ඉකුත් කොටසින්
සඳහන් කළේ දෙසැම්බර් 31 දා රාත්‍රියේ නගරයේ මෙන්ම ගමේත් ඇසට පෙනෙන, කනට ඇසෙන පැත්ත.
සාමාන්‍ය ස්‌වභාවය. මීට වඩා වෙනස් ස්‌වභාවයකුත් වාර්තමාන සමාජය තුළ වර්ධනය වෙනවා.
හෝටල්වල පෞද්ගලිකව වෙන්කරගත් ස්‌ථානවල නව වසර උදාව සමරන අයට අවුරුදු උදාවෙන්නේ
අඳුරේ. ප්‍රඥාවේ ආලෝකයක් මේ අයට කොහොමටවත් නැහැ. ජල විදුලියේ, තාප බලාගාරයේ ආලෝකය
පමණයි තිබෙන්නේ. එම ආලෝකයත් නිවා දමා, අඳුරේ තමයි අවුරුදු උදාවට අවතීර්ණ වෙන්නේ.
ඒකෙන්ම පෙනෙනවා අවිද්‍යා සහගත සිත, ආලෝකයට ඇති අකමැත්ත. ආලෝකය නිවාදමා අඳුරට
කැමැතිවන්නේ අනුසය වශයෙන් ඉතිරි වෙලා තිබෙන හිරි ඔතප් දෙකත් ඒ රාත්‍රියේ නැති
කරගන්න. හිරි ඔතප් දෙක නැතිවුණ තැන තවත් නැතිවෙන්න දෙයක් තිබෙනවාද?
වසරක ආරම්භය මේ අය
විසින් පටන්ගන්නේ සීලයට සෘණාත්මක අගයක් දෙමින්. සීලයෙන් ගිළිහුණ ජීවිතයක ලෝභ,
ද්වේෂ, මෝහ අකුසල මූලයන් සරුසාර ලෙස වැඩෙනවා. මෙවන් සිත් වලින් ලබන්නා වූ වසරට කුමන
ආධ්‍යාත්මික ශාන්තියක්‌ද? භෞතික දියුණුවක් නම් සැලසේවී. ඒ බව සමාජයෙන් හොඳින්
පෙනෙනවා සැකයකින් තොරවම. එහෙත් එය සතුටු විය හැකි කාරණයක් නම් නොවේ. පරලොව යහපත
ගැන බලනකොට ලබන්නා වූ වසරේදී අවම වශයෙන් පංච සීලයවත් රැකගැනීමට අධිෂ්ඨානයක් ඇතිකර
නොගන්නා තැනැත්තා තමා තමාටවත් උපකාරයක් කර නොගත් තැනැත්තෙක් වෙනවා. ඔහු කෙසේ
අනුනට උපකාර කරන්නද? කෙසේ නම් අනුනට ආශිර්වාද කරන්නද? ඔහු කෙසේ නම් ධර්මයේ අර්ථයක්
අත්දකින්නද?