Friday, September 16, 2011

Thinking About Vesak

වෙසක් දිනයේ පරමිපරාවෙන් පරමි පරාවට අපි උරැමකරගත් සමිප්‍රදායන් රැසක් තියෙනවා. එත් අපි ඒවා කරන්නමිවාලේ කරනවා මිස මෙවායේ අර්ථය විමසා බලා නුවනින් තිරණයන් ගන්නේ කියෙන් කිදෙනෙක්ද?

වෙසක් පොහොය බෞද්ධයන්ට වැදගත් වන්නේ ඇයිද යන්න අමුතුවෙන් කිව යුත්තක් නොවෙ. ඒ අපේ ස්‍රස්තෘවරයාණන් වහන්‍ස් වන තථාගත බුදුපියානන් වහන්සේගේ මංගල්‍යයන් 03 ක් එදින අපි සැමරිමයි. එනමි ‍මහ බෝසතුන් වහන්සේගේ උපත, බුද්ධත්වයට පත්විම හා මහා පරිණිර්වාණය යන මෙ මහා මංගල්‍යයන් 03 යි. "මම මෙ කිවිවෙ වෙසක් වෙසක් කියල හැම දෙනාම කියන දේ" හැබැයි මෙ කියපු කථාවෙත් කිසි වරදක් නැ. නමුත් චින්තනය දියුණු මිනිස්සු විදියට අපි වෙසක් මංගල්‍යයට දෙන අර්ථ දැක්විම මෙය නමි අවිවාදාත්මකවම එය මහාම මහා අසාධාරණයක්. ඒ ඇයි?
අපේ ලගම ඥාතියෙක්ගේ උපන්දිනයක් තිබුනොත් අපි එදාට මොනාද කරන්නේ? අපි කේක් කපයි, සාදයක් පවත්වයි, තවත් කෙනෙක්, ඥාති හිතමිතුරන් එක්ක මෙය බොහොම ඉහලින් සමරයි. එ වගේම අපි කවුරැ හරි හුගක් මහන්සි වෙලා පාඩමි කරල  ලියපු විභාගයක ප්‍රථිපල ඇවිල්ල ඒ විතරක් නෙමෙයි විභාගය බොහොම උසස් විදියට සමර්ථ වෙලාත් තියෙනවා නමි, ඒ ගෙදර පිරිසට ඒදා මොන තරමි නමි සතුටුදායක දවසක් වෙයිද? එත් එක්ක්ම අපේ ගෙදර මරණයක් වුනොත් අපි මොනතරමි නමි දුක් වෙයිද අඩයිද වැලපෙයිද? අපි මේ අවස්ථා 03 ම දසාමාණ්‍යයෙන් එදිනෙදා දන්න දේවල්. අපේ තථාගත බුදුපියානන්වහන්සේගේ උපත, බුදුවිම යන ප්‍රිති ජනක මංගල්‍යයන් සිදුවුයේ, ඒ අශ්චර්‍යමත් සිදුවිමි සිදුවුනේ වෙසක් පොහෝ දිනයේයි. සැබවින්ම එය බෞද්ධයන්ට ඉතාමත් සතුටුවිය හැකි කරැණක් තමයි . නමුත් අපි වෙනුවෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් අනන්ත අප්‍රමාණ දුක් විදි තථාගතයන් වහන්සේගේ මහා පරිණිර්වානය සිදුවුයේද එම දිනයේමයි. සැබවින්ම උපත ලැබුවෙ මහබෝසථානොයි, බුදු බවට පත්වුයේද ඒතුමානොයි, නමුත් පරිණිර්වානය වුයේ අපේ තථාගත බුදුපියානොයි. එතකොට අපි කොහොමද සතුටු වෙන්නේ? මෙ ප්‍රශ්ණය මම නොයෙක්වර මාගෙන්ම අසා ඇත්තෙමි. නමුත් මම වෙසගේ නියම අර්ථය ඒ නිසා සොයාගත්තා යැයි කිවහොත් නිවැරදියි.

අපගේ තථාගත බුදුපියානන්වහන්සේගේ දර්ශනයේ සාරය  අංගුමාත්‍රයක් නැර මෙම වෙසගින් නිරැපනය වන බව ඔබ කවදාවත් නොසිතන්නට ඇත. එනමි අනිත්‍යතාවයයි, දුක්ඛ තාවයයි, අනාත්මතාවයයි. කෙනෙක් මෙක මාගේ උපන් දවස කියල දිනයක් වෙන්කරගෙන මෙ දවස මම මෙ විදියට ඉන්නවා. මෙහෙම පාටියක් දානවා කියල හිතාගෙන ඉන්නවා කියමුකෝ. මෙ පුද්ගලයා හිතාගෙන ඉන්නේ මෙ ලොකේ තියෙන හොදම දිනය තමන් උපන් දිනය කියලයි. මම මෙ උපන්දිනය උදාහරණයට අරගෙනයි කතාව කියන්නේ මෙක ඔනැම දෙයකට ආදේශ කරල බලන්න පුලුවන්.ඒ වගේම ඒ දිනය එනකන් හරි ආසාවෙන් බලාගෙනත් ඉන්නවා. එදාට අපිට ගොඩදෙනෙක් සුභ පතනවා. තැගිබෝග ලැබෙනවා අපිට හරි සතුටුයි. මම ඒක නිසා ඒකට කියන්නේ "මගේ  උපන්දිනය කියලයි" හැබැයි දැන් මෙ අතර තව සිදුවිමක් වෙනවා. මෙ උපන්දිනය එනකන් බලන්හිටපු කෙනාගේ ස්වාමිපුරැෂයා හරි බිරිද හරි, අමිමා හරි තාත්තා හරි ඒදාම මැරෙනවා. දැන් මොකද වෙන්නේ? මෙයාට ඒ උපන්දිනය ඒ විදියට සමරන්න පුලුවන් වෙයිද? ඒ දවස දැන් මගේ උපන්දිනය නෙමෙ මගේ බිරිද මැරැන දවස වෙලා, එහෙමත් නැත්නමි අමිමා තාත්තා මැරැණ දවස වෙලා. පේනවා නේද වෙනස්විමෙ තරම, මෙකට කියන්නේ අනිත්‍යය කියලයි. අපිට උපන්දිනය සමරන්න බැරිවුන එක දැන් දුකක්. එදාම දැන් අමිමා හරි තාත්තා හරි කවුරැ හරි අර අපි කියපු පුද්ගලයා මැරැණ එක ඊටත් වඩා දැන් දුකක්. පේනවා නේද අර සතුට මොහොතකින් දුකකට පෙරළුන හැටි. මෙක තමයි දුක්ඛතාවය කියන්නේ, මම මෙචිචර දවසක් මගේ උපන්දිනය මගේ උපන්දිනය කිය කිය හිටපු දිනය දැන් වෙනකෙනෙක්ගේ මරණ දිනයක් වෙලා දැන් කෝ මෙකේ මගේ කියන්න දෙයක්? මෙකට තමයි අනාත්මතාවය කියන්නේ. එතකොට මෙ දවස මම සමරන්නේ කොහොමද? මට උපන්දිනය කියල පාටි දාන්න බැ.උපන්දිනයයි මරණ දිනයයි කියන දෙකම අලලා පුන්‍යමය කටයුත්තක යෙදෙනෙ එක නේද මම කරන්න ඔන. මොකද මට දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියල ලක්ෂන තුනම මෙදා ප්‍රගුණවෙලා පෙනෙන නිසා.මෙ දේ තෙරෙනවා නමි කවුරැත් වෙසක්දාට ඔලුබක්කෝ නටන එකක් නැ. මෙදේ තෙරෙනවානමි කවුරැත් වෙසක්දාට මහා හොල්මන් මන්දිර වලට යන එකක් නැ. මෙ දේ තේරෙනවා නමි කවුරැත් වෙසක්දාට වෙසක් බලන්න කියල රට වටේ කරක්ගහල අරක්කු සිගරටි බිල ජොලි දාන එකක් නැ. මෙ දෙ තෙරෙනෙවානමි කවුරැත් වෙසක් උත්සවයට I Love You කියල කෙල්ලො කොල්ලන්ගේ රැප දාල පැත්තකින් පොඩියට බුදු රැපයක් ඇදපු වෙසක් කාඩි යවන එකක් නැ. මෙ දේ තෙරෙනවා නමි කවුරැත් වෙසක් දවස පාටියක් කර ගන්න එකක් නැ. සසර කෙටි කරගන්න ඉක්මන් වෙනවා මිසක්. ඒකට පින්දහමි කරගන්නවා මිසක්.   

