Showing posts with label Meditation. Show all posts
Showing posts with label Meditation. Show all posts

Friday, June 27, 2014

Before Doing Meditation

භාවනාවට පෙර දා

මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නොපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහිපැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි!

මේ ධර්ම මාර්ගයේදී ඔබ යම් අවබෝධයක්‌ ලබනවා නම්, ඒ සෑම අවබෝධයක්‌ම ලබනුයේ ඔබ නොදැනුවත්ව නොවේ. සෑම අවබෝධයක්‌ම ලැබෙනුයේ ඥාන දර්ශනයන් සමගින්ය. ඥාන දර්ශන යනු උතුම් සමාධි ඵලයකදී දර්ශනයන් දකිමින් ලබන්නාවූ අවබෝධඥානයයි. මෙම ඥාන දර්ශනයන් යමෙක්‌ ජීවිතයේ දකින්නේ එක්‌ අවස්‌ථාවකදී පමණි. එම අවස්‌ථාවේදී භික්‍ෂුව එම ඥානය පිළිබඳව අවබෝධය ලබා අවසන්ය. ඉන් අනතුරුව ඕනෑම අවස්‌ථාවක එම ඥාන දර්ශනය සිහියට නගාගත හැකිය. ඒ ජීවිතයේ කොටසක්‌ බවට පත්වී අවසන්ය. මේ නිවීමේ මෙහෙයුමේදී භික්‍ෂුවක්‌ තුළ කාම, රූපී, අරූපි භවාත්‍රය පිළිබඳ අනිත්‍ය සංඥාවන් සතරසතිපට්‌ඨාන ධර්මතාවයන් වශයෙන්මයි වැඩෙන්නේ. 

මනුෂ්‍ය ලෝකය, දිව්‍යතල, බ්‍රහ්මතල මනසින් පීර පීරා බලනකොට මුලින්ම රූපයේ අසුභයමයි, මරණානුස්‌සතියමයි, සත්වයාගේ ජරා, ව්‍යාධි, මරණ ලක්‍ෂණමයි පෙනෙන්නේ. මිනිස්‌ රූප, ස්‌ත්‍රී පුරුෂ රූප, විවෘත කොට මනසින් බලමිනුයි නුවණින් මෙනෙහි කරන්නේ. ඕනෑම මිනිස්‌ රූපයක්‌ පමණක්‌ නොව, දිව්‍ය, බ්‍රහ්ම රූපයක්‌ පවා අට්‌ඨික සංඥාවෙන් දකින්න. අට්‌ඨික සංඥාව විනිවිදගොස්‌ දුහුවිල්ලක්‌, ගින්දරක්‌, සුළඟක්‌ ලෙස රූපයේ අනිත්‍යභාවය දකින්න එම භික්‍ෂුව තුළ විදර්ශනා ඥානය වැඩිලයි තියෙන්නේ. 

Maithree Wedeema

මෛත්‍රී භාවනාව කියන්නේද අතහැරීමකි

මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නොපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහිපැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි!

භාවනා කරන බොහෝ දෙනෙක්උපාදානය කියන කාරණයේ බරපතළ බව නොසිතන බව පෙනෙනවා. උපාදානයේ තිබෙන අනතුර තේරුම් ගැනීමට පිංවත් ඔබ සියුම්ව ඔබේ ජීවිතය දෙස බැලිය යුතුවෙනවා

ඔබ පසළොස්වක පොහොය දවස ගැන සිතන්නකෝ. ලක් කීයක්පිංවතුන් එදාට සිල්සමාදන් වෙනවාද? විහාරස්ථානවල. නමුත් මේ පිරිසෙන් කීයෙන් කීදෙනාටද පුළුවන් පසුදා උදෑසන දක්වා සිල් පවාරණය නොකොට විහාරස්ථානයේම නවතින්න. සවස හතර වනවිට ගෙදර පිළිබඳ උපාදානය සකස්වෙනවා. පිංවත් ඔබට පුළුවන්ද එක දවසක්ගෙදර අතහැරලා පිට ප්‍රදේශයකට ගොස්ඉන්න. ඔබට පුළුවන්ද සතියක්ඔබේ ඥාතීන්ගෙන්, ගෙදරින්, ව්‍යාපාරයෙන් මිදිලා වන්දනාගමනක්යන්න. භාවනා වැඩසටහනකට යන්න. උත්තරය 'බැහැ'නම් ඔබ සිතන්න ක්ෂණිකව ඔබ මියගියහොත් කෙසේනම් ඉහත උපාදානයන් අතහැරගන්නද? කියලා. ඔතැනට තමයි, භවය සකස්කරන උපාදානය කියන්නේ
.

Meditation - 07 (භාවනාව - 07)

මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නොපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහිපැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි!

පිංවත් ඔබ ඉදිරියෙන් සිටින සෑම මනුෂ්‍යයෙක්‌ම ඔබේ ගුරුවරයෙක්‌ කරගන්න. ඒ සෑම කෙනෙක්‌ම ඔබට යමක්‌ උගන්නවා. ඔබ ඒ දෙය හොඳින් ඉගෙන ගන්න. මොනවාද ඒ අය උගන්වන්නේ. ඔහු නරකයි, ඔහු හොඳයි, සත්පුරුෂයි. ඔහු අසත්පුරුෂයි, චපලයි, ගුණමකුයි. එයා මෛත්‍රිසහගතයි. එයා කරුණාවන්තයි. එයා අධාර්මිකයි, අරකෙනා ධාර්මිකයි..... අවසානයේ කුමක්‌ද මේ සියල්ලන්ම ඔබට උගන්වලා තිබෙන්නේ. අනිත්‍යයයි කියන කාරණයි.

Meditation - 06 (භාවනාව - 06)

මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නොපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහිපැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි!

වරක්‌ භික්‍ෂුව වස්‌ තුන්මාසය එක්‌තරා ගම්මානයකට ආසන්න කුටියක වැඩ සිටියා. මාසයකටම එක්‌ දිනක්‌ පමණයි ගමේ ගෙදරකට පිණ්‌ඩපාතය බෙදන්න යෙදී තිබෙන්නේ. වෙසක්‌ පෝය දිනය ආවත් ඒ අය තමන්ගේ දිනයට පිටින් වෙනත් දිනයක අතිරේකව දානයක්‌ බෙදන්නේ නැහැ. නමුත් මේ ගමේ එක්‌තරා මැදිවියේ කාන්තාවක්‌ හිටියා, ඇය තම දානය යෙදී ඇති දිනයට අමතරව මාසයකට හතර පස්‌වතාවක්‌, පාරට ඇවිත් ගෙදර උයන කෑමට හදාගත් මොකක්‌හරි පොඩි දෙයක්‌ හෝ පූජා කරනවා. ගමේ කාටවත් නැති ලක්‍ෂණයක්‌ භික්‍ෂුව ඇගෙන් දුටුවා. ඒ කියන්නේ ගමේ සියල්ලන්ට වඩා ඇය වෙනස්‌ කෙනෙක්‌. නමුත් වස්‌කාලයේ අවසන් මාසයේදී ඇය ඒ පුරුද්ද අතහැර දැමුවා. මොකද ගමේ අනෙක්‌ පිංවතුන් කිසිවෙක්‌ එහෙම නොකරන නිසා. ඒ කියන්නේ ඇයත් අනෙක්‌ සියල්ලන් වගේම වුණා. එම නිසා පිංවත් ඔබත් අනෙක්‌ හැමෝම වැඩකරන කාලසටහනට, ඒ අයගේ චර්යාවටම වැටෙන්න එපා. දාන, ශීල, භාවනා මාර්ගයේ ගුණාත්මකභාවයෙන් පෙරට යන්න දක්‍ෂ වෙන්න.

