එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ උක්කටිඨා නුවරටත්, සෙතව්‍ය නුවරටත් අතරෙහිවූ දීර්ඝ මාර්ගයට පිළිපන් සේක. ද්‍රෝණ බ්‍රාහ්මණ තෙමේද, මෙම මාර්ගයේම ගමන් කරමින් සිටියේය. ද්‍රෝණ බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන්හි දහසක් අර ඇති, නිමි වළලු සහිත, නාභිය සහිත, සියලු ආකාරයෙන් පිරුණාවූ චක්‍රයන් දැක්කේය. දැක, "පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍යයි, පින්වත්නි, ඒකාන්තයෙන් පුදුමයි. ඒකාන්තයෙන් මේ මිනිස් වූවෙකුගේ පා නොවන්නේය. යනුවෙන් සිතමින් ගමන් කරන්නට විය."
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මාර්ගයෙන් ඉවත්ව, පලක් බැඳ, ශරීරය ඍජුව තබා, සිහිය ඉදිරියෙහි පිහිටුවා, එක්තරා වෘක්‍ෂ මූලයෙක්හි වැඩ සිටි සේක. ඉක්බිති, ද්‍රෝණ බ්‍රාහ්මණ තෙම, භාග්‍යවතුන් වහන්සේගේ පිය සටහන් අනුව ගමන් කරනා කල, එක්තරා වෘක්‍ෂ මූලයක වැඩ සිටි ප්‍රසාද ජනකවූ, පැහැදිය යුතු ශාන්ත ඉඳුරන් ඇති, සන්සුන් සිත් ඇති, උතුමිවූ අරහත් මාර්ග නමි දමථයටත්, මාර්ග සමාධි නමි සමථයටත් පැමිණි භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දාන්තවූ, රක්නා ලද සන්සුන් ඉදුරන් ඇති, භාග්‍යවතුන් වහන්සේ දැක, භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට
එසේනමි ඔබ වහන්සේ කවරෙක්ද?
"පින්වතුන් වහන්සේ දෙවියෙක් නොවන්නේදැ? යි ඇසීය. බ්‍රාහ්මණය, මම දෙවියෙක් නොවන්නෙමි."
පින්වතුන් වහන්සේ ගාන්‍න්ධර්වයෙක් නොවන්නේද? බ්‍රාහ්මණය, මම ගාන්ධර්යෙක්ද නොවන්නෙමි."
"පින්වතුන් වහන්සේ යක්‍ෂයෙක් නොවන්නේද? බ්‍රහ්මණය, මම යක්‍ෂයෙක්ද නොවන්නෙමි."
"පින්වත් තෙමේ මනුෂ්‍යයෙක් නොවන්නේද? බ්‍රාහ්ණය, මම මනුෂ්‍යයෙක්ද නොවන්නෙමි."පින්වතුන් වහන්සේ දෙවියෙක්ද නොවන්නේ නමි, ගාන්ධර්වයෙක්ද නොවන්නේනමි, යක්ෂයෙක්ද නොවන්නේ නමි, මනුෂ්‍යයෙක්ද නොවන්නේනමි ඔබ වහන්සේ කවරෙක්ද?
බමුණ යමි ආශ්‍රවයන් ප්‍රහීන නොකරන ලදහෙයින් දිව්‍යත්වයට පත්වේද, ගාන්ධර්වත්වයට පත්වේද, යක්ෂත්වයට පත්වේද, මනුෂ්‍යත්වයට පත්වේද මම එම ආශ්‍රවයන්ගේ සිඳින ලද මුල් ඇත්තාහ. සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහ. අභාවයට යවන ලද්දාහ. මතු නූපදින තත්ත්‍වයට පමුණුවන ලද්දාහ.
