Showing posts with label Damma Deshana. Show all posts
Showing posts with label Damma Deshana. Show all posts

Wednesday, November 5, 2014

නිවන් දැකීමට කල යුත්තේ පින්ද? කුසල්ද?


“ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපධි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බානං – යම් මේ සියළු සංස්ඛාර සමථයට පත්වුනාවූ සියළු උපධීන් බැහැර වුනාවූ තණ්හාව ක්‍ෂය වුනාවූ නිරෝධය වූ නිවනක් වෙයිද එය ශාන්තය එය ප්‍රණීතය.”

නිවන් දැකීම පිණිස පින් කල යුතුද? කුසල් කල යුතුද ? යන මේ ගැටළුව නිවැරදි විසඳුමක් ලැබීමකින් තොරව සමාජ කතාබහට ලක්වන්නකි. කෙනෙකු පින් කළහොත් සසරෙහි ඇවිදින්නට වන්නේය එබැවින් පින් නොකර කුසල් කල යුතුය යැයි පවසයි. එසේ පවසන්නේ කවර පදනමක සිටදැයි ඔවුන්ගේ ස්ථාවරක් නොපෙනේ. එබැවින් පින කුමක්ද? කුසලය කුමක්ද? ඒවා නිවනට කෙසේ ප්‍රත්‍ය වෙයිද කියා විමසා බලා තීරණයකට පැමිණිය යුතුය. එබැවින් ඒ සඳහා මෙසේ උත්සහ දරමු. අපද නිවනට පත්නොවී ඇති බැවින් නුවණින් විමසා බලා පිළිගන්න.

පින නම් කවරේද? “හදයං පුනාතීති පුඤ්ඤං – හදවත පවිත්‍ර කෙරෙයි යනුයෙන් පින නම් වේ.” යනු සන්නයයි. (පුන + ණා + ති ) බොහෝ විට දේශකයන් මෙන්ම අවිධිමත් පොත් ලියන්නන්ද “හදයං පුනාතීති පුඤ්ඤං” යන්න “හදවත පිනවයි යන අර්ථයෙන් පින නම් වේ” යනුවෙන් වරදවා දක්වයි. ඉහත යෙදෙන “පුන” ධාතුව පවිත්‍ර අර්ථයෙහි යෙදෙයි. පිනවීම අර්ථයෙහි යෙදෙන්නේ “පීණ” ධාතුවයි. එය ව්‍යකරණයේදී (පීණ + ණෙ + ති) යනුවෙන් සන්ධි වේ. එසේ අර්ථ දැක්වීම වරදවා ගැනීම නිසා සෙසු සියල්ල වරදවාගෙන ඇත. එබැවින්ම බුදු දහම දැනගැනීමට පාලි භාෂාව උගත යුතු බව ද පවසන්නෙමු.

Friday, June 27, 2014

Before Doing Meditation

භාවනාවට පෙර දා

මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නොපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහිපැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි!


මේ ධර්ම මාර්ගයේදී ඔබ යම් අවබෝධයක්‌ ලබනවා නම්, ඒ සෑම අවබෝධයක්‌ම ලබනුයේ ඔබ නොදැනුවත්ව නොවේ. සෑම අවබෝධයක්‌ම ලැබෙනුයේ ඥාන දර්ශනයන් සමගින්ය. ඥාන දර්ශන යනු උතුම් සමාධි ඵලයකදී දර්ශනයන් දකිමින් ලබන්නාවූ අවබෝධඥානයයි. මෙම ඥාන දර්ශනයන් යමෙක්‌ ජීවිතයේ දකින්නේ එක්‌ අවස්‌ථාවකදී පමණි. එම අවස්‌ථාවේදී භික්‍ෂුව එම ඥානය පිළිබඳව අවබෝධය ලබා අවසන්ය. ඉන් අනතුරුව ඕනෑම අවස්‌ථාවක එම ඥාන දර්ශනය සිහියට නගාගත හැකිය. ඒ ජීවිතයේ කොටසක්‌ බවට පත්වී අවසන්ය. මේ නිවීමේ මෙහෙයුමේදී භික්‍ෂුවක්‌ තුළ කාම, රූපී, අරූපි භවාත්‍රය පිළිබඳ අනිත්‍ය සංඥාවන් සතරසතිපට්‌ඨාන ධර්මතාවයන් වශයෙන්මයි වැඩෙන්නේ. 

මනුෂ්‍ය ලෝකය, දිව්‍යතල, බ්‍රහ්මතල මනසින් පීර පීරා බලනකොට මුලින්ම රූපයේ අසුභයමයි, මරණානුස්‌සතියමයි, සත්වයාගේ ජරා, ව්‍යාධි, මරණ ලක්‍ෂණමයි පෙනෙන්නේ. මිනිස්‌ රූප, ස්‌ත්‍රී පුරුෂ රූප, විවෘත කොට මනසින් බලමිනුයි නුවණින් මෙනෙහි කරන්නේ. ඕනෑම මිනිස්‌ රූපයක්‌ පමණක්‌ නොව, දිව්‍ය, බ්‍රහ්ම රූපයක්‌ පවා අට්‌ඨික සංඥාවෙන් දකින්න. අට්‌ඨික සංඥාව විනිවිදගොස්‌ දුහුවිල්ලක්‌, ගින්දරක්‌, සුළඟක්‌ ලෙස රූපයේ අනිත්‍යභාවය දකින්න එම භික්‍ෂුව තුළ විදර්ශනා ඥානය වැඩිලයි තියෙන්නේ. 

Who hasn't Experienced hell

සතර අපා දුක්‌ නොවින්ද කව්රුනම් ලොවේ සිටිත්ද


මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නොපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහිපැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි!


වර්තමානයේ ඔබට ඇසෙන දකින දේවල් තුළ සංසාරයේ බිය වසා දමලයි තිබෙන්නේ. ඕනෑම මනුෂ්‍යයෙක්‌ මියගියහම නැවත උපදින්නේ දිව්‍යලෝකයේමයි, මනුෂ්‍යයන් අතරමයි කියන දැක්‌ම සමාජයේ මුල් බැසගෙන තිබෙන්නේ. එසේත් නැතිනම් සුදු ඇඳුමක්‌ ඇඳගෙන තම මියගිය ඥාතියාව සිහිනෙන් දැක්‌කාය කියන දවල් හෝ රාත්‍රී සිහිනයකට මේ උතුම් හේතුඵල ධර්මයේ අර්ථය හීනකොට තිබෙනවා.

අවමංගල්‍ය නිවස ඉදිරිපිට එල්ලා ඇති 'නිවන් සැප ලැබේවා' කියලා සඳහන් බැනර දකිනකොට, නිවන් අවබෝධය කියන කාරණය සමාජය විසින් මොනතරම් සුළුකොට, ලඝූකොට දකිනවාද යන්න පැහැදිළියි. සමාජයේ බහුතරයක්‌ පිංවතුන් තම ඥාතිවරයෙක්‌ මියගිහයම, පංශුකූල පිංකමෙන්, එසේත් නැතිනම් හත් දවසේ පිංකමෙන් තම මියගිය ඥාතියාට ආශ්චර්යමත් උපතක්‌ ලබාදීමට උත්සාහ කරනවා. මේ කටයුත්ත වැඩිපුරම සිද්ධවෙන්නේ මළගෙදර ගුණකථනය කරන මහත්වරුන් අතින්. පිංවත් ඔබ, ඔබගේ මියගිය ඥාතිවරයෙක්‌ සුදු ඇඳුමක්‌ ඇඳගෙන ඔබ ඉදිරියේ සිහිනයෙන් පෙනී සිටියහොත් මොන තරම් ආශ්වාදයකින් ද ඒ පිළිබඳව කථා කරන්නේ. එක පැත්තකින් එය ඇත්තෙන්ම සිහිනයක්‌. අනෙක්‌ පැත්තෙන්, සුදු ඇඳුමක්‌ ඇඳගෙන සිටියත්, ඉහත ස්‌වභාවය පරදත්ත රූප ජීවී ප්‍රේතයෙක්‌ හෝ ප්‍රේතියක්‌.

Maithree Wedeema

මෛත්‍රී භාවනාව කියන්නේද අතහැරීමකි


මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නොපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහිපැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි!



භාවනා කරන බොහෝ දෙනෙක්උපාදානය කියන කාරණයේ බරපතළ බව නොසිතන බව පෙනෙනවා. උපාදානයේ තිබෙන අනතුර තේරුම් ගැනීමට පිංවත් ඔබ සියුම්ව ඔබේ ජීවිතය දෙස බැලිය යුතුවෙනවා

ඔබ පසළොස්වක පොහොය දවස ගැන සිතන්නකෝ. ලක් කීයක්පිංවතුන් එදාට සිල්සමාදන් වෙනවාද? විහාරස්ථානවල. නමුත් මේ පිරිසෙන් කීයෙන් කීදෙනාටද පුළුවන් පසුදා උදෑසන දක්වා සිල් පවාරණය නොකොට විහාරස්ථානයේම නවතින්න. සවස හතර වනවිට ගෙදර පිළිබඳ උපාදානය සකස්වෙනවා. පිංවත් ඔබට පුළුවන්ද එක දවසක්ගෙදර අතහැරලා පිට ප්‍රදේශයකට ගොස්ඉන්න. ඔබට පුළුවන්ද සතියක්ඔබේ ඥාතීන්ගෙන්, ගෙදරින්, ව්‍යාපාරයෙන් මිදිලා වන්දනාගමනක්යන්න. භාවනා වැඩසටහනකට යන්න. උත්තරය 'බැහැ'නම් ඔබ සිතන්න ක්ෂණිකව ඔබ මියගියහොත් කෙසේනම් ඉහත උපාදානයන් අතහැරගන්නද? කියලා. ඔතැනට තමයි, භවය සකස්කරන උපාදානය කියන්නේ
.

Can be Bettor Tomorrow for endless World?


නිමාවක්‌ නැති ලොවක අදට වඩා හොඳ හෙටක්‌ කොයිද?




මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නොපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහිපැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි!


ලෝකය නොනවතින ගමනක යනවා. ලෝකයාගේ මේ ගමන දැනුමෙන්, හැකියාවෙන්ගෙන්, නවතම සොයාගැනීම් වලින් පරිපූර්ණ එකක්‌. පසුකරන සෑම කඩ ඉමක්‌ම අලුත් දෙයක්‌ ලෝකයට ඉදිරිපත් කරනවා. ලෝකයාට ඉදිරිපත් කරන තාක්‍ෂණයේ ප්‍රගතිය තුළින් ජනතාවට ප්‍රයෝජනයක්‌, පහසුවක්‌ තාවකාලිකව උදාකරනවා. නමුත් ඒ පහසුව තුළින් ඉතිරිවෙන විවේකය මනුෂ්‍යයා යොමුකරගන්නේ තව තවත් අවිවේකී දිශාවන්ටමයි. තාක්‍ෂණය මාරයා වශයෙන් හඳුනාගෙන තාක්‍ෂණය නිසාම ඔබට ලැබෙන කාලයේ ඉතිරිය මාරයාට එරෙහිව තම ධර්ම මාර්ගය ශක්‌තිමත් කිරීමට යොමුකර ගැනීමට අපි දක්‍ෂවිය යුතුයි. එක පර්යේෂණාගාරයක මනුෂ්‍යයාගේ ආයුකාලය වැඩිකරගැනීමට ඇත. හැකියාව ඖෂධවලින් සොයනවිට තවත් විද්‍යාගාරයක මස්‌ පිණිස ඇති කරන සතුන් ඉක්‌මනින් තර කොට මැරීමට අවශ්‍ය ක්‍රමවේදයන් සොයනවා. මේ කිසිවෙක්‌ මනුෂ්‍යයා මරණින් පසු ඌරෙක්‌, හරකෙක්‌, එළුවෙක්‌, බැටළුවෙක්‌, කුකුලෙක්‌ වෙන්නේ ඇයිද? කියලා සොයන්නේ නැහැ.

See the World through Wisdom (ප්‍රඥාවේ ඇසින් අත්දුටු ලොව්තුරා ධර්මයේ ආශ්චර්යය)






ප්‍රඥාවේ ඇසින් අත්දුටු ලොව්තුරා ධර්මයේ ආශ්චර්යය
 

මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නොපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහිපැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි!

මේ ලොව්තුරා අසිරිමත් ධර්මය පිංවත් ඔබට ලෝකය විනිවිද දැකිය හැකි ධර්මයක්‌. එලෙස ලෝකය විනිවිද දකින්නේ විද්‍යාගාර, පර්යේෂණාගාර තුළදී නොව, පංචනීවරණයන් යටපත් වූ ඔබගේ ප්‍රභාෂ්වර සිත තුළින්මය. මස්‌ ඇසෙන් දකිනා ලෝකය මෝහයයි. ප්‍රඥාවේ ඇසින් දකිනා ලෝකය යථාර්ථයයි. ශීලයේත් සමාධියේත් ඵලයෙන් උපදින ප්‍රඥාවේ ඇස, මංමුලා වූ ලෝකයෙන් ඔබ්බට භව නිරෝධය දෙසට පාර පෙන්වන ආලෝකයයි.

භික්‍ෂුව සමාධියෙන් පසුවන විට අරමුණු නොකරම ඒ ආලෝකය ඔස්‌සේ අපූරු දර්ශනයක්‌ දර්ශනය විය. එය පිටසක්‌වල ජීවීන් පිරිසකගේ කියලයි භික්‍ෂුව අනුමාන කරන්නේ. ඒ කියන්නේ එය පිටසක්‌වල දර්ශනයක්‌. භික්‍ෂුවට දර්ශනය වන තැන බොහෝම ආලෝකවත් ස්‌ථානයක්‌. අක්‌කර දහයක පමණ භුමි ප්‍රදේශයක්‌ දර්ශනය වුණා. ගහකොළ කිසිවක්‌ පෙනෙන්නට තිබුණේ නැහැ. වැඩි උස නොවූ කෙටි ගොඩනැගිලි කිහිපයක්‌ තිබුණා. මේවා පෙට්‌ටි හැඩයටයි තිබුණේ. කෘත්‍රිම ද්‍රව්‍යවලින් තනපු බවකුයි පෙනුණේ. එම ස්‌ථානය ළමා උද්‍යානයක්‌, ළමා පාසලක්‌ වගේ තැනක්‌. කළු සහ සුදු පැහැති අඟුටුමිටි ළමයින් 25 ක්‌ පමණ එතැන සිටියා. මේ හැම දරුවෙක්‌ම උපරිම අඩි 2 ක්‌ පමණ උස ඇති. සියලුම දරුවන් දේහ ප්‍රමාණයෙන් එක වගේ. මේ දරුවන් බොහොම කඩිසර වේගවත් ඉරියව් දැක්‌වුවා. සෑම දරුවෙක්‌ම එක සමාන වර්ණවත් ඇඳුම් ඇඳගෙන සිටියා. තද දම් පැහැති කෙටි කලිසමක්‌, රතු පැහැයට හුරු රෝස පැහැති උඩුකය බැනියමක්‌. එය මහත නූලෙන් ගෙතු ඇඳුමකි. එහි කොටුවෙන් කොටුව හිදැස්‌ ඇත. බැනියමේ පසුපස ගෙතු පටි දෙකක්‌ හරහට එල්ලෙමින් තිබිණි. සියලුම අඟුටුමිටි ළමයින් එකම ස්‌වභාවයේ ඇඳුම් මෝස්‌තර දරාගෙන සිටියහ. ස්‌වීටර් මහන රෙදි වර්ගයේ වැනි රෙදිවලිනි කෙටි කලිසම නිර්මාණය වී තිබුණේ. එම ඒකාකාරී ඇඳුමත්, දරුවන් සියලුදෙනා එකම ප්‍රමාණයේ වීමත්, ඔවුන්ගේ කඩිසරභාවයත් නිසා එය අපූරු චිත්‍රයක්‌.