මෙ විදියට අපේ තථාගතයානන්වහන්සේගේ මෙ තෙමගුලත් අනිත්‍ය, දුක්ඛය හා අනාත්මය ‍පිලිබිබු කරණ දිනයක් නොවෙද? මෙ ලකෂණ 03 කෙනෙක් දකිනවානමි මෙ ලොව එයිටත් වඩා වෙනත් මංගල්‍යයක්ද නැත. මෙ අනුව අපිට පෙනි යන්නේ වෙසක් දිනය කියන්නේ නිකං කැලැන්ඩරයක දිනයක් පමණක් නොවිය යුතු බවයි. එය ඊට වඩා අර්ථාන්විත දිනයක් ලෙස ගතකල යුතු බවයි මම මෙයින් අදහස් කලේ.

වෙසක් දිනය අර්ථාන්විත වන්නේ කෙසේද?
වෙසක් දිනයේ මුලිකම පණිවිඩය වන්නේ තථාගත බුදුපියානන්වහන්සේ එදා මහා පරිනිර්වාන මංචකයේ සිට පැවසු මෙ වෙදන් නොවෙද? "මහණෙණි මා දැන් ඔබ අමතමි! සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුලුයි. නොපමාව කුසල්ධමි සමිපාදනයේ යෙදෙන්න" එනමි වෙසක් දිනය යනු අපේ තථාගතයන් වහන්සේගේ පරිණිර්වානයත්, උන්වහන්සේ ගේ ඒ අවසන් වදනුත් තවදුරටත් මහාකුළුනු සමවතට වැදි අපට පිහිට වන්නට උතුමෙක් නොමැති බවත්, අපි හැකි ඉක්මනින් මෙ සසරින් මිදිය යුතු බවත්, දශබලධාරි වු බුදුපියානන්වහන්සේ පිරිනිවුන කල අපි වැනි  පෘතක්ජනයන්ද මරණයෙන් කෙලවර වනබව අපිට මතක් කර දෙන දිනය
වන්නේ මෙම වෙසක් දිනයයි. කෙනෙක් වෙනදාටත් වඩා ධර්මය දකින්නට එදින උත්සහ කරණවා නමි, වෙනදාටත් වඩා තුණුරැවන් ගැන සිත පහදවා ගන්නවා නමි, වෙනදාටත් වඩා බුදු ගුණ මෙනෙහි කරණවානමි, වෙනදාටත් වඩා සිල්වත් වෙනවානමි අන්න එදින අර්ථාන්විත වෙසක් දිනයක් වෙයි. වෙසක් ඇත්තේ අපේ සිතේ මිස කැලැන්ඩරයේ දින වල නොවන බව ඔබට තේරෙනවා ඇත. ඒකයි අපි වෙසක් දවසේ අනිත් පොයවල් වලට නොදෙන විදියට දන්සල් දෙන්නේ, ඒකයි අපි වෙසක්දාට වෙසක් කුඩු හදන්නේ, ඒකයි අපි එදාට වෙනදාට වඩා ගොඩක් පිං කමි කරන්නේ, බැතිගි ගයන්නේ පන්සල් නොයන මිනිස්සුත් පන්සල් යන්නේ. ඒකයි වෙසක් දිනය විශේෂ වන්නේ.

Noselwena shraddhawa Upadawa ganimu


පහුගිය ලිපියෙන් අපි මේ පින්වතුන්ට කියා දුන්නා, භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහාගත්ත කෙනා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට, අකුසල විතර්ක හටගත්තහම ඒ අකුසල විතර්ක දුරුවෙන ආකාරයට එහි ආදීනව සිහි කරන ආකාරය. මේ විදිහට කලක් අකුසල විතර්ක බැහැර කිරීම පුරුදු කරන කොට ඒ අකුසල විතර්ක බැහැර වෙන්ට පටන් ගන්නවා. එයා තව දුරටත් සිහි නුවණ දියුණු කර ගන්න කෙනෙක් බවට පත්වෙනවා. ඒ විදිහට සිහි නුවණින් යුක්තව සේඛ බල පුරුදු කරමින් අකුසල විතර්ක බැහැර කර ගන්ට කටයුතු කරන කොට, අකුසල විතර්ක ක‍්‍රම ක‍්‍රමයෙන් අඩුවෙලා යනකොට, එයාට සුව පහසුවක් ඇති වෙනවා. අකුසල විතර්ක නිසා ඇති වුන පීඩා නැති වෙලා යනවා. කාම විතර්කවලින් ව්‍යාපාද විතර්ක වලින් විහින්සා විතර්ක වලින් ඇතිවුන පීඩා අඩුවෙන්ට පටන්ගන්වා.