"බමුණ, උපුලක් හෝ පියුමක් හෝ සුදු පියුමක් හෝ ජලයෙහි හටගෙන, ජලයෙහි වැඩී, ජලයෙන් උඩට නැඟ. යමිසේ ජලය හා නොගැටී සිටීද, බමුණ, එසේම මම ලෝකයෙහිම උපන්නේය, ලෝකයෙහි වැඩුණේය, ලෝකය හා නොගැටී, ලෝකය අභිබවා වාසය කරමි. බමුණ, මා බුද්ධයයි දැනගනුව"
යමි ආශ්‍රවයක් හේතුකොටගෙන දෙවියන් අතර උත්පත්තියක් වන්නේද, අහසින් යන ගාන්ධර්වයෙක් හෝ වන්නේද, යමකින් යක්‍ෂත්‍වයට යන්නේද, මනුෂ්‍යත්‍වයට යන්නේද, අණ්ඩජ යෝනියෙහි උපදින්නේද, මට එම ආශ්‍රවයෝ ක්‍ෂය වූවාහුය. පිඹ හරින ලද්දාහ. පහකළ බැඳුමි ඇත්තාහ. යහපත්වූ උපුලක් යමිසේ ජලයෙන් නොමැකේද, එමෙන් ලෝකයා හා නොඇලෙමි. බමුණ, එසේ හෙයින් මම බුද්ධ වෙමි."
(අංගුත්තර නිකාය, චතුක්ක නිපාතය, පළමු පන්නාසකය, චක්ක වර්ගය ද්‍රෝණ (බ්‍රාහ්මණ) සූත්‍රය.)
ප්‍රිය මිතුරනේ මෙම ලිපිය සටහනු තබනුයේ තිලොඅග බුදුපියානන්වහන්සේගේ 2600 වන සමිබුද්ධත්ව ජයන්තිය සමරන මේ මොහොතේ අසිරිමත් බුදු තෙමගුල පිළිබඳව යමි දැනුමක් අත්කර දිමේ අදහසින්. 2600 වන සමිබුද්ධත්ව ජයන්තිය සමරන මේ මොහොතේ හෝ තිලෝඅග බුදුපියානන්වහන්සේ සිය ශ්‍රී මුඛයෙන්ම දේශනා කර වදාල වෙසක් දිනයේ ඇති ආශ්චර්‍යමත්බව, වෙසක් දිනයේ ඇති වැදගත් බව පිළිබඳව කිසිවෙකු කථා නොකිරිම අභාග්‍යක් සේ සිතූ බැවින් මෙම ලිපිය සමිපාදනය කිරිමට යෙදුනෙමු.
මොකක්ද මේ වෙසක් දිනය කියන්නේ?
ප්‍රිය මිතුරනේ වෙසක් දිනය යනු අප භාග්‍යවතුන්වහනසේගේ උත්පත්තිය, සමිමාසමිබෝධියට පත්විම හා මහා පරිණිර්වාණය යන තෙමඟුල සිදුවු වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය සිහිකරමින් බෞද්ධයන් විසින් පවත්වනු ලබන්නාවු, පරම පුජිත වු ස්මරණය කිරිමයි. මෙය පොඩි දරැවන් පවා දන්නා කරැණක්. නමුත් සත්‍ය වශයෙන් වෙසක් දිනයේ සමරන මෙම බුදු තෙමගුල පිළිබඳව ත්‍රිපිටකයේ අන්තර්ගත කරැණු වර්ථමානයේ නොඇසෙන තරමි. වාණිජකරනයට ලක්වු සමාජයක් තුල වාණිජමයවු වෙසක් මංගලයයක් සමරනු වෙනුවට, අනන්ත අප්‍රමාණ කුසල සමිභාරයක් රැස් කර ගැනිමට හේතු පාදක වන පුණ්‍ය පුර්ණ වු වෙසක් සැමරැමක් සඳහා මෙම ලිපි ත්‍රිත්වයේ ඇති කරැණු ඔබට වැදගත් වනු ඇතැයි සිතමි. මිනිසුන් කුසල් දමි සමිපාදනය කරන්නේ නමි සමිබුද්ධත්ව ජයන්ති හැමදා සැමරැවද එය වැඩදායක වනු ඇත. බුදු තෙමගුල හෝ සිහි නොකර සමරන වෙසක් මංගල්‍යයක් වැඩදායක නොවනු ඇත. සසර බැමි මිදිමට හේතු නොවනු ඇත."2600 සමිබුද්ධත්ව ජයන්තියට පිලිවෙතින් පෙළගැසෙමු" යන්නෙහි අර්ථය වන්නේ නිර්වාණ ගාමි ප්‍රථිපදාව පිළිපදිමු යන්නයි" වෙනත් අර්ථයකින් කිවහොත් මේ සමිබුද්ධත්ව ජයන්ති සමයේම නිර්වාණය පසක් කරමු යන්නයි. ඒ සඳහා ඔබ සැමට හේතු භාග්‍ය වේවා!! ඒ අනුව මේ සුදානමි වනුයේ මුලින්ම සිදුහත් කුමාරොත්පත්තිය පිළිබඳව සටහන් තැබිමටයි.
