Friday, June 27, 2014

Meditation - 02 (කායානුපස්සනා භාවනාව)

 
මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නොපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහිපැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි!


පිංවතුනි ආයතන වශයෙන් මේ කය වෙන්කර දකින්න පුළුවන්. කුමක්‌ හේතුවෙන්ද ඇස, කන, නාසය, දිව, කය, මනස සකස්‌ වුණේ නාමරූප ධර්මයන් නිසා. කුමක්‌ නිරෝධය කළොත්ද නාමරූප නිරෝධය සිද්ධවෙන්නේ? අවිද්‍යාව නිරෝධයෙන්, සංස්‌කාරයන්ගේ විඤ්ඤාණයේ නිරෝධයෙන් නාමරූප නිරෝධය සිද්ධවෙනවා. නාමරූප නිරෝධය හේතුවෙනුයි සලායතන නිරෝධය සිද්ධවෙන්නේ.

Thursday, June 26, 2014

Meditation - 01 (ආනාපාන සති භාවනාව)



මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නොපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහිපැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි!


ලොව්තුරා බුදුරජාණන්වහන්සේ සතර සතිපට්‌ඨාන සූත්‍රයේදී බොහොම නිරවුල්ව දේශනා කරනවා භවදුකෙන් අත්මිදීම සඳහා සතර සතිපට්‌ඨාන ධර්මයන් ජීවිතයෙන් ප්‍රගුණ කළ යුතු ආකාරය.

Sansaara Biya - 01 (සංසාර බිය - 01)


බමුණා මිථ්‍යාදෘෂ්ඨික කෙනෙක්‌ වුවත් මරණානුස්‌සතිය කියන කාරණය වඩලා තිබෙන කෙනෙක්‌. ඒ කියන්නේ තමා මැරෙනවාය කියල දන්න කෙනෙක්‌. තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් තොරව මරණානුස්‌සතිය වැඩීම නිසාම සංසාර බිය උදෙසා නොවේ මේ බමුණාට මරණානුස්‌සතිය වැඩුනේ මරණය තුළිනුත් ආශ්වාදයක්‌ සෙවීමේ අරමුණ ඇතිවයි මරණානුස්‌සතිය වැඩිලා තිබුණේ. මරණයට පෙර මරණය ආශ්වාදයක්‌ කරගන්න මනුෂ්‍යයෝ ඕනෑ තරම් සමාජයේ සිටිනවා. මරණය ආශ්වාදයක්‌ කරගන්නා තැනත්තා මැරිලා ඉපදෙනවාය කියන කාරණය දකින්නේ නැහැ. එයා මරණය කියන කාරණය දකින්නේ නැහැ. එයා මරණය කියන කාරණය ළඟ නවතිනවා. මේකම බුදුරජාණන් වහන්සේ 'විභව තන්හාව' කියලා කියනවා. නැවත උපතක්‌ නැහැය කියන විශ්වාසයයි ඔහු තුළ තිබෙන්නේ. ඔහු සිතනවා මරණින් පස්‌සේ සියල්ල ඉවරයි කියලා. ඒ නිසාම ඔහු මරණය ආශ්වාදයක්‌ කරගෙනමයි මැරෙන්න හදන්නේ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටින කාලයේ එක්‌තරා වස්‌තු සම්පත් ඇති සශ්‍රීක බමුණෙක්‌ ජීවත් වුණා. මේ බමුණාට කාටවත් ඇතිනොවන විදිහේ අශාවක්‌ ඇති වුණා. ඒ ආශාව තමයි තමන් මැරුණාට පසුව කිසිම සත්වයෙක්‌ වළ නොදැමූ බිමක තමාගේ දේහය මිහිදන් කළ යුතුයි කියන ආශාව.