එතකොට මුලින්ම කළේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගත්තා. ඊළඟට එයා ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගනිමින් අකුසල විතර්කය හඳුන ගන්ට මහන්සි වුනා. දැන් ඒ විදිහට මහන්සි වෙනකොට ටික ටික අකුසල විතර්ක දුරු වෙන්ට පටන් ගන්නවා. එයාට දැන් සුව පහසුව ඇති වෙනවා. දැන් එයාට තේරෙනවා එයා තුළින් අකුසල විතර්ක දුරුවෙනවා කියල. එතකොට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඇති කර ගත්ත විශ්වාසය, ඒ අවබෝධය අදහා ගැනීම එයාට තහවුරු වෙනවා. කලින් භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය අදහා ගත්තා. අදහාගෙන පුරුදු කරගෙන යනකොට එයාටම තේරෙනවා මේ ධර්මය පුරුදු කරන කොට අකුසල විතර්ක බැහැරවෙලා යනවා කියල. දැන් එතකොට ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය හරි කියන විශ්වාසය තහවුරු වුනා. එතකොට එයා මුලින්ම ඒ නිවන් මග හරි කියලා අදහා ගත්තා. නිවන් මග පුරුදු කළා. පුරුදු කරන කොට එයාට තේරෙනවා නිවන් මග හරි කියල.
දැන් එයාට තව කෙනෙකුගේ සහතිකයක් ඕනැද? එයා තුළ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම අඩුවෙනව ද බලවත් වෙනවද? බලවත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි තියෙන පැහැදීම බලවත් වෙන්ට වෙන්ට ඒ නිවන් මග ගැන, සද්ධර්මය ගැන පැහැදීමට මොකද වෙන්නේ? බලවත් දෙයක් බවට පත් වෙනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම බලවත් වුනා, නිවන් මග කෙරෙහි පැහැදීම බලවත් වුනා, එතකොට ඒ නිවන් මග පුරුදු කරන අය ගැන මොකද හිතන්නේ? මේ ධර්මය පුරුදු කරන අය රාග, ද්වේෂ, මෝහ දුරුකරන ප‍්‍රතිපදාවෙන් යුක්තයි කියන විශ්වාසය එයා තුළ තහවුරු වෙනවා. කොහොමද ඒ තහවුරු වුනේ? තමන් තුළින් තමන් ම දැක්ක. තමන් ම දැක්කේ කොහොම ද? තමන් ප‍්‍රතිපදාවට පැමිණීමෙන්.
තමන් නිවන් මග විශ්වාස කළා. ඒ ධර්මය අදහා ගත්තා. භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගත්තා. තමන් ම ඒක පුරුදු කරගෙන යනවා. පුරුදු කරන කොට තමන්ටම තේරෙනවා මෙය සත්‍යයි. ඒ සත්‍යය ගැන අදහස තමා තුළම පිහිටනවා. එතකොට එයා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ස්ථිර දෙයක් බවට පත්කර ගත්තා. ධර්මය කෙරෙහි පැහැදීම ස්ථිර දෙයක් බවට පත්කර ගත්තා. ඒ ධර්මය පුරුදු කරන්නා වූ ආර්ය මහා සඝ රුවන කෙරෙහි පැහැදීම ස්ථිර දෙයක් බවට පත්කර ගත්තා. දැන් එයා තුළ තව කෙනෙකුට වෙනස් කරන්න බැරි පැහැදීමක් ඇති වෙලා. තව කෙනෙක් ඇවිල්ල කිව්වොත් එහෙම ඔය ධර්මය පුරුදු කරල හරියන්නේ නෑ, ඔය ධර්මය පුරුදු කරනවා කියල කිව්වට ඒ අය රාග, ද්වේෂ, මෝහ දුරු කරන අය නෙමෙයි කියල එයා පිළිගනියි ද? පිළිගන්නේ නෑ. ඇයි ඒ? තමන් ඒ ගැන දන්නව හොදින්ම. අන්න ඒ විදිහට පුරුදු කර ගන්න කෙනා තුළ ඒ ශ‍්‍රද්ධාව වෙනස් කළ නොහැකි දෙයක් බවට පත් වෙන්නේ ඒ විදිහටයි.
එහෙනම් අපට ඒ සදහා උපකාර වුනේ ශ‍්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, විරිය බලය, ප‍්‍රඥා බලය. ඒ නිසා මේ පින්වතුන් තව දුරටත් හොදින් බලවත් ව විශ්වාසය උපදවගෙන සේඛ බල ඇතිකර ගන්න බලන්න. එතකොට අපිට සේඛ බලවල පිහිටා මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක යන මේ අකුසල විතර්ක බැහැර කර ගන්ට පුළුවන්් කළක් එනවා. එතකොට ඒ විතර්ක බැහැර කරන්ට අපි කොහොමද කල්පනා කළ යුත්තේ? ඒ විතර්කවල ආදීනවය සිහිකිරීම.
අපි කාම විතර්ක ගැන කතා කළා. එතකොට ව්‍යාපාද විතර්ක ගැන කොහොමද හිතන්නේ? තරහ සිතුවිළි හටගන්නකොට එයා තේරුම් ගන්ට ඕනැ දැන් මගේ හිතේ තරහ සිතුවිල්ලක් ඉපදිලා තියෙන්නේ. මේක අකුසලයක්, දුක් සහිතයි. දුක් විපාක සහිතයි. දුක් විපාක ඇතිකරල දෙන දෙයක්. මේ විතර්කයෙන් මගේ හිත අපිරිසිදු වෙනවා. එකඟ වෙන්නේ නෑ සමාධිය ඇති කරන්නේ නෑ. නිවන පිණිස උදව් වෙන්නෙ නෑ කියල ආදීනව සිහි කරන්ට ඕනැ. එතකොට කළකදී ඒ විතර්ක බැහැර වෙලා යනවා. දුරුවෙලා, නැති වෙලා යනවා. එතකොට විහිංසා විතර්කයක් ආපු වෙලාවටත් ඒක හඳුන ගන්ට ඕනැ. මේ විහිංසා විතර්කයක්. මේක අකුසලයක්. දුක් උපදවන දෙයක්. මේ විතර්කය හිත අපිරිසිදු කරන දෙයක්. හිත එකඟ කරන්නේ නෑ. මට සමාධිය උපදවල දෙන්නේ නෑ. නිවන පිණිස උදව් වෙන්නෙ නෑ කියල එයා කල්පනා කරන්ට ඕනැ.
ඒ විදිහට මේ අකුසල විතර්ක හඳුනගෙන ඒ කුසල විතර්කවල ආදීනව සිහි කරන කෙනා යම් කලකදී ඒ අකුසල විතර්ක බැහැර කරගෙන පිරිසිදු සිතක් ඇතිකර ගත් කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේ ම එයාට කුසල් සිතුවිලි හඳුන ගෙන ඒවා පුරුදු කරන්නත් එයාට පුළුවන්කම ලැබෙනවා. අන්න එයාට සමාධිය උපදවා ගන්ට පුළුවන් කලක් එනවා. ඒ නිසා මේ හිත පිරිසිදු කරගන්න ආකාරය, ධර්මය පුරුදු කර ගන්න ආකාරය ගැන මේ විදිහට හොඳට තේරුම් ගන්න.
නමුත් මේ ධර්මය කථා කරන තරම් කියන තරම් පුරුදුකිරීම පහසු නෑ. ඒ නිසා තමයි අපි ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය කෙරෙහි බලවත් විශ්වාසයක් ඇතිකර ගත යුත්තේ. ඇයි බලවත් විශ්වාසයක් ඇතිකර ගත යුත්තේ? අපිට වෙන ක‍්‍රමයක් නෑ මේ අකුසල්වලින් ගැලවෙන්න. සේඛබල ඇතිකර ගනිමේන් අපි ඒ ඒ වෙලාවෙදි එන අකුසල විතර්කය බැහැර කළොත් තමයි හිත පිරිසිදු කර ගන්ට පුළුවන් වෙන්නේ. ඒ ඒ වෙලාවෙ එන අකුසල විතර්කය ගැන අකමැත්ත උපදවා ගත්තොත් තමයි හිතේ අකුසල් හට ගන්න ආකාරය බැහැර කරගෙන හිත යහ මගට ගන්ට පුළුවන්කම තිබෙන්නේ. එහෙනම් අපි ඒ ඒ වෙලාවෙදි සේඛ ධර්ම පුරුදු කරමින් ම වාසය කළ යුතුයි නේද? අන්න ඒ විදිහට වාසය කරන කෙනාට යම් කලක දී සමාධිය උපදවා ගන්ට පුළුවන් කලක් එනවා. ඒ නිසා සේඛ ධර්ම ගැන හොදට ඉගෙන ගෙන සේඛ ධර්ම හොදින් පුරුදු කර ගන්න. එතකොට අපිට භාග්‍යවතුන් වහන්සේගේ සැබෑම ශ‍්‍රාවකයෙක් බවට පත් වෙන්ට පුළුවන්කම තිබෙනවා.
අපි සියලු දෙනාටම ආශිර්වාද කරනව දුක් උපදවන නිරයේ උපතක් ඇති කරන්ට හේතුවෙන, අකුසල විතර්කයන් දුරු කිරීමට උවමනා කරන උතුම් සේඛ බල උපදවාගැනීමට සියලු දෙනාටම වාසනාව උදාවේවා කියල.
තෙරුවන් සරණයි!
පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

Is it posible Child Siddartha talk in his birth?