Meditation - 05 (භාවනාව - 05)

මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නොපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහිපැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි!

පිංවත් ඔබ කුමන වයසක පසුවුවද සමාධිමත් මනසින් සංහිඳීමට පත්වුණා වූ සිතෙන් තම අතීතයට යන්න. ඒ කියන්නේ ඔබ වැඩුන මව්කුසට. පිංවත් මෑණියන්ගේ මවු කුසේ නව මාසයක්‌ ඔබ ලැබු අත්දැකීම් මනසින් දකින්න. මෑණියන්ගේ උදරයේ මස්‌, ඇට, බොකු, බඩවැල්වලට මැදිවී, බැලුම් බෝලයක්‌වන් ගර්භාෂ කුටියක වකුටුවී සිටි ආකාරය සිහියට නගාගන්න. ලේ, සැරව තැවරුන මොලකැටි රූපය මනසින් දකින්න. එතනින් නොනැවතී අතීත ජීවිතවල එළදෙනුන්ගේ, ඊරියන්ගේ, එළිච්චියන්ගේ, ඇතින්නන්ගේ, වැඳිරියන්ගේ මව්කුසවල ඔබ හැදීවැඩුණු හැටි සිහිකරන්න. ප්‍රේතියන්ගේ කුසේ පිළිසිඳගෙන ප්‍රේත දරුවන් ලෙස බහිවුණ හැටි සිහිකරන්න. පිංවත් ඔබ වැඳිරියක්‌ වෙලා මෙය ලියන භික්‍ෂුව එම වැඳිරියගේ පැටවා වෙලා ඔබේ බඩේ එල්ලිලා ගහෙන් ගහට පැනපු හැටි මනසින් දකින්න. ඔබ කිකිළියක්‌ වෙලා මෙය ලියන භික්‍ෂුව කිsකිළි පැටවා වෙලා ඔබ කැවූ පණුවන් ගණන ගැන සිහිකරන්න. දැන් නැවතත් පිංවත් ඔබ මෑණියන්ගේ මව්කුස අරමුණට ගන්න. ප්‍රසූතිකාගාරයක්‌ තුළදී ඔබ බිහිවුණ හැටි, ඔබ උපන් මොහොතේම එහි හෙද නිළධාරිණිය ඔබව දෙපයෙන් ඔසවාගෙන සිටිනවා මනසින් දකින්න.

Meditation - 04 (භාවනාව - 04)

Meditation - 03 (භාවනාව - 03)

දෙතිස්‌ කුණපය හැටියට ශරීරය කොටස්‌ තිස්‌දෙකකට ගොඩවල් ගසා වෙන්කර දකින්න පුළුවන්. ඒ වගේම සතරමහාධාතූන් වශයෙන් වෙන්කර දකින්න පුළුවන්. ශරීරයේ තද ස්‌වභාවයේ ඇති කොටස්‌ වෙනමත් ද්‍රව ස්‌වභාවයේ ඇති කොටස්‌ වෙනමත්, මේ කොටස්‌ දෙක තුළින්ම වායුස්‌වභාවයත් උණුසුම් ස්‌වභාවයත් දකින්න පුළුවන්. ඉහත ආකාරයට කමටහන් වඩන පිංවතා පිංවතිය නිරතුරුවම උත්සහගන්න ඕනේ පුද්ගල සංඥාවෙන් මිදිලා මුලින් සඳහන් කළ මස්‌ගොඩවල් හැටියට ඔබව වගේම ලෝකයාවත් දකින්න.

Meditation - 02 (කායානුපස්සනා භාවනාව)

මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නොපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහිපැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි!

පිංවතුනි ආයතන වශයෙන් මේ කය වෙන්කර දකින්න පුළුවන්. කුමක්‌ හේතුවෙන්ද ඇස, කන, නාසය, දිව, කය, මනස සකස්‌ වුණේ නාමරූප ධර්මයන් නිසා. කුමක්‌ නිරෝධය කළොත්ද නාමරූප නිරෝධය සිද්ධවෙන්නේ? අවිද්‍යාව නිරෝධයෙන්, සංස්‌කාරයන්ගේ විඤ්ඤාණයේ නිරෝධයෙන් නාමරූප නිරෝධය සිද්ධවෙනවා. නාමරූප නිරෝධය හේතුවෙනුයි සලායතන නිරෝධය සිද්ධවෙන්නේ.

Thursday, June 26, 2014

Meditation - 01 (ආනාපාන සති භාවනාව)

මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නොපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහිපැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි!

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ සතර සතිපට්‌ඨාන සූත්‍රයේදී බොහොම නිරවුල්ව දේශනා කරනවා භවදුකෙන් අත්මිදීම සඳහා සතර සතිපට්‌ඨාන ධර්මයන් ජීවිතයෙන් ප්‍රගුණ කළ යුතු ආකාරය.

Monday, August 26, 2013

Budu Guna Bhavanawa (බුදු ගුණ භාවනාව)

බුදු ගුණ භාවනාව

අරහං බුදු ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක, සියලු පාපයන්ගෙන් මිදුණ සේක, සියළු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන සේක, එමනිසා බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක. අරහං නම් වන සේක. අරහං නම් වන සේක.
සම්මා සම්බුද්ධ ගුණය
මාගේ ස්වාමී වූ බදුරජාණන් වහන්සේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් ගුරු උපදේශ නැතිවම තමාගේ නුවණින් අවබෝධ කොට ගත් නිසා සම්මා සම්බුද්ධ නම් වන සේක. සම්මා සම්බුද්ධ නම් වන සේක. සම්මා සම්බුද්ධ නම් වන සේක.
විජ්ජාචරණසම්පන්න ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අනන්ත ඥානයෙන්ද, අනන්ත ශීලයෙන්ද, අනන්ත සමාධියෙන්ද, අනන්ත ගුණයෙන්ද, අනන්ත ප්‍රඥාවෙන්ද, අනන්ත විමුක්තියෙන්ද, සමන්විත වන නිසා විජ්ජාචරණසම්පන්න වන සේක. විජ්ජාචරණසම්පන්න වන සේක. විජ්ජාචරණසම්පන්න වන සේක.