අසිරිමත් සිදුහත් කුමාරොත්පත්තිය.
ඉහත ද්‍රෝණ සුත්‍රය ආරමිභයේ සඳහන් කරන්නට යෙදුනේ, ත්‍රිලොක රාජිත අප භාග්‍යවත් සමිමා සමිබුදු රජානන්වහන්සේ යනු තවත් එක් මනුශ්‍යයෙක් නොවන බව ඔබට පසක් කර දිමටයි. එහි සඳහන් කරැණු ආර්‍යපරයේශන සුත්‍රය ඇසුරෙන්ද මෙම වෙබි අඩවියේ ලිපියකින් මින් පෙර සාකඡ්චා කර ඇති බැවින් ඒ පිළිබඳ වැඩි යමක් මේ මොහොතේ සඳහන් නොකරමු. සිදුහත් කුමාරොත්පත්තිය පිලිබඳව හරි හැටි කරැණු කාරනා නොදන්නා බොහෝ දෙනා විවිධාකාර මත අදහස් ඉදිරිපත් කරනා බැවි ඔබ දන්නවා ඇති. ඒ කුකුසත් සිතේ රදවාගෙනම දැන් බුද්ධ භාෂිතය සලකා බලමු.
ආශ්චර්‍ය ධර්ම සූත්‍රය.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ජෙතවන නම්වූ අනේපිඩු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණ සේක. එකල්හි සවස් වරුවෙහි පිණ්ඩපාතයෙන් වැළකුණු උපස්ථාන ශාලාවෙහි රැස්ව හුන් බොහෝ භික්‍ෂූන්ගේ මේ අතුරු කථාව ඇතිවිය.
"ඇවැත්නි, තථාගතයන් වහන්සේගේ මහත් ඍධි ඇතිබව, මහත් ආනුභාව ඇතිබව ආශ්චර්‍යජනකය, පුදුමය, අතීතයෙහි සිට පිරිනිවියාවූ, සිදිනලද තෘෂ්ණා, මාන, දෘෂ්ටි, ප්‍රපඤ්ච ඇති, සිඳිනලද කුසලාකුසල කර්ම වෘත්ත ඇති, කෙළවර කළ කුසලාකුසල කර්මයන් ඇති, සියලු විපාක වෘත්ත සංඛ්‍යාත දුක් ඉක්මවූ බුදුවරයන් වහන්සේලා, තථාගතයන් වහන්සේ දැනගත් සේක. ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ජාති ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු නමි ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ගොත්‍ර ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු සිල් ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබදු සමාධි ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ප්‍රඥා ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු විහරණ ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙසේ ක්ලේශයන්ගෙන් මිදුණෝ වූහයිද, කියායි.
"මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ඒ භික්‍ෂූන්ට, "ඇවැත්නි, තථාගතයන් වහන්සේලා ආශ්චර්‍යද වෙත්. ආශ්චර්‍ය ධමෟයන්ගෙන් යුක්තද වෙත්. ඇවැත්නි, තථාගතයන් වහන්සේලා අද්භූතද වෙත්. අද්භූත ධර්මයන්ගෙන් යුක්තද වෙත්ය" යි කීහ.