සිදුහත් බොසතානන්වහන්සේ උපන්විටම කථා කිරිම  සිදුවිය හැක්කක්ද?

මෙයට හොදම පිළිතුරක් ගරැ බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහානායක හිමියන් විසින් සමිපාදිත ශාක්‍ය මුනින්ද්‍රාවදානයේ සදහන්ව තිබි සොයාගැණිමට හැකිවිය.

Lloyd's Weekly Newspaper, for March, 1875, contained an account of the following phenomenon: "At Saar-Louis, France, a child was born. The mother had just been confined, the midwife was holding forth garrulously 'on the blessed little creature,' and the friends were congratulating the father on his luck, when somebody asked what time it was. Judge of the surprise of all, on hearing the new-born babe reply distinctly 'Two o'clock!' But this was nothing to what followed. The company were looking on the infant, with speechless wonder and dismay, when it opened its eyes, and said: 'I have been sent into the world to tell you that 1875 will be a good year, but that 1876 will be a year of blood.' Having uttered this prophecy it turned on its side and expired, aged half-an-hour."

මෙම කොටස උපුටා ගන්නා ලද්දේ Isis Unveiled නමි ග්‍රන්තයේ 438, 439 වැනි පිටු වලිනි. එහි සඳහන් වන ආකාරයට 1875 දී එංගලන්තයේ Lloyd's Weekly පුවත්පතේ පලවු පුවතකට අනුව, ප්‍රංශයේ Saar-Louis නමි ග්‍රාමයේ දරැවකු උපදින ලදි. මිතුරන් රැස්ව දරැවාගේ පියාට ප්‍රිතිය පල කරමින් සිටි අතර එක් අයෙක් දැන් වෙලාව කීයදැයි විමසා සිටින ලදි. එහිදි එකෙණෙහිම උපන් දරැවා ඉතා පැහැදිලි වචනයෙන් දැන් වෙලාව දෙක යැයි පවසන ලදි.සියල්ලොම විට විශ්මිතව බලා සිටින ලදි. එවිට ඒ දරැවා කියා සිටියේ 1875 වර්ශය සුභයි 1876 වර්ශයේ දී ලේ වැගිරිමි ඇති වෙයි. මෙය දැන්විමට ලොවට පැමියේමියි කියාය. 


වැඩිදුර විස්තර මෙම යොමුවෙන් ප්‍රිය මිතුරවේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරැමි පිරෑ බොධිසත්ත්වයානන්වහන්සේ සාමාණ්‍ය මිනිසෙකු හා සසඳා බැලිම කල හැක්කක් නොවේ. එය එසේ කල නොහැකි බව ඉහතින් සඳහන් කරන්නට යෙදුන අචිඡරියබිභූත සුත්‍රය මඟින් ඔබට පැහැදිලි වන්නට ඇතැයි සිතමු.

එසේම උන්වහන්සේ නෙළුමි මල් මත ඇවිදිම සිදුවිද නොවිද යන්න විසදා ඇත්තේ මෙසේය. අළුත උපන් දරැවන් නෙළුමි මල් අතුරා ඊපිට තබාගෙන යෑම ඉන්දියාවේ සමහර පළාත් වල අදද දක්නට ලැබෙන සිරිතකි. එදා බෝසතානන් උපන් බිම නෙළුමි අතුරා තිබිම විය හැක්කකි.


ප්‍රිය මිතුරනේ ඉහත ද්‍රෝන සුත්‍රය කියවුවා නමි, බුදු පියානන්වහන්සේ විසින්ම දේශිත අචිඡරියබිභූත සුත්‍රය කියවුවා නමි, ඔබට පිළිතුරැ ලබෙන්නට ඇතැයි සිතමු. සැබවින්ම වෙසක් පොහො දිනය ආශ්චර්යමත් දිනයක් වනුයේ, මෙම අසිරිමත් වු සිදුවිමි සිදුවු බැවිනි. අප අද දින වෙසක් මහෝත්සවය සැමරිමේ අරමුණ විය යුත්තේ ඒ ආශ්චර්‍යමත් බොසත් මහා සෘෂින් වහන්සේගේ අසිරිමත් බැවි සැමරිම පිණිස විය යුතුය.

Vesak Lanterns

වෙසක් කුඩු සැදිම
 
මම මෙතනදි වෙස්කුඩුවෙ උපත ගැන විස්තර කියන්න බලාපොරොත්තු වෙන්නේ නැ. නමුත් එය වැඩි ඇතකට දිව යන දෙයක් නොවෙයි. එහෙම වුනත් වෙසක්කුඩුවක් හදනවා කියන දේ බොහොම හොද දෙයක්. ඇයි එහෙම කියන්නේ? 
චෙසක්කුඩුවක් හදන්න අපි මුලින්ම බට ලි හොයාගන්න ඔනි. එහෙම නැත්නමි ඉරටු, පස්සේ ලි කපලා අපි මෙවා සුද්ධ කරන්න ඔන ඒවා එකට තියල බදින්න ඔන. බැදල කුඩුව හදන්න ඔන. කොල ගේන්න ඔන. කොල කපන්න ඔනි. පාප්ප හදල ඒවා අලවන්න ඔනි. රැලි දාන්න ඔන. මෙ විදියට වෙසක් කුඩුවක් හදන්න සැහෙන කාලයක් හා වෙලාවක් මුදලක් අපිට වියදමි වෙවා. අපි මෙ විදියට කැපවිමි කරල මෙ වෙසක් කුඩුව හැදුව කියමු. මෙ කුඩුව අපි හැදුවෙ මම වෙසක් කුඩුවක් හදන්න ඔනි කියන චෙතනාව මුලික කරගෙන. වෙසක්කුඩු හදන්නේ බුදුපියානන් වහන්සේගේ තෙමගුල් දිනය ලස්සන කරන්න. මෙක අපේ හිතේ තියෙනවා. මෙ වෙතනාව මුල්කරගෙන අපි සිදුකරන සේරම ක්‍රියා සිදුවන්නේ සංස්කාර ස්කන්ධයේ ක්‍රියාකාර්ත්වයක් විදියටයි. මෙවා පුන්‍යාභි සංස්කාර. ඒ කියන්නේ කෂල කර්ම  කියන දෙයයි. කුඩුවට බට හොයන වෙලාවෙ ඉදල කොල අලවල ඉවර වෙනකන්ම අපි නොදැනුවත්ව අතිවිශාල කුෂල සමිභාරයක් අපි රැස් කරනවා. පස්සේ මෙක එල්ල් ඉටිපන්දමි පත්තු කලාම ලස්ස්න බලලා අපි ඒ කල කුෂල කර්මය දිහා බලල එක සිහි කර කර නැවතත් අපි සතුටු වෙනවා ඒකත් කුෂල කර්මයක්. 

මෙය විස්තර කරන්න හොදම  ගාථාවක් ධමිමපදයේ තියෙනවා. 