Sansaara Biya - 02 (සංසාර බිය - 02)


බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුළු දඹදිව තිබෙන කෝටු කැබලි එක ගොඩක්‌ ගසලා ඒ සෑම කෝටු කැබැල්ලක්‌ම ඔබේ ඇඟිල්ලේ ප්‍රමාණයට කඩන්න කියනවා. දැන් මේ කෝටු කැබැල්ල, කෝටු කැබැල්ල අයින් කරන්න කියනවා. මේ මගේ මේ ජීවිතේ අම්මා, මේ මගේ අම්මාගේ අම්මා, වශයෙන් ඔබේ පරපුර දියනොවී තිබියදීම කොටු කැබලි ප්‍රමාණය ඉවර වෙනවා කියලා. මෙසේ මැරෙමින් ඉපදෙමින් පැමිණි ගමනේදී මනාප දෙයින් වෙන්වීමට සිදුවෙලා, අමනාප දෙය සමග එක්‌වීමට සිදුවෙලා නෙතින් ගලාගිය කඳුළු මහා සාගරයේ ජලයට වැඩියි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ මහ පොළවේ ඇති පස්‌ සියල්ලම වෙරළු ගෙඩි තරමට ගුලි කරන්න කියලා. එහෙම ගුලි කරලා එක්‌ වෙරළු ගෙඩි ප්‍රමාණයේ පස්‌ ගුලිය ගුලිය අයින් කරන්න කියනවා. මේ මගේ ගෙවී ගිය එක කල්පයක්‌. මේ මගේ ගෙවී ගිය දෙවැනි කල්පය, මේ මගේ ගෙවී ගිය තුන්වෙනි කල්පය කියලා. වෙරළු ගෙඩි ප්‍රමාණයේ පස්‌ ගුලි ඉවර වෙනවා. ඒත් තමා ගෙවාගෙන පැමිණි කල්ප ප්‍රමාණය ඉවර වෙන්නෙ නැහැ කියලා.

මේ සංසාරේ ගැඹුර පිංවතුන්ලා කමටහනක්‌ කරගන්න. මේවා නුවණින් මෙනෙහි කරමින් සංසාර බිය සකස්‌ කරගන්න. ප්‍රඥාව කියන කාරණය ආලෝක පුජා තුළින්, විදුලි පන්දම් පූජාව තුළින් ඇති වන්නේ නැහැ. ඔබ තුළ ප්‍රඥාව මෝදුවෙන්න නම් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන්න ඕන. සද්ධර්ම ශ්‍රවණය සිද්ධවෙන්න ඕන. ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහිකරන්න ඕන. එවිටයි පිංවත් ඔබ තුළ ප්‍රඥාව ඇතිවෙන්නේ.

Ashta Dushtakshana (අෂ්ඨ දුෂ්ටක්ෂණ)


1. මේ ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළව නිවන පිණිස ධර්මය දේශනා කරතත්,යමෙක් එකසිය තිස් හයක් වූ නිරයන්ගෙන් එකක ඉපිද සිටිනවා නම් ඔහුට මේ වටිනා අවස්ථාවෙන්,මේ මොහොතෙන් ප්‍රයෝජන ගැනීමට හැකියාව නැහැ.

2. මේ ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ ව නිවන පිණිස ධර්මය දේශනා කරතත්,යමෙක් තිරිසන් සතෙක් වෙලා ඉපිද සිටිනවා නම් ඔහුට මේ වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට හැකියාව නැහැ.

Value of the human birth (මනුෂ්‍යත්වයක් ලබා ගැනීමේ වටිනාකම)

Inline images 1



ඔබ අපි කවුරුත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ සද්ධර්මය අහන්න තරම් මහා වාසනාවක් ලබා තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පාල දීර්ඝ කාලයක් ගත වී තිබෙන නමුත්, ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්, පරම පිවිතුරු නිවන් මඟ ඉගෙන ගෙන ඒ නිවන් මඟ පුරුදු කිරීමේ ලාභය, භාග්‍යය අද දක්වා ම දෙවි මිනිසුන් උදෙසා ඉතිරි ව තිබෙනවා. ඒනිස යි අපි ප‍්‍රකාශ කළේ අපි ඉතාමත් භාග්‍යවන්ත කාලයක ඉපදී තිබෙන බව. බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාල බොහෝ කාලයක් ගතවෙලා තිබුණත් ඒ ශාසනයෙන් පිහිටක් ලබන්නට අපට පුළුවන්කම තිබෙනවා. අපිට සතුටුවෙන්ට පුළුවන් මනුස්ස ජීවිතයක් ලැබුණා කියලා. ඒ වගේ ම ඒ මනුස්ස ජීවිතය තුළ දී බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුණ ගැසුනා කියලා අපට සතුටුවෙන්ට පුළුවන්කම තිබෙනවා.