ඒ භික්‍ෂූන්ගේ මේ අතුරු කථාව නොනිමියේ වෙයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵල සමවතින් නැගී සිටියේ, උපස්ථාන ශාලාව යමි තැනකද, එහි පැමිණි සේක. පැමිණ, පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා වදාළ සේක. "මහණෙනි, මෙහි දැන් කිනමි කථාවකින් යුක්ත වූවාහුද? තොපගේ කවර නමි කථාවක් නොනිමියේදැ" යි ඇසූහ.
භික්ෂුහු සිදුවු සියල්ල ඒ සැටියෙන් භාග්‍යවතුන් වහන්සේට පැවසීය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් ඇමතූසේක."
"එසේනමි ආනන්‍දය, නුඹට මෙහිදී තථාගතයන් වහන්සේගේ ආශ්චර්‍යය අද්භූත ධර්මයෝ තවතවත් වැටහෙත්වා" යි කියා භාග්‍යවතුන්වහන්සේ තථාගතයානන්වහන්සේගේ අත්භූත වුත් ආශ්චර්‍යවූත් ධර්මයන් දේශනා කරන්නට විය.

- "ආනන්‍දය, බොධිසත්‍ව
තෙමේ සිහි නුවණින්ම තුසිත දෙවියන් කෙරෙහිඋපන්නේය.'
- බෝසත් තෙම ආයු ඇතිතාක් තුසිත ලෝකයෙහි සිටියේය"
- "ආනන්‍දය, සිහි නුවණ දෙකින් යුක්තව බෝසත් තෙම තුසිත ලෝකයෙන් චුතව මව්කුස පිළිසිඳ ගත්තේය."
- බෝසත් තෙමේ යමි කලෙක තුසිත ලෝකයෙන් චුතව මවුකුස පිළිසිඳ ගත්තේද, එකල දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලෝකයෙහි දෙවි මිනිසුන් සහිත මහණ බමුණන් සහිත ප්‍රජාව කෙරෙහි අප්‍රමාණවූ, මහත්වූ, ආලෝකයක් දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා පහළවෙයි.
- යම් තැනක මෙසේ මහත් ඍධි ඇති, මෙසේ මහත්
ආනුභාව ඇති, මෙ සඳ හිරු දෙදෙන ආලෝකයෙන් එලිය කරන්නට නොපොහොසත් නොවැසුනු
අඳුරු ඇති, යම් ලෝකන්තරික නිරයක් වෙද, එහිද අප්‍රමාණවූ උළාර ආලෝකයක්
දෙවියන්ගේ දේවානුභාවයත් ඉක්මවා ලෝකයෙහි පහළවෙයි. එහි යම් සත්ත්‍වයෝ
උපන්නාහුද, ඔවුහුද ඒ එලියෙන් ඔවුනොවුන් මෙහි ඉපද සිටින තවත් සත්ත්‍වයෝ
ඇතැයි හැදින ගනිත්.
- මෙ දසදහසක් ලෝක ධාතුව හාත්පසින් කම්පා වෙයි. අතිශයින් කම්පා වෙයි. වෙවුලා යයි. මහත්වූ ආලෝකයක් ලෝකයෙහි දෙවියන්ගේ දේවානුභාවයත් ඉක්මවා පහළවෙයි."
- ආනන්‍දය, යම් කලෙක බෝසත් තෙමේ මවි කුසට බැස ගත්තේ වෙද, එකල ඒ බෝසතුනුත්, බෝසත් මවත් මිනිසෙක් හෝ අමනුෂ්‍යයෙක් හෝ කිසිවෙක් නොපෙළාවායි දෙවියන් සතර දෙනෙක් ඔහුට ආරක්‍ෂාව පිණිස සිවුදිග එළඹ සිටිති."