Thursday, June 26, 2014

Sansaara Biya - 01 (සංසාර බිය - 01)


බමුණා මිථ්‍යාදෘෂ්ඨික කෙනෙක්‌ වුවත් මරණානුස්‌සතිය කියන කාරණය වඩලා තිබෙන කෙනෙක්‌. ඒ කියන්නේ තමා මැරෙනවාය කියල දන්න කෙනෙක්‌. තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් තොරව මරණානුස්‌සතිය වැඩීම නිසාම සංසාර බිය උදෙසා නොවේ මේ බමුණාට මරණානුස්‌සතිය වැඩුනේ මරණය තුළිනුත් ආශ්වාදයක්‌ සෙවීමේ අරමුණ ඇතිවයි මරණානුස්‌සතිය වැඩිලා තිබුණේ. මරණයට පෙර මරණය ආශ්වාදයක්‌ කරගන්න මනුෂ්‍යයෝ ඕනෑ තරම් සමාජයේ සිටිනවා. මරණය ආශ්වාදයක්‌ කරගන්නා තැනත්තා මැරිලා ඉපදෙනවාය කියන කාරණය දකින්නේ නැහැ. එයා මරණය කියන කාරණය දකින්නේ නැහැ. එයා මරණය කියන කාරණය ළඟ නවතිනවා. මේකම බුදුරජාණන් වහන්සේ 'විභව තන්හාව' කියලා කියනවා. නැවත උපතක්‌ නැහැය කියන විශ්වාසයයි ඔහු තුළ තිබෙන්නේ. ඔහු සිතනවා මරණින් පස්‌සේ සියල්ල ඉවරයි කියලා. ඒ නිසාම ඔහු මරණය ආශ්වාදයක්‌ කරගෙනමයි මැරෙන්න හදන්නේ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටින කාලයේ එක්‌තරා වස්‌තු සම්පත් ඇති සශ්‍රීක බමුණෙක්‌ ජීවත් වුණා. මේ බමුණාට කාටවත් ඇතිනොවන විදිහේ අශාවක්‌ ඇති වුණා. ඒ ආශාව තමයි තමන් මැරුණාට පසුව කිසිම සත්වයෙක්‌ වළ නොදැමූ බිමක තමාගේ දේහය මිහිදන් කළ යුතුයි කියන ආශාව.

Sansaara Biya - 02 (සංසාර බිය - 02)


බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුළු දඹදිව තිබෙන කෝටු කැබලි එක ගොඩක්‌ ගසලා ඒ සෑම කෝටු කැබැල්ලක්‌ම ඔබේ ඇඟිල්ලේ ප්‍රමාණයට කඩන්න කියනවා. දැන් මේ කෝටු කැබැල්ල, කෝටු කැබැල්ල අයින් කරන්න කියනවා. මේ මගේ මේ ජීවිතේ අම්මා, මේ මගේ අම්මාගේ අම්මා, වශයෙන් ඔබේ පරපුර දියනොවී තිබියදීම කොටු කැබලි ප්‍රමාණය ඉවර වෙනවා කියලා. මෙසේ මැරෙමින් ඉපදෙමින් පැමිණි ගමනේදී මනාප දෙයින් වෙන්වීමට සිදුවෙලා, අමනාප දෙය සමග එක්‌වීමට සිදුවෙලා නෙතින් ගලාගිය කඳුළු මහා සාගරයේ ජලයට වැඩියි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ මහ පොළවේ ඇති පස්‌ සියල්ලම වෙරළු ගෙඩි තරමට ගුලි කරන්න කියලා. එහෙම ගුලි කරලා එක්‌ වෙරළු ගෙඩි ප්‍රමාණයේ පස්‌ ගුලිය ගුලිය අයින් කරන්න කියනවා. මේ මගේ ගෙවී ගිය එක කල්පයක්‌. මේ මගේ ගෙවී ගිය දෙවැනි කල්පය, මේ මගේ ගෙවී ගිය තුන්වෙනි කල්පය කියලා. වෙරළු ගෙඩි ප්‍රමාණයේ පස්‌ ගුලි ඉවර වෙනවා. ඒත් තමා ගෙවාගෙන පැමිණි කල්ප ප්‍රමාණය ඉවර වෙන්නෙ නැහැ කියලා.

මේ සංසාරේ ගැඹුර පිංවතුන්ලා කමටහනක්‌ කරගන්න. මේවා නුවණින් මෙනෙහි කරමින් සංසාර බිය සකස්‌ කරගන්න. ප්‍රඥාව කියන කාරණය ආලෝක පුජා තුළින්, විදුලි පන්දම් පූජාව තුළින් ඇති වන්නේ නැහැ. ඔබ තුළ ප්‍රඥාව මෝදුවෙන්න නම් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන්න ඕන. සද්ධර්ම ශ්‍රවණය සිද්ධවෙන්න ඕන. ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහිකරන්න ඕන. එවිටයි පිංවත් ඔබ තුළ ප්‍රඥාව ඇතිවෙන්නේ.

Value of the human birth (මනුෂ්‍යත්වයක් ලබා ගැනීමේ වටිනාකම)

Inline images 1



ඔබ අපි කවුරුත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ සද්ධර්මය අහන්න තරම් මහා වාසනාවක් ලබා තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පාල දීර්ඝ කාලයක් ගත වී තිබෙන නමුත්, ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්, පරම පිවිතුරු නිවන් මඟ ඉගෙන ගෙන ඒ නිවන් මඟ පුරුදු කිරීමේ ලාභය, භාග්‍යය අද දක්වා ම දෙවි මිනිසුන් උදෙසා ඉතිරි ව තිබෙනවා. ඒනිස යි අපි ප‍්‍රකාශ කළේ අපි ඉතාමත් භාග්‍යවන්ත කාලයක ඉපදී තිබෙන බව. බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාල බොහෝ කාලයක් ගතවෙලා තිබුණත් ඒ ශාසනයෙන් පිහිටක් ලබන්නට අපට පුළුවන්කම තිබෙනවා. අපිට සතුටුවෙන්ට පුළුවන් මනුස්ස ජීවිතයක් ලැබුණා කියලා. ඒ වගේ ම ඒ මනුස්ස ජීවිතය තුළ දී බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුණ ගැසුනා කියලා අපට සතුටුවෙන්ට පුළුවන්කම තිබෙනවා.

Tuesday, July 10, 2012

Human beings are at a Critical point due to the Over Consumption


අධි පරිභෝජනය නිසා ලෝකයම අවදානමකට පත්වෙලා

විචිත්‍ර ධර්ම කථික පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි

පසුබිම් කතාව
සැවැත් නුවර විසූ එක් කුල දරුවකු සසුන් ගත විය. ඒ නම තරුණ වියේ දී පියා මහලුව අසනීප විය. මිය යන්නට ආසන්න මොහොතේ පැවිදි පුතු දැකීමට ආශා වූ පියා උන්වහන්සේ ගෙන්වා සතුටු වන්නේ. සිවුරු පිරිකර ගැනීම සඳහා බාල පුතුට මසු සියයක් දෙන්නේ ය. බාල පුතු ද සිය පැවිදි සොහොයුරාගෙන් ඒ මසු සියයෙන් ගැනීමට අවශ්‍ය සිවුරු පිරිකර මොනවාදැයි ඇසුවේය. දැනට කිසිත් වුවමනා නොවන බව පැවසූ උන්වහන්සේ නැවතත් ආරාමයට වැඩියහ.
මසු සියය ගැන ඇසීමක් හෝ බැලීමක් නැතිව ටික කලක් ගත විණි. පසුව ඒ තරුණ නම පැවිදි දිවියේ උකටලී විය. ‘මෙසේ පිඬු සිඟා දිවි රැක්ම මට තරම් නොවන්නේය. මසු සියය ගෙන සිවුරු හරිමි’ යි සිතමින් කල් ගෙවී ය. මහණකම් පිරීම ගැන කිසිදු බලාපොරොත්තුවක් නොවීය. ඒ නම ගේ ඇදුරුතුමන්ට ද මේ බව සැල වී කලකිරීම මඟ හැරවීමට වෑයම් කළත් එය නිෂ්ඵල විය. සිවුරු හැරීම ගැනම ඒ නම ගේ සිත පෙලඹී ය.
බුදුරජාණන් වහන්සේට ද මේ තරුණ නම ගැන සැල විය. උන්වහන්සේ මෙසේ උකටලී වීමට කරුණු විමසා කහවණු වැස්සෙන් ද මිනිසාට ආසාවෙහි සෑහීමක් නැති බව පවසා මෙහි සඳහන් ගාථා ධර්මය දේශනා කොට වදාළ හ.
පැවිදි දිවියට එළඹි තරුණ නමක් වෙනුවෙන් දේශනා කළ ද මේ ගාථා රත්නයෙන් ගිහියා ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට ලැබෙන්නේ ඉතා වටිනා ආදර්ශයකි.
මිනිසා සිය අතෘප්තිකර ආශාවන් පසුපස හඹා යාමේ දී තමන් ගැන මිස අනුන් ගැන සිතන්නේ නැත. මානව හිතවාදී වන්නේ නැත. ගහ කොළට, සතා සීපාවාට හිතවාදී වන්නේ නැත. ඔහු ගේ උත්සාහය කුමන හෝ මාර්ගයකින් තම අභිමතාර්ථය සපුරා ගැනීම ය.
ගංගා ඇළ දොළවල ජලය අපවිත්‍ර වීම, මහා වනපෙත් වියළි කාන්තාර බවට පත්වීම, වායුගෝලය දූෂණය වීම ආදී අනේක විධ විපර්යාසයන් එහි භයානක ප්‍රතිඵලයන් ය. තමන් ගේ බලය පතුරුවා හැරීමට ඕනෑම මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තරම් පසුබට නොවන බවට අප ජීවත්වන සමාජයෙන් කොතෙකුත් උදාහරණ සොයා ගැනීම අපහසු නොවේ. අද මිනිසාට අත් විඳින්නට සිදුවන, ඉතා කටුක ස්වභාවික විපත් බහුලය. තමන් විසින් කරන ලද නොමනා ක්‍රියාවන් ගේ අහිතකර ප්‍රතිඵලවලට මිනිසාට මුහුණ දෙන්නට සිදු වී තිබේ.

Monday, September 26, 2011

Save for your life




 පසුගිය ලිපියෙන් මේ පින්වතුන්ට කියා දුන්නා සම්මා දිට්ඨිය උපදවා ගැනීමට සිත පිරිසිදු විය යුතු බවත් සිත පිරිසිදු වෙන්ට නම් සීලය පරිපූර්ණ විය යුතු බවත්. සීලය පරිපූර්ණ වෙනව කියල කියන්නේ සීලය පිරිහෙන් නැති විදිහට දියුණු කර ගැනීමටයි. ඒ විදිහට සීලය පරිපූර්ණ කරගන්ට නම් සේඛ බල පරිපූර්ණ කරගත යුතු ආකාරයත් විස්තර කරල දුන්න. එතකොට මේ සේඛ බල කියන උතුම් ගුණයන් මිනිසකුගේ ජීවිතයට කොතරම් රැකවරණයක් ආරක්ෂාවක් උපදවල දෙනවද කියල මේ පින්වතුන්ට දැන් වැටහෙනව ඇති. ඒ සේඛ බල වලින් තමයි සියලු ම කුසල් ඇති කර ගන්ට අපිට බලය ඇති කරල දෙන්නේ. හරියට ගොඩනැගිල්ලක පදනම වගේ. විශාල ගොඩනැගිලි ඉදිකරල තියෙන්නේ පදනම මත. නමුත් ඒක පිටතට පේන්නේ නෑ. පේන්නෙ නැති එක ගැන නොසලකා හැරියොත් අපිට දිගු කල් පවතින ගොඩනැගිල්ලක් හදාගන්ට බෑ. ඒ විදිහට ඒ වඩා වටින දේ, ඉතාම වටිනා දේ නොසලකා අපි පෙනෙන දේ විතරක් කරන්ට ගියොත් මොකක්ද වෙන්නේ? එයා ටික කලක් හදයි. බලන අයත් හිතයි මෙයා නම් ලොකු ගොඩනැගිල්ලක් හදන්නයි සූදානම කියල. නමුත් හදාගෙන යන අතරම ඒක කඩාගෙන වැටෙනවා. ඇයි ඒ? ඒ බර උහුලන්ට බලයක් නෑ. අන්න ඒ වගේ අපට පිටතට පෙනෙන දේ ගැන යම් සැළකිල්ලක් දක්වනවා නම් ඊට වඩා ලොකු සැළකිලිමත් බවක් අපි ඇතිකරගත යුත්තේ නොපෙනී තිබෙන දේ ගැනයි. කෙනෙකුට පෙනෙන දේ තමයි අපි ඉඳගෙන භාවනා කරනවා. එහෙම නැත්නම් අපි දේශනා ගොඩාක් ඉගෙනගෙන තියෙනවා. සමහර විට අපිට ධර්ම කථාවකට ගියාම විවිධ විදිහට කරුණු දක්වමින් කියන්ට පුළුවන්කම තියෙයි. කෙනෙක් යමක් ඇහුවොත් ‘අර දේශනාවේ මෙහෙමයි තියෙන්නේ, මේ දේශනාවේ මෙහෙමයි තියෙන්නේ’ ආදී වශයෙන් අපට සමහර විට කියන්ටත් පුළුවන් වෙයි. නමුත් ඒක පිටතට පෙනෙන දෙයක්. එපමනකින් අපි සෑහීමකට පත් නොවිය යුතුයි. පෙනෙන දෙයින් විතරක් සෑහීමකට පත් වුනොත් අපි අර නොපෙනෙන දේ නොසලකා හැරල. නමුත් අපේ මුලු ප‍්‍රතිලාභයම සුරැකෙන්නේ දියුණු වෙන්නේ කුමක් මතද? අර ලෝකයට නෙපෙනෙන පෙන්වන්ට බැරි අභ්‍යන්තරයේ පවතින බලය මත. ඒ මත ම යි අපේ අධ්‍යාත්මික ජීවිතය මුළුමනින්ම ගොඩ නැගෙන්නේ. කුමක්ද ඒ බලය? ශ‍්‍රද්ධාව, හිරි, ඔත්තප්ප, වීරිය, ප‍්‍රඥා කියන සේඛ බල. මෙය එතරම්ම වැදගත් දෙයක් නිසා තමයි බහුළ වශයෙන් මේ ගැන සඳහන් කළේ. ගොඩනැගිල්ල හදන්ට කලින් හොඳට පදනම දමා ගත්තොත් බය නැතුව ඒක උඩට ඕනැ තරම් උස ගොඩනැගිල්ලක් හදන්ට පුළුවන්කම ලැබෙනවා. අපිට දහම් දැනුම ලැබුනහම ඒ දහම් දැනුම අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ මොකෙන්ද? සේඛ බලවලින්. දහම් දැනුමෙන් අපේ ජීවිතයට ලබාගත යුතු උපකාරය කුමක් ද? මොකට ද මේ දහම් දැනුම අපි රැස් කරන්නේ? අපි තුළ යම් තාක් අකුසල් තියනවා නම් ඒ අකුසල් ඔක්කොම බැහැර කරන්ටත් යම් කුසල් තියෙනවා නම් ඒ කුසල් පුරුදු කරගෙන පරිපූර්ණ ගන්ටත් තමයි දහම් දැනුම තියෙන්නේ. එහෙනම් අපි ධර්මය ඉගෙන ගත්ත පමණින්ම අකුසල් ප‍්‍රහාණය වීමත් කුසල් උපදවා ගැනීමත් ඉබේ සිදු වෙන්නේ නෑ. අකුසල් ප‍්‍රහාණය වෙලා, කුසල් උපදවා ගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ මොකෙන් ද? සේඛ බල පුරුදු කර ගැනීමෙන්. එහෙනම් සේඛ බල උපදවාගෙන සේඛ බල පුරුදු කර ගත්තොත් සේඛ බල පරිපූර්ණ කර ගත්තොත් අන්න එතකොට එයාට සීලය රැක ගන්ට පුළුවන්. සීලය පරිපූර්ණ කර ගන්ට පුළුවන්. සීලය පරිපූර්ණ වුන කෙනා තුළ පසුතැවෙන ස්වභාවය නෑ. සිත පිරිසිදු වෙනවා. අන්න ඒ පිරිසිදු සිතෙන් ‘මේ තමයි දුක‘ කියල අවබෝධ කරන්ට පුළුවන්.‘මේ තමයි දුකට හේතුව‘ කියල අවබෝධ කරගන්ට පුළුවන්. ‘මේ තමයි දුකේ නැතිවීම‘ කියල අවබෝධ කරගන්ට පුළුවන්. ‘මේ තමයි දුක නැතිවෙන මාර්ගය‘ කියල අවබෝධ කරගන්ට පුළුවන්. එතකොට ඒ පිරිසිදු සිතින් ආර්ය සත්‍යය විමසන කොට යම් කල කදී එයාට වැටහීමක් ඇතිකර ගන්ට පුළුවන් දුක කියන්නේ ආර්ය සත්‍යයක්ම යි, දුකේ හට ගැනීමත් ආර්ය සත්‍යයක් මයි, දුක නැති වීමත් ආර්ය සත්‍යයක් මයි, දුක නැති කිරීමේ මාර්ගයත් ආර්ය සත්‍යයක්ම යි කියල. සිත පිරිසිදු නැති වුනත් ආර්ය සත්‍යය ඉගෙන ගන්ට අපිට පුළුවන්. පාඩම් කර ගන්ට අපිට පුළුවන්. පාඩම් වූ පමණින්ම ඒක අවබෝධය නොවෙයි. සමහර අයට පාඩම් තියෙන කොට ඒක අවබෝධය වගේ හිතෙන්ට පුළුවන්. රැවටෙන්න පුළුවන්. නමුත් අපිට සැබැවින්ම අවබෝධයක් ඇතිවෙනව නම් ඇතිවෙන්නේ සීලය පරිපූර්ණවෙලා සිත පිරිසිදු වීමෙන්. අපි මේ ආකාරයට මාර්ගය ගැන වැටහීමකින් කටයුතු කරන අය බවට පත් වෙන්ට ඕනැ. එතකොට අපි නොමග යන්නේ නෑ. එහෙම නැත්නම් අපි නොමගට වැටීමේ ඉඩකඩක් තියනවා. නොමගට ගියොත් මොකද වෙන්නේ? අපි ප‍්‍රමාදයට වැටිල නේද? අපිට ධර්ම අවබෝධයට තියෙන අවස්ථාව අහිමි වෙනවා. එතකොට අපි ගැටළුවක් නෑ කියල හිත හිතා ඉන්නවා. ඇත්තෙන්ම ප‍්‍රශ්නෙ විසඳිලා නෑ. එතකොට යම් කලකදී අකුසල් මතුවෙලා එනකොට අපිට ඒවාට මූණ දෙන්ට බැරුව යනවා. ඒවායෙන් ඇතිවන දුක් පීඩා උහුල ගන්ට බැරුව යනවා. ප‍්‍රමාදයට ඇදගෙන වැටුනොත් අපිට වෙන්නේ ඒකයි. එතකොට ප‍්‍රමාදය වළක්වගන්ට නම් අපි මේ නිවන් මාර්ගය පුරුදු වෙන ආකාරය ගැන හොඳ දැනුමක් ඇතිකර ගන්ට ඕනැ. හොඳට මතක තියා ගන්න සේඛ බල පුරුදු කර ගැනීමෙන් සීලය පරිපූර්ණ කර ගන්ට පුළුවන්. සීලය පරිපූර්ණවීමෙන් සිත පිරිසිදු වෙනවා. සිත පිරිසිදු වීමෙන් සම්මා දිටිඨිය උපදිනවා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ සීලය පිරිසිදු වීමෙන්මයි සිත පිරිසිදු වෙන්නේ, සිත පිරිසිදු වීමෙන්මයි දැකීම වඩා හොදින් පිරිසිදු වෙන්නේ. ඒ කියන්නේ සීල විසුද්ධිය ඇතිවීමෙන් තමයි චිත්ත විසුද්ධිය ඇතිවෙන්නේ. චිත්ත විසුද්ධිය ඉපදුන කෙනාට තමයි දිට්ඨි විසුද්ධිය ඇතිවෙන්නේ. ඒ විදිහටයි මාර්ගය දියුණු වෙන්නේ. එහෙනම් අපි ගොඩාක් උනන්දුවෙන් සීලය පිරිසිදුකර ගැනීම පිණිස සේඛ බල පුරුදු කරගත යුතුයි. සේඛ බල ඇති කර ගන්න කෙනා සිල්පද හොදින් රැක ගන්ට මහන්සි වෙනවා. සිල්පද පරිපූර්ණ වශයෙන් හොඳට රැක ගන්ට නම් අපි තුළ ඉන්ද්‍රිය සංවර සීලයත් ඒ වගේම සති සම්පජඤ්ඤ සීලයත් හොඳින් පුරුදු කර ගන්ට ඕනැ. සිල් පද ටික සමාදන් වෙලා රැක ගන්ට ඕනැ. එතකොට සමාදන් වූ සිල් පදවලට කියනව ආර්ය වූ සීලස්කන්ධය කියල. සති සම්පජඤ්ඤයට කියනවා ආර්ය වූ සතිසම්පජඤ්ඤ සීලය කියල. ඉන්ද්‍රීය සංවරයට කියනවා ආර්ය වූ ඉන්ද්‍රිය සංවර සීලය කියල. මෙන්න මේ තුන් ආකාරයෙන්ම සීලය පුරුදු කරන කෙනා තුළ තමයි සිල්පද ටික ආයෙ බිඳ වැටෙන්නේ නැති විදිහට පරිපූර්ණ දෙයක් බවට පත් වෙන්නේ. එසේ සීලය පරිපූර්ණ වෙන්ට කාරණා කීයක් සම්පූර්ණ වෙන්ට ඕනැද? සිල්පද රැකෙන්ට ඕනැ. සිල්පද සමාදන් වෙලා පුරුදු කර ගන්ට ඕනැ. සති සම්පජඤ්ඤය පුරුදු කර ගන්ට ඕනැ. ඉන්ද්‍රිය සංවරය පුරුදු කර ගන්ට ඕනැ. හොදට මතක තියා ගන්න එතකොට මේ තුන් ආකාරයටම සීලය ආරක්ෂා කර ගන්නට ඕනැ. එතකොට මේ අංග තුනම හොඳට පරිපූරණ කර ගත්තොත් එයා තුළ සීලය පරිපූර්ණයි. අන්න ඒ විදිහට සීලය පරිපූර්ණ වුන කෙනා පසුතැවෙන කෙනෙක් නෙමේ. එයාගෙ සිත පිරිසිදුයි. සම්මා දිට්ඨිය උපදවා ගන්ට එයාට පුළුවන්. එතකොට බලන්න ඉන්ද්‍රීය සංවරය ඇති කර ගන්නටත්, සති සම්පජඤ්ඤය ඇතිකර ගන්නටත් බැරි නම් එයා තුළ සිල්පද ආරක්ෂා වෙයිද? ආරක්ෂා වෙන්නේ නෑ. ඉන්ද්‍රීය සංවරය උපදවා ගන්ට අපට උපකාර වෙන්නේ කුමක්ද? දැන් ආපහු සේඛ ධර්ම සිහි කර ගන්න. සේඛ ධර්ම වල තිබෙනවා ශ‍්‍රද්ධාව, හිරි ඔත්තප්ප, වීරිය, ප‍්‍රඥාව. ඉන්ද්‍රිය අසංවරයි කියල කියන්නේ ඇහැට පි‍්‍රය මනාප රූපයක් දැක්කොත් ඒව බලල ඒ සටහන් නිමිති මතක තියා ගන්නවා. ඒව සිහි කර කර ඉන්ට පුරුදු වෙනවා. එතකොට අසංවර වූ ඇසක් එයාට තියෙන්නේ. ඊළගට ප‍්‍රිය මනාප ශබ්ද අහල එහි සටහන් නිමිති සිහි කර කර ඉන්නවා. අසංවර වූ කණක් තියෙන්නේ. එතකොට ඒ විදිහට ප‍්‍රිය මනාප රූප, ශබ්ද, ඝන්ධ, රස, පහස මේවා අහල දැකල ඒ සටහන් මතක තියාගෙන ඒව සිහි කර කර ඉන්න කොට හිතේ රාගය උපදිනවා. හිතේ රාගය ඉපදුනාට පස්සේ එයාට සුව පහසුවක් තියනව ද? නෑ. ඉතාම අපහසුවෙන් වාසය කරන්නේ. රාගයෙන් මත්වුන කෙනා සිල්පද රැක ගන්නේ කොහොම ද? එයාට සිල්පද රැක ගන්ට අමාරුයි. සිල්පද පරිපූර්ණ කර ගන්ට බෑ. බොහෝ වෙලාවට සිල් බිඳිල යනවා. එතකොට ඒ සිල්පද ආරක්ෂා නොවෙන්න මොකක්ද හේතු වුනේ? ඉන්ද්‍රිය අසංවරවීම නේද? ප‍්‍රිය මනාප රූප බලන්න එයා කැමතියි. බලල සටහන් මතක තියාගෙන ඉන්නවා. එක සිහි කර කර ඉන්නවා. ඊළගට ඒ හිතට ආපු අරමුණු ඔස්සේ එයා හිත හිතා ඉන්නවා. දැකපු දේ ගැන, කනට ඇහුන ශබ්ද ගැන හිත හිතා ඉන්නවා. ගද සුවද පි‍්‍රය දේවල් ගැන හිත හිතා ඉන්නවා. පි‍්‍රය මනාප රස ගැන හිත හිතා ඉන්නවා. එතකොට එයා යම් කටයුත්තක් කළත් ඒ කරන කටයුත්ත ගැන නෙමේ එයාට කල්පනාව තියෙන්නේ. අර තමා ප‍්‍රිය කළ දේවල් හිත හිතා ඉන්නවා. එතකොට එයාගෙ හිත පිරිසිදු වෙනව ද? පිරිසිදු වෙන්නේ නෑ. හිතේ රාගය බලවත් වෙනවා. රාගය බලවත් වුන කෙනාට සිල්පද රැක ගන්ට බැරුව යනවා. ඒ වගේම තමයි ද්වේෂය බලවත් වුනොත් ඒත් සිල්පද රැක ගන්ට බැරුව යනවා. මෝහය බලවත් වුනොත් ඒත් සිල්පද රැක ගන්ට බැරුව යනවා. එහෙනම් හිතේ උපදින ඒ රාගය, ද්වේෂය, මෝහය ඉපදිලා ඒව බලවත් නොවෙන විදිහට හිත සංවර කර ගන්ට උපකාර වෙන්නේ ඉන්ද්‍රිය සංවරය, සති සම්පජඤ්ඤය. අන්න ඒ සීලයන් පරිපූර්ණ කර ගන්න කොට සිල්පද ටික රැකෙනවා. එතකොට අපි තුළ ඉන්ද්‍රිය සංවරය පිරෙනවා. සති සම්පජඤ්ඤය පිරෙනකොට ඉන්ද්‍රිය සංවරය පිරෙනවා. එතකොට සිල්පද පරිපූර්ණ වෙනවා. සිල්පද බිඳෙන්නේ නෑ. සිල්පද බිදෙන්නෙ නැති වෙනකොට එයා පසු තැවෙන්නේ නෑ. දැන් පැහැදිලියි නේද? එතකොට ඒ විදිහට ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගන්ටත්, සති සම්පජඤ්ඤය ඇතිකර ගන්ටත් අපට උපකාර වෙන්නේ ශ‍්‍රද්ධාව, හිරි ඔත්තප්ප, වීරිය, ප‍්‍රඥාව කියන සේඛ බල. බුදු රජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයෙක් වුන කෙනා කැමති වෙන්නේ නෑ ප‍්‍රිය මනාප රූප බලල එහි සටහන් මතක තියා ගෙන ඒවා සිහි කර කර රාගය ඇවිස්සිලා ඒ හීන හිතෙන් යුක්තව දුක් විඳින්ට. ඒ ශ‍්‍රාවකත්වයට කැමති කෙනා තුළ තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම. භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහාගත්ත කෙනා ඒ ගැන සිහි කරනවා. එතකොට එයා තුළ අර හීන ස්වභාවයට අකමැත්ත ඉපදෙනවා. එතකොට හිරි ඔතප් ඇතිවෙනවා. අන්න ඒ පි‍්‍රය මනාප රූප බලල ඒ සටහන් මතක තියා ගන්න ස්වභාවයට අකමැතියි. එයා හිතනවා මට මේක ගැලපෙන්නේ නෑ කියල. මේ හිත හීන විදිහට හිත ලාමක ස්වභාවයට ඇද වැටෙන හීන දේ මට ගැලපෙන්නේ නැ කියල කල්පනා කරනවා. එයා ඒ ප‍්‍රිය රූප බලල නිමිති මතක තියා ගන්න ස්වභාවය අතහැරල දානවා. එතකොට එයාට සිහි කර කර ඉන්න ප‍්‍රිය නිමිති නෑ. දැන් යම් කෙනෙක් ප‍්‍රිය රූප බලල නිමිති හිතේ තිබුනොත් එයාට සිහි කර කර ඉන්ට දෙයක් තියනවා නේද? එසේ ප‍්‍රිය නිමිති සිහි වෙන්ට වෙන්ට එයා තුළ රාගය ඉපදෙනවා. අතිශය දුක්පීඩා විඳින කෙනෙක් බවට පත් වෙනවා. සැපසේ ඉන්ට බෑ. ඒ වගේ දුක් විදින කෙනා ප‍්‍රමාදය තුළ වාසය කරන කෙනෙක්. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවකත්වයට කැමති කෙනා ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහාගෙන ශ‍්‍රද්ධා බලය උපදවා ගන්නවා. එයා භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සිහි කරමින් වාසය කරනවා. එයා ඒ හිතේ හීන ස්වභාවය ඇතිකරවන ඒ ලාමක දේට අකමැත්ත උපදවාගන්නවා. ලැජ්ජාව උපදවා ගන්නවා. භය උපදවා ගන්නවා. එයා හිතනවා මම වගේ කෙනෙකුට මේක ගැලපෙන්නේ නෑ. දුක් විඳින දෙයක්, අපිට අදාල නැති දෙයක් දැකල, ප‍්‍රිය දේ බල බලා නිමිති තියාගෙන මේ ලාමක දේකට අපේ හිත ගොදුරු වෙන්නේ කියල එයා කල්පනා කරනවා. එයා ප‍්‍රිය නිමිති අතහරිනවා. කළක් මෙහෙම පුරුදු කරන්ට කරන්ට එයාගෙ හිතේ ප‍්‍රිය නිමිති නැති ස්වභාවයක් ඇති වෙනවා. ප‍්‍රිය නිමිති නැත්නම් සිහි කරන්න දෙයක් තියනවද? නෑ. එතකොට රාගය බලවත් වෙනවද නෑ. දැන් සිල්පද ආරක්ෂා වෙයිද නැද්ද? ආරක්ෂා වෙනවා. ඇයි එයාගෙ හිතේ ප‍්‍රිය නිමිති නැත්නම් එයාට පාරෙ ගියත් වටපිට බල බලා යන්න ඕනද? එයා දැන් ප‍්‍රිය නිමිති වලට අකමැතියි. ශ‍්‍රද්ධාව හිරි ඔතප් උපදවා ගත්තොත් එයාට ඉන්ද්‍රිය සංවරයයි, සම්පජඤ්ඤයයි දෙක හොඳට පුරුදු වෙන්ට පුළුවන්කම තියනවා. එයාට වීරිය ඉපදෙනවා. ඒ වීරිය ඉපදීමෙන් තමයි ඉන්ද්‍රිය සංවරයත් සම්පජඤ්ඤයත් ඇති කර ගන්නේ. වීරිය නැති කෙනාට ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්ට බෑ. ඇයි එයාගෙ හිත දුවන්නේ පි‍්‍රය මනාප දේවල්වලට. ප‍්‍රිය මනාප දේ බලන්න අහන්න ඒ නිමිති මතක තියා ගන්ට කැමතියි. නමුත් ශ‍්‍රද්ධාව හිරි ඔතප් තියන කෙනා තුළ දුෂ්චරිතයට අකමැත්ත තියන නිසා ඒ දුෂ්චරිතය උපදවල දෙන්න හේතුවෙන පි‍්‍රය නිමිති ගන්ට එයා කැමති නෑ. එයා තමා තුළ නොතිබූ කුසල් ඇතිකර ගන්ට කැමතියි. නොතිබූ කුසලය තමයි ඉන්ද්‍රිය සංවරය. තියන අකුසලය එයා බැහැර කරන්ට කැමතියි. අකුසලය මොකක්ද ඉන්ද්‍රීය අසංවරය. ඉන්ද්‍රීය අසංවරය බැහැර කරනවා ඉන්ද්‍රිය සංවරය පුරුදු කරනවා. ඒකට වීරිය එයාට උපදින්නේ ශ‍්‍රද්ධාව හිරි ඔතප් ඉපදීමෙන්. එහෙනම් හොඳට මතක තියා ගන්න ශ‍්‍රද්ධා, හිරි ඔතප්, වීරිය, ප‍්‍රඥා කියන මේ සේඛ බල අපි උපදවා ගත්තොත් අපේ ජීවිතය පරිපූර්ණ වශයෙන් ආරක්ෂා කර ගන්න අපට පුළුවන්කම තිබෙනවා. ඒ විදිහට ජීවිතය පරිපූර්ණ වශයෙන් ආරක්ෂා කර ගන්ට නම් අපි මේ මොහොතේ පටන්ම ශ‍්‍රද්ධා, හිරි ඔත්තප්ප, වීරිය, ප‍්‍රඥා කියන ඒ උතුම් සේඛ ධර්ම පදවා ගන්ට මහන්සි වෙන්ට ඕන. ඒ උතුම් සේඛ බල උපදවගෙන, බලවත් බවට පත්කරගෙන, බලවත් පුරුෂයන් බවට පත්වීමේ දුර්ලභ භාග්‍යය සියලු දෙනාටම උදාවේවා!
තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

Saturday, September 17, 2011

Sihiya Upadhawagena jeewath wemu

මේ හිතේ තියෙන ස්වභාවය අඳූනගන්ට ගොඩකට අමාරුයි. මේ ගුලිවෙලා තියෙන හිත දිහා බලල "දැන් ඉතින් හරි" කියල හිතනව. හිත කියන එක හරියට නිදාගෙන ඉන්න කොටිය වගේ. ලස්සනයි, ශාන්තයි වගේ පෙනුනට මේ ගුලි වෙලා, හැංගිලා තියෙන හිත ඉතා ම භයානකයි. ඔබට රුස්සන්නෙ නැති එක වචන මාත්‍රයක් පිටවුනොත් හිත කොච්චර ගිනිගයි ද නේද? ශාන්ත ව එලියට පෙනුනට, ඔපේට එලියට පෙනුනට, අභ්‍යයන්තරයේ විෂ සහිතයි, කටු සහිතයි, බිය සහිතයි, ගිනි ජාලවක් වගෙයි. විස යි. භයානකයි. කොයි වෙලාවෙ පුපුරල යයි ද දන්නෙ නෑ. ඒ සා බිහිසුණු යි. ඉතින් ඒ විදිහට තේරුම් ගත්තොත් අන්න එයා සිහියෙන් ඉන්නව. ඇයි ඒ? එයා දන්නව පොඩ්ඩ වැරදුනා නම්, මේ හිත කැළඹෙනව. පොඩ්ඩ වැරදුනා නම්, මේ හිත බිහිසුණු දෙයක් බවට පත්වෙනව. පොඩ්ඩ වැරදුනා නම් මේ හිත විසින් මාව නසනව. පොඩ්ඩ වැරදුනා නම් මේ හිත මාව අමාරුවෙ දානව කියල එයා දන්නව. එයා ඉතාමත් ම සිහි කල්පනාවෙන් වාසය කරනට පුරුදු වෙනව. අන්න ඒ විදිහට තමාගේ ස්වභාවය තමා දැනගෙන වාසය කළොත්, තමන් තුළ උපදිනව ශාන්ත බවක්. ඒ ශාන්ත බව, කලින් තිබ්බ ශාන්ත බවත් එක්ක සමානයි ද? වෙනස් ද? වෙනස්. අන්න ඒ ශාන්ත බව උපදවා ගන්න. ඒ ශාන්ත බව පොඩි දේකින් කැළඹිලා විනාශ වෙන්නෙ නෑ. කලින් තිබ්බ ශාන්ත බව සැනකින් විනාශ වෙනව. සැනකින් බි‍ඳෙනව. සැනකින් ඒක අතුරුදහන් වෙනව. ඇයි එහෙම වෙන්නෙ? මොකක දෝෂයෙන් ද? මොකක් ද ඌනතාවය? සිහිකල්පනාව යි. සිහිකල්පනාව තිබුන නිසා තමයි දෙවෙනියට කිව්ව "ශාන්ත බව" සැනකින් විනාශ නොවෙන්නෙ. එතකොට ඒ සිහිකල්පනාව ඉපදුනේ මොකෙන් ද? තමන්ගෙ ස්වභාවය ගැන තමන් තේරුම් ගැනීමෙන්. ඒකටයි ප්‍රඥාව කියන්නෙ. තමන්ගෙ ස්වභාවය තමන් තේරුම් ගන්නව. එතකොට එයා ආරක්ෂිතයි. තමන්ගෙ ස්වභාවය තමන් තේරුම් ගත්තහම, තමන් සිහිකල්පනාව උපදවා ගන්නව. එයා දන්නව අවදානමක් තියෙනව කියල. එයාට සිහිකල්පනාව උපදිනව. ඊට පස්සෙ එයා ආරක්ෂිතයි. සිහිකල්පනාව උපදවගත්ත කෙනා ඒ ශාන්ත බවට කැමතියි. එයා ඒක නැසෙන්ට දෙන්නෙ නෑ. එයා දන්නව මේ ශාන්ත බව නැසෙන්නෙ මොකෙන් ද? කියල. අන්න ඒ ශාන්ත බව නැසෙන්ට හේතුවන දේ බැහැර කරගන්ට එයා කැමතියි. ඒ විදිහට තමයි ධර්මය කරා යන්ට තියෙන්නෙ. ඒ නිසා හොඳට තමන්ගෙ ස්වභාවය තේරුම්ගන්න. හිතේ ස්වභාවය තේරුම්ගන්න. එතකොට ඔබ නිරායාසයෙන් ම සන්සුන් වෙලා ශාන්තව වාසයකරයි, සිහිය උපදවාගෙන. ඒ නිසා සිහිය උපදවගන්න. සිතට රැකවරණය සිහියෙන් තමයි ලැබෙන්නෙ. සිහිය ඉපදුනහම සිත ආරක්ෂා වෙනව. ඒකයි සිතේ ආරක්ෂාවට තියෙන 'සිහිය' කියල කියන්නෙ. සිත ආරක්ෂා වෙන්නෙ මොකෙන් ද? සිහියෙන් තමයි සිත ආරක්ෂා වෙන්නෙ. මොනවයින් ද, ඒ ආරක්ෂා කරන්නෙ? කෙලෙස් හිතට එන්ට නොදී ආරක්ෂා කරනව. එහෙනම් සිහිය ඉපදෙන්ට ඉපදෙන්ට හිතේ තියෙන අපිරිසිදු බව දුරුවෙනව. දුරුවෙන්නෙ ඇයි? ඒ හිතේ තියෙන යම් කෙලෙස් තියෙනව නම් ඒ කෙලෙස් බලවත් වෙන්නෙ නෑ. ඒව ක්‍රම ක්‍රමයෙන් දිරන්ට පටන්ගන්නව. ඊට පස්සෙ හිතට පිටින් යම් අරමුණු ආදිය එන එක වලකිනව. ඒක තමයි සිහියෙන් කරන්නෙ. ඒ නිසා සිහිය උපදවා ගන්න. සිහිය උපදවා ගත්තොත් ඔබ ධර්මයට පැමිණෙනවාම යි. ඒක වලක්වන්ට කිසියම් ම කිසිකෙනෙකුට බෑ. ඔබ ධර්මයට පැමිණෙන එක වලක්වන්ට බෑ කුමක් වුනොත් ද? සිහිය උපදවා ගත්තොත්. ඒ සා බලවත් වූ සිහිය උපදවගන්ට පුළුවන්නේ කුමකින් ද? තමන්ගේ ස්වභාවය ගැන තේරුම් ගැනීමෙන්. තමන්ගෙ ස්වභාවය ගැන තේරුම් ගත්තොත් එයා සිහිකල්පනාව උපදවා ගන්නව. ඊට පස්සෙ ඉතා සුවපහසු ජීවිතයක් ඇතිකරගන්ට එයාට පුළුවන්කම ලැබෙනව. සියලු දෙනාටම තෙරුවන් සරණයි! පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.

Be happy with Dhamma life...

බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප‍්‍රයෝජනයක් ලබන්ට නම්, ධර්මයෙන් පිහිට පිළිසරණ ලබන්ට නම්, ඒ ධර්මයේ තිබෙන විශ්මිතබව අපිට තේරෙන්ට ඕනැ. මේ ධර්මය විස්මිතයි, අපූරුයි, පුදුමයි, අද්භූතයි කියල අපිට තේරෙනවා නම්, අන්න එයා ඒ ධර්මය අතහරින්නෙ නෑ. එයාට අලූත් ජීවිතයක් ඉපදෙනව. යමෙක් තුළ විශ්මය උපදින්නේ, ඊට කලින් නොදුටු දෙයක්, ඊට කලින් නොඇසූ දෙයක්, ඊට කලින් නොදත් දෙයක් දැක්කහම, ඇසුවහම, දැනගත්තහම. එතකොට අපි ධර්මයක් ඉගෙන ගන්නකොට අපිට තේරෙනවා නම්, ” මේක හරි විශ්මිත දෙයක්, අපි නොදුටු දෙයක් දැක්කා, අපි නොඇසූ දෙයක් ඇසුවා, අපි නොදත් දෙයක් දැනගත්තා” කියල එයා විශ්මයට පත්වෙනව. එයා තුළ මහත් වූ ප‍්‍රමුදිත බව, ප‍්‍රබෝධය හටගන්නව. ඒ මොහොතේ පටන් එයා ඒ ධර්මය අතහරින්නෙ නෑ. ඇයි එයා සතුටු සිතින් ඒ ධර්මය පිළිගත්ත. ඒ ආකාරයෙන් ධර්මය පිළිගත්තොත්, එයාගෙ සිත තුළ ඒ ධර්මයට ලොකු ඉඩක් තියෙනව. එතකොට සිත තුළ ධර්මයට ඉඩකඩ වැඩිවෙන්ට, වැඩිවෙන්ට අකුසලයට ඉඩකඩ අඩුයි. සාමාන්‍යයෙන් ධර්මයට හිත තුළ ඉඩකඩ අඩුයි. එතකොට ඒ හිත තුළ ඉඩකඩ තියෙන්නෙ අකුසලයට. කාපු දේවල් වේවා, බීපු දේවල් වේවා, ඇඳපු දේවල් වේවා, මේවා කල්පනාකර කර, කාමයන් ගැන හිත හිත ඉන්න ස්වභාවයක් තමයි සාමාන්‍ය අයගේ හිත් තුළ තිබෙන්නේ. මේ ආදී ස්වභාවයන්ට තමයි හිතේ ගොඩාක් ඉඩ තියෙන්නෙ. ධර්මයකට තියෙන්නෙ පුංචි ඉඩක්. අපි ඒ ඉඩ පළල් කරගන්ට ඕනැ. මේ හිත තුළ වැඩි ඉඩක් ධර්මයට ලබාදෙන්ට ඕනැ. එබඳු ලොකු ඉඩක් හිත තුළ ධර්මයට ලැබෙන්නේ, ඒ අහන ධර්මය වේවා, කියන ධර්මය ගැන වේවා, මහත් වූ සතුටක් අපි තුළ ඉපදෙනවා නම් පමණයි. දැන් බලන්න අපේ හිත තුළ කාමයට ලොකු ඉඩක් ආවෙ ඇයි? ඒ කාමයන්ගෙන් සතුටුවුන නිසා නේද? පාරෙ යනකොට ලස්සන රූපයක් දැක්ක නම්, ඒ දැකපු රූපයෙන් සතුටු වුනා නම්, අපේ හිතේ ලොකූ ඉඩක් ඒ රූපය ගැන හිතන්න සලසගන්නව. හිටගෙන ඉන්දැද්දි වේවා, ඉඳගෙන ඉන්නවිට වේවා, නිදාගෙන හෝ ඇවිද ඇවිද හෝ වේවා, මේ මුලූ හිතම යොදාගෙන ඒ දැකපු එක කල්පනා කර කර ඉන්නව. ඇයි ඒ? ඒකෙන් සතුටු වුනා, පිනා ගියා. ඒ දැකපු දෙයින් සතුටුවෙන්න අපේ හිතේ ලොකු ඉඩක් ඉපදුනා. එහෙනම් ධර්මය හිතේ පවත්වන්න ඊට වඩා ඉඩක් සළසගන්න ඕනැ. එහෙම වෙන්න නම්, ඒ ධර්මයෙන් සතුටුවෙන්න ඕනැ. සතුටු නොවෙනවා නම්, ඒ ධර්මය හිතේ පවත්වගන්න බෑ. එතකොට ඒ විදිහට සතුටු වෙන්ට පුළුවන් කෙනා, ඒ ධර්මයෙන් මහත් සේ සතුටුවෙනව. එයා විස්මයට පත්වෙනව. අන්න එතැන් පටන් එයා තුළ දියුණුවෙන්නෙ ශ‍්‍රද්ධාවමයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවකයින්ට තමයි ධර්මයේ පිහිට පිළිසරණ තිබෙන්නේ. ධර්මයේ පිහිට පිළිසරණ කියල කියන්නේ සැබවින් ම සතුටින් වාසය කරන්ට පුළුවන් ජීවිතයක් උපදවගැනීම, සොම්නසින් වාසය කරන්ට පුළුවන් ජීවිතයක් උපදවගැනීම. අපිට සතුටෙන් වාසය කරන්ට පුළුවන්කම නැත්නම්, සොම්නසින් වාසය කරන්ට පුළුවන්කම නැත්නම්, අපි ධර්මයෙන් පිහිටක් පිළිසරණක් ලබාගත්තද? කියන කාරණය අපි ම කල්පනා කරල බැලිය යුතුයි. අපි සූත‍්‍ර දේශනා වලින් අහල තියෙනවා නේද භාග්‍යවතුන් වහන්සේ පිරිස් පිරිවරාගෙන ධර්මය කියාදෙනව කියල. ඒ ධර්මය කියා දීල අවසානයේදී, ඒ පිරිස ප‍්‍රකාශකරනව, ”ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ආශ්චර්යයි, අද්භූතයි, පුදුම සහගතයි, නොදත් දෙයක් දැනගත්තා, අඳුරේ සිටි කෙනෙකුට තෙල් පහනක් දල්වල පෙන්නුව වගේ, මං මුලා වූ කෙනෙකුට පාර පෙන්නුවා වගේ” කියල එයාගේ ප‍්‍රසාදය සතුට ප‍්‍රකාශකරනව නේද? ඒ විදිහේ ප‍්‍රකාශ සඳහන්වන දේශනා අපි අහල, කියවල තියෙනව නේද? ඒ අය තුළින් එබඳු ප‍්‍රකාශ එන්නෙ ඇයි? ඒක තමයි ඒ අය තුළ ඒ ධර්මය නිසා උපන් සතුට. එහෙම සතුටක් ඉපදුණ නිසා තමයි එහෙම ප‍්‍රකාශ කරන්නෙ. එයා තුළ උපන් විශ්මය ප‍්‍රකාශ කරනව. ඊළඟට එයා ප‍්‍රකාශ කරනව, ”ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසක කෙනෙක් විදිහට මා පිළිගන්නා සේක්වා” කියල. එහෙම නැත්නම් ”මා පැවිදිකරගන්නා සේක්වා” කියල එයා ශ‍්‍රාවකත්වයට පැමිණෙනව. එතකොට එයා හිත පහදවාගෙන තමයි ධර්මය අහන්නෙ. එතකොට එයා අහන දේ ගැන එයාගෙ විස්මය උපදිනව. එයාට සිහිවෙනව,” මා කාවදාවත් නොඇසූ දෙයක් නේද ඇහුවේ. යට පැත්තට හැරවූ දෙයක් උඩ පැත්තට හැරෙව්වා වගේ. මං හිතපු දේ නෙවෙයි මේ. නොඇසූ දෙයක් මම ඇහුවා කියල” ඒ ධර්මයට එයා පහදිනව. එතකොට ශ‍්‍රාවකත්වයට පැමිණෙන්න අපිට උදව්වෙන්නෙ මොකක්ද? ඇසු ධර්මය ගැන පැහැදීමක් සතුටක් ඇතිවීමයි. ඒ සතුට මුල්වෙලා ධර්මයෙන් පිළිසරණ ලබන්ට අපේ හිතේ කැමැත්තක් ඇතිවෙනව. දැන් බලන්න අපි කාමයන් දැකල ඒකෙන් සතුටුවෙලා ඒකෙන්ම පිළිසරණක් ලබන්න කැමතිවෙනව නේද? ප‍්‍රිය රූපයක් දැකල ඒකෙන් සතුටුවෙලා, අපි ඒ ගැනම හිත හිතා ඉන්නෙ, ඒකෙන් සැනසීමක් ලබන්නම් කියල. එහෙම නේද? ඒ විදිහටම යමෙක් ධර්මය අහල, ධර්මයට පැහැදුණොත්, එයා කැමතිවෙනව, ඒ ධර්මයෙන් පිළිසරණක් ලබන්න. අන්න ඒ විදිහට ධර්මයෙන් පිළිසරණක් ලබන්න කැමතිකෙනා ශ‍්‍රාවකත්වයට එනව. අන්න ඒ විදිහට අපි මේ ධර්මයන් ඉගෙනගන්නකොට අපි තේරුම් ගතයුතුයි. ඒ හැම අවස්ථාවකමදීම ඒ ධර්මයන් කෙරෙහි අපි පැහැදීම උපදවගන්න ගොඩාක් මහන්සිවෙන්න ඕනැ, කල්පනාව උපදවගන්න ඕනැ. අපි භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහාගන්ට ඕනෑ. ධර්මයෙන් සතුටුවුන කෙනාට භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහාගන්න පුළුවන්. එතනින් ම තමයි අපි සංසාර ගමනෙන් නිදහස් වෙන්ට පටන්ගන්නෙ. ඒ අවබෝධය අදහාගත්ත ගමන් එයා සද්ධානුසාරී කෙනෙක් බවට පත්වෙනව. අපිට අමාරු ඒක කරගන්ටයි. අපි කොහොම හරි වෑයම් කළොත් අපිට පුළුවන්කම තියෙයි සද්ධානුසාරී කෙනෙක් බවටවත් පත්වෙන්ට. ඒ නිසා මේ ජීවිතයේ ම මහන්සිවෙලා හරි කමක් නෑ උත්සාහ කරන්න, ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ධර්මයට පහදින්න. ධර්මයට පහදින කෙනා භාග්‍යවතුන් වහන්සේට පහදිනව. එයාට අවස්ථාව තියෙනව සංසාරෙන් නිදහස් වෙන්ට. ඒ අමාරුම දේ තමයි අපි ඉස්සෙල්ලා ම කරගත යුත්තේ, ඉතුරුටික ඊට පස්සෙ කෙරෙනව. යම් කෙනෙක් ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධයට පැහැදුනොත්, ශ‍්‍රද්ධාව ඇතිවුනොත් එයාට ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දෙන ධර්මය අවබෝධ කරගන්ට, පුරුදුකරගන්ට කැමැත්ත උපදිනව. කැමැත්ත ඉපදුණ කෙනා, ඒ සඳහා වෑයම් කරනව. ඒ වෑයම් කරන කෙනාට, ඒ භාග්‍යවතුන් වහන්සේ යමක් ද ප‍්‍රකාශ කළේ, ආන්න ඒ පිළිබඳව එයාට වැටහීමක් ඇතිවෙනව. එයාට වීරිය උපදිනව. එයා වීරියෙන් ඒ ධර්මය පුරුදුකරනවා. එයා ඒ ධර්මය අවබෝධ කරනව. එහෙනම් අපි මහන්සිවෙලා කරගතයුතු දේ මොකක්ද? ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහාගැනීම. අපි අප‍්‍රමාණ මිනිස්සු ගැන අහල තියෙනව, රජවරු ගැන අපි අහල තියෙනව, වීරියවන්තයින් ගැන අපි අහල තියෙනව නමුත් භාග්‍යවතුන් වහන්සේට තිබුනු ගුණ කාටවත් තිබුනෙ නෑ. මේ ගුණ දැනගත්තු කෙනා පුදුම වෙනව. ඒ පුදුම වීමත් එක්කම එයාට සිද්ධවෙන දේ තමයි එයාගෙ සිත සංසුන් වෙනව. ”ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ කෙරෙහි පහදින කෙනාගේ හිත සංවර වෙනව. ”භාග්‍යවතුන් වහන්සේ මේ මේ විදිහේ ගුණ වලින් යුක්තයි ඒ උතුමන් වහන්සේ කුමක්ද කියාදුන්නේ?” කියල අහන්න හිත නැමෙනව. අන්න එතකොට සද්ධර්මයට අපි ඇහුම්කන් දෙනවා. එතකොට එයා සතුටට පත්වෙනව මේ මේ ගුණයන්ගෙන් යුක්ත භාග්‍යවතුන් වහන්සේ කිව් දේ නේද මේ කියල. ඉපදුණ මනුස්සයාට, ඉපදුණ දෙවියන්ට, මේ කාටත් තිබෙන ලොකුම අනතුර තමයි, සතර අපායක ඉපදෙන්ට බොහෝ ඉඩකඩක් තිබීම. භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ, මැරෙන මිනිස්සුන්ගෙන් නැවත වතාවක් මනුස්ස ලෝකයට, එහෙම නැත්නම් සුගති ලෝකයකට එනව නම්, එන්නේ ඉතාම ටික දෙනෙක් කියලයි. ඒක හරියට නියපොත්තට ගත්තු පස් ටික වගේ ඉතාමත්ම සු`ඵ පිරිසක්. මහ පොළොවෙ පස් වගේ විශාල මිනිසුන් ප‍්‍රමාණයකට මිය පරලොව ගිහිල්ල ආයෙ උපදින්ට සිද්ද වෙන්නේ, සතර අපායේ.. මේක පුංචි අනතුරක් නොවෙයි. නුවණ තිබෙන මනුස්සයාට තිබෙන ලොකුම අභියෝගය මේ සතර අපායෙන් නිදහස්වීම යි. මෙබඳු ස්වභාවයක් අපිට තිබෙනව කියල දැනගන්ට ලැබෙන්නෙ, අපි ඉගෙන ගන්නෙ, බුදු රජාණන් වහන්සේගේ ධර්මය අහල පිළිගත්තොත් විතරයි. එහෙම නැති වුනොත්, හරියට අද දවස ගැන පමණක් දන්න කෙනා, හෙට ඉර පායනව, හෙට දවසක් එනව කියන කාරණය දන්නෙ නෑ වගේ. අන්න ඒ වගේ අපි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මය නොදන්නව නම්, මරණයෙන් මත්තේ ආයෙ ඉපදෙන්ට ලැබුනොත්, ඉපදෙන ස්වභාවයෙන් යුක්ත වුනොත්, ඉපදෙන විදිහට සකස් වෙලා තිබුණොත්, අපිට ඉපදෙන්ට සිදුවෙනවා කියන දේ දන්නෙ නෑ. බුදු රජාණන් වහන්සේගේ ධර්මය අහන්ට, දැනගන්ට නොලැබුනානම්, ඉපදෙන්ට තිබෙන තැන් කොයි වගේද? කියන කාරණාවත් අපිට දැනගන්ට ලැබෙන්නේ නෑ. එතකොට බලන්න භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඇසීමෙන්, ධර්මය ඉගෙන ගැනීමෙන්, අපිට ප‍්‍රමාණ රහිත වූ ලාභයක් මේ වන විටත් ලැබිල තිබෙනව. මොකක්ද ඒ ලාභය? අපේ ජීවිත හමුවේ තිබෙන මහත් වූ අනතුර කුමක්ද කියල දැනගන්ට ලැබෙනව. මෙතරම් ලාභයක් ලැබුන අපි කල්පනා කළ යුත්තේ, මේ ලාභය අත් නොහැරෙන විදිහට අපේ ජීවිතයට සම්බන්ධකර ගන්නට යි. ඒනිසා අපි අපේ ජීවිතය හැඩගහ ගැනීම පිණිස, සංවර වීම පිණිස කරන දේවල් උනන්දුවෙන් කරන්ට ඕනැ. උනන්දුව ඇතිවෙන්නෙ, ඒවා ගැන හොඳට සසඳල බැලීමෙන්. අපි කලින් කළ දේ සහ දැන් කරන දේවල් ගැන හොඳින් සසඳලා බලන්න ඕනැ. අපිට බුදුකෙනෙක් විසින් කියාදුන්න දෙයක් කරන්ට ලැබීම කොච්චර ලාභයක් ද කියල යම් කෙනෙකුට තේරුණොත්, එයා සතුටු සිතින් ඒව හොඳට පුරුදුකරන්න කල්පනා කරයි. කල්පනා කරල බලන්න අපිට බුදුරජාණන් වහන්සේ නමක් විසින් කියා දුන් දෙයක් කරන්ට ලැබුන කිව්වහම, ඒක ජීවිතයට පුංචි ආශිර්වාදයක්ද කියල. අපි වගේ කෙනෙකුට හිතාගන්ටවත් බෑ නේද බුදුරජාණන් වහන්සේ නමක් විසින් කියාදුන්න දෙයක් කරන්ට ලැබෙනවා කියන කාරණය අපිට හිතාගන්ටවත් බැරි තරම් භාග්‍යයක් ලැබුනේ. ඒ නිසා නිරන්තරයෙන් ඒ කාරණය සිහිකරන්න. අපි බුදුරජාණන් වහන්සේ විසින් කියා දුන් දෙයක් පුරුදුකරන්ටයි මහන්සිවෙන්නෙ, අපි ඒකයි මේ කරන්නෙ කියල සිහිකරන්න. සිහිකරන වාරයක් පාසා ඔබට සතුට උපදී. ප‍්‍රීති ප‍්‍රමෝදය ඇතිවෙයි. ඒ කටයුතු කලාට පසුවත් හිතන්න බුදුරජාණන් වහන්සේ වදාළ දේ නේද මම කළේ. ඒක නේද මම පුරුදුවෙන්නෙ. බුදුරජාණන් වහන්සේ කියා දුන්න දේ නේද මම පුරුදු වුනේ කියල කල්පනා කරන්ට. එතකොට සතුටු සිතින් කාටත් ඒ කටයුතු කරන්ට පුළුවන්කම තියෙයි. අපි මේ ධර්මය නොදන්න කාලේ, ධර්මය අහල තිබුනෙ නැති කාලේ, අපිට බුදුරජාණන් වහන්සේ කියාදුන් දෙයක් කරන්ට බැරිවුනානෙ, අපි හරි යි කියල කළේ හිස් දේවල්නෙ, කියල ගළපල බලන්න. එතකොට අපිට ආපහු සැරයක් එබඳු දේ කරන්ට හිත නැමෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ කියාදුන් දේ ම කරන්ට අපේ හිත නැමෙයි. එතකොට අපිට නැවත නැවත ධර්මය අහන්ට, ඒ ධර්මය පුරුදුකරන්ට, මතකතියා ගන්න. එතකොට ධර්මයේ හැසිරෙන්ට කැමත්ත ඇතිවෙයි. එයා තමන් තුළම ඇති උනන්දුවකින් ධර්මය පුරුදුකරයි. එයාට තව කෙනෙකුගේ මෙහෙයවීමක් නැතිව තමන් ම උනන්දුවෙන් කුසල් කරන කලක් ඇති වෙනව. ඒ එන්නෙ ධර්මය ජීවිතයට ගලපල බලනකොට යි. අපි මේ කරන කියන පින් දහම් ආදී දේවල් හොඳට තේරුම් අරගෙන, ඒ බුදුරජාණන් වහන්සේ කියා දුන් දෙයක් නේද කරන්නෙ කියල තේරුම්ගන්න. ඒත් එක්ක ආර්ය සත්‍යය හොඳට ඉගෙන ගනිමින් ජීවිතයට ගළපමින් බලන්න. ඒ දුක ගැන භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදුන් ධර්මය ජීවිතයට ගලපමින් බලන්න. එතකොට අපිට කැමැත්ත උපදී ධර්මයේ හැසිරෙන්ට. මේ ධර්මය විශ්වාස කරන්න. මේක අදහාගන්න. එයාට පුළුවන්කම ලැබෙනව සංසාර ගමන අවසන්කරල දාන්න. අපි කාටත් ආශිර්වාද කරන්ට කැමතියි ඒ භාග්‍යවතුන් වහනසේගේ ශ‍්‍රාවකත්වය බලවත් කර ගැනීම පිණිස සියලූ දෙනාට ම භාග්‍ය උදාවේවා කියල. පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

ප්‍රඥාව උපදවාගනිමු

මනුෂ්‍යයෙක් දියුණුවෙලා යනව නම් ඒ ඉහළම දියුණුව, සුපිරිසිඳූ වූ දියුණුව, ඇතිවෙන්නේ රාග, ද්වේශ, මෝහ දුරුවීමෙන්. එතකොට රාග, ද්වේෂ, මෝහ දුරුවීම පිණිස එයාට බලවත් සේ උපකාර වෙන්නේ ප්‍රඥාව. යමෙක් තුළ ප්‍රඥාව බලවත්නම් එයාට රාග, ද්වේෂ, මෝහ දුරුකිරීමේ, දුරුකරගැනීමේ හැකියාව, ඉඩ කඩ, අවකාශය බලවත්. යමෙකුට ප්‍රඥාව දුබලයි නම් එයාට රාග, ද්වේෂ, මෝහ දුරුකරගැනීමේ හැකියාව, ඉඩකඩ, අවකාශය දුබලයි, අඩුයි. යම් කලෙක මනුෂ්‍යයාගේ ප්‍රඥාව බලවත් වෙනවා නම් අන්න ඒ කාලයේදී ඒ මනුෂ්‍යයින්ට රාග, ද්වේෂ, මෝහ දුරුකරගැනීමේ ඉඩකඩ ඉහළ මට්ටමක තියෙනව. යම් කලෙක මනුෂ්‍යයාගේ ප්‍රඥාව දුබලයි නම් අන්න ඒ කාලයේදී මනුෂ්‍යයාගේ රාග, ද්වේෂ, මෝහ දුරුකරගැනීමට තිබෙන ඉඩකඩ දුබලයි. ප්‍රඥාව ඉහළ මට්ටමකින් තියෙනව නම් ඒ කාලේදී සිද්ධවෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. ප්‍රඥාව බලවත් කෙනාට රාග, ද්වේශ, මෝහ වලින් හිත යටවෙන්නෙ නැතුව පවත්ව ගන්ට, කුසල් සිත් උපදවගන්ට පුළුවන්. එතකොට ප්‍රඥාව බලවත් කාලෙකදි වෙන්නෙ කුසල් සිත බලවත් වීමයි. පුංචි කුසලයකින් බලවත් අකුසල සිත මැඩගෙන ඉන්ට පුළුවන්. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලෙදි බලවත් සේ ප්‍රඥාව සහිත ප්‍රඥාවන්තයින් තමයි පහළවෙන්නෙ. ඒ අයට ධර්මය කියන පමාවෙන් ඒ ධර්මය අවබෝධකරන්ට අවස්ථාව ලැබෙන්නෙ ඒකයි. ධර්මය අවබෝධකරනවා කියන්නෙ රාග, ද්වේෂ, මෝහ දුරුකරනවා කියන එක. ක්‍ෂය කරල දානව, නැතිකරල දානව. ඒක පොඩි වෙලාවකින් කරගන්ට පුළුවන් වෙන්නෙ ඒකයි ඒ කාලෙදි. නමුත් ඒ යුගයේදීම මනුෂ්‍යයාගේ ප්‍රඥාව පිරිහෙන මට්ටමට ලෝකය වෙනස්වෙලා ගියා. ඒ නිසාම ඒ භාග්‍යවතුන් වහන්සේට ධර්මය කියල බලවත් වෙහෙසට පත්වෙන්ට සිද්ධවුනා. ඒ මහ රහතන්වහන්සේලාට ධර්මය කියමින් අවවාද කරමින් බලවත් සේ වෙහෙසෙන්ට සිද්ධ වුනා. ඇයි ඒ ? ප්‍රඥාව දුබල වූ අයගේ ඉපදීමත් එක්ක. ප්‍රඥාව දුබලවෙන යුගය ඒ කාලෙදීම ආරම්භ වුනා. ඒකයි අර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රකාශ කළේ "ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අද අවවාද කරන්ට බෑ. අවවාද කරන්ට අමාරුයි" කියල. උන්වහන්සේ ප්‍රකාශ කළා නේද? මතකද එහෙම කාරණාවක්? අවවාද කරන්ට අමාරුයි, මේ අවවාද නුහුරටමයි ගන්නෙ කියන කාරණාවක් ප්‍රකාශ කළා නේද? ඒත් භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාවෙන් අවවාද කරන්ට කියල ඉල්ලා සිටිය. නැත්නම් ඒ කාශ්‍යප රහතන් වහන්සේ අවවාද කිරීමට මැළිවුනා නේද? අවවාදය නුහුරටයි ගන්නෙ අද කාලෙ. අවවාදය නුහුරට අරගෙන බලවත් විනාශයන් කරා ඒ ගොල්ලන්ගෙ ජීවිත ගොදුරුකර ගත්ත. ඉතින් ඒ ප්‍රඥාව පිරිහීමේ හේතුවෙන් ඒක සිද්ධවෙන්නෙ. ප්‍රඥාව පිරිහීමත් එක්ක අවවාදය කියන එක අඳූරගන්ට බෑ. මේක යහපත පිණිස අපිට කියන දේ කියල අඳූනන්ට බෑ. දැන් ගුරුවරයා පන්තියේදී වේවැල් පාරක් ගහනව. ගුරුවරයා කෙරෙහි ප්‍රේමයෙන් වාසය කරන මෛත්‍රී සිතින් වාසය කරන කෙනාට ඒ වේවැල් පහර මිහිරියි. මේ පණිවුඩය හිතාගන්ට පුළුවන්ද ඔබට. හිතාගන්ට බැරි එකක් නේද? ගුරුවරයා කෙරෙහි මෛත්‍රී සිතින් වාසය කරන, මෛත්‍රී ප්‍රතිපත්තියෙන් වාසය කරන ශිෂ්‍යයාට වේවැල් පහර මිහිරි දෙයක්. හිතාගන්ට පුළුවන්ද ඒ කාරණේ. අන්න ඒක තමයි ප්‍රඥාවේ දුබල බව කියල කියන්නෙ. මේ ලෝකේ කව්ද පිළිගන්නෙ වේවැල් පහර මිහිරියි කියල. හිතාගන්ට බෑ නේද? මේක උඩු යටිකුරු වෙච්ච කතාවක් නේද? ඒකයි ප්‍රඥාවේ ස්වභාවය. ප්‍රඥාවෙන් යමක් දැකගන්නව කියන්නෙ ඒකයි. ඒකයි භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙන්නෙ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දෙපැත්තෙන් මිට තියෙන කියතකින් තමන්ගේ ශරීරය කපද්දී වුනත් මෙත් සිතින් වාසය කරනවා කියලා. මතකද? බලන්න ඒ උදාහරණෙ. එතකොට බලන්න ඒක උඩු යටිකුරු වෙච්ච ප්‍රකාශයක් නේද? ලෝකෙ කාටද මෙහෙම පුළුවන්නෙ? පුළුවන් කියල හිතන්ට බෑ නේද? කිසි කෙනෙක් හිතනවද? හැබැයි තථාගත ශ්‍රාවකයා එහෙම නෑ. ඒක සිත තුළ හටගත් ධර්මතාවයක්. අන්න එබඳූ බලවත් ධර්මතාවයක පිහිටි සිත තමයි සසරින් නිදහස් වෙන්නේ. ඒක ප්‍රඥාව විසින් ප්‍රඥාව මගින් සිතේ උපදවගන්නා වූ ධර්මයක්. ඒක අපි තෝරා බේරා ගත යුතුයි. ප්‍රඥාව බලවත් නම් පුංචි කුසලයකින් මහා අකුසලයක් මැඩලන්ට පුළුවන්. කුසලය කියන්නෙ අන්න එබඳූ දෙයක්. නමුත් කුසලය බලවත් වන්නෙ ප්‍රඥාවෙන්. දැන් තේරුණාද අද යුගයේ අපිට තිබෙන අභියෝගය. අද යුගය ප්‍රඥාව දුබලවෙන යුගයක් කියල තේරෙනවද? ඉතින් එබඳූ යුගයක තමයි අපි ඉපදිලා ඉන්නෙ. ඒ නිසා අපිට තියෙන අභියෝගය අපි පිළිගත යුතුයි. අපිට තිබෙන අනතුර අපි පිළිගත යුතුයි. අන්න එසේ පිළිගැනීමෙන් ම අපි ප්‍රඥාවන්තයින් බවට පත්වෙනව. අද අපිට ප්‍රඥාව උපදවගන්ට බෑ කියල අපි කියන්නෙ නෑ. පුළුවන්. අපි මේ සිද්ධිය තේරුම්ගැනීම ම ප්‍රඥාව. මෙන්න මෙබන්දක් අපිට තියෙනව කියල තේරුම්ගත්ත සැනින් අපිට ඇතිවිය හැකි අවදානමින් බේරෙන්න අපි පිළියම් යොදනව. සියලු දෙනාටම තෙරුවන් සරණයි! පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.

භාග්‍යවතුන් වහන්සේගේ විශ්මිත අවබෝධය

අපේ හිත නිතරම කැරකිලා අමාරුවේ වැටෙන පැත්තට යන ස්වභාවයක් තියෙනව. හිත සුමගට ගන්නා තෙක් ඉන්නෙ නොමග. එතකොට සුමගට මේ හිත වැටෙන්නෙ කවදද? භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අල්ප වූ ශ්‍රද්ධාවක් හෝ යම් කෙනෙක් තුළ හටගන්නව නම් ඒ මොහොතේ පටන් එයාගෙ හිත සුමගට යොමුවෙනව. එතනමයි තැන. වෙන තැනක් නෑ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් හටගන්නෙ යම් අවස්ථාවකද, යම් දවසකද එතැන් පටන් එයාගෙ හිත සුමගට යොමුවෙනව. දැන් ඔබගේ හිත නොමග ගිය එකක්ද? සුමග ගිය එකක්ද? නොමග ගිය එකක්. නොමගයි මේ හිත බොහෝ කලක් තිබුනෙ. ඉතින් ඒක සුමගට ගන්ට ඕනැ. ඉතින් ඒක සුමගට ගන්නෙ කොහොමද? භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇතිකර ගැනීමෙන් පමණමයි. වෙන ක්‍රමයකින් නෙවෙයි. එතකොට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇතිකරගත්තොත් නොමග ගිය හිත සුමගට ගන්ට පුළුවන්. ඒක ඒකාන්ත වශයෙන් සිද්ධවෙන එකක්. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇතිකරගත්තොත් ඒ හිත නොමගට ඇදල දාන්න කාටවත් බෑ. එතකොට භාග්‍යවතුන් කෙරෙහි පැහැදීම ඇතිකරගැනීම තමයි විසින් කළ යුත්තෙ. ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇතිකරගන්නෙ කොහොමද? ඒ භාග්‍යවතුන් වහන්සේ තුළ තිබුන විස්මිත අවබෝධය තේරුම් ගැනීමෙන්. ඒ භාග්‍යවතුන් වහන්සේගේ විස්මිත අවබෝධය අපි තේරුම් ගත්තොත් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පහදිනවා කියන එක වලක්වන්ට කාටවත් බෑ. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇතිවුනොත් නොමග ගිය සිත සුමගට එනවා කියන එක වලක්වන්න කාටවත් බෑ. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අපි තේරුම් ගන්න තියෙන්නේ කුමක් මුල් කරගෙනද? ආර්ය සත්‍යය ගැන භාග්‍යවතුන් වහන්සේ කළ විස්තර ඉගෙන ගැනීමෙන්. ආර්ය සත්‍යය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ විවිධ විදිහට විස්තර කරනව. ඒ විස්තර ඉගෙන ගැනීමෙන්ම පමණයි භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අපිට තේරුම් ගන්න තිබෙන්නේ. වෙන ක්‍රමයකින් බෑ. ඉතින් අපි ඒ ධර්මය විනය ඉගෙන ගැනීමේදී අපි භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන සතුටු වෙන්ට ඕනැ. ඒ සතුටුවීම පිණිස අපි ඉගෙන ගන්ට ඕනැ. අන්න ඒ විදිහට අපි භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන සතුටු වෙමින් ඉගෙන ගත්තොත් ඒ මොහොතක් මොහොතක් පාසා අපි බුද්ධානුස්සතියක් තුළමයි වාසය කරන්නෙ. ඒ අය සතුටින් ඒ ධර්මය විනය ඉගෙන ගන්නව. ඒ විදිහට ඉගෙන ගන්ට ඉගෙන ගන්ට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඒ අය තුළ ගෞරවයක් උපදිනව. ඒ අය ඒ ධර්මය විනය කිසි දවසක තමා වැජඹීම පිණිස, තමාට තත්වයක් ඇතිකරගැනීම පිණිස පාවිච්චි කරන්නෙ නෑ. එයා බයයි. එයා කිසි කලෙක එහෙම කල්පනා කරන්නෙ නෑ. එයා කල්පනා කරන්නෙ මේ හීන ජීවිතය පිරිසිදු කරගන්න ඕනැ කියල. එනිසා ඔබ ඒ ධර්මය විනය ඉගෙන ගැනීමේදී ඒ විදිහට ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන සතුටු වීම පිණිස සතුටු වෙමින් මේ විශ්මිත වූ ධර්මය ඉගෙන ගන්න. එතකොට ඔබ අතිශය වාසනාවන්තයින් බවට පත්වෙයි. අපි කාටත් සෙත් පතනව ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන මහත් සේ සතුටුවෙමින් ප්‍රීති සොම්නසට පත්වෙමින් ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන පැහැදීම උපදවගෙන ඒ පැහැදීම ස්ථිර කරගන්න මේ සියළු දෙනාටම දුර්ලභ වූ භාග්‍යය උදාවේවා! කියල. සියලු දෙනාටම තෙරුවන් සරණයි! පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.

Friday, September 16, 2011

Look dhamma from your life

ජීවිතය තුළින් ධර්මය දැක ගන්න

ජීවිතය තුළින් ධර්මය දැක ගන්න

භාග්‍යවතුන් වහන්සේ වදාරා ඇති ලෙස දුක ගැන තේරුම් ගත්තොත් අන්න එයා තුළ ශ්‍රද්ධාව උපදිනවා ඒ ශ්‍රද්ධාව ඉපදුන කෙනා තුළ, ශීලය රැකෙනවා. ශීලය රැකෙන කෙනා තුළ, ඒ ශීලය පරිපූර්ණ වෙනවා, ඒ ශීලය පරිපූර්ණ වුණ කෙනා තුළ, පසු තැවෙන ස්වභාවය නැතුව යනවා. පසු තැවෙන ස්වභාවය නැති කෙනාගෙ සිත ප්‍රමුදිත යි. නැවුම්, ඒ ප්‍රමුදිත ව වාසය කරන කෙනා, බණ භාවනා කරගෙන යනකොට සිතේ විවේකය ඇති වෙනවා. නීවරණ දුබල වෙලා සිත විවේකයට පත්වෙනවා. විවේකයෙන් යුක්තව බණ භාවනා කරන කොට පී‍්‍රතිය උපදිනවා. පී‍්‍රතිය උපදින කෙනා පී‍්‍රතිමත්ව බණ භාවනා කරගෙන යන කොට, කය සැහැල්ලු වෙනවා. එයා සුව පහසුවෙන් භාවනාව කරගෙන යනවා. ඒ සිතට සැපය ඇති වෙනවා. ඒ සැපවත් වූ සිතින් බණ භාවනා කරන කෙනා තුළ සමථ, විදර්ශනා සමාධි උපදිනව.
 
මේ ක්‍රමයෙන් බැහැර ක්‍රමයකින් සම්මා සමාධිය ඇති කර ගන්ට බෑ. ඒක ලෝකයේ කොහේවත් කවදාවත් සිද්ධ වෙන්නෙ නෑ. එහෙනම් අපි බණ භාවනා කරල ඒකෙන් සාර්ථක ප්‍රථිපල අත්කරගන්ට කැමැති අය විදියට, බණ භාවනා කළ යුත්තේ මේ පිළිවෙළට පමණයි.වෙන ක්‍රමයකින් අපිට භාවනාවකින් සාර්ථක ප්‍රතිඵලයක් ලබාගන්ට පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ. භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද ආර්ය සත්‍යය ඉගෙන ගෙන , ඒ ආර්ය සත්‍යය ජීවිතයට ගලපලා බලමින් වාසය කළොත්, අන්න එයාට තේරෙනවා, මේ ජීවිතයේ ‘දුක’ කියල දෙයක් තියෙනවා කියල. එයා තුළ වාද කරන්ට තියෙන සිත නැති වෙනව. එහෙම නැත්නම් වාද කරකර, අඩු පාඩු හොයා හොයා , විහිළු තහළු කරකර ඉන්න ස්වභාවයක් තමයි අප තුළ තියෙන්නෙ. අන්න ඒ ස්වභාවය අප තුළින් බැහැර නොවුණොත්, භාවනාවක් පටන් ගන්ට බෑ. භාවනාවකින් අපිට දියුණුවක් ඇති කරන්ට බෑ.
 
ධර්මය තුළ කියාදෙන ආකාරයට ජීවිතයේ දුකක් තියෙනවා කියල තේරුණොත්, එපමණකින් ම එයා ශාන්ත කෙනෙක් බවට පත්වෙනවා. නිහඩ කෙනෙක් බවට පත්වෙනවා. එයා කතා නොකර ඉන්නවද? නෑ. කථා කරනව. එයා හිනා වෙන්නෙ නැද්ද? හිනා වෙනවා, ඒව කරන්ට පුළුවන් එයාට. නමුත් එයා සිහින ලෝකෙක ඉන්නෙ නෑ. ඇයි සිහින ලෝකෙක ඉන්නෙ නැත්තෙ? එයා සැබෑ ලෝකය දන්නව. සැබෑ ලෝකය තමයි, මේ ජීවිතය දුකට අයිතියි කියල එයා දන්නව. මරණින් මේ ජීවිතයේ කෙළවර වෙනවා කියල එයා දන්නව. මැරෙන බව එයා දන්නව. මැරෙන බව දන්න කෙනා අමනාපකම් ගොඩනගා ගන්ට වෑයම් කරන්නෙ නෑ. මනාපකම් ගොඩනගා ගන්ට වෑයම් කරන්නෙත් නෑ. තියෙන මනාපය දියුණු කරගන්ට වෑයම් කරන්නෙත් නෑ. ඇයි එයා දන්නව මේ ජීවිතය දුකට අයිති දෙයක් කියල.
 
අන්න ඒ විදියට අප මේ ජීවිතයේ ඇත්ත දේ ඉගෙන ගත්තොත්, ඒ ධර්මය ජීවිතයට ගළපමින් සංවර කෙනෙක් බවට පත්වෙනවා. සංවර වෙලා, සිල් පද රැකගන්ට කල්පනා කරනවා. ඒ සඳහා ඉන්ද්‍රිය සංවරය, සති සම්පඤ්ඤය පුරුදුවෙනවා. එවිට එයා තුළ සීලය පිරෙනව. සීලය පිරුණ කෙනා තුළ පසුතැවීමක් නෑ. පසු තැවීමෙන් තොරව වාසය කරනවා, එවිට සිත් නැවුම්. අලුත් සිතක් වගේ ප්‍රමුදිතයි. ඒ ප්‍රමුදිත කෙනා තුළ උපන් වීර්යක් තියෙනවා. උපන් වීරිය නැත්තෙ, අකුසලයෙන් බැට කන හිත තුළ. එයාගෙ හිත තුළ තියෙන්නෙ කාමඡන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්දච්ච, කුක්කුච්ඡය, ආදි අකුසල් . මේවට තමයි ඇදිල යන්නේ. නමුත් ඒ නීවරණ වලට ආහාර නැති සිත තුළ කුසල් දියුණුකර ගැනීම පිණිසත් අකුසල් දුරුකිරීම පිණිසත් උපන් විරියක් තියෙනව. එයාට කාගෙවත් පෙළඹවීමක් වුවමනා නෑ. එයා නිසි වෙලාවට ගිහින් බණ භාවනා කරනව. සුදුසු වෙලාවට පොත පත බලනව. සුදුසු වෙලාවට ධර්මය දේශණා කරනව. සුදුසු වෙලාවට ධර්ම කතා කරනවා. ඒ උපන් වීරිය තියෙන කෙනා ගෙ ස්වභාවයයි. ඒ උපන් විරිය තියෙන්නෙ කොහොම කෙනා තුළ ද? ප්‍රමුදිත කෙනා තුළයි. ප්‍රමුදිත කෙනාට පස්සෙන් ඉඳල කවුරුවත් ඇඟිල්ලෙන් අනින්ට ඕනෙ නෑ. ආ…..නැගිටින්ට , යන්ට භාවනා කරන්ට ….කියන්ට වුවමනා නෑ. එයා තුළ ම උපන් වුවමනාවක් තියෙනව. ඇයි එහෙම උපන් වුවමනාවක් තියෙන්නෙ? එයා අවදියෙන් වාසය කරන කෙනෙක්. එයාගෙ ජීවිතය ගැන එයා දන්නව. අවදිවෙලා ඉන්නව කිියන්නෙ ඒකයි.
 
මගේ ජීවිතය වයසට යෑමෙන් දුකට පත්වෙන එකක්. මගේ ජීවිතය ලෙඩ වීමෙන් දුකට පත් වෙන එකක්. පි‍්‍රයයන්ගෙන් වෙන් වීමෙන් දුකට පත් වෙන එකක්. අපි‍්‍රයයන් හා එකතුවීමෙන් දුක ඇතිවෙන එකක් මරණය ඉදිරියේ දුකට බයට ගොදුරු වෙන එකක් කියල එයා දන්නව. එතකොට එයා අවදියෙන් ඉන්නේ. නිදි නෑ. අවදියෙන් ඉන්න කෙනා තුළ, කුසල් දියුණු කරන්ටත්, අකුසල් ප්‍රහාණය කරන්ටත් උපන් වීරියක් තියෙනව. ඇයි උපන් වීරියක් තියෙන්නේ? එයා තුළ උපන් වුවමනාවක් තියෙනවා. දුකෙන් නිදහස් වෙන්ට ඕනෑ කියල. ඒක බලහත්කාරයෙන් කවුරුත් පටවල නෑ. ඒකයි උපන් වුවමනාව කියන්නෙ. තමා තුළ ඉපදිලා තියෙනව වුවමනාවක් මා මේ දුකෙන් නිදහස් වෙන්ට ඕනෑ කියල. ඇයි ඒ උපන් වුවමනාවක් එයා තුළ හටගෙන තියෙන්නෙ? එයා එයාගෙ ජීවිතයේ ඇත්ත ස්වභාවය තේරුම් අරගෙන තියෙන්නේ. කවුරුත් බලෙන් පටවල ද? නෑ. කොහොමද එයා එයාගෙ ඹ්ෂතයේ ඇත්ත ස්වභාවය තේරුම් ගත්තේ? එයා එයාගෙ ජීවිතයට ධර්මය ගලපල බලනව. ආර්ය සත්‍යය තමන්ගෙ ජීවිතයට තමා ම ගලපල බලනව. එතකොට එයාට තේරෙනව තමාගේ ජීවිතයේ ඇත්ත ස්වභාවය. කලින් හිටියෙ සිහින ලෝකෙක. විහිළු කරගෙන, එකිනෙකාට ඇද කුද කියා ගෙන, තමා ඉස්මතු වෙන්ට කල්පනා කරමින්. මෙබඳු සිහින ලෝකයක හිටියෙ. ඒ හිටපු කෙනා ධර්මය ජිවිතයට ගලපල බලනව. බලනකොට එයාට තේරෙනව මේකෙ සිහිනයක් විතරයි තියෙන්නෙ කියල. සිහින ලෝකයෙන් එයා අවදි වෙනවා. එයා ඇත්ත ලෝකයට එනවා.
 
ඇත්ත ලෝකය මොකක්ද? කොයි මොහොතෙ මා මැරිල යයිද දන්නෙ නෑ. මොකටද මේ වාද බේද? මොනවද මේ උස්පහත් කම් කියල එයා ඒක අත හරිනවා.ඒවා අත් හැරෙනවා, එයා අමනාපකම් ඇති කරගන්ට කල්පනා කරන්නෙ නෑ. ඇයි එයා ඇත්ත ලෝකෙ ඉන්නේ. එයා දන්නව මා මැරිල යනවා කියල. මේ උස් පහත් බේද මේව වැඩක් නැති දේ කියල එයා දන්නව. එයා අහිංසක කෙනෙක් විදියට ජීවිතය දුකින් නිදහස් කරගන්ට කැමැති වෙනවා. ඉතින් එහෙම වෙන්නෙ ධර්මය තමාගෙ ජීවිතයට ගලපල බලන කෙනාටයි. ධර්මය තමාගෙ ජීවිතයට ගලපල බලන කෙනාට කැමැත්තක් උපදිනවා. කුමක් පිණිස ද? මේ දුකෙන් නිදහස් වෙන්ට ඕනෑ කියන කාරණාව ගැන.ආන්න එහෙම දුකින් නිදහස් වෙන්ට ඕනෑ කියන වුවමනාව ඉපදුන කෙනා තුළ වීර්ය උපදිනවා. ඇයි විරිය උපදින්නේ? එයා දුකින් නිදහස් වෙන්ට වෑයම් කරනවා. කැමැත්ත නිසා වෑයම් කරනව. වෑයම් කරන කොට විරිය උපදිනවා.ආන්න එයාට කවුරුත් බල කරන්ට ඕනෙ නෑ. දැන් භාවනා කරන්න යන්න. පොත් බලන්න. සංවර වෙන්න කියල කවුරුත් බල කරන්ට ඕනෙද? ඕනෙ නෑ. තේරෙන්නෙ නැත්නම් අහන්න කියල බල කරන්ට ඕනෙද? නෑ. එයා තේරෙන්නෙ නැත්නම් අහනවා. ඇයි එයාට වුවමනාවක් තියෙනවා. එයා දන්නව අනතුරක් ඉදිරියේයි මා ඉන්නේ කියලා. ඒ අනතුර කොයි මොහොතේ මා කරා එයිද දන්නෙ නෑ කියල. ලෙඩවීම , මරණයට පත්වීම, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, මේව කොයි මොහොතෙද? දන්නෙ නෑ. එතකොට එයා හැම වෙලාවෙම අනතුරක් ඉදිරියෙ නේද ඉන්නෙ. එයාට තියෙනවද අර්ථයක් නැති දේ කරකර ඉන්ට වෙලාවක්? කොයි මොහොතේ මැරෙනව ද? කියල දන්නෙ නැති මනුස්සයෙකුට හිස් දෙයක් උදෙසා හිනා වෙවී ඉන්ට වෙලාවක් තියෙනවද? කොයි මොහොතේ ලෙඩ වෙයිද කියල දන්නෙ නැති මනුස්සයෙකුට හිස් දෙයක් උදෙසා හිනා වෙවී ඉන්ට වෙලාවක් තියෙනවද? කොයි මොහොතේ පි‍්‍රයයන්ගෙන් වෙන් වෙන්ට වෙයිද? මැරෙන්ට වෙයිද? ලෙඩ වෙන්ට වෙයිද? කියල කල්පනා කරන කෙනාට, අනුන්ගෙ ඇදකුද හොය හොය ඉන්ට වෙලාවක් තියෙනවද? ඒකෙන් වැඩක් තියෙනවද එයාට? වේලාව තිබුණත් ඒකෙන් එයාට වැඩක් නෑ. එයාට වෙලාව මදි තමන්ගෙ කටයුත්ත කරගන්ට.
 
මොකක්ද තමන්ගෙ කටයුත්ත? මේ දුකින් නිදහස් වීම පිණිස වුවමනා දේ පුරුදු කිරීම. ඒ නිසා, එයාට වීරිය තියෙනව ධර්මය පුරුදු කරගැනීම පිණිස. අන්න එයා ප්‍රමුදිතව වාසය කරන කෙනෙක්. ඒ ප්‍රමුදිතව වාසය කරන කෙනා සුදුසු වෙලාවට බණ භාවනා කරගන්නවා. ඒ බණ භාවනා කරනකොට, නීවරණ පෝෂණය කරන්නෙ නැති කෙනෙක් නිසා නීවරණ දුබල වෙලා . දැන් ඒ සිත භාවනා අරමුණේ පවත්ව ගන්ට පහසුයි. එහෙම පුරුදු කරන්ට කරන්ට එයාට හොඳින් භාවනාව සිතේ පුරුදුකරන්ට පුළුවන් කලක් එනව. දැන් නීවරණ දුබල වෙලා සිතේ බලවත් විවේකය ඇතිවෙනවා. ඒ විවේකයෙන් එයා භාවනාව කරගෙන යනවා. විවේකයෙන් භාවනාව කරගෙන යනකොට පී‍්‍රතිය උපදිනවා. එයා පී‍්‍රතියෙන් යුක්තව භාවනාව කරගෙන යනවා. එතකොට බලන්ට විවේකය ඇති වෙන්නෙත්, පී‍්‍රතිය ඇති වෙන්නෙත් භාවනාව තුළ යි. ඒක මතක තියා ගන්න. එහෙම නැත්නම් අපි යන එන කොට හිනා වෙන එක නෙමෙයි මෙතනදි පී‍්‍රතිය කියන්නෙ. නැත්නම් සිතනව කට්ටියක් එකතු වෙලා හිනාවෙවී ඉන්න එකයි මේ පී‍්‍රතිය කියන්නෙ කියල . නෑ ඒක නෙමෙයි. මෙතනදි පී‍්‍රතිය කියන්නෙ භාවනා කරනකොට භාවනා කරන කෙනාට උපදින දෙයක්.
 
කලක දී ඒ පී‍්‍රතිය නැති වෙලා කය සැහැල්ලු වෙනව. දැන් එයා ඉතා සුව පහසුවෙන් භාවනාව කරගෙන යනව. ඒ සුව පහසුවෙන් භාවනාව කරගෙන යන කෙනාගෙ සිතේ සැප ඇතිවෙනව. දැන් එයා සැප සේ භාවනා කරනව. ඉතාම සැප සේ භාවනා කරනව. ඒ සැපෙන් යුක්තව වාසය කරමින් භාවනා කරන කෙනාගෙ සිත එකඟ වෙන්ට පටන් ගන්නව. එයාට තමයි සමථ විදර්ශනා ධර්මයන් පහළ වෙන්නෙ.
 
එහෙනම් අපි කවුරුත් බණ භාවනාවක් තුළින් සාර්ථක ප්‍රතිඵලයක් අපේක්‍ෂා කරනවා නම්, භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද විදියටයි කටයුතු කළ යුත්තේ. ඒ නිසා අප පටන් ගත යුත්තේ කොතනින්ද? දුක අවබෝධ කර ගන්ට කැමැති වෙන්ට ඕන. දුක අවබෝධ කරගන්ට නම් සද්ධර්මය ජීවිතයට ගලපල බලන්ට ඕන. සද්ධර්මය ජීවිතයට ගලපල බලන්ට නම්, ඒ සද්ධර්මය කෙරෙහි පැහැදීමක් තියෙන්ට ඕන විශ්වාසයක් තියෙන්ට ඕන. සද්ධර්මය කෙරෙහි විශ්වාසයක් තියෙන්ට නම්, මට මේ ධර්මය වටහා ගන්ට ඕනෑ කියන අදහසින් ධර්මය අහන්ට ඕනෑ. ඒ සද්ධර්මය අහන්ට නම් ඒ විදියට කළ්‍යාණ මිත්‍රයා ගරුසරු ඇතිව ඇසුරු කරන්ට ඕන. ආන්න ඒ කෙනාට භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ඇතිකරගන්ට අවකාශයක් ඉපදෙනව. සියලු දෙනාට ම ජීවිතේ යහපත් පැත්ත දියුණු කරගන්ට වාසනාව ධෛර්ය උදාවේවා කියල අපි ආශිර්වාද කරන්නෙමු !
 
තෙරුවන් සරණයි.
 
නාවලපිටියේ අරියවංශ හිමි

Be calm of organs

පි දහම් මගෙහි අප‍්‍රමාදී බව ඇතිකරගත යුතුයි. අප‍්‍රමාදී බව ඇතිකර ගැනීම කවද ඉඳන් ද කළ යුත්තේ? ධර්මය ඇසූ මොහොතේ ඉඳන්ම අප‍්‍රමාදී බවට එන්ට බලන්න. අප‍්‍රමාදී බවට එන්නෙ ධර්මය කෙරෙහි පැහැදීම ඇතිකරගැනීමෙන්.
යමෙක් ධර්මය අහල ඒ ධර්මය කෙරෙහි පැහැදීම ඇති කරගත්තොත්, ඒ වෙලාවෙ ඉඳන් එයා ඒ ධර්මය පුරුදු කරන්ට කැමැතියි. අන්න එතනයි අප‍්‍රමාදී බව උපදින්නෙ. ඒ අප‍්‍රමාදී බව උපදින්නෙ ඒ ධර්මය පුරුදු කරන්ට එයා තුළ ඇති කැමැත්ත නිසා. කැමැත්ත උපදින්නේ ඒ ධර්මයට ඇති පැහැදීම නිසා. එයා පිළිගන්නව ඒකාන්තයෙන් මේ නිවන් මඟ කියල. එයාට ඒ නිවන් මඟ පිළිබද විශ්වාසයක් තියෙනව. නිවන් මඟ කෙරෙහි විශ්වාසයක් ඇතිවුන කෙනාගෙ ස්වභාවය තමයි එයා ඒ මඟ පුරුදු කරනව.
නිවන් මඟ පිළිබඳ විශ්වාසය නැති කෙනා මොකද කරන්නේ? එයා තව තව හොයනව, පුරුදු කරන්නෙ නෑ. බලමු තව දිහාවක, බලමු තව දෙයක් කියල හොයනව. ඒක හරියට මේ වගේ. කඳු මුදුනට නඟින්ට ඕනැ කෙනා මොකක්ද කළ යුත්තෙ? එයාට මුදුනට නඟින්ට කැමැත්තක් තියෙන්ට ඕනැ. සමහර විට මුදුන පෙනෙන්නෙ නෑ. දැන් සිරීපාදෙ නඟින්ට කෙනෙක් කැමැති වෙනව. එපමනකින්ම සිරිපාදෙ පද්මෙ පේනවද? නෑ පේන්නෙ නෑ. එයා මොකක්ද කරන්නෙ? කන්ද නඟින්න පටන් ගන්නට ඕනැ. පටන් ගන්නෙ නැති කෙනා කන්ද වටේ කැරකි කැරකි ඉන්නව. එයාට කවදාවත් කන්දට නඟින්ට බෑ.
ඒ නිසා, භාග්‍යවතුන් වහන්සේ වදාල ධර්මය ඇහුවාම ඒක නිවන් මඟ කියල පැහැදුන කෙනා ඒ ධර්මය පුරුදු කරනව. පුරුදු නොකරන කෙනා හොය හොය ඉන්නව. එයාට කවදාවත් නිවන කරා යන්ට බෑ. එයා අන්තිමට වාද කරන, තර්ක කරන, දැණුම ප‍්‍රදර්ශනය කරන්ට උත්සාහ කරන කෙනෙක් බවට පත් වෙයි. එයා කන්දෙ අඟලකටවත් නඟින්ට හිතල නෑ. හැබැයි කන්ද නැඟල බැස්ස කෙනා වගේ කතා කරන්නෙ. අන්න එතෙන්ට වැටෙන්ට එපා. අපි භාග්‍යවතුන් වහන්සේ විසින් කියා දුන් ධර්මයක් ඇහුවාම ”මේ ඒකාන්තයෙන්ම නිවන් මඟ යි” කියල අපි පිළිගත යුතුයි. එසේ පිළිගත් කෙනා ඒ මග පුරුදුකරනවා. පුරුදු කරන කෙනා යම් දවසක නිවන කරා යනවාමයි. පුරුදු නොකරන කෙනා කොයි තරම් ධර්මය ඇහුවත් නිවනට යන්ට බෑ. ඇයි එයා කන්ද වටේ කැරකි කැරකි ඉන්නව වගේ. දේශනා කියවනව කියවනව, කතා කරනව මුකුත් පුරුදු කිරීමක් නෑ.
ඒ නිසා මතක තියා ගන්න, මේ ධර්මය ප‍්‍රායෝගිකව පුරුදු කරන එකක්. අපි ප‍්‍රායෝගිකව පුරුදු නොකර කොයි තරම් දේශනා ඇහුවත් වැඩක් නෑ. කොච්චර පොත පත කියෙව්වත් වැඩක් නෑ. ඒ අහන ධර්මය පුරුදු කරන්න. පුරුදු කරන්ට නම් විශ්වාසයකට එන්ට ඕනැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාල හැම ධර්මයකම නිවන් මඟ තියෙනවා කියල අපි පිළිගත්තොත්, ඒකයි ශ‍්‍ර‍්‍රද්ධාවෙන් අදහා ගන්නව කියල කියන්නෙ. ඉස්සෙල්ලම කරන්නෙ මෙතන ඒකාන්ත වශයෙන් නිවන් මඟ තියෙනවා කියල ශ‍්‍රද්ධාවෙන් අදහා ගන්න එකයි. අන්න එහෙම අදහා ගත්ත කෙනාගෙ ස්වභාවය තමයි එයා පුරුදු කරනව. පුරුදු කරන කොට අදහා ගත්ත දේ එයාට ප‍්‍රත්‍යක්‍ෂ දෙයක් බවට පත්වෙනව. තමාටම දැනෙන දෙයක් බවට පත්වෙනව. ඇත්තයි කියල තමන්ටම තේරෙනව. අන්න එදාට එයාට අදහා ගත්ත දේ වෙනස් නොවෙන, තමා තුළම පිහිටි විශ්වාසයක් බවට පත්වෙනව. ඒක කාටත් වෙනස් කරන්ට බෑ. ඒ ප‍්‍රසාදය වෙනස් වෙන්නෙ නෑ. එහෙම නොවෙන්නෙ පුරුදු කරන කෙනාට. පුරුදු නොකරන කෙනාට එබඳු විශ්වාසයක් එන්නෙ නෑ. දැන් බලන්න ඉන්ද්‍රිය අසංවර වුණහම දුක සේ වාසය කරන්ට සිද්ධ වෙනව. ඉන්ද්‍රිය සංවර වුණහම සැප සේ වාසය කරන්ට පුළුවන්කම තියෙනව කියන කාරණාව. ඒක තව කෙනෙක් තුළින් නෙවෙයි දකින්නෙ. තමන්ම දැකිය යුතුයි. ධර්මය තමා තුළින් දකිනවා කියල කියන්නෙ ඒකට. ධර්මය පුරුදු නොකර අපිට මේ දේවල් තේරුම්ගන්ට බෑ.
ඉන්ද්‍රිය අසංවර වුණහම දුකට පත්වෙන්ට වෙනව කියල යමෙක් තේරුම් ගත්තොත්, ඒ වගේම ඉන්ද්‍රිය සංවර කර ගත්තාම එයා තුළ මහත් වූ සැප සතුට උපදිනව කියල එයාම තේරුම් ගත්තොත්, එයා ඒ ධර්මයට පහදිනවද? නැද්ද? පහදිනව. ඇයි? දුකට කව්ද කැමති වෙන්නෙ. සිහි බුද්ධිය තියෙන, නුවණ තියෙන කිසි කෙනෙක් දුකට කැමති වෙන්නෙ නෑ. සැප පහසුවට කැමතියි. ඉතින් ඉන්ද්‍රිය අසංවරය තුළින් දුක් පීඩා උපදිනව කියල එයා දැක්කොත්, ඉන්ද්‍රිය සංවරය තුළින් ඒ දුක් පීඩා දුරු වෙලා සැප පහසුව ඇති වෙනව කියල දැක්කොත්, එයා ඒ ඉන්ද්‍රිය සංවරය කියන උතුම් දහම අත හරියිද? කවදාවත් ඒ ධර්මය අතහැරල වෙන හීන දේවල් කරයිද? කිසි දවසක එයා වෙන එකක් කරන්නෙ නෑ. ඒකයි අචල ප‍්‍රසාදයට පත් වෙනවා කියල කියන්නෙ.
ඒ විදියට ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමකට එන්ට නම්, අපි මුලින් ම ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය ඒකාන්තයෙන් සත්‍යක් කියල අදහා ගන්ට ඕනැ. ඒ අදහා ගත්ත කෙනා ඒ ධර්මය පුරුදු කරනව. ඒ ධර්මය පුරුදු කරන කෙනාට ප‍්‍රතිඵල ඒකාන්ත වශයෙන්ම ලැබෙනවාමයි. ඇයි? මේ ධර්මය අකාලිකයි. පුරුදු කරපුවාම ප‍්‍රතිඵල තියෙනව. ඒ නිසා අපි ඒ විදිහට ධර්මය කෙරෙහි පැහැදීම ඇති කරගෙන, ධර්මය පුරුදු කරන්න බලන්ට ඕනැ.
ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්ට මහන්සි වෙන්න. උනන්දු වෙන්න. ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්ට නම්, ඉන්ද්‍රිය අසංවර වීමෙන් ඇති වෙන හානිය, දුක් පීඩාවන් තේරුම් ගන්ට ඕනැ. ඉන්ද්‍රිය අසංවර වුණ ගමන් රාග ගින්නට ඇදගෙන වැටෙනවා. එතකොට සිතත් කයත් ඒ ගින්නෙන් දැවෙනවා. ඒ නිසා හිතට ගිනි තියා ගන්ට එපා. හිතට ගිනි තියා ගන්ට කැමතිද? හිසට ගිනි තියා ගත්තොත් නම්, කවුරුහරි කෙනෙක් ඇවිල්ල ඒ ගින්න නිවයි. හිතට ගිනි තියා ගත්තොත් එයාට බේරෙන්ට බෑ. ඒ නිසා කිසි දවසක හිතට ගිනි තියා ගන්ට එපා.
කොහොමද හිතට ගිනි තියා ගන්නෙ? ඉන්ද්‍රිය අසංවර වුණ ගමන් එයා හිතට ගිනි තියා ගන්නව. එයාට රාගය කියන ගින්නෙන් දැවෙන්ට වෙනව. අසංවර වූ ඉන්ද්‍රියන්ගෙන් යුක්තව වාසය කරන කෙනාට ඒ රාග ගින්න නිවා ගන්ට බැරි වෙනව. ඒ නිසා හිතට ගිනි ඇවිලෙන දේ අත් හරින්ට පුරුදු වෙන්ට කැමති වෙන්න. ඒ විදියට හිත ගිනි ගත්තොත් එයාට බේරෙන්ට බැරුව යනව. ඒ නිසා කවදාවත් ඒ වගේ දුක් සහිත ඉරණමක් අත් කරගන්ට කැමති වෙන්ට එපා.
මේ ධර්මය අද්භූත දෙයක් නෙවෙයි කියල දැන් තේරෙනවද? ප‍්‍රායෝගිකව කළ හැකි දෙයක් කියල කල්පනා කරන්ට පුළුවන් නේද? ඉන්ද්‍රිය සංවර කර ගත්තාම එපමණකින්ම මේ සිත කෙලෙසන දේවල් හිතට එන එක මඟ හැරිල යනව නේද? අපි අන්න එතනින් පටන් ගන්ට ඕනැ. ඉන්ද්‍රිය සංවරය ඇතිකරගන්නෙ නැතුව පැය ගණන් භාවනා කරන්ට උත්සාහ කළත් අපිට කවදාවත් සිත දියුණු කර ගන්ට බෑ.
ඒ නිසා සමාධිය උපදව ගන්ට කැමති කෙනා මොකක්ද කළ යුත්තේ? ඉන්ද්‍රිය සංවර කරන්ට පටන් ගන්න. ඉන්ද්‍රිය සංවරය කරන කෙනාට සමාධිය උපදව ගන්ට පුළුවන් කම තියෙනව. ඒක බැරි වෙන්නෙ නෑ. ඉන්ද්‍රිය සංවරය කරන කෙනාට සමාධිය උපදිනවා කියන එක සිද්ධ වෙනවාම යි. ඉන්ද්‍රිය සංවර කරන්නෙ නැතුව එයා පැය ගණන් මහන්සි වුණත් භාවනා කරන්ට, සමාධිය උපදව ගන්ට, පුලූවන්ද? කවදාවත් කරන්ට බෑ. ඇයි ඒ? එයාගෙ හිත කෙලෙස් වලින් තෙමිල ගිහිල්ල. ප‍්‍රමුදිත භාවය උපදින්නෙ නෑ. ප‍්‍රීතිය ඇති වෙන්නෙ නෑ. එහෙම කෙනා තුළ සමාධිය උපදින්නෙ නෑ. සමාධිය උපදවා ගන්ට කැමති කෙනා විසින් කළ යුත්තේ ඒ හිත කෙලෙස් වලින් තෙමිල යන ස්වභාවය වලක්වා ගන්ට ඕනැ. ප‍්‍රමුදිත භාවය ඉපදෙන විදියට අපි ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්ට ඕනැ. අන්න එයාට සමාධිය ඉපදෙනව. ඒක වලක්වන්ට බෑ. ඒ නිසා සමාධිය උපදව ගන්ට කැමති කෙනා, ඒ නිවන් මඟ පාද ගන්ට කැමති කෙනා, ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගන්න කැමති වෙන්ට ඕනැ. ඒ ඉන්ද්‍රිය සංවරය පිටස්තර තැන්වලදි පමණක් නෙවෙයි තම තමන් ඉන්න තැන් වලදීත් කරන්නට පුරුදුවිය යුතුයි.
ඉතින් අපි ආශිර්වාද කරනවා කාටත් ඒ හිතට දුක් උපදින හිත ගිනි ගන්න ස්වභාවයන් වලක්වා ගෙන මහත් වු සැප උපදවල දෙන ඒ ධර්මයන් උපදවා ගැනීම පිණිස ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්ට කාටත් කැමැත්ත ඉපදේවා කියල.
නාවලපිටියේ අරියවංශ හිමි