Thursday, August 2, 2012

Pancha Neewarana

පංච නීවරණ ධර්ම

ආධුනිකයෙකු වශයෙන් භාවනාවේ නියුතුවන ඔබ භාවනාව ඉදිරියට කරගෙන යෑම අඩාල කරන්නාවූ සතුරු ධර්මයන් පිළිබඳව දැනුවත් වීමද වැදගත් වනු ඇත. මේ ආකාරයට නිවන් මඟ වසා භාවනාව ඉදිරියට කරගෙන යෑමට නොදී නිවන ආවරණය කරන්නා වූ කාමචිඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ද, උද්ධචිච කුක්කුචිච හා විචිකිචිචා නමි නීවරණ ධර්ම පසක් ඇත. මේ පිළිබඳවත් දැනුවත් වන්න.   

කාමචිඡන්ද නීවරණය
කාමචිචන්ද යනුප්‍රිය උපදවන සුළු ප්‍රිය මධුර අරමුණුආදිය කෙරේ ඇතිවන කමැත්තයිභාවනාවේ දී ශරිරය නිසොල්මනේ තබාගෙන සිත එක අරමුණකට යොදවන්න සිදුවනවාමේවැනි විටක මේ කාමචිචන්ද නිවරණය නැගි ආ විට සිත එම අරමුණෙන් වෙනතකට ඇද දැමිම සිදුවනවා. මෙම කාමචිඡන්දය භාවනාව තුලින්ම මෙන්ම වෙනත් භාහිර අරමුණු නිසා ද ඇතිවීමට පුළුවන්භාවනාකර්මයට විරුද්ධ වෙමින්, රූපයන්, ශබිධ, ඝන්ධ, රස, ස්පර්ශ හා වෙනත් ප්‍රිය වූ අරමුණු කරා කැමැත්ත ඇතිවීම නිසා සිත විසිරී යාම කාමචිඡන්ද නීවරණයේ නැග ඒමයි.

ව්‍යාපාද නීවරණය
ව්‍යාපාදය යනු තරහවයිඔබ භාවනාවේ නියුතුව සිටිනා විට අතීත අනාගත වර්තමාන යන කාලත්‍රය පිළිබඳවම ව්‍යාපාදය ඇතිවිමට හැකියාවක් ඇත. අතිතයේ කල කී දෑ අත්විදින්ට සිදුවූ සිදුවීමි, අනාගතයේ කරන්නට වන දෑ, කරන්නට ඇති දෑ ගැනත්  එසේම ඔබ භවනා කරමින් සිටිනා අවස්ථාව දී මදුරුවෙක් දෂ්ඨ කිරීම නිසා හෝ, ඔබ අප්‍රිය ශබිධයක් ඇසීම ආදිය නිසා යමි ‍තරහවක් ඔබට ඇතිවවුවා නමි, එවාද මෙවැනි වෙනත් කරුණු තුලින් ඇති කර දෙන්නානා වූද  තරහව ව්‍යාපාද නිවරණයේ පැවැත්මයි.

Thursday, January 26, 2012

Asuba Bhawanawa (අශුභ භාවනාව)

ගිනි නිවා සිසිල් බවට පත්වෙමු…

අපි අද ඉගෙන ගන්ට යන්නේ අසුභ සංඥාව පුරුදු කර ගන්න විදිහ ගැන. යම් කෙනෙක් අසුභ සංඥාව හොඳින් හුරුකර ගත්තොත් එයාට ලැබෙන මහත් වූ ලාභය තමයි රාගයෙන් දැවෙන ගිනි නිවාගෙන සිසිල් බවට පත්වෙන්ට පුළුවන්කම . ඊලග දේ තමයි එයාට පුළුවන් සමාධිය පරිපූර්ණ කර ගන්ට. ඊලඟට එයාට සමථ විදර්ශනා දෙයාකාරයෙන්ම බණ භාවනා දියුණු කර ගන්ට පුළුවන්. ඒ වගේම තමයි එයාට ඉර්දිපාද හතරම මේ භාවනාව ඔස්සේ දියුණු කර ගන්ටත් පුළුවන්. ඒ වගේම තමයි එයාට ආර්ය සත්‍යය අවබෝධය පිණිස උපකාර වන බෝජ්ජංග ධර්ම හතම දියුණු කර ගන්ට ලැබෙනවා. එතකොට බලන්න අපිට එක් භාවනාවක් පුරුදු කර ගැනීමෙන් කොතරම් ආනිසංස ලැබෙනවද කියල. ඒ නිසා මෙතරම් ආනිසංස උපද්දල දෙන භාවනාවක් අපි හොඳින් පුරුදු කර ගත්තොත් අපි සැබෑම වාසනාවන්තයින් බවට පත් වෙනවා.
හැබැයි ඒ වාසනාව අහිමි වෙලා යන්ට ඉඩ කඩකුත් තිබෙනවා. ඒ කොහොම වුනොත්ද? භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය කෙරෙහි විශ්වාසය නැති වුනොත්. ඊලගට කලබල කර ගත්තොත්, ඊලගට කම්මැලි වුනොත් අපිට තිබෙන වාසනාව අහිමි වෙන්ට පුළුවන්. ඒ නිසා ධර්මය කෙරේ තියන විශ්වාසය බලවත් කර ගන්න. කලබල වෙන්ට එපා. කම්මැලි වෙන්ටත් එපා. ධර්මය කෙරෙහි හොඳින් විශ්වාසය උපදවා ගනිමින් ම ඉතාමත් ම උනන්දුවෙන්, අඛන්ඩව පිළිවෙලකට මේ භාවනාව පුරුදු කරන්න. පිළිවෙලකට මේ භාවනාව පුරුදු කළොත් එයාට නියත වශයෙන් ම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ප‍්‍රතිලාභ අත්වෙනවාමයි. ඒක වලකින්නෙ නෑ.

Asuba Bawana (අශුභ භාවනාව)

ඉන්ද්‍රිය සංවර කර සුභ නිමිත්ත අත්හරින්න.