- ආනන්‍දය, යමි කලෙක බෝසත් තෙම මවි කුසට බැස ගත්තේද, එතැන් පටන් බෝසත් මව ස්වභාවයෙන් සිල්වත් වන්නීය. ප්‍රාණාතයෙන් වෙන් වන්නීය. නොදුන් දෙය ගැන්මෙන් තොර වන්නීය. වරදවා කාමයෙහි හැසිරීමෙන් තොර වන්නීය. බොරු කීමෙන් තොර වන්නීය. රහමෙර පානයෙන් තොර වන්නීය"
- ආනන්‍දය, යම් කලෙක බෝසත් තෙම මව් කුසට
බැස ගත්තේද, එතැන් පටන් බෝසත් මවට පුරුෂයන් කෙරෙහි කාමයෙන් යුත් සිතක්
නූපදී. රාග සිතින් කිසිවකුට බෝසත් මව වෙත එළඹිය නොහැක.
- ආනන්‍දය, යම් කලෙක බෝසත් තෙම මව් කුසට බැස ගත්තේ වෙද, බෝසත් මව පස්කම් ගුණ බොහෝ කොට ලබන්නියක් වෙයි. පස්කම් ගුණයෙන් යුක්තවූ, සමන්විතවූ, ඔ තොමෝ සතුටු වෙයි.
- ආනන්‍දය, යම් කලෙක බෝසත් තෙම මවු කුසට බැසගත්තේ වෙද, එතැන් පටන් බෝසත් මවට කිසි ආබාධයක් නොඋපදී. බෝසත් මව සැප ඇත්තියක් වන්නීය. ක්ලාන්ත නොවූ කය ඇත්තියක් වන්නීය. බෝසත් මව, කුස තුල සිටින නොපිරිහුනු ඉන්‍ද්‍රිය ඇති සියලු අඞග ප්‍රත්‍යඞගයන්ගෙන් යුත් බෝසතුන් දකී. ආනන්‍දය, යහපත්වූ, ජාතිමත්, පැති අටක් ඇති, හොඳට පිරියම් කළ, වෛඪූර්‍ය මාණික්‍යය යමි සේද, එය නිල් පාට හෝ කහ පාට හෝ ලේ පාට හෝ සුදු පාට හෝ පඩුපාට හෝ නූලකින් අවුනන ලද්දේ නමි එය ඇස් ඇති පුරුෂයෙක් අතට ගෙණ විමසා බලන්නේ මෙය වනාහි යහපත්, ජාතිමත්, අටැස් ඇති, හොඳට පිරියමි කරණ ලද වෙරඵ මිණෙකි. එහි නිල් හෝ කහ හෝ රතු හෝ සුදු හෝ පඩුවන් හෝ නූලක් අවුනන ලද්දේයයි යමි සේ දක්නේද, ආනන්‍දය, එපරිද්දෙන්ම යමි කලෙක බෝසත් තෙම මවු කුසට බැසගත්තේ වෙද, බෝසත් මවට කිසිත් ආබාධයක් නොවෙයි. බෝසත් මව ක්ලාන්ත නොව සැප ඇත්තියක් වෙයි. බෝසත් මව කුසතුල සිටින, සියලු අග පසගින් යුත්, නොපිරිහුනු ඉඳුරන් ඇති බෝසතුන් දකී."
- ආනන්‍දය, බෝසතුන් ඉපදී සත් දවසකදී බෝසත් මව කලුරිය කෙරෙයි. කඵරිය කොට තුසිත දිව්‍ය ලෝකයෙහි උපදී"
- ආනන්‍දය, අන් ස්ත්‍රීහු නවමසක් හෝ දසමසක් දරුගැබ කුසින් උසුලා යමිසේ වදත්ද, බෝසත් මව එසේ නොවදන්නීමය. බෝසත් මව දසමසක්ම බෝසත්හු කුසින් උසුලා සිට වදන්නීය යනුයි."
- ආනන්‍දය, යම් කලෙක වනාහි අන් ස්ත්‍රීහු
හිද හෝ නිදා හෝ වදත්. බෝසත් මව බෝසතුන් එසේ නොවදයි. බෝසත් මව බෝසත්හු
සිටගෙනම වදයි."
- ආනන්‍දය, යමි කලෙක බෝසත් තෙම මවි කුසින් නික්මෙද, දෙවියෝ ඔහු පළමු කොට පිළිගනිත්. පසුව මනුෂ්‍යයෝ පිළිගනිති.
