පිංවත් ඔබ කුමන වයසක පසුවුවද සමාධිමත් මනසින් සංහිඳීමට පත්වුණා වූ සිතෙන් තම අතීතයට යන්න. ඒ කියන්නේ ඔබ වැඩුන මව්කුසට. පිංවත් මෑණියන්ගේ මවු කුසේ නව මාසයක් ඔබ ලැබු අත්දැකීම් මනසින් දකින්න. මෑණියන්ගේ උදරයේ මස්, ඇට, බොකු, බඩවැල්වලට මැදිවී, බැලුම් බෝලයක්‌වන් ගර්භාෂ කුටියක වකුටුවී සිටි ආකාරය සිහියට නගාගන්න. ලේ, සැරව තැවරුන මොලකැටි රූපය මනසින් දකින්න. එතනින් නොනැවතී අතීත ජීවිතවල එළදෙනුන්ගේ, ඊරියන්ගේ, එළිච්චියන්ගේ, ඇතින්නන්ගේ, වැඳිරියන්ගේ මව්කුසවල ඔබ හැදීවැඩුණු හැටි සිහිකරන්න. ප්‍රේතියන්ගේ කුසේ පිළිසිඳගෙන ප්‍රේත දරුවන් ලෙස බහිවුණ හැටි සිහිකරන්න. පිංවත් ඔබ වැඳිරියක් වෙලා මෙය ලියන භික්‍ෂුව එම වැඳිරියගේ පැටවා වෙලා ඔබේ බඩේ එල්ලිලා ගහෙන් ගහට පැනපු හැටි මනසින් දකින්න. ඔබ කිකිළියක් වෙලා මෙය ලියන භික්‍ෂුව කිsකිළි පැටවා වෙලා ඔබ කැවූ පණුවන් ගණන ගැන සිහිකරන්න. දැන් නැවතත් පිංවත් ඔබ මෑණියන්ගේ මව්කුස අරමුණට ගන්න. ප්‍රසූතිකාගාරයක් තුළදී ඔබ බිහිවුණ හැටි, ඔබ උපන් මොහොතේම එහි හෙද නිළධාරිණිය ඔබව දෙපයෙන් ඔසවාගෙන සිටිනවා මනසින් දකින්න.
Friday, June 27, 2014
Meditation - 04 (භාවනාව - 04)
පිංවත් ඔබ කුමන වයසක පසුවුවද සමාධිමත් මනසින් සංහිඳීමට පත්වුණා වූ සිතෙන් තම අතීතයට යන්න. ඒ කියන්නේ ඔබ වැඩුන මව්කුසට. පිංවත් මෑණියන්ගේ මවු කුසේ නව මාසයක් ඔබ ලැබු අත්දැකීම් මනසින් දකින්න. මෑණියන්ගේ උදරයේ මස්, ඇට, බොකු, බඩවැල්වලට මැදිවී, බැලුම් බෝලයක්‌වන් ගර්භාෂ කුටියක වකුටුවී සිටි ආකාරය සිහියට නගාගන්න. ලේ, සැරව තැවරුන මොලකැටි රූපය මනසින් දකින්න. එතනින් නොනැවතී අතීත ජීවිතවල එළදෙනුන්ගේ, ඊරියන්ගේ, එළිච්චියන්ගේ, ඇතින්නන්ගේ, වැඳිරියන්ගේ මව්කුසවල ඔබ හැදීවැඩුණු හැටි සිහිකරන්න. ප්‍රේතියන්ගේ කුසේ පිළිසිඳගෙන ප්‍රේත දරුවන් ලෙස බහිවුණ හැටි සිහිකරන්න. පිංවත් ඔබ වැඳිරියක් වෙලා මෙය ලියන භික්‍ෂුව එම වැඳිරියගේ පැටවා වෙලා ඔබේ බඩේ එල්ලිලා ගහෙන් ගහට පැනපු හැටි මනසින් දකින්න. ඔබ කිකිළියක් වෙලා මෙය ලියන භික්‍ෂුව කිsකිළි පැටවා වෙලා ඔබ කැවූ පණුවන් ගණන ගැන සිහිකරන්න. දැන් නැවතත් පිංවත් ඔබ මෑණියන්ගේ මව්කුස අරමුණට ගන්න. ප්‍රසූතිකාගාරයක් තුළදී ඔබ බිහිවුණ හැටි, ඔබ උපන් මොහොතේම එහි හෙද නිළධාරිණිය ඔබව දෙපයෙන් ඔසවාගෙන සිටිනවා මනසින් දකින්න.