ඉධ නන්දති පෙචිච නන්දති
කතපුඤෙඤා උභයත්ථ නන්දති
පුඤ්ඤං මෙ කත්න්ති න්නදති
භිය්‍යො නන්දති සුග්ගතිං ගතෝ


පින්කල තැන්ත්තා මෙලොවදි සතුටුවෙයි, පරළෙවදිත් සතුටුවෙයි. ‍මා මෙබදු පිණක් කරණ ලද්දෙ යැයි මෙළොවදි සතුටු වන ඔහු සග සැප විදිමින් පර‍‍ළොවදි වඩ වඩාත් සතුටු වෙයි.

තවත් ටිකක් දියුණු කෙනෙක්ට මෙ වෙසක් කුඩුව භාවනාවක් කර ගන්නත් පුලුවන්. අපි මෙ වෙසක් කුඩුවෙ සැකිල්ල බදිනවා. මෙක හරියට
අපේ මෙ ශරිරයේ අස්ථි පංජරය වගේ. මෙ අස්ථි පංජරය වටකරල පුමිබල, කැත නැතිකරල ලස්සන කරන්න මස් තියෙනවා වගේ අපි ඒකට සවිකොල අලවනවා. ඇදුමි වගේ රැලි දානවා. මෙ වෙසක්කුඩුව නිකං හැදෙන්නේ නැ. අපි බට කපල රැහැල ඒවාට මහන්සි වෙන්න ඔන. කොල අලවල ලස්ස්න කරන්න මහන්සි වෙන්න ඔන. කුඩුවෙ හැඩය ගන්න මහන්සි වෙන්න ඔන. කුඩුව ආලොකමත් කරන්න මහන්සි වෙන්න ඔන. නිකං අපේ මෙ ශරිරය වගේමයි, අදින්න පලදින්න කන්න බොන්න, දුක්විදින් ඔනි වගේ. මෙක තමයි දුක්ඛ ලක්ෂණය. පස්සේ "ශා මගේ කුඩුව මම හදුපු එක.  මගේ කුඩුව හරි ලස්සනයි" කියල අපි මෙක එල්ලල ලස්සන බල බල ඉන්නවා. හරියට අලප් මෙ කුණු ඇග ගැන අපි සන්තොෂ වෙනවා වගේ. සවිකොල නැත්තමි කුඩුව මොනතරමි කැතද? අපේ මෙ හම ගැහැවිවහම අපි මොනතරමි කැතද? දෙකම එකයි නේද? පස්සේ මෙ කුඩුව වැස්සට තෙමිල, රැලි කැඩිලා, එහෙමත් නැත්තන් පිචිචල යනවත් අපි දකිනවා. මෙක තමයි අනිත්‍යතාව ඒකම අයුරින් නොපවතිනා බව, ඉති මෙක මගේ වෙසක්කුඩුව නමි මට මෙක මම කැමති විදියට හැමදාම තියාගන්න පුලුවන් වෙන්න ඔන ඒත් ඉතිං මට ඔන වුනත් ඒක කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. හරියට මගේ මෙ ශරිරය වගේ. මෙක ලෙඩ නොවි ඉන්න කියල මම කිවිවට ලෙඩ නොවි ඉන්නේ නැනේ. ලෙඩවිම ශරිරයේ හැටියක්. මෙක තමයි අනාත්ම ලක්ෂණය. දැන් පේනවා නේද? කෙනෙක්ට වෙසක් කුඩුවෙන් ත්‍රිලක්ෂන භාවනාව වුනත් වඩන්න පුළුවන්. සති සමාධි ප්‍රඥා දියුණු කෙනෙක්ට සොවාන් වෙන්න වුනත් මෙක ඇති.

ප්‍රාථමික මටිටම සලකනවා නමි, පවුලේ කටිටය එකතු වෙලා වෙසක් කුඩුවක් හදනකොට දරැවො එහෙම සමගියෙන් වැඩ කරන්නේ කොහොම කියල ඉගෙන ගන්නවා. දරැවන්ට තනියම වෙසක් කුඩු හදන්න දිල පොඩි දරැවෝ ඒවා හදනකොට, පියවරින් පියවර ජිවිතය ගොඩ නගන විදියයි ඔවුන් ඉගෙන ගන්නේ.වෙසක්කුඩුව කියන්නේ හරිම පිලිවලට තියෙන දෙයක් නිසා, දරැවෝ පිළිවල ඉගෙන ගන්නවා. පස්සේ මෙ කුඩුව එල්ලා ගෙදර හැමොම ඒක බලල සතුටු වෙනකොට ජිවිතයට මුහුණදෙන්නේ කොහොමද කියල දරැවෝ ඉගෙන ගන්නවා මෙ දරැවො ගැන. මනෝවිද්‍යාවෙන් ටිකක් කිවිවෙ.
කොහොම වුනත් කඩෙන් කුඩු ගෙනල්ල එල්ලනව නමි භාවනා කරන්න නමි වෙන්නේ නැ. ඒ වගේම කුශලයත් මදයි. එ වුනත් එහෙම එල්ලන එකත් කුෂලයක් නිසා එක හරි කරල අපේ බුදුපියාණන් වහන්සේගේ ගුණ කදමිබය පතුරැවා හරිමු.

Birth of Siddhartha


ආශ්චර්‍යමත් බුදු තෙමඟුල - සිද්ධාර්ථ මහා සෘෂින් වහන්සේගේ උප්පත්තිය



එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ උක්කටිඨා නුවරටත්, සෙතව්‍ය නුවරටත් අතරෙහිවූ දීර්ඝ මාර්ගයට පිළිපන් සේක. ද්‍රෝණ බ්‍රාහ්මණ තෙමේද, මෙම මාර්ගයේම ගමන් කරමින් සිටියේය. ද්‍රෝණ බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන්හි දහසක් අර ඇති, නිමි වළලු සහිත, නාභිය සහිත, සියලු ආකාරයෙන් පිරුණාවූ චක්‍රයන් දැක්කේය. දැක, "පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍යයි, පින්වත්නි, ඒකාන්තයෙන් පුදුමයි. ඒකාන්තයෙන් මේ මිනිස් වූවෙකුගේ පා නොවන්නේය. යනුවෙන් සිතමින් ගමන් කරන්නට විය."

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මාර්ගයෙන් ඉවත්ව, පලක් බැඳ, ශරීරය ඍජුව තබා, සිහිය ඉදිරියෙහි පිහිටුවා, එක්තරා වෘක්‍ෂ මූලයෙක්හි වැඩ සිටි සේක. ඉක්බිති, ද්‍රෝණ බ්‍රාහ්මණ තෙම, භාග්‍යවතුන් වහන්සේගේ පිය සටහන් අනුව ගමන් කරනා කල,  එක්තරා වෘක්‍ෂ මූලයක වැඩ සිටි ප්‍රසාද ජනකවූ, පැහැදිය යුතු ශාන්ත ඉඳුරන් ඇති, සන්සුන් සිත් ඇති, උතුමිවූ අරහත් මාර්ග නමි දමථයටත්, මාර්ග සමාධි නමි සමථයටත් පැමිණි භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දාන්තවූ, රක්නා ලද සන්සුන් ඉදුරන් ඇති, භාග්‍යවතුන් වහන්සේ දැක, භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට

එසේනමි ඔබ වහන්සේ කවරෙක්ද?
"පින්වතුන් වහන්සේ දෙවියෙක් නොවන්නේදැ? යි ඇසීය. බ්‍රාහ්මණය, මම දෙවියෙක් නොවන්නෙමි."