අපි කවුරුත් අසුභ භාවනාව පුරුදු කර ගන්ට කැමති වෙන්ට ඕනැ. අසුභ සංඥාව පුරුදු කිරීමෙන් අපිට මහත් වූ පිහිට පිළිසරණ, සුව පහසුව ඇති කරගන්ට පුළුවන් කම තියනවා. සිතට ඉතාමත් ම සුව පහසුව ඇති කරගන්ට පුළුවන්කම තියනවා. සාමාන්‍යය මනුෂ්‍යයා තුළ අසුභය තේරුම් ගන්නා ආකාරයට ශරීරය ගැන කල්පනා කරන පුරුද්දක් නෑ. පෘතග්ජන භාවයේ සිටින තාක් ශරීරය සුභ වශයෙන් තමයි බලන්නේ. සුභ වශයෙන් බලන්ට බලන්ට මොකද වෙන්නේ? රාගය උපදිනවා. රාගය උපදින කොට දුක් පීඩා බහුල වෙනවා. සිත ගිනිගෙන දැවෙනවා. ඒ තුල සැබෑ සැපයක් නෑ.
භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි කාලයේ සිටි එක්තරා භික්ෂූන් වහන්සේ නමකට කාන්තාවක් දැකල තදබල ඇල්මක් ඇතිවුනා. රාගයෙන් හිත යටවෙලා ගියා. ඒ ස්වාමීන් වහන්සේට පැවිද්ද එපා වුනා. එයා තුළ පැවිද්ද ගැන ඇල්ම නැතිවෙලා ගිහි වෙන්ට කල්පනා කලා. පස්සේ ස්වාමීන් වහන්සේලා එයාට අවවාද කළා. උදව් කළා. සිහිය උපද්දලා දෙන්ට වෑයම් කළා. හරි ගියේ නෑ. පස්සේ භාග්‍යවතුන් වහන්සේට මේ පුවත සැලකළා. භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේගෙන් අසා සිටියා, ”හැබෑද මේ කියන කතාව? ඔබ පැවිද්ද අත හැරල මේ ස්ත‍්‍රියක් පිළිබඳව හැඟීම උපදවා ගෙන ගිහි වෙන්ට කල්පනා කරනවා කියන්නේ හැබෑද” කියල. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කියා සිටිය, ”එහෙමයි ස්වාමීණි භාග්‍යවතුන් වහන්ස, මට එබඳු හැගීමක් ඉපදිලා තියනවා. මගේ හිත ඒ අදහසට යට වෙලා තියනවා” කියල.

Sabba Loke Anabiratha Sanghawa

සබ්බලෝකේ අනභිරත සංඥාව

මේ වන විට මේ පින්වතුන්ට භාවනා තුනක් පුරුදු කරන ආකාරය ගැන ඉගෙන ගන්ට පුළුවන් කම ලැබුනා. ඒ තමයි මරණ සතිය, අසුභ සංඥාව, ආහාරයේ පිළිකුල් සංඥාව. ඊළගට ඉගෙන ගන්න හදන්නේ සබ්බලෝකේ අනභිරත සංඥාව. මේ භාවනාවත් ඉතාමත් ම වැදගත් භාවනාවක්. අපිට හොඳින් පුරුදු කර ගන්ට පුළුවන් වුනොත් ඉතාම ප‍්‍රණීත වූ ජීවිතයක් උපදවා ගන්ට පුළුවන්. සබ්බලෝකේ අනභිරත සංඥාව සියලූ ලෝක කෙරෙහි ඇල්ම දුරුකර ගැනීම පිණිස උපකාර වන භාවනාවක්.
මොකක්ද මේ සියලූ ලෝකය කියල කියන්නේ? භග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා ”සබ්බ” කියන සූත‍්‍රයේදී සියල්ල කියන්නේ කුමක් ද කියල. ”පින්වත් මහණෙනි, මම ඔබට සියල්ල ගැන කියා දෙන්නම්. මේ ඇස, ඇසට පේන රූප, කණ ,කණට ඇසෙන ශබ්ද, නාසය, නාසයට දැනෙන ගඳ සුවද, දිව, දිවට දැනෙන රසය, ශරීරය, ශරීරයට දැනෙන පහස, ඊලඟට සිත, සිතට දැනෙන අරමුණු. මෙන්න මේවට තමයි භාග්‍යවතුන් වහන්සේ සියල්ල කියල පෙන්වා දෙන්නේ. උන් වහන්සේ පෙන්වා දෙනවා මේවටත් වඩා එතනින් එහාට ගිය සියල්ලක් නෑ කියල. සියල්ලම එතන තිබෙනවා කියල.