Labels:
Maha Rahathun Wedi Maga Osse,
Meditation
Meditation - 03 (භාවනාව - 03)
දෙතිස් කුණපය හැටියට ශරීරය කොටස් තිස්‌දෙකකට ගොඩවල් ගසා වෙන්කර දකින්න පුළුවන්. ඒ වගේම සතරමහාධාතූන් වශයෙන් වෙන්කර දකින්න පුළුවන්. ශරීරයේ තද ස්‌වභාවයේ ඇති කොටස් වෙනමත් ද්‍රව ස්‌වභාවයේ ඇති කොටස් වෙනමත්, මේ කොටස් දෙක තුළින්ම වායුස්‌වභාවයත් උණුසුම් ස්‌වභාවයත් දකින්න පුළුවන්. ඉහත ආකාරයට කමටහන් වඩන පිංවතා පිංවතිය නිරතුරුවම උත්සහගන්න ඕනේ පුද්ගල සංඥාවෙන් මිදිලා මුලින් සඳහන් කළ මස්‌ගොඩවල් හැටියට ඔබව වගේම ලෝකයාවත් දකින්න.
Labels:
Maha Rahathun Wedi Maga Osse,
Meditation
Meditation - 02 (කායානුපස්සනා භාවනාව)
පිංවතුනි ආයතන වශයෙන් මේ කය වෙන්කර දකින්න පුළුවන්. කුමක් හේතුවෙන්ද ඇස, කන, නාසය, දිව, කය, මනස සකස් වුණේ නාමරූප ධර්මයන් නිසා. කුමක් නිරෝධය කළොත්ද නාමරූප නිරෝධය සිද්ධවෙන්නේ? අවිද්‍යාව නිරෝධයෙන්, සංස්‌කාරයන්ගේ විඤ්ඤාණයේ නිරෝධයෙන් නාමරූප නිරෝධය සිද්ධවෙනවා. නාමරූප නිරෝධය හේතුවෙනුයි සලායතන නිරෝධය සිද්ධවෙන්නේ.
Labels:
Maha Rahathun Wedi Maga Osse,
Meditation
Thursday, June 26, 2014
Meditation - 01 (ආනාපාන සති භාවනාව)
ලොව්තුරා බුදුරජාණන්වහන්සේ සතර සතිපට්‌ඨාන සූත්‍රයේදී බොහොම නිරවුල්ව දේශනා කරනවා භවදුකෙන් අත්මිදීම සඳහා සතර සතිපට්‌ඨාන ධර්මයන් ජීවිතයෙන් ප්‍රගුණ කළ යුතු ආකාරය.
Labels:
Maha Rahathun Wedi Maga Osse,
Meditation
Sansaara Biya - 01 (සංසාර බිය - 01)
බමුණා මිථ්‍යාදෘෂ්ඨික කෙනෙක් වුවත් මරණානුස්‌සතිය කියන කාරණය වඩලා තිබෙන කෙනෙක්. ඒ කියන්නේ තමා මැරෙනවාය කියල දන්න කෙනෙක්. තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් තොරව මරණානුස්‌සතිය වැඩීම නිසාම සංසාර බිය උදෙසා නොවේ මේ බමුණාට මරණානුස්‌සතිය වැඩුනේ මරණය තුළිනුත් ආශ්වාදයක් සෙවීමේ අරමුණ ඇතිවයි මරණානුස්‌සතිය වැඩිලා තිබුණේ. මරණයට පෙර මරණය ආශ්වාදයක් කරගන්න මනුෂ්‍යයෝ ඕනෑ තරම් සමාජයේ සිටිනවා. මරණය ආශ්වාදයක් කරගන්නා තැනත්තා මැරිලා ඉපදෙනවාය කියන කාරණය දකින්නේ නැහැ. එයා මරණය කියන කාරණය දකින්නේ නැහැ. එයා මරණය කියන කාරණය ළඟ නවතිනවා. මේකම බුදුරජාණන් වහන්සේ 'විභව තන්හාව' කියලා කියනවා. නැවත උපතක් නැහැය කියන විශ්වාසයයි ඔහු තුළ තිබෙන්නේ. ඔහු සිතනවා මරණින් පස්‌සේ සියල්ල ඉවරයි කියලා. ඒ නිසාම ඔහු මරණය ආශ්වාදයක් කරගෙනමයි මැරෙන්න හදන්නේ.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටින කාලයේ එක්‌තරා වස්‌තු සම්පත් ඇති සශ්‍රීක බමුණෙක් ජීවත් වුණා. මේ බමුණාට කාටවත් ඇතිනොවන විදිහේ අශාවක් ඇති වුණා. ඒ ආශාව තමයි තමන් මැරුණාට පසුව කිසිම සත්වයෙක් වළ නොදැමූ බිමක තමාගේ දේහය මිහිදන් කළ යුතුයි කියන ආශාව.