පින්වතුන් වහන්සේ ගාන්‍න්ධර්වයෙක් නොවන්නේද? බ්‍රාහ්මණය, මම ගාන්ධර්යෙක්ද නොවන්නෙමි."

"පින්වතුන් වහන්සේ යක්‍ෂයෙක් නොවන්නේද?  බ්‍රහ්මණය, මම යක්‍ෂයෙක්ද නොවන්නෙමි."

"පින්වත් තෙමේ මනුෂ්‍යයෙක් නොවන්නේද? බ්‍රාහ්ණය, මම මනුෂ්‍යයෙක්ද නොවන්නෙමි."
පින්වතුන් වහන්සේ දෙවියෙක්ද නොවන්නේ නමි, ගාන්ධර්වයෙක්ද නොවන්නේනමි, යක්ෂයෙක්ද නොවන්නේ නමි, මනුෂ්‍යයෙක්ද නොවන්නේනමි ඔබ වහන්සේ කවරෙක්ද?

බමුණ යමි ආශ්‍රවයන් ප්‍රහීන නොකරන ලදහෙයින් දිව්‍යත්වයට පත්වේද, ගාන්ධර්වත්වයට පත්වේද, යක්ෂත්වයට පත්වේද, මනුෂ්‍යත්වයට පත්වේද 
මම එම ආශ්‍රවයන්ගේ සිඳින ලද මුල් ඇත්තාහ. සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහ. අභාවයට යවන ලද්දාහ. මතු නූපදින තත්ත්‍වයට පමුණුවන ලද්දාහ. ‍

"බමුණ, උපුලක් හෝ පියුමක් හෝ සුදු පියුමක් හෝ ජලයෙහි හටගෙන, ජලයෙහි වැඩී, ජලයෙන් උඩට නැඟ. යමිසේ ජලය හා නොගැටී සිටීද, බමුණ, එසේම මම ලෝකයෙහිම උපන්නේය, ලෝකයෙහි වැඩුණේය, ලෝකය හා නොගැටී, ලෝකය අභිබවා වාසය කරමි. බමුණ, මා බුද්ධයයි දැනගනුව"



යමි ආශ්‍රවයක් හේතුකොටගෙන දෙවියන් අතර උත්පත්තියක් වන්නේද, අහසින් යන ගාන්ධර්වයෙක් හෝ වන්නේද, යමකින් යක්‍ෂත්‍වයට යන්නේද, මනුෂ්‍යත්‍වයට යන්නේද, අණ්ඩජ යෝනියෙහි උපදින්නේද, මට එම ආශ්‍රවයෝ ක්‍ෂය වූවාහුය. පිඹ හරින ලද්දාහ. පහකළ බැඳුමි ඇත්තාහ. යහපත්වූ උපුලක් යමිසේ ජලයෙන් නොමැකේද, එමෙන් ලෝකයා හා නොඇලෙමි. බමුණ, එසේ හෙයින් මම බුද්ධ වෙමි."
(අංගුත්තර නිකාය, චතුක්ක නිපාතය, පළමු පන්නාසකය, චක්ක වර්ගය ද්‍රෝණ (බ්‍රාහ්මණ) සූත්‍රය.)

ප්‍රිය මිතුරනේ මෙම ලිපිය සටහනු තබනුයේ තිලොඅග බුදුපියානන්වහන්සේගේ 2600 වන සමිබුද්ධත්ව ජයන්තිය සමරන මේ මොහොතේ අසිරිමත් බුදු තෙමගුල පිළිබඳව යමි දැනුමක් අත්කර දිමේ අදහසින්. 2600 වන සමිබුද්ධත්ව ජයන්තිය සමරන මේ මොහොතේ හෝ තිලෝඅග බුදුපියානන්වහන්සේ සිය ශ්‍රී මුඛයෙන්ම දේශනා කර වදාල වෙසක් දිනයේ ඇති ආශ්චර්‍යමත්බව, වෙසක් දිනයේ ඇති වැදගත් බව පිළිබඳව කිසිවෙකු කථා නොකිරිම අභාග්‍යක් සේ සිතූ බැවින් මෙම ලිපිය සමිපාදනය කිරිමට යෙදුනෙමු.

මොකක්ද මේ වෙසක් දිනය කියන්නේ? 


ප්‍රිය මිතුරනේ වෙසක් දිනය යනු අප භාග්‍යවතුන්වහනසේගේ උත්පත්තිය, සමිමාසමිබෝධියට පත්විම හා මහා පරිණිර්වාණය යන තෙමඟුල සිදුවු වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය සිහිකරමින් බෞද්ධයන් විසින් පවත්වනු ලබන්නාවු, පරම පුජිත වු ස්මරණය කිරිමයි. මෙය පොඩි දරැවන් පවා දන්නා කරැණක්. නමුත් සත්‍ය වශයෙන් වෙසක් දිනයේ සමරන මෙම බුදු තෙමගුල පිළිබඳව ත්‍රිපිටකයේ අන්තර්ගත කරැණු වර්ථමානයේ නොඇසෙන තරමි. වාණිජකරනයට ලක්වු සමාජයක් තුල වාණිජමයවු වෙසක් මංගලයයක් සමරනු වෙනුවට, අනන්ත අප්‍රමාණ කුසල සමිභාරයක් රැස් කර ගැනිමට හේතු පාදක වන පුණ්‍ය පුර්ණ වු වෙසක් සැමරැමක් සඳහා මෙම ලිපි ත්‍රිත්වයේ ඇති කරැණු ඔබට වැදගත් වනු ඇතැයි සිතමි. මිනිසුන් කුසල් දමි සමිපාදනය කරන්නේ නමි සමිබුද්ධත්ව ජයන්ති හැමදා සැමරැවද එය වැඩදායක වනු ඇත. බුදු තෙමගුල හෝ සිහි නොකර සමරන වෙසක් මංගල්‍යයක් වැඩදායක නොවනු ඇත. සසර බැමි මිදිමට හේතු නොවනු ඇත."2600 සමිබුද්ධත්ව ජයන්තියට පිලිවෙතින් පෙළගැසෙමු" යන්නෙහි අර්ථය වන්නේ නිර්වාණ ගාමි ප්‍රථිපදාව පිළිපදිමු යන්නයි" වෙනත් අර්ථයකින් කිවහොත් මේ සමිබුද්ධත්ව ජයන්ති සමයේම නිර්වාණය පසක් කරමු යන්නයි. ඒ සඳහා ඔබ සැමට හේතු භාග්‍ය වේවා!!  ඒ අනුව මේ සුදානමි වනුයේ මුලින්ම සිදුහත් කුමාරොත්පත්තිය පිළිබඳව සටහන් තැබිමටයි.

අසිරිමත් සිදුහත් කුමාරොත්පත්තිය.
 