Monday, August 26, 2013

Budu Guna Bhavanawa (බුදු ගුණ භාවනාව)

බුදු ගුණ භාවනාව

අරහං බුදු ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක, සියලු පාපයන්ගෙන් මිදුණ සේක, සියළු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන සේක, එමනිසා බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක. අරහං නම් වන සේක. අරහං නම් වන සේක.
සම්මා සම්බුද්ධ ගුණය
මාගේ ස්වාමී වූ බදුරජාණන් වහන්සේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් ගුරු උපදේශ නැතිවම තමාගේ නුවණින් අවබෝධ කොට ගත් නිසා සම්මා සම්බුද්ධ නම් වන සේක. සම්මා සම්බුද්ධ නම් වන සේක. සම්මා සම්බුද්ධ නම් වන සේක.
විජ්ජාචරණසම්පන්න ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අනන්ත ඥානයෙන්ද, අනන්ත ශීලයෙන්ද, අනන්ත සමාධියෙන්ද, අනන්ත ගුණයෙන්ද, අනන්ත ප්‍රඥාවෙන්ද, අනන්ත විමුක්තියෙන්ද, සමන්විත වන නිසා විජ්ජාචරණසම්පන්න වන සේක. විජ්ජාචරණසම්පන්න වන සේක. විජ්ජාචරණසම්පන්න වන සේක.

Thursday, August 2, 2012

Pancha Neewarana

පංච නීවරණ ධර්ම

ආධුනිකයෙකු වශයෙන් භාවනාවේ නියුතුවන ඔබ භාවනාව ඉදිරියට කරගෙන යෑම අඩාල කරන්නාවූ සතුරු ධර්මයන් පිළිබඳව දැනුවත් වීමද වැදගත් වනු ඇත. මේ ආකාරයට නිවන් මඟ වසා භාවනාව ඉදිරියට කරගෙන යෑමට නොදී නිවන ආවරණය කරන්නා වූ කාමචිඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ද, උද්ධචිච කුක්කුචිච හා විචිකිචිචා නමි නීවරණ ධර්ම පසක් ඇත. මේ පිළිබඳවත් දැනුවත් වන්න.   


කාමචිඡන්ද නීවරණය
කාමචිචන්ද යනුප්‍රිය උපදවන සුළු ප්‍රිය මධුර අරමුණුආදිය කෙරේ ඇතිවන කමැත්තයිභාවනාවේ දී ශරිරය නිසොල්මනේ තබාගෙන සිත එක අරමුණකට යොදවන්න සිදුවනවාමේවැනි විටක මේ කාමචිචන්ද නිවරණය නැගි ආ විට සිත එම අරමුණෙන් වෙනතකට ඇද දැමිම සිදුවනවා. මෙම කාමචිඡන්දය භාවනාව තුලින්ම මෙන්ම වෙනත් භාහිර අරමුණු නිසා ද ඇතිවීමට පුළුවන්භාවනාකර්මයට විරුද්ධ වෙමින්, රූපයන්, ශබිධ, ඝන්ධ, රස, ස්පර්ශ හා වෙනත් ප්‍රිය වූ අරමුණු කරා කැමැත්ත ඇතිවීම නිසා සිත විසිරී යාම කාමචිඡන්ද නීවරණයේ නැග ඒමයි.

ව්‍යාපාද නීවරණය
ව්‍යාපාදය යනු තරහවයිඔබ භාවනාවේ නියුතුව සිටිනා විට අතීත අනාගත වර්තමාන යන කාලත්‍රය පිළිබඳවම ව්‍යාපාදය ඇතිවිමට හැකියාවක් ඇත. අතිතයේ කල කී දෑ අත්විදින්ට සිදුවූ සිදුවීමි, අනාගතයේ කරන්නට වන දෑ, කරන්නට ඇති දෑ ගැනත්  එසේම ඔබ භවනා කරමින් සිටිනා අවස්ථාව දී මදුරුවෙක් දෂ්ඨ කිරීම නිසා හෝ, ඔබ අප්‍රිය ශබිධයක් ඇසීම ආදිය නිසා යමි ‍තරහවක් ඔබට ඇතිවවුවා නමි, එවාද මෙවැනි වෙනත් කරුණු තුලින් ඇති කර දෙන්නානා වූද  තරහව ව්‍යාපාද නිවරණයේ පැවැත්මයි.