Friday, September 16, 2011

Begin for Meditation

භාවනාවට ආරම්භයක්

ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි… අපේ ජීවිතය ප‍්‍රයෝජනවත් දෙයක් බවට පත්කර ගන්ට අපි කල්පනා කරන්ට ඕන. ජීවිතය ප‍්‍රයෝජනවත් දෙයක් බවට පත්කර ගන්න අපිට බැරි වුණොත්, අපි මහා ලාභයක් අත්හැර ගත් අය බවට පත්වෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙනවා, “නිසි කලට කාරණා හතරක් පුරුදු කළොත්, එයාට පුළුවන්කමක් තියෙනවා අරහත්වය දක්වා ම ජීවිතය දියුණු කරගන්න” කියල. ඒ කාරණා හතර තමයි,
  • නිසි කලට ධර්ම ශ‍්‍රවණය කිරීම.
  • නිසි කලට ධර්ම සාකච්ඡා පැවැත් වීම.
  • නිසි කලට සමථය පුරුදු කර ගැනීම.
  • නිසි කලට විදර්ශනා වැඞීම.
 මේ කියන කාරණා හතර යම් කෙනෙක් නිසි කලට පුරුදුකරනව නම්, එයාට අවස්ථාවක් උදා වෙනවා, අරහත්වය දක්වා ම ජීවිතය දියුණුකර ගන්න. මේ ප‍්‍රකාශය අපි උදෙසා වලංගු වෙයි ද නැද්ද..? ඒ ගැන විශ්වාසයක් ඔබට තිබෙනවා ද නැද්ද…? අපි ඒ දහම කෙරෙහි විශ්වාසය තැබීම හොඳයි ද නැද්ද…?
එතකොට යම් කෙනෙක් මේ දහම කෙරෙහි විශ්වාසය ඇති කරගන්නවා කියල කියන්නේ, “මට තමයි පුළුවන්..” කියල අදහසක් ඇතිකර ගන්න එක ද?.. නෑ.. “බුදුරජාණන් වහන්සේ යමක් වදාළා නම්, අපි ඒක හුරු කරමු, ඒ කෙරෙහි විශ්වාසයක් ඇති කරගමු” කියන එක යි කියන්නේ. එතකොට අපි ඒ බුදු රජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් තමයි යමක් කරන්ට කල්පනා කරන්නේ. තමා කෙරෙහි විශ්වාසයකින් නෙමේ. අන්න එයා නිතැතින් ම තමා කෙරෙහි නියම තක්සේරුවට, යථා ස්වාභාවයට එනවා. එයා දන්නවා, “මම මොකක් ද කළ යුත්තේ..” කියන කාරණාව.
සාමාන්‍යයෙන් අලූතින් භාවනා කරන්න පෙළඹෙන බොහෝ දෙනෙක් භාවනා කිරීමට විතර යි කැමති වෙන්නේ. පොත පත බලන්න කැමති නෑ. ධර්ම සාකච්ඡුා කරන්න, ධර්ම ශ‍්‍රවණය කරන්න කැමති නෑ. නමුත් මතකතියා ගන්න, මේ කරණා හතර ම අපි පුරුදු කළ යුතු යි, පුහුණු කළ යුතු යි. හැම වෙලාවෙ ම ඒවා පුහුණු කරන්න ඕන. පුහුණු කරමින් තමයි අපිට ඉදිරියට යන්න තියෙන්නේ. මොකද ඒවා නිවන් මගට අනිවාර්යයෙන් ම වුවමනා යි.
එතකොට යම් කෙනෙක් භාවනා කරන්න කැමති නම්, එයා ගොඩක් වෙලාවට අහන්නේ “මොකක් ද අපි කරන්නේ..? කොහොම ද කරන්නේ..?” කියල යි. අන්න ඒ වගේ වෙලාවට අපි මොකක් ද එයාට කියලා දෙන්න ඕනෙ…? එයා ව අපි කොහොම ද යොමු කරන්න ඕන?
භාග්‍යවතුන් වහන්සේ කියා දුන්නා, අපිට කරණා හතරක් පුරුදු කරන්න කියලා. ධර්ම ශ‍්‍ර‍්‍රවණය, ධර්ම සාකච්ඡා, සමථ, විදර්ශනා. මේ කරණා හතර නිසි කලට කරන කෙනා තමයි අරහත්වය දක්වා සිත දියුණුකර ගන්නේ. එහෙනම් අපි කෙනෙක් ව මේ කරුණු හතරට ම යොමුකළ යුතු යි. ධර්ම ශ‍්‍රවණය, ධර්ම සාකච්ඡුා කියන මේ දෙකෙන් ම කෙරෙන්නේ මොකක් ද…? හොඳ දහම් දැනුමක් හදා ගන්න උපකාර වෙන එක යි. සමථ විදර්ශනා දෙකෙන් කෙරෙන්නේ, භාවනාව දියුණු කරන එක. එහෙනම් බලන්න අපි කෙටියෙන් ගත්තොත් දහම් දැනුම ත් ඕන, භාවනා කරන්න ත් ඕනෑ. ඒ දෙක ම ඕන නේ ද…? දහම් දැනුම හදා ගන්නත් ඕන. භාවනා කරන්න ත් ඕන.
නමුත් බලන්න ගොඩක් අය ගේ අදහසක් තියෙනවා, ”ධර්මය ඉගෙන ගෙන ඉවර වෙලා භාවනා කරනවා” කියල. සමහර අය ගේ අදහසක් තියෙනවා, ”භාවනා කරල ඉවර වෙලා ධර්මය ඉගෙන ගන්නවා” කියල. එතකොට ඒක හරි ද.. ? නෑ.. ඒක නිවැරදි නෑ. අන්න ඒවා අපි තෝරා ගන්න ඕන. එහෙනම් මේ දෙක කොහොම ද කරන්නේ..? නිසි කලට. නිසි කලට කරන්න ඕන. දහම් දැනුම ඇතිකර ගැනීම ත් භාවනා කිරීම ත් කියන දෙක ම සමබර ව කරගෙන යන්න ඕන.
ඒකට හේතුව තමයි, ‘භාවනාව කියන්නේ මොකක් ද… භාවනා කරන්නේ කෙහොම ද…’ කියන කාරණා ඔක්කොම තියෙන්නේ ධර්මය තුළ. එහෙනම් දහම් දැනුමෙන් තොරව භාවනාවක් ගැන කථා කිරීමක් නෑ. දහම් දැනුමෙන් තොර භාවනාවෙන් අර්ථයක් ඇති වන්නේ නෑ. ඒ වගේ ම තමයි අපිට යම් දහම් දනුමක් තියෙනවා නම්, අන්න ඒ දහම් දැනුම අපිට ප‍්‍රත්‍යක්ෂ වෙන්නේ, අපිට ඒක අපේ ජීවිතයට පිහිට පිණිස උපකාර කර ගන්න පුළුවන් වෙන්නේ භාවනාව තුළින්. එහෙම නැත්නම් ඒ දහම් දැනුම අපිට උපකාර ලෙස පවතින්නේ නෑ. ඒක හරියට අහාරයක් හදලා මේසේ උඩ තියාගෙන හිටියා වගේ. එතකොට අපිට ආහාර තියෙනවා. අපි ආහාර තියෙන අය. නමුත් ඒක අපේ ජීවිතයට බද්ධ වෙන්නේ, අනුභව කිිරීමෙන්. ඒ වගේ ම තමයි බුදු රජාණන් වහන්සේ ගේ ඒ ධර්මය අපේ ජීවිතයට බද්ධ වෙන්නේ, ඒ ධර්මයෙන් අපේ ජීවිතය දියුණු වෙලා යන්නේ, භාවනා කිරීම තුළිනු යි. ඒ නිසා භාවනා කරන්න ඕන.