ඉහත ද්‍රෝණ සුත්‍රය ආරමිභයේ සඳහන් කරන්නට යෙදුනේ, ත්‍රිලොක රාජිත අප භාග්‍යවත් සමිමා සමිබුදු රජානන්වහන්සේ යනු තවත් එක් මනුශ්‍යයෙක් නොවන බව ඔබට පසක් කර දිමටයි. එහි සඳහන් කරැණු ආර්‍යපරයේශන සුත්‍රය ඇසුරෙන්ද මෙම වෙබි අඩවියේ ලිපියකින් මින් පෙර සාකඡ්චා කර ඇති බැවින් ඒ පිළිබඳ වැඩි යමක් මේ මොහොතේ සඳහන් නොකරමු. සිදුහත් කුමාරොත්පත්තිය පිලිබඳව හරි හැටි කරැණු කාරනා නොදන්නා බොහෝ දෙනා විවිධාකාර මත අදහස් ඉදිරිපත් කරනා බැවි ඔබ දන්නවා ඇති. ඒ කුකුසත් සිතේ රදවාගෙනම දැන් බුද්ධ භාෂිතය සලකා බලමු.

ආශ්චර්‍ය ධර්ම සූත්‍රය.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ජෙතවන නම්වූ අනේපිඩු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණ සේක. එකල්හි සවස් වරුවෙහි පිණ්ඩපාතයෙන් වැළකුණු උපස්ථාන ශාලාවෙහි රැස්ව හුන් බොහෝ භික්‍ෂූන්ගේ මේ අතුරු කථාව ඇතිවිය.

"ඇවැත්නි, තථාගතයන් වහන්සේගේ මහත් ඍධි ඇතිබව, මහත් ආනුභාව ඇතිබව ආශ්චර්‍යජනකය, පුදුමය, අතීතයෙහි සිට පිරිනිවියාවූ, සිදිනලද තෘෂ්ණා, මාන, දෘෂ්ටි, ප්‍රපඤ්ච ඇති, සිඳිනලද කුසලාකුසල කර්ම වෘත්ත ඇති, කෙළවර කළ කුසලාකුසල කර්මයන් ඇති, සියලු විපාක වෘත්ත සංඛ්‍යාත දුක් ඉක්මවූ බුදුවරයන් වහන්සේලා, තථාගතයන් වහන්සේ දැනගත් සේක. ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ජාති ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු නමි ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ගොත්‍ර ඇත්තෝ වූහයිද,  ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු සිල් ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබදු සමාධි ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ප්‍රඥා ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු විහරණ ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙසේ ක්ලේශයන්ගෙන් මිදුණෝ වූහයිද, කියායි.

"මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ඒ භික්‍ෂූන්ට, "ඇවැත්නි, තථාගතයන් වහන්සේලා ආශ්චර්‍යද වෙත්. ආශ්චර්‍ය ධමෟයන්ගෙන් යුක්තද වෙත්. ඇවැත්නි, තථාගතයන් වහන්සේලා අද්භූතද වෙත්. අද්භූත ධර්මයන්ගෙන් යුක්තද වෙත්ය" යි කීහ.

ඒ භික්‍ෂූන්ගේ මේ අතුරු කථාව නොනිමියේ වෙයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵල සමවතින් නැගී සිටියේ, උපස්ථාන ශාලාව යමි තැනකද, එහි පැමිණි සේක. පැමිණ, පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා වදාළ සේක. "මහණෙනි, මෙහි දැන් කිනමි කථාවකින් යුක්ත වූවාහුද? තොපගේ කවර නමි කථාවක් නොනිමියේදැ" යි ඇසූහ.


භික්ෂු‍හු සිදුවු සියල්ල ඒ සැටියෙන් භාග්‍යවතුන් වහන්සේට පැවසීය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් ඇමතූසේක."

"එසේනමි ආනන්‍දය, නුඹට මෙහිදී තථාගතයන් වහන්සේගේ ආශ්චර්‍යය අද්භූත ධර්මයෝ තවතවත් වැටහෙත්වා" යි කියා භාග්‍යවතුන්වහන්සේ තථාගතයානන්වහන්සේගේ අත්භූත වුත් ආශ්චර්‍යවූත් ධර්මයන් දේශනා කරන්නට විය.

  • "ආනන්‍දය, බොධිසත්‍ව තෙමේ සිහි නුවණින්ම තුසිත දෙවියන් කෙරෙහිඋපන්නේය.'                                                                                                                                                                    
  • බෝසත් තෙම ආයු ඇතිතාක් තුසිත ලෝකයෙහි සිටියේය"

  • "ආනන්‍දය, සිහි නුවණ දෙකින් යුක්තව බෝසත් තෙම තුසිත ලෝකයෙන් චුතව මව්කුස පිළිසිඳ ගත්තේය."
     
