tuesday, July 10, 2012
Human beings are at a Critical point due to the Over Consumption
අධි පරිභෝජනය නිසා ලෝකයම අවදානමකට පත්වෙලා
විචිත්‍ර ධර්ම කථික පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි
පසුබිම් කතාව
සැවැත් නුවර විසූ එක් කුල දරුවකු සසුන් ගත විය. ඒ නම තරුණ
වියේ දී පියා මහලුව අසනීප විය. මිය යන්නට ආසන්න මොහොතේ පැවිදි පුතු දැකීමට
ආශා වූ පියා උන්වහන්සේ ගෙන්වා සතුටු වන්නේ. සිවුරු පිරිකර ගැනීම සඳහා බාල
පුතුට මසු සියයක් දෙන්නේ ය. බාල පුතු ද සිය පැවිදි සොහොයුරාගෙන් ඒ මසු
සියයෙන් ගැනීමට අවශ්‍ය සිවුරු පිරිකර මොනවාදැයි ඇසුවේය. දැනට කිසිත් වුවමනා
නොවන බව පැවසූ උන්වහන්සේ නැවතත් ආරාමයට වැඩියහ.
මසු
සියය ගැන ඇසීමක් හෝ බැලීමක් නැතිව ටික කලක් ගත විණි. පසුව ඒ තරුණ නම
පැවිදි දිවියේ උකටලී විය. ‘මෙසේ පිඬු සිඟා දිවි රැක්ම මට තරම් නොවන්නේය.
මසු සියය ගෙන සිවුරු හරිමි’ යි සිතමින් කල් ගෙවී ය. මහණකම් පිරීම ගැන
කිසිදු බලාපොරොත්තුවක් නොවීය. ඒ නම ගේ ඇදුරුතුමන්ට ද මේ බව සැල වී කලකිරීම
මඟ හැරවීමට වෑයම් කළත් එය නිෂ්ඵල විය. සිවුරු හැරීම ගැනම ඒ නම ගේ සිත පෙලඹී
ය.
බුදුරජාණන්
වහන්සේට ද මේ තරුණ නම ගැන සැල විය. උන්වහන්සේ මෙසේ උකටලී වීමට කරුණු විමසා
කහවණු වැස්සෙන් ද මිනිසාට ආසාවෙහි සෑහීමක් නැති බව පවසා මෙහි සඳහන් ගාථා
ධර්මය දේශනා කොට වදාළ හ.
පැවිදි දිවියට එළඹි තරුණ නමක් වෙනුවෙන් දේශනා කළ ද මේ ගාථා රත්නයෙන් ගිහියා ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට ලැබෙන්නේ ඉතා වටිනා ආදර්ශයකි.
මිනිසා
සිය අතෘප්තිකර ආශාවන් පසුපස හඹා යාමේ දී තමන් ගැන මිස අනුන් ගැන සිතන්නේ
නැත. මානව හිතවාදී වන්නේ නැත. ගහ කොළට, සතා සීපාවාට හිතවාදී වන්නේ නැත. ඔහු
ගේ උත්සාහය කුමන හෝ මාර්ගයකින් තම අභිමතාර්ථය සපුරා ගැනීම ය.
ගංගා ඇළ දොළවල ජලය අපවිත්‍ර වීම, මහා වනපෙත් වියළි කාන්තාර
බවට පත්වීම, වායුගෝලය දූෂණය වීම ආදී අනේක විධ විපර්යාසයන් එහි භයානක
ප්‍රතිඵලයන් ය. තමන් ගේ බලය පතුරුවා හැරීමට ඕනෑම මනුෂ්‍ය ඝාතනයක් කිරීමට
තරම් පසුබට නොවන බවට අප ජීවත්වන සමාජයෙන් කොතෙකුත් උදාහරණ සොයා ගැනීම අපහසු
නොවේ. අද මිනිසාට අත් විඳින්නට සිදුවන, ඉතා කටුක ස්වභාවික විපත් බහුලය.
තමන් විසින් කරන ලද නොමනා ක්‍රියාවන් ගේ අහිතකර ප්‍රතිඵලවලට මිනිසාට මුහුණ
දෙන්නට සිදු වී තිබේ.
Labels:
Damma Deshana,
For Wisdom,
Thinking
Thursday, July 5, 2012
Thursday, January 26, 2012
how to be happy...
සැප උපදන උල්පත හඳුනා ගනිමු

නුවණින්
කල්පනා කරනවා කියන එක අද්භූත එකක් නෙවෙයි. පවට ලැජ්ජාව, පවට භය, වීරිය,
ප‍්‍රඥාව ආදී දේ තමා තුළ තියෙනවද, ඒවා වැඩෙනවද? පිරිහෙනවද? ආදී වශයෙන්
විමසා බැලීම, නුවණින් කල්පනා කිරීමට අයිති දෙයක්. අපිට අපි ගැනම නිගමනයකට
එන්ට තියෙන හොඳම ක‍්‍රමයක් තමයි මේ ප‍්‍රත්‍යවේක්‍ෂා කිරීම.