Tuesday, July 10, 2012

Human beings are at a Critical point due to the Over Consumption


අධි පරිභෝජනය නිසා ලෝකයම අවදානමකට පත්වෙලා

විචිත්‍ර ධර්ම කථික පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි

පසුබිම් කතාව
සැවැත් නුවර විසූ එක් කුල දරුවකු සසුන් ගත විය. ඒ නම තරුණ වියේ දී පියා මහලුව අසනීප විය. මිය යන්නට ආසන්න මොහොතේ පැවිදි පුතු දැකීමට ආශා වූ පියා උන්වහන්සේ ගෙන්වා සතුටු වන්නේ. සිවුරු පිරිකර ගැනීම සඳහා බාල පුතුට මසු සියයක් දෙන්නේ ය. බාල පුතු ද සිය පැවිදි සොහොයුරාගෙන් ඒ මසු සියයෙන් ගැනීමට අවශ්‍ය සිවුරු පිරිකර මොනවාදැයි ඇසුවේය. දැනට කිසිත් වුවමනා නොවන බව පැවසූ උන්වහන්සේ නැවතත් ආරාමයට වැඩියහ.
මසු සියය ගැන ඇසීමක් හෝ බැලීමක් නැතිව ටික කලක් ගත විණි. පසුව ඒ තරුණ නම පැවිදි දිවියේ උකටලී විය. ‘මෙසේ පිඬු සිඟා දිවි රැක්ම මට තරම් නොවන්නේය. මසු සියය ගෙන සිවුරු හරිමි’ යි සිතමින් කල් ගෙවී ය. මහණකම් පිරීම ගැන කිසිදු බලාපොරොත්තුවක් නොවීය. ඒ නම ගේ ඇදුරුතුමන්ට ද මේ බව සැල වී කලකිරීම මඟ හැරවීමට වෑයම් කළත් එය නිෂ්ඵල විය. සිවුරු හැරීම ගැනම ඒ නම ගේ සිත පෙලඹී ය.
බුදුරජාණන් වහන්සේට ද මේ තරුණ නම ගැන සැල විය. උන්වහන්සේ මෙසේ උකටලී වීමට කරුණු විමසා කහවණු වැස්සෙන් ද මිනිසාට ආසාවෙහි සෑහීමක් නැති බව පවසා මෙහි සඳහන් ගාථා ධර්මය දේශනා කොට වදාළ හ.
පැවිදි දිවියට එළඹි තරුණ නමක් වෙනුවෙන් දේශනා කළ ද මේ ගාථා රත්නයෙන් ගිහියා ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට ලැබෙන්නේ ඉතා වටිනා ආදර්ශයකි.
මිනිසා සිය අතෘප්තිකර ආශාවන් පසුපස හඹා යාමේ දී තමන් ගැන මිස අනුන් ගැන සිතන්නේ නැත. මානව හිතවාදී වන්නේ නැත. ගහ කොළට, සතා සීපාවාට හිතවාදී වන්නේ නැත. ඔහු ගේ උත්සාහය කුමන හෝ මාර්ගයකින් තම අභිමතාර්ථය සපුරා ගැනීම ය.
ගංගා ඇළ දොළවල ජලය අපවිත්‍ර වීම, මහා වනපෙත් වියළි කාන්තාර බවට පත්වීම, වායුගෝලය දූෂණය වීම ආදී අනේක විධ විපර්යාසයන් එහි භයානක ප්‍රතිඵලයන් ය. තමන් ගේ බලය පතුරුවා හැරීමට ඕනෑම මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තරම් පසුබට නොවන බවට අප ජීවත්වන සමාජයෙන් කොතෙකුත් උදාහරණ සොයා ගැනීම අපහසු නොවේ. අද මිනිසාට අත් විඳින්නට සිදුවන, ඉතා කටුක ස්වභාවික විපත් බහුලය. තමන් විසින් කරන ලද නොමනා ක්‍රියාවන් ගේ අහිතකර ප්‍රතිඵලවලට මිනිසාට මුහුණ දෙන්නට සිදු වී තිබේ.