හැබැයි දහම් දැනුම නැතිව භාවනා කළො ත්….. ඒක හරියට අපිට ආහාර උයලා නෑ. නමුත් අනුභව කරනවා වගේ.. එතකොට මොනව ද අනුභව කරන්න වෙන්නෙ..? හුළං තමයි එතකොට අනුභව කරන්න වෙන්නේ… නේ ද…? අන්න ඒ වගේ, ‘ආහාර තියෙනවා, අනුභව නොකර ඉන්නවා’ ඒක ත් වැඩක් නෑ. අර්ථය පිණිස පවතින්නේ නෑ. ‘ආහාර නෑ, නිකන් අනුභව කරනවා, ඒක ත් අර්ථයක් පිණිස පවතින්නේ නෑ. එහෙනම් අපි දහම් දැනුම ත් හදා ගන්න ඕන. භාවනාව දියුණුකර ගන්ටත් ඕන. ඒ දෙක ම සමබර ව කරගෙන යන දෙකක්.
යම් කෙනෙකුට දහම් දැනුමක් තියෙනවා, නමුත් භාවනා කරන්නේ නෑ. යම් කලක දී එයා ගේ හිත රැුක ගන්න එයාට බැරි වෙනවා. ඒක හරියට වහලයක් නැති ගෙයක් වගේ. බිත්ති ටික තියෙනවා, ලස්සන යි. නමුත් වහලයක් නෑ. ඒ වගේ ම යම් කෙනෙක් ඉන්නවා භාවනා කරනවා. දහම් දැනුම නෑ. එයාට වහලේ තියෙනවා, බිත්ති ටික නෑ. යම් කලක් යනකම් ඉතින් හෙවන තියෙයි ටිකක්. නමුත් පස්සේ කලක දී එතන සත්තු ලගින්න පටන් ගන්නවා. ඊට පස්සේ එතන හොඳ පරිසරයක් හැදෙන්නේ නෑ. ඒ නිසා ඒ බිත්ති ත් ඕන, වහල ත් ඕන. එතකොට තමයි හොඳ නිවහනක් එතන හැදෙන්නේ. ඒ වගේ අපි මේ දහම් දැනුම ඇති කරගැනීම යි භාවනාව යිි දෙක ම සමබරව කර ගෙන යන්න ඕන. ඒක අපි හොඳින් තෝරා බේරා ගන්න ඕනෑ. ඒ විදියට මේ කාරණා අපි හොඳින් තෝරා බේරා ගත්තොත් අපිට පුළුවන්කම තිබෙනවා, අපේ ජීවිතය භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට අරහත්වය දක්වා ම දියුණු කරගන්නට.
එතකොට අපි භාවනාව ගැන කථා කළො ත්, ඒක ත් අපි මුල ඉඳලා ටික ටික හුරු කරගන්න ඕන. ඒක කළබලයට කරන්න බෑ. මේ කිසි දෙයක් කළබලේට කරන්නෙ නෑ. ටික ටික කරගන්ට ඕන. අපි භාවනාව ඉස්සෙල්ලා හුරුකර ගන්ට ඕන. හුරු කරගෙන තමයි භවනා කරන්නෙ. ඒ නිසා විනාඩි පහක් හරි කමක් නෑ ටිකක් කරන්න. ටික ටික කරලා පුරුදු වෙන්න. පුරුදු වෙන්න පුරුදු වෙන්න කාලය වැඩි කරගන්න අපිට පුළුවන්. නමුත් බොහෝ පිරිසකට මේ කාරණාව තේරෙන්නෙ නෑ. ඒ නිසා ම ”භාවනාව පැය භාගයක් වගේ කාලයක් තියෙනවා, ඒක කොහොම ද විනාඩි පහකට හදා ගන්නේ..” කියලා අහන අය ඉන්නවා. විනාඩි පහක් කියලා කියන්නේ හරියට ම විනාඩි පහක් කියන එක නෙමෙයි. ටිකක් කරලා හුරු වෙන්න කියන එක යි.
මම මේ වගේ් කාරණයක් කියන්නම්. දැන් ඔබ දැකලා තියෙනව ද, සංගීත භාණ්ඩ වලින්, ගිටාර් වලින් එහෙම සෙල්ලම් කරන අය…? ඒ ගොල්ලෝ එක පාරට ම ඇවිදින් ඒව ප්ලේ කරනව ද..? මොකද කරන්නේ ඒ අය..? ටියුන් කරනව කියල එකක් කරනව නේ ද?. බෙර ගහන අය එහෙම දැකලා තියෙනව නේ ද..? ඒ ගොල්ලෝ ආපු ගමන් එක පාරට ගහගෙන ගහගෙන යනව ද…? එහෙම කරන අය ත් ඉන්නවා දැකලා තියෙනව ද..? එතකොට මොකක් ද වෙන්නේ…? එක්කෝ ඒ උපකරණය කැඩිලා බිඳිලා යනවා. එහෙම නැත්නම් ඒක ශ‍්‍රවණය කරන පිරිස ඒ හ`ඩට ප‍්‍රිය කරන්නේ නෑ. ඒකෙන් මිහිරක් එන්නේ නෑ. ඒ ක‍්‍රමයට මිහිරක් ඇතිකර ගන්න බෑ. ඒ නිසා ඒ ශිල්පය දන්න කෙනා මොකද කරන්නේ…? කොච්චර දැනගෙන හිටිය ත් එයා පොඞ්ඩක් ඒක ටියුන් කරලා හදා ගන්නවා. ඒ වගේ අපි භාවනා ඉගෙනගත්තා කියලා බෑ. අපි කරන්න පුරුදු වෙන්න ඕන. පුරුදු වෙලා තමයි ඒක දිගට කරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ.
දැන් මේ භාවනා කරනවා කියලා අපි මේ මොකක් ද කරන්නේ…? භාවනා කරනවා කියලා කරන්නේ සිහිය දියුණු කිිරීම යි. වෙන මොකුත් නෙවේ. සිහිය දියුණුකරන්න නම් අපි ළඟ මොකක් ද තියෙන්න ඕන..? සිහිය දියුණු කරන්න නම්, තියෙන්න ඕන දේ තමයි සිහිය.. සිහියෙන් තමයි සිහිය දියුණු කරන්නේ.. වෙන දේකින් නෙමේ. එහෙමනම් භාවනාව ටික ටික කරලා හුරුවෙන්න කියලා කියන්නේ සිහිය උපද්දවා ගැනීම පිණිස යි. ඒක හරියට බීජයක් පැලකරනවා වගේ. බීජයක් හදපුවා ම ඒකෙන් එක පාරට මහා වෘක්ෂයක් හැදෙනවා ද ? නෑ.. අපි ඒක ඉතා ම ප‍්‍රවේශමෙන්, ළමයෙක් වගේ ආදර කරුණාවෙන් හදා ගන්න ඕන. අන්න ඒ වගේ එකක් තමයි සිහිය කියන්නේ. අපි මුලින් ම සිහිය උපදවා ගන්න ඕන. සිහිය උපදවාගෙන, එසේ උපදවා ගත්තා වූ සිහිය දියුණු කරගන්න ඕන. මුලින් ම සිහිය උපදවා ගැනීම පිණිස ත් අපි උපකාර කරගන්නේ භාවනාව ම යි. ඒ උපදවා ගත්තා වූ යම් සිහියක් තියෙනවා නම්, ඒ සිහිය දියුණු කරගැනීම පිණිස අපි කරන්නෙ ත් භාවනාව ම යි. එහෙනම් ඒ සඳහා දහම් දැනුම ඕන. සිහිය උපදවා ගන්නත්, සිහිය දියුණු කරගන්නත් දෙකට ම දහම් දැනුම ඕන. දහම් දැනුම නැත්තම් සිහිය දියණු කරගන්න අපිට බෑ. අපි දන්නෙ නෑ මොකක් ද කරන්න ඕනැ කියල.