  • බෝසත් තෙමේ යමි කලෙක තුසිත ලෝකයෙන් චුතව මවුකුස පිළිසිඳ ගත්තේද, එකල දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලෝකයෙහි දෙවි මිනිසුන් සහිත මහණ බමුණන් සහිත ප්‍රජාව කෙරෙහි අප්‍රමාණවූ, මහත්වූ, ආලෝකයක් දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා පහළවෙයි.                                                                                         
  • යම් තැනක මෙසේ මහත් ඍධි ඇති, මෙසේ මහත් ආනුභාව ඇති, මෙ සඳ හිරු දෙදෙන ආලෝකයෙන් එලිය කරන්නට නොපොහොසත් නොවැසුනු අඳුරු ඇති,  යම්  ලෝකන්තරික නිරයක් වෙද, එහිද අප්‍රමාණවූ උළාර ආලෝකයක් දෙවියන්ගේ දේවානුභාවයත් ඉක්මවා ලෝකයෙහි පහළවෙයි. එහි යම් සත්ත්‍වයෝ උපන්නාහුද, ඔවුහුද ඒ එලියෙන් ඔවුනොවුන් මෙහි ඉපද සිටින තවත් සත්ත්‍වයෝ ඇතැයි හැදින ගනිත්.                                                                                                                                                                           
  • මෙ දසදහසක් ලෝක ධාතුව හාත්පසින් කම්පා වෙයි. අතිශයින් කම්පා වෙයි. වෙවුලා යයි. මහත්වූ ආලෝකයක් ලෝකයෙහි දෙවියන්ගේ දේවානුභාවයත් ඉක්මවා පහළවෙයි."                                        
  • ආනන්‍දය, යම් කලෙක බෝසත් තෙමේ මවි කුසට බැස ගත්තේ වෙද, එකල ඒ බෝසතුනුත්, බෝසත් මවත් මිනිසෙක් හෝ අමනුෂ්‍යයෙක් හෝ කිසිවෙක් නොපෙළාවායි දෙවියන් සතර දෙනෙක් ඔහුට ආරක්‍ෂාව පිණිස සිවුදිග එළඹ සිටිති."                                                     
  • ආනන්‍දය, යමි කලෙක බෝසත් තෙම මවි කුසට බැස ගත්තේද, එතැන් පටන් බෝසත් මව ස්වභාවයෙන් සිල්වත් වන්නීය. ප්‍රාණාතයෙන් වෙන් වන්නීය. නොදුන් දෙය ගැන්මෙන් තොර වන්නීය. වරදවා කාමයෙහි හැසිරීමෙන් තොර වන්නීය. බොරු කීමෙන් තොර වන්නීය. රහමෙර පානයෙන් තොර වන්නීය"                  
  • ආනන්‍දය, යම් කලෙක බෝසත් තෙම මව් කුසට බැස ගත්තේද, එතැන් පටන් බෝසත් මවට පුරුෂයන් කෙරෙහි කාමයෙන් යුත් සිතක් නූපදී. රාග සිතින් කිසිවකුට බෝසත් මව වෙත එළඹිය නොහැක.                                                                                                            
  • ආනන්‍දය, යම් කලෙක බෝසත් තෙම මව් කුසට බැස ගත්තේ වෙද, බෝසත් මව පස්කම් ගුණ බොහෝ කොට ලබන්නියක් වෙයි. පස්කම් ගුණයෙන් යුක්තවූ, සමන්විතවූ, ඔ තොමෝ සතුටු වෙයි.                         
  • ආනන්‍දය, යම් කලෙක බෝසත් තෙම මවු කුසට බැසගත්තේ වෙද, එතැන් පටන් බෝසත් මවට කිසි ආබාධයක් නොඋපදී. බෝසත් මව සැප ඇත්තියක් වන්නීය. ක්ලාන්ත නොවූ කය ඇත්තියක් වන්නීය. බෝසත් මව, කුස තුල සිටින නොපිරිහුනු ඉන්‍ද්‍රිය ඇති සියලු අඞග ප්‍රත්‍යඞගයන්ගෙන් යුත් බෝසතුන් දකී. ආනන්‍දය, යහපත්වූ, ජාතිමත්, පැති අටක් ඇති, හොඳට පිරියම් කළ, වෛඪූර්‍ය මාණික්‍යය යමි සේද, එය නිල් පාට හෝ කහ පාට හෝ ලේ පාට හෝ සුදු පාට හෝ පඩුපාට හෝ නූලකින් අවුනන ලද්දේ නමි එය ඇස් ඇති පුරුෂයෙක් අතට ගෙණ විමසා බලන්නේ මෙය වනාහි යහපත්, ජාතිමත්, අටැස් ඇති, හොඳට පිරියමි කරණ ලද වෙරඵ මිණෙකි. එහි නිල් හෝ කහ හෝ රතු හෝ සුදු හෝ පඩුවන් හෝ නූලක් අවුනන ලද්දේයයි යමි සේ දක්නේද, ආනන්‍දය, එපරිද්දෙන්ම යමි කලෙක බෝසත් තෙම මවු කුසට බැසගත්තේ වෙද, බෝසත් මවට කිසිත් ආබාධයක් නොවෙයි. බෝසත් මව ක්ලාන්ත නොව සැප ඇත්තියක් වෙයි. බෝසත් මව කුසතුල සිටින, සියලු අග පසගින් යුත්, නොපිරිහුනු ඉඳුරන් ඇති බෝසතුන් දකී."                                                                                  
  • ආනන්‍දය, බෝසතුන් ඉපදී සත් දවසකදී බෝසත් මව කලුරිය කෙරෙයි. කඵරිය කොට තුසිත දිව්‍ය ලෝකයෙහි උපදී"                            
  • ආනන්‍දය, අන් ස්ත්‍රීහු නවමසක් හෝ දසමසක් දරුගැබ කුසින් උසුලා යමිසේ වදත්ද, බෝසත් මව එසේ නොවදන්නීමය. බෝසත් මව දසමසක්ම බෝසත්හු කුසින් උසුලා සිට වදන්නීය යනුයි."                                                                    
  • ආනන්‍දය, යම් කලෙක වනාහි අන් ස්ත්‍රීහු හිද හෝ නිදා හෝ වදත්. බෝසත් මව බෝසතුන් එසේ නොවදයි. බෝසත් මව බෝසත්හු සිටගෙනම වදයි."                                                                                                                        
  • ආනන්‍දය, යමි කලෙක බෝසත් තෙම මවි කුසින් නික්මෙද, දෙවියෝ ඔහු පළමු කොට පිළිගනිත්. පසුව මනුෂ්‍යයෝ පිළිගනිති.                          
  • ආනන්දය යමි කලෙක බොසත් තෙම මවි කුසින් නික්මෙද, බෝසත් තෙමෙ බිමට පැමිණීමට පළමුව දිව්‍ය පුත්‍රයන් සතර දෙනෙක් ඔහු පිළිගෙන, "දේවියනි, සතුටු වුව මැනව. ඔබට මහේශාක්‍ය පුතෙක් උපන්නේය" යි මව ඉදිරියෙහි තබත් යනුයි."                                         
  • ආනන්දය, යමි කලෙක බෝසත් තෙම මවු කුසින් නික්මෙද, එකල ජලධාරා දෙකක් අහසින් පහළවෙයි. එකක් සීත ජලයය. එකක් උණුදියය. යමකින් බෝසතුන්ට හා බෝසත් මවට වතුරෙන් කළ යුත්තක් කෙරෙද, එබදු උදක ධාරා දෙකකි.                                          
  • ආනන්‍දය, උපන් කෙණෙහි බෝසත් තෙම සමවූ පාදයෙන් පොළොවෙහි පිහිටා සේසත කරන කල්හි උතුරු දිගට මුහුණලා සත් පියවරක් යයි. සියලු දිශාවන් බලයි. "ලෝකයාට මම අග්‍ර වෙමි. ලෝකයාට මම ශ්‍රේෂ්ඨ වෙමි. ලෝකයාට මම ජ්‍යෙෂ්ඨ වෙමි. මෙ මගේ අන්තිම ඉපදීමයි. නැවත උත්පත්තියක් නැත"  යන වචනය කියන්නේය"                                                                                    
  • ආනන්‍දය, යමි කලෙක බෝසත් තෙම මවුකුසින් නික්මෙද, එකල්හි දෙවියන් සහිත, මරුන් සහිත, බ්‍රහ්මයන් සහිත ලෝකයෙහි, දෙවි මිනිසුන් සහිත, මහණ බමුණන් සහිත, ප්‍රජාව කෙරෙහි දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ලෝකයෙහි අප්‍රමාණවූ, මහත්වූ, ආලෝකයක් පහළවෙයි. නිතර විවෘතවූ, නොවැසුනු අඳුරු ඇති.  යමි  ලෝකාන්තරික නිරයක් වෙද,  මහත් ආනුභාව ඇති,  සඳ හිරු දෙදෙන ආලෝකයෙන් එලිය කරන්නට නොපොහොසත්ද, එහිද, අප්‍රමාණ උළාර ආලෝකයක් දෙවියන්ගේ දේවානුභාවයත් ඉක්මවා ලෝකයෙහි පහළවෙයි. එහි යමි සත්ත්‍වයෝ උපන්නාහුද, ඔවුහුද ඒ ආලෝකයෙන් ඔවුනොවුන් මෙහි උපන් අණ්‍ය සත්ත්‍වයෝත් ඇතැයි හැනගනිත්. මෙ දසදහසක් ලෝකධාතුව හාත්පසින් කමිපා වෙයි. අතිශයින් කමිපා වෙයි. වෙවුලායයි. මහත්වූ එලියක් දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා පහළවෙයි"                                                                       
  • ආනන්දය තවද තථාගතයන් වහන්සේට දැනුවත්වම වෙදනා උපදිත්. දැනුවත්වම දරා පවතිත්. දැන්වත්වම විනාශයට යත්. දැනුවත්වම සංඥාවෝ උපදිත්. දැනුවත්වම විතර්කයෝ උපදිත්. දැනුවත්වම දරා පවතිත්. දැනුවත්වම විනාශයට යත්. ආනන්‍දය, නුඹ මෙයද තථාගතයන් වහන්සේගේ ආශ්චර්‍ය අද්භූත ධර්මයෙකැයි දරව."
(මජ්ජිම නිකාය අචිචිරියභුත සුත්‍රය)

Monday, July 25, 2011

Sunday, July 24, 2011

Saturday, July 23, 2011

Monday, June 28, 2010