ඒ
විදියට අපි ගැන අපි ම හොයල බැලූවොත්, අපිට පී‍්‍රති සිතින් වාසයකරන්ට
පුළුවන්කම තියෙනවා. එතකොට එයා සිල් රකින්නෙ සතුටින්ද? කණස්සල්ලෙන්ද? එයා
සතුටින් සිල් රකිනවා. දවසින් දවස අපේ වයස ගතවෙන්ට ගතවෙන්ට අපේ සීලය ගැන
අපිට සතුටුවෙන්ට පුළුවන්ද බැරිද? සතුටුවෙන්න පුළුවන්. ඇයි සේඛ ධර්ම දියුණු
කරමින් තමයි අපි ඉන්නෙ. එහෙනම් සීලය පරිපූර්ණ කරගනිමින් ඉන්නෙ. එතෙකාට අපිට
කණස්සල්ලෙන් ඉන්ට කාරණා තියෙනවද? නෑ නේද? එහෙනම් බලන්න, මේ
ප‍්‍රත්‍යවේක්‍ෂා කිරීම කියන එක, සැප උපද්දන උල්පතක් වගේ නේද?
ප‍්‍රත්‍යවේක්‍ෂා කරනව කියන එක සැප උපද්දන, සතුට උපද්දන, උල්පතක් වගේ එකක්.
අන්න ඒ උල්පත පාදා ගන්ට අපි දක්ෂවෙන්ට ඕන. එහෙම නැත්නම් අන්ධකාරේ ඉන්න අය
වගේ. කිසි දෙයක් පේන්නෙ නෑ. එයාට ඇස් තියෙනවා, හැබැයි පේන්නෙ නෑ. ඇයි ඒ?
ආලෝකයක් නෑ. එහෙනම් අපේ ජීවිතටයට අලෝකය ඇතිකරන, ඇතිකර ගන්න විදිය තමයි
ප‍්‍රත්‍යවේක්‍ෂා කිරීම.
Labels:
For Wisdom,
Thinking
How to be a great soul
තෙරුවන්
සරණගිය බුද්දාගමිකයට නිත්‍ය ශිලය පන්සිල් බව දනෝ හොදින් දනිති,මෙය අංග
පහකින් සමන්විත වන අතර එම අංග පහ සම්පුර්ණවන්නට තවත් කරුණු සම්පුර්න
වියයුතුය,පංච දුශ්චරිතයන්ගෙ යෙදෙන්නට අවස්ථානුකුලව කල කි දේවල්
පලදෙනුලබයි.එම නිසාවෙන් ලෝකෝත්තර සැපකැමති සත්පුරුෂයන් පංච
දුශ්චරිතයන්දුරුකොට සිල්වත් ජීවතයක් ගතකල යුතුය,අසන්වරකමින් තොරවුවන් අද
සමාජය තුල ඔබ දක්නට ඇති බැවින් එම මිනිසුන් පිළිකුලට පත්වනවා ඇත, පංචසීලය
තුල ඔබ හැසිරෙන්නෙ නම් ඔබ මෙලොවට අගනා පුද්ගලයක් වන්නේය
පරපණ නැසීම සිදුවන අයුරු
පණ ඇති සතකු වීම
පණ ඇති සතකු බව දැනීම
මරණ චේතනාව
මරණ උපක්‍රමය
එම උපක්‍රමය තුලින් සත්වයාගෙ මරණය සිදුවීම
සොරකම සිදුවන අයුරු
අන්සතු වස්තුවක්වීම
අන්සතු වස්තුවක් බව දැනීම
එය තමාසතු කරගනීමෙ චේතනාව
සොරකම් කිරීමෙ උපක්‍රමය
තිබුන තැන වෙනස් කිරීම හෝ ගැනීම
පරපණ නැසීම සිදුවන අයුරු
පණ ඇති සතකු වීම
පණ ඇති සතකු බව දැනීම
මරණ චේතනාව
මරණ උපක්‍රමය
එම උපක්‍රමය තුලින් සත්වයාගෙ මරණය සිදුවීම
සොරකම සිදුවන අයුරු
අන්සතු වස්තුවක්වීම
අන්සතු වස්තුවක් බව දැනීම
එය තමාසතු කරගනීමෙ චේතනාව
සොරකම් කිරීමෙ උපක්‍රමය
තිබුන තැන වෙනස් කිරීම හෝ ගැනීම
Labels:
For Wisdom
Subscribe to:
Posts (Atom)