Sansaara Biya - 02 (සංසාර බිය - 02)
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුළු දඹදිව තිබෙන කෝටු කැබලි එක ගොඩක් ගසලා ඒ සෑම කෝටු කැබැල්ලක්‌ම ඔබේ ඇඟිල්ලේ ප්‍රමාණයට කඩන්න කියනවා. දැන් මේ කෝටු කැබැල්ල, කෝටු කැබැල්ල අයින් කරන්න කියනවා. මේ මගේ මේ ජීවිතේ අම්මා, මේ මගේ අම්මාගේ අම්මා, වශයෙන් ඔබේ පරපුර දියනොවී තිබියදීම කොටු කැබලි ප්‍රමාණය ඉවර වෙනවා කියලා. මෙසේ මැරෙමින් ඉපදෙමින් පැමිණි ගමනේදී මනාප දෙයින් වෙන්වීමට සිදුවෙලා, අමනාප දෙය සමග එක්‌වීමට සිදුවෙලා නෙතින් ගලාගිය කඳුළු මහා සාගරයේ ජලයට වැඩියි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ මහ පොළවේ ඇති පස් සියල්ලම වෙරළු ගෙඩි තරමට ගුලි කරන්න කියලා. එහෙම ගුලි කරලා එක් වෙරළු ගෙඩි ප්‍රමාණයේ පස් ගුලිය ගුලිය අයින් කරන්න කියනවා. මේ මගේ ගෙවී ගිය එක කල්පයක්. මේ මගේ ගෙවී ගිය දෙවැනි කල්පය, මේ මගේ ගෙවී ගිය තුන්වෙනි කල්පය කියලා. වෙරළු ගෙඩි ප්‍රමාණයේ පස් ගුලි ඉවර වෙනවා. ඒත් තමා ගෙවාගෙන පැමිණි කල්ප ප්‍රමාණය ඉවර වෙන්නෙ නැහැ කියලා.
මේ සංසාරේ ගැඹුර පිංවතුන්ලා කමටහනක් කරගන්න. මේවා නුවණින් මෙනෙහි කරමින් සංසාර බිය සකස් කරගන්න. ප්‍රඥාව කියන කාරණය ආලෝක පුජා තුළින්, විදුලි පන්දම් පූජාව තුළින් ඇති වන්නේ නැහැ. ඔබ තුළ ප්‍රඥාව මෝදුවෙන්න නම් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන්න ඕන. සද්ධර්ම ශ්‍රවණය සිද්ධවෙන්න ඕන. ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහිකරන්න ඕන. එවිටයි පිංවත් ඔබ තුළ ප්‍රඥාව ඇතිවෙන්නේ.
Ashta Dushtakshana (අෂ්ඨ දුෂ්ටක්ෂණ)
1. මේ ලෝකයේ සම්මා සම්බුදුරජාණන්
වහන්සේ නමක් පහළව නිවන පිණිස ධර්මය දේශනා කරතත්,යමෙක් එකසිය තිස් හයක් වූ
නිරයන්ගෙන් එකක ඉපිද සිටිනවා නම් ඔහුට මේ වටිනා අවස්ථාවෙන්,මේ මොහොතෙන් ප්‍රයෝජන
ගැනීමට හැකියාව නැහැ.
2. මේ ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ ව නිවන පිණිස ධර්මය දේශනා
කරතත්,යමෙක් තිරිසන් සතෙක් වෙලා ඉපිද සිටිනවා නම් ඔහුට මේ වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන
ගැනීමට හැකියාව නැහැ.
Value of the human birth (මනුෂ්‍යත්වයක් ලබා ගැනීමේ වටිනාකම)
ඔබ අපි කවුරුත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ
ශාසනය තුළ සද්ධර්මය අහන්න තරම් මහා වාසනාවක් ලබා තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පාල
දීර්ඝ කාලයක් ගත වී තිබෙන නමුත්, ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්, පරම පිවිතුරු නිවන්
මඟ ඉගෙන ගෙන ඒ නිවන් මඟ පුරුදු කිරීමේ ලාභය, භාග්‍යය අද දක්වා ම දෙවි මිනිසුන් උදෙසා
ඉතිරි ව තිබෙනවා. ඒනිස යි අපි ප‍්‍රකාශ කළේ අපි ඉතාමත් භාග්‍යවන්ත කාලයක ඉපදී තිබෙන
බව. බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාල බොහෝ කාලයක් ගතවෙලා තිබුණත් ඒ ශාසනයෙන් පිහිටක්
ලබන්නට අපට පුළුවන්කම තිබෙනවා. අපිට සතුටුවෙන්ට පුළුවන් මනුස්ස ජීවිතයක් ලැබුණා කියලා.
ඒ වගේ ම ඒ මනුස්ස ජීවිතය තුළ දී බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුණ ගැසුනා කියලා අපට සතුටුවෙන්ට
පුළුවන්කම තිබෙනවා.