ඒ නිවන් මග කියලා දුන්නේ භාග්‍යවතුන් වහන්සේ. ඒ සිහිය දියුණු කරන පිළිවෙල කියලා දුන්නේ භාග්‍යවතුන් වහන්සේ. ඒ දේවල් ගැන අපි දන්නෙ නෑ.. ඒ නිසා තමයි ඒ ධර්මය අපිට උවමනා කරන්නෙ. ඒ ධර්මය යෙන් තමයි කියල දෙන්නේ ”දැන් මෙහෙම කරන්න, දැන් මෙහෙම කරන්න” කියලා. එහෙනම් ඒ සිහිය දියුණු කිරීම ගැන කියා දුන්න ධර්මය අපිට වුවමන යි. හැබැයි ඒ ධර්මය ඒ ඒ තැන දි දියුණු කළ යුතු අකාරය, ඒ ඒ තැන දී කළ යුතු දේ වෙනස්. එක ම දේ නෙමෙයි හැම වෙලාවෙ ම කරන්න තියෙන්නේ. අන්න ඒක යි ‘නිසි කලට ධර්ම ශ‍්‍රවණය, නිසි කලට ධර්ම සාකච්ඡුා’ කියලා කියන්නේ. දැන් සීලය පුරුදු කරන කාලේ සීලයට ආදාළ ධර්මය අපි කතා කරන්න ඕන, ඉගෙන ගන්න ඕන. සමාධිය පුරුදු කරන කාලේ සාමාධියට අදාළ ධර්මය අපි ඉගෙන ගන්න ඕන, කතා කරන්න ඕන. ප‍්‍රඥාව පුරුදු කරන කොට ප‍්‍රඥාවට අදාළ ධර්මය අපි පුරුදු කරන්න ඕන, ඉගෙන ගන්න ඕන.
සමාධිය වැඞීමේ දී ඒ සඳහා වුවමනා කරන, ඒ ඒ තැන් වලට අදාළ ධර්ම කරණා අපි ඉගෙන ගන්න ඕනැ, කතා කරන්න ඕනැ. ඒක යි ‘නිසි කලට ධර්ම සාකච්ඡුා, නිසි කලට ධර්ම ශ‍්‍රවණය’ කියලා කියන්නේ. දැන් අපි ගොඩාක් දෙනා කරන්නේ, ආරම්භයේ දී ම බලනවා සාමාධිය ගැන ඉගෙන ගන්න. ”අරක කොහොම ද…? මේක කොහොම ද…? අහවල් සාමාධිය කෙහොම ද ඇතිකර ගන්නේ..?” කියලා අහනවා. එයාට කවදාවත් පිරිසිදු දැනුමක්, වැටහීමක් කරා යන්න බෑ. ඇයි ඒක අවිෂය යි. විෂය වෙන්නේ නෑ එයාට. දැන් මගෙන් ගොඩක් කට්ටිය අහලා තියෙනවා, ”නිරෝධ සමාපත්තියට යන්නේ කොහොම ද..? ඒකට ගියා ම මොකද වෙන්නේ…” වගේ කාරණා.
හොඳ දහම් දැනුමක් නැති කමේ විපාක හැටියට තමයි මේ ප‍්‍රශ්න ඇති වෙන්නේ. ශ‍්‍රද්ධාව තිබුණ නම්, ‘නිසි කලට ධර්ම ශ‍්‍රවණය, ධර්ම සාකච්ඡුා’ කියන මේවා දන්නවා නම්, මේ පිළිබඳ වැටහීමක් තියෙනවා නම්, අපි දන්නවා අපි ඉන්නේ කොතැන ද කියලා. ඉතින් මම කිව්වා, ”හෝඩියේ ඉන්න ළමයෙක් පයිතගරස් ප‍්‍රමේයය ඉගෙනගන්න ගියා ම හරි යයි ද…?” කියල. ඉස්කොලේ නමය දහයපන්තිවල ගණන් වලට එහෙම එකක් උගන්වනවා නේ ද..? ඉතින් අර දෙකේ තුනේ ළමයෙකුට ඒක කියා දෙන්න යනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේකත්. ඒ නිසා අපි දැන ගන්න ඕන, ‘අපි ඉන්නේ කොහේ ද, මොකක් ද කරන්න ඕන..?’ කියන කාරණාව. ඉතින් ඒ සඳහා තමයි අපි කළ්‍යාණ මිත‍්‍රයන් ගේ අවවාදයට කැමතිවිය යුත්තේ…
භාවනාව සාර්ථක කරගන්ට නම් අපිට කරණා දෙකක් තියෙන්ට ඕනැ කරනවා. පළමු වැනි එක තමයි, අපිට සිහි බුද්ධිය තියෙන්ට ඕනැ, නුවණ තියෙන්ට ඕනැ. ඒ වගේ ම කීකරුකම තියෙන්න ඕන, කියන දේ අහන්න පුළුවන්කම තියෙන්න ඕන. අපිට මේ දෙක ම හෝ දෙකෙන් එකක් හෝ තියෙන්න ඕන. ඔය දෙක ම හෝ දෙකෙන් එකක් හෝ තිබ්බොත් අපිට දිනන්න පුළුවන්. ඒ දෙක ම නැති තැන අපිට අංශුවක වත් යහපත් ප‍්‍රතිඵලයක් ඇතිකර ගන්න බෑ. ගොඩකට ඔය දෙක ම නෑ. තමාට සිහි බුද්ධිය ත් නෑ. කියන දේ අහන්න කැමති ත් නෑ. ඒ සඳහා සිත් පිහිටන්නෙ ත් නෑ.
‘මම පැයක් ඉන්නවා, පැය භාගයක් ඉන්නවා’ මේ විදියට හිතලා මුලින් පටන් ගන්න කෙනා, පැය භාගයක් නෙමේ පැය පහක් හරි ඉඳියි. හැබැයි එක්කෝ නින්දට ගිහිල්ලා. නැත්නම් හිත වෙන කොහේ හරි ගිහිල්ලා. ඉතින් එහෙම පැයක් නෙමේ වරුවක් හිටියත් වැඩක් නෑ. විනාඩි පහක් හරි කමක් නෑ සිහිය උපදවාගෙන වාසය කළො ත්, ඒ තමා ධර්මය දියුණු කරගන්න පුළුවන් අවස්ථාව.
සිහි බුද්ධිය සහ කීකරුකම තිබ්බ නම් අපිට ශ‍්‍රද්ධාව ඇතිකර ගන්න පුළුවන්. ශ‍්‍රද්ධාව තුළ වාසය කරන කෙනාට භාග්‍යයවතුන් වහන්සේ වදාළ මේ ධර්මය අනුගමනය කරන්න අවකාශයක් ලැබෙනවා. ඒ නිසා, නිසි කලට ඒ ඒ දේ කරන්න කැමති හිත් හදාගන්න ඕන. ඒක ශ‍්‍රද්ධාව තුළ පිහිටා කළ යුතු දෙයක්. ඒ නිසා භාවනා කරන්න පෙළඹෙන අය අරම්භයේ දී කළබල කරගන්න එපා. ඒ කියන්නේ අවසානයේ දී කළබල කරගන්න කියල නෙමෙයි. ආරම්භයේ දී කළබල කරගන්නෙ නැති කෙනා, අවසානයේ දී කළබල කරගන්නෙත් නෑ. ආරම්භයේ දී කළබල කරගන්න කෙනා මොකද කරන්නේ.?. එයා කළබලයෙන් ම ගමන අවසන් කරගන්නවා. කළබලයෙන් ම නිවන් මගේ යන එක අවසාන කරගන්නවා. ඒ නිසා කළබල වෙන්න එපා. අපි යම් භාවනාවක් කරනවා නම් ඒක ටික ටික පුරුදු වෙන්න. පොඩි වෙලාවක් අරගෙන සිහිය දියුණුකර ගන්න. භාවනාව තුළ කරන්න තියෙන දේ සිහියෙන් කරන්න පුරුදු වෙන්න. ඒක විනාඩියක් දෙකක් හරි කමක් නෑ. අපි හිතමු මෛත‍්‍රී භාවනාව කියලා. ඒ භාවනා මනසිකාරය, එහෙමත් නැත්නම් භාවනා කිරීම සඳහා තියෙන ඒ වචන ටික මෙනෙහි කරමින් සිහිය පවත්වා ගන්න බලන්න. සිහියෙන් ඉන්න බලන්න. ඒක යි අපි ඉස්සෙල්ලා ම කළ යුත්තේ. එහෙම ටික ටික කරන කොට අපිට තේරෙනවා ‘මට දැන් මේක සිහියෙන් කරන්න පුළුවන්’ කියල.