- ආනන්දය යමි කලෙක බොසත් තෙම මවි කුසින් නික්මෙද, බෝසත් තෙමෙ බිමට පැමිණීමට පළමුව දිව්‍ය පුත්‍රයන් සතර දෙනෙක් ඔහු පිළිගෙන, "දේවියනි, සතුටු වුව මැනව. ඔබට මහේශාක්‍ය පුතෙක් උපන්නේය" යි මව ඉදිරියෙහි තබත් යනුයි."
- ආනන්දය, යමි කලෙක බෝසත් තෙම මවු කුසින් නික්මෙද, එකල ජලධාරා දෙකක් අහසින් පහළවෙයි. එකක් සීත ජලයය. එකක් උණුදියය. යමකින් බෝසතුන්ට හා බෝසත් මවට වතුරෙන් කළ යුත්තක් කෙරෙද, එබදු උදක ධාරා දෙකකි.
- ආනන්‍දය, උපන් කෙණෙහි බෝසත් තෙම සමවූ පාදයෙන් පොළොවෙහි පිහිටා සේසත කරන කල්හි උතුරු දිගට මුහුණලා සත් පියවරක් යයි. සියලු දිශාවන් බලයි. "ලෝකයාට මම අග්‍ර වෙමි. ලෝකයාට මම ශ්‍රේෂ්ඨ වෙමි. ලෝකයාට මම ජ්‍යෙෂ්ඨ වෙමි. මෙ මගේ අන්තිම ඉපදීමයි. නැවත උත්පත්තියක් නැත" යන වචනය කියන්නේය"
- ආනන්‍දය, යමි කලෙක බෝසත් තෙම මවුකුසින්
නික්මෙද, එකල්හි දෙවියන් සහිත, මරුන් සහිත, බ්‍රහ්මයන් සහිත ලෝකයෙහි, දෙවි
මිනිසුන් සහිත, මහණ බමුණන් සහිත, ප්‍රජාව කෙරෙහි දෙවියන්ගේ දේවානුභාවය
ඉක්මවා ලෝකයෙහි අප්‍රමාණවූ, මහත්වූ, ආලෝකයක් පහළවෙයි. නිතර විවෘතවූ,
නොවැසුනු අඳුරු ඇති. යමි ලෝකාන්තරික නිරයක් වෙද, මහත් ආනුභාව ඇති, සඳ
හිරු දෙදෙන ආලෝකයෙන් එලිය කරන්නට නොපොහොසත්ද, එහිද, අප්‍රමාණ උළාර ආලෝකයක්
දෙවියන්ගේ දේවානුභාවයත් ඉක්මවා ලෝකයෙහි පහළවෙයි. එහි යමි සත්ත්‍වයෝ
උපන්නාහුද, ඔවුහුද ඒ ආලෝකයෙන් ඔවුනොවුන් මෙහි උපන් අණ්‍ය සත්ත්‍වයෝත් ඇතැයි
හැනගනිත්. මෙ දසදහසක් ලෝකධාතුව හාත්පසින් කමිපා වෙයි. අතිශයින් කමිපා
වෙයි. වෙවුලායයි. මහත්වූ එලියක් දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා පහළවෙයි"
- ආනන්දය තවද තථාගතයන් වහන්සේට දැනුවත්වම වෙදනා උපදිත්. දැනුවත්වම දරා පවතිත්. දැන්වත්වම විනාශයට යත්. දැනුවත්වම සංඥාවෝ උපදිත්. දැනුවත්වම විතර්කයෝ උපදිත්. දැනුවත්වම දරා පවතිත්. දැනුවත්වම විනාශයට යත්. ආනන්‍දය, නුඹ මෙයද තථාගතයන් වහන්සේගේ ආශ්චර්‍ය අද්භූත ධර්මයෙකැයි දරව."
(මජ්ජිම නිකාය අචිචිරියභුත සුත්‍රය)
No comments:
Post a Comment