Monday, August 26, 2013
Budu Guna Bhavanawa (බුදු ගුණ භාවනාව)
බුදු ගුණ භාවනාව
අරහං බුදු ගුණය
මාගේ
ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක, සියලු
පාපයන්ගෙන් මිදුණ සේක, සියළු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා
පිළිගැනීමට සුදුසු වන සේක, එමනිසා බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක. අරහං
නම් වන සේක. අරහං නම් වන සේක.
සම්මා සම්බුද්ධ ගුණය
මාගේ
ස්වාමී වූ බදුරජාණන් වහන්සේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් ගුරු උපදේශ
නැතිවම තමාගේ නුවණින් අවබෝධ කොට ගත් නිසා සම්මා සම්බුද්ධ නම් වන සේක. සම්මා
සම්බුද්ධ නම් වන සේක. සම්මා සම්බුද්ධ නම් වන සේක.
විජ්ජාචරණසම්පන්න ගුණය
මාගේ
ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අනන්ත ඥානයෙන්ද, අනන්ත ශීලයෙන්ද, අනන්ත
සමාධියෙන්ද, අනන්ත ගුණයෙන්ද, අනන්ත ප්‍රඥාවෙන්ද, අනන්ත විමුක්තියෙන්ද,
සමන්විත වන නිසා විජ්ජාචරණසම්පන්න වන සේක. විජ්ජාචරණසම්පන්න වන සේක.
විජ්ජාචරණසම්පන්න වන සේක.
Labels:
For Wisdom,
Meditation
Thursday, August 2, 2012
Pancha Neewarana
පංච නීවරණ ධර්ම
ආධුනිකයෙකු වශයෙන් භාවනාවේ නියුතුවන ඔබ භාවනාව ඉදිරියට කරගෙන යෑම අඩාල කරන්නාවූ සතුරු ධර්මයන් පිළිබඳව දැනුවත් වීමද වැදගත් වනු ඇත. මේ ආකාරයට නිවන් මඟ වසා භාවනාව ඉදිරියට කරගෙන යෑමට නොදී නිවන ආවරණය කරන්නා වූ කාමචිඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ද, උද්ධචිච කුක්කුචිච හා විචිකිචිචා නමි නීවරණ ධර්ම පසක් ඇත. මේ පිළිබඳවත් දැනුවත් වන්න.
කාමචිඡන්ද නීවරණය
කාමචිචන්ද යනු, ප්‍රිය උපදවන සුළු, ප්‍රිය මධුර අරමුණු, ආදිය කෙරේ ඇතිවන කමැත්තයි. භාවනාවේ දී ශරිරය නිසොල්මනේ තබාගෙන සිත එක අරමුණකට යොදවන්න සිදුවනවා. මේවැනි
විටක මේ කාමචිචන්ද නිවරණය නැගි ආ විට සිත එම අරමුණෙන් වෙනතකට ඇද දැමිම
සිදුවනවා. මෙම කාමචිඡන්දය භාවනාව තුලින්ම මෙන්ම වෙනත් භාහිර අරමුණු නිසා ද
ඇතිවීමට පුළුවන්. භාවනාකර්මයට
විරුද්ධ වෙමින්, රූපයන්, ශබිධ, ඝන්ධ, රස, ස්පර්ශ හා වෙනත් ප්‍රිය වූ
අරමුණු කරා කැමැත්ත ඇතිවීම නිසා සිත විසිරී යාම කාමචිඡන්ද නීවරණයේ නැග
ඒමයි.
ව්‍යාපාද නීවරණය
ව්‍යාපාදය යනු තරහවයි, ඔබ
භාවනාවේ නියුතුව සිටිනා විට අතීත අනාගත වර්තමාන යන කාලත්‍රය පිළිබඳවම
ව්‍යාපාදය ඇතිවිමට හැකියාවක් ඇත. අතිතයේ කල කී දෑ අත්විදින්ට සිදුවූ
සිදුවීමි, අනාගතයේ කරන්නට වන දෑ, කරන්නට ඇති දෑ ගැනත් එසේම
ඔබ භවනා කරමින් සිටිනා අවස්ථාව දී මදුරුවෙක් දෂ්ඨ කිරීම නිසා හෝ, ඔබ
අප්‍රිය ශබිධයක් ඇසීම ආදිය නිසා යමි තරහවක් ඔබට ඇතිවවුවා නමි, එවාද මෙවැනි
වෙනත් කරුණු තුලින් ඇති කර දෙන්නානා වූද තරහව ව්‍යාපාද නිවරණයේ පැවැත්මයි.
Labels:
For Wisdom,
Meditation
Subscribe to:
Posts (Atom)