හිතේ ස්වභාවය තමයි හිත එහේ මෙහේ යනවා. එක්කෝ නිදිමතට යනවා. නීවරණ වලට යටවෙලා යනව. නීවරණ වලට හිත යට නො වී භාවනා මනසිකාරය කරමින් ඉන්න පුළුවන් විදියට හිත හදා ගන්න ඕන. අපි පැය ගණනක් එක දිගට කරන්න ගියොත් අපිට ඒක කරගන්න බැරිව යනවා. ඇයි ඒ…? සිහිය දියුණු නෑ. දියුණු නැති සිහියකින් වැඩ කරන්න යනවා. ‘අපිට ඕන මේ කෙලෙස් ඉක්මණින් ගෙවල දාන්න’ කියල, මුලින් ම පැය ගණන් කරනව. නමුත් සිහිය දියුණු නෑ. නො දියුණු සිහියෙන් වැඩ කරන්න යනවා. එතකොට සිහිය බිඳිල යනවා. අන්තිමට නොයෙකුත් අබාධ හටගන්න ඉඩ තියෙනවා.
ඒ නිසා තමයි අපි සිහිය දියුණු කරන්න ඕනෑ. අපි වනාන්තරය කපන්න කලින් ආයුධය හොඳට හදලා පන්නරය තියාගන්න ඕනෑ. ඉතින් කෙලෙස් යුද්ධය දිනන්න තියන්නේ භාවනාව තුළින්. ඉතින් ඒ කෙලෙස් වලින් ජය ගන්න නම්, ඒ අතිශයින් අමාරු දේ කරන්න නම්, අපි සිහිය හොඳට දියුණු කර ගන්න ඕන. ඒ සිහිය දියුණු වෙන්නෙ භාවනාව තුළ. සිහිය දියුණු වෙන්න නම් සිහිය උපදවා ගන්න ඕනෑ. ඒ උපදවා ගත්තු සිහිය දියුණු කරගන්න අපිට පුළුවන්කමක් තියෙනවා.
ඒ නිසා අපි භාවනාව පුරුදුවෙන කොට මුල ඉඳල ම ටික ටික කරමින් සිහිය දියණුු කරගන්න බලන්න. විනාඩි පහක් හරි කමක් නෑ. පොඞ්ඩ පොඞ්ඩ කර කර සිහියෙන් ඉන්න. එතකොට සිහිය පිහිටනවා තමන්ට තේරෙයි. හිත නිදිමතට වැටෙන්නේ නෑ, එහේ මෙහේ යන්නේ නෑ, තමන්ට භාවනා මනසිකාරය කරගන්න පුළුවන් බවක් තේරෙයි. අන්න එතකොට ටික ටික කාලය වැඩි කරගන්න.
ඉතින් සමහර කෙනෙකුට සතියකින් මේක කරන්න පුළුවන් වෙයි. සමහර කෙනෙකුට සති දෙකකින් පුළුවන් වෙයි. සමහර කෙනෙකුට මාසයක් යයි. සමහර කෙනෙකුට ඊට ත් වඩා කාලයක් යයි. කමක් නෑ. අපිට කාලය ද වැදගත් වෙන්නේ..? ‘අඩු කාලයකින් කිරීම ද, වැඩි කාලයකින් කිරීම ද’ කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. සිහිය පවත්වා ගැනීම. අවුරුද්දක් නෙමේ දහයක් ගිහිල්ලා හරි කමක් නෑ, සිහිය ඇති කරගන්න උත්සාහ කරන්න. සිහිය උපදවා ගැනීමට කැමති වෙලා ඒක පුරුදු කර ගන්න.
ඉතින් සමහර කෙනෙක් සතියෙන් දෙකෙන් මේ දේ කරගන්න ඉඩ තියෙනවා. අපි දන්නේ නෑ එකිනෙකා ගේ ස්වභාවය. හැබැයි කවුරු ත් ”මම ඉක්මණින් කර ගන්නවා” කියන තැනට එන්න එපා. මොකක් ද කළ යුත්තේ..? මම සිහිය උපදවා ගන්න ඕන කියන හැඟීම ඇතිකරගන්න. මම ඉක්මණින් කරගන්නවා කියන අදහස අත්හැරලා දාන්න. ඊට පස්සේ ටික ටික කරගෙන සිහිය උපද්දවා ගන්න. අන්න ඒ විදියට සිහිය උපද්දවා ගත්තට පස්සේ, තමන්ට තේරෙයි ”මට දැන් නිදිමතට අසු නො වී, එහෙම නැත්නම් හිත එහෙ-මෙහෙ විසිරෙන්නෙ නැතිව මේ භාවනා මණසිකාරය පවත්වා ගන්න පුළුවන්” කියලා. ඊට පස්සේ ඩිංග ඩිංග කාලය වැඩි කරගන්න. එතකොට අපිට කලක් යනකොට සිහියෙන් යුක්ත ව භාවනාවක් පුරුදු කරගන්න අවස්ථාවක් එනවා.
එහෙම නැත්නම් ‘මම පැයක් ඉන්නවා, පැය භාගයක් ඉන්නවා’ මේ විදියට හිතලා මුලින් පටන් ගන්න කෙනා, පැය භාගයක් නෙමේ පැය පහක් හරි ඉඳියි. හැබැයි එක්කෝ නින්දට ගිහිල්ලා. නැත්නම් හිත වෙන කොහේ හරි ගිහිල්ලා. ඉතින් එහෙම පැයක් නෙමේ වරුවක් හිටියත් වැඩක් නෑ. විනාඩි පහක් හරි කමක් නෑ සිහිය උපදවාගෙන වාසය කළො ත්, ඒ තමා ධර්මය දියුණු කරගන්න පුළුවන් අවස්ථාව. ඒ තමා ප‍්‍රතිඵල සහිත මග. පැය පහක් හිටියත් වැඩක් නෑ සිහිය නැතුව. පිටට නම් පෙනෙයි, ”අරයා හරියට භාවනා කරනව..” කියලා. ඒක වැඩක් නෑ අපිට. ඉතින් අපිත් කියයි ”මං හොඳට භාවනාකලා, මම පැය ගණන් භාවනා කරල තියෙනවා” කියලා. ඒක වැඩක් නෑ. ඒක හොඳයි කයිවාරු ගහන්න. නමුත් අපි හරි දේ කර ගෙන නෑ. ඒ නිසා අපි පොඞ්ඩ පොඞ්ඩ කර කර සිහිය උපදවා ගන්න බලන්න. ඒ විදියට ආරම්භය හදා ගන්න බලන්න. ඊට පස්සෙ අපිට ටික ටික මේ භාවනාවන් ඉස්සරහට දියුණු කරගන්න අවස්ථාවක් උදාවෙනවා.
සියලු දෙනාට ම ‘සිහිය උපදවා ගැනීම පිණිස වාසනාව උදා වේවා..!’ කියලා, අපි ආශිර්වාද කරනවා.
සියලු දෙනාට ම තෙරුවන් සරණයි!
පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