නියාම
ධර්ම
කිසිවකු විසින් පාලනය නොකරන මේ
විශ්වයේ තාරකාවන් ග්‍රහලෝක ඇතුළු සියළු වස්තූන් එක්තරා නීති පද්ධතියකට අනුව
හැසිරෙයි. නූතන විද්‍යාව මඟින් කෙරෙනුයේ එම ක්‍රියාවලීන් ගැන අධ්‍යයනය
කරමින් නොයෙකුත් මත පළකිරීම පමණි.ඒවාද කලින් කළට නව සොයා ගැනීම් හේතුවෙන්
වෙනස් කිරීමට සිදුවෙයි. නමුත් බුදුන් වහන්සේ විසින් ඉදිරිපත් කළ
ධර්මතාවයන් එසේ කලින් කලට වෙනස් නොවේ එබැවින් එම ධර්මය "අකාලික" ධර්මයකි.
වෙනත් ලෙසකින පැවසුවහොත් පරම සත්‍යයකි. කිසිවෙකුට තර්ක කිරීමෙන් වෙනස්කළ
නෙහැකි වෙයි එනම් "අතක්කාවචර" ධර්මයකි.
මෙම විශ්වයේ පවතින නීති
රීතීන් ගැන නිසි අවබෝධයක් නොමැති වීම හේතුවෙන් සිදුවීම් අර්ථ දක්වා
ගැනීමට අපොහොසත් වීමෙන් මිනිසුන් අතර ගස් ගල් ඇදහීම් වැනි මිත්‍යා මති
මතාන්තර ඇතිවිය.