Showing posts with label Maithree Lord Buddha. Show all posts
Showing posts with label Maithree Lord Buddha. Show all posts
Thursday, July 6, 2017
මතු බුදුවන මෛත්‍රි බෝසතාණෝ..
අද අප ජීවත් වන්නේ මහා භද්‍ර කල්පයේය. මේ කල්පයේ බුදුවරු පස් නමක් පහළ වෙනවා. දැනටමත් බුදුවරු සතර නමක් පහළ වි තිබෙනවා. කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම නමින්, අවසානයට පහල වන්නේ මෛත්‍රි නම් බුදුරජාණන්වහන්සේය. මේ මහා භද්‍ර කල්පයේ බුදුවරු පස් නමක් පහළ වුවත් ඇතැම් කල්පවල එක් බුදු නමක් පමණක් පහළ වූ අවස්‌ථා ද තිබෙනවා. ලොව බුදු වරු පහළ වන කල්ප පහක් තිබෙනවා. එනම්
01 සාර කල්පය 02 මණ්‌ඩල කල්පය 03 වර කල්පය 04 සාර මණ්‌ඩල කල්පය 05 මහා භද්‍ර කල්පය යනුවෙනි.
සාර කල්පයේ බුදුවරු එක්‌නමක් ද, මණ්‌ඩල කල්පයේ බුදුවරු දෙනමක් ද, වර කල්පයේ බුදුවරු තුන් නමක් ද, සාර මණ්‌ඩල කල්පයේ බුදුවරු හතර දෙනකුද, මහ භද්‍රකල්කයේ බුදුවරු පස් නමක්‌ද පහළ වෙනවා. එක් එක් කල්ප අවසානයේදී ලොව විනාශ වී යනවා. බුද්ධ ශූන්‍ය කාලයක් ඉන්පසු ඇති වෙනවා.
Labels:
Maithree Lord Buddha
Subscribe to:
Posts (